සක්වළ හා සඳහිරු -අග්ගඤ්ඤ සුත්ත විද්‍යාත්මක සාධක හා මිණුම්

අග්ගඤ්ඤ සුත්ත වණ්ණනාවෙන් බුත්සරණ කර්තෘ ගෙන හැර දක්වන කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත.
’තවද, ’සක්වළගල’ දෙයාසුදහසක් (82000) යොදුන් දියෙහි ගැලී සිටියෙයැ,දෙයාසුදහසක් යොදුන්  නැඟී  සිටියෙ  යැ,  සඳමඩල  අයමින්  විතරින්  උසින්  එකුන්පනස්  (51)  යොදුනැ,වටින් එක්සියසත්සාලිස් (147 x 16 = සැතපුම් 2352) යොදු නැ, හිරුමඬල අයමින් විතරින් උසින් (දිගින්, පළලින්, උසින්) පනස් (50) යොදුනැ (50 x 16 = සැතපුම් 800). වටින් එක්සියපනස් (150) යොදුනැ (150 x 16 = සැතපුම් 2400). සඳමඬල යන තැනට හිරුමඬල යොදනකට (සැතපුම් 16) උස් වැ යන්නෙ යැ, සඳමඬල ඇතුළෙන් මාණික්‍යමය යැ, පිටතින් රිදීමය යැ, එයින් ඇතුළෙන් පිටතින් සිහිලැ, හිරු විමන ඇතුළෙන් ස්වර්ණමය යැ, පිටතින් දැවාණමය යැ, එයින් ඇතුළෙනුත් පිටතිනුත් උෂ්ණ යැ, මෙ චන්ද්‍ර සූය්‍ය_ දෙදෙන එකපැහැර තුන් ද්වීපයෙක්හි ආලෝක කරන්නාහු එකි එකි දිගින් නව ලක්ෂයක් නව ලක්ෂයක් යොදුන් අන්ධකාර නසන්නාහ.’ (බුත්සරණ පිටු 51)
ඉහත සඳහන් කරුණු සමග නූතන විද්‍යාත්මක සාධක හා මිණුම් සැසඳීමට අවශ්‍ය යැයි සිතා කරුණු එක් රැස් කළත් බුද්ධිමත් ඔබට එවැන්නක් අවශ්‍ය නොවන බව සිතා එම අදහස අත්හලෙමි. මෙවන් අවිද්‍යාත්මක කරුණු අඩංගු දහමක් කෙසේනම් මනුෂ්‍ය බුද්ධියෙන් නිවැරදි යැයි විනිශ්චය කොට පිලිගැන්මට හැකි වන්නේද? පාරම්පරික විශ්වාසය ගොඩ නැගී ඇත්තේ සහමුලින්ම අවිද්‍යාව හා නොදැනුවත්කම මත බව ඔබටත් මටත් අනිවාර්යයෙන්ම පිිලිගැනීමට සිදුවෙනවා. මිනිසාට දහමක් අවශ්‍ය වන්නේ මෙලොව හා මරණින් මතු ජීවිතයේ ජය සාක්ෂාත් කර ගැනීම සඳහාය. නමුත් එම දහම මිනිස් චින්තනයට, විද්‍යාවට, යථාර්තයට සහමුලින්ම පිලිගැනීමට හැකි එකක් විය යුතු බව කාගේත් තර්කයට ලක් වූ හේතුවක් විය නොහැක

හිමාලය වර්ණනා -මජ්ජිම නිකාය පොතලිය සුත්ත

හිමාලය පිලිබඳව ’බුත්සරණ’ කර්තෘ කරුණු ඉදිරිපත් කරන්නේ මජ්ජිම නිකාය පොතලිය සුත්ත වර්ණනා වෙති. ඔබගේ කියවීමේ රසය උදෙසා එයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
’තවද හිමාලය පව_තය පන්සියයක් යොදුන් (500x  16 = සැතපුම් 8000) පමණ උස ඇත්තෙ යැ, අයමින් විතරින් (දිග පළලින්) තුන්දහසක් යොදුන් (ෂ්   16 = සැතපුම් 48000) පමණ ඇත්තෙ යැ, වට (වට ප්‍රමාණය) නවදහසක් යොදුන් (9000x  16 = සැතපුම් 144000) පමණ ඇත්තෙ යැ, මෙ හිමාලය පර්වතය නම්  සිසාරා  වැහෙන්නාවූ  පන්සීයක්  ගඬ්ගාවෙන්  හෙබැවී  සිටියෙ  යැ,  මෙහි  අනවතප්ත (අෙඛනත්ත) විල දිගින් ද පළලින් ද ගැඹුරින් ද පනස් පනස් යොදුන් (50x  16 = සැතපුම් 800) පමණ ඇත්තෙ යැ, මෙසෙ මැ කණ_මුණ්ඩ නම් විල ද, රථකාර නම් විලද, ඡද්දන්ත නම් විල ද, කුණාල නම් විල ද, මන්¯කිනී නම් විල ද, සිංහප්‍රපාත නම් විල දැයි යන මේ විල් සය ද, පනස් පනස් යොදුන් දිග – පළල – ගැඹුර ඇත්තෙ යැ, මොවුන් අතුරෙහි අනමතප්ත නම් විල තෙමෙ සුදශ_නකුට යැ චිත්‍රකුට යැ කාලකුට යැ ගන්ධමාදනකුට යැ කෛලාසකුට යැ යන මෙ පව_ත පසින් පිරිවරන ලද්දෙ යැ, එහි සුදශ_නකුටය ස්වර්ණමය යැ, දෙසියක් යොදුන් (200x  16 = සැතපුම් 3200) පමණ උස ඇත්තෙ යැ, ඇතුළට නැමී සිටියෙ යැ, කවුඩු තුඩක් වැනි සටහන් ඇත්තෙ යැ, එ මැ විල වසා සිටියෙ යැ, චිත්‍රකූට පව_තය සව_රත්නමය යැ, කාලකූට පව_ත තෙමේ අඳුන්වන් පැහැ ඇත්තෙ යැ, ගන්ධමාදන පව_ත තෙමේ පස් ආදියෙන් මිශ්‍ර වැ තිඛෙන්නේ යැ, ඇතුළතින් මුංවන් පැහැ ඇත්තෙ යැ.’ – බුත්සරණ පිට 44-45.

Published in: Uncategorized on April 8, 2011 at 10:15 am  Comments (2)  
Tags: , ,

සත් කුළ පවු -භෞතික ලෝකය පිලිබඳව බෞද්ධ මතය

මේ පිළිබඳව බෞද්ධ ශබ්ද කෝෂයේ (පිටු 1497 – 1498) ඉදිරිපත් කොට ඇති අර්ථ දැක්වීම සඳහන් කොට ඉන්පසුව විශුද්ධි මග්ගයේ සඳහන් විස්තර බුත්සරණ කර්තෘ ලියා ඇති ආකාරය ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මේ සියල්ල භෞතික ලෝකය පිලිබඳව බෞද්ධ මතය වන අතර යථාර්තවාදීව හා බුද්ධිමත්ව සිතා බලා මෙම කරුණු ගැන නිගමනයකට එනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.  භෞතික  ලෝකය ගැනවත් නිවැරදි හා විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරන්නට බැරි ඉගැන්වීමක් තුලින් නොපෙනෙන ලෝක ගැන හා මරණින් මතු ජීවිත පිළිබඳව දක්වන කරුණු කෙසේ නම් පිලිගන්නටද?
ඔබම සිතා බලන්න.’සත් කුළ පව්ව (සං. සප්තකුටපව_ත) මහමෙර වටා ක‍්‍රමයෙන් උස්වන සේ පිහිටා ඇති පර්වත සත, එ්වා යුගන්ධර ඊශධර, කරවික, සුදර්ශන, නේමින්ධර, විනතක, අශ්ව කරණ යන නම්වලින් හැඳින්වේ.v (බෞද්ධ ශබ්ද කෝෂය – පිටු 1497 – 1498)
දැන් විශුද්ධි මග්ගයේ කරුණු බුත්සරණයෙහි සඳහන් කොට ඇති අයුරු බලමු.
’තවද, සුගන්ධර පව_ත තෙමෙ සුවාසූදහසක් (84,000* පමණ යොදුන් උස ඇත්තෙ යැ. (84000×16 = සැතපුම් 1,344,000). ඉන් දෙසාළිස්දහසක් (42000) යොදුන් ගැලී සිටියෙ යැ. දෙසාළිස් දහසක් යොදුන් නැඟී සිටියෙ යැ, ඊෂධර පව_තය දෙසාළිස්දහසක් පමණ යොදුන් උස ඇත්තෙ යැ. ඉන් එක්විසිදහසක් (21000) යොදුන් පමණ ගැලී සිටියෙ යැ. එක්විසිදහසක් යොදුන් නැඟී සිටියෙ යැ, කරවීක පව_තය එක්විසිදහසක් පමණ යොදුන් උස ඇත්තෙ යැ. ඉන් දසදහස් පන්සීයක් යොදුන් පමණ  ැලී සිටියෙ යැ, දසදහස්පන්සීයක් යොදුන් නැඟී සිටියෙ යැ, සුදශ_න පව_තය දසදහස්් පන්සියක් පමණගයොදුන්  උස  ඇත්තෙ  යැ,  ඉන් පන්දහස්දෙසියපනස්  යොදුන්  පමණ  ගැලී  සිටියෙ  යැ, පන්දහස්දෙසියපනස් යොදුන් නැඟී සිටියෙ යැ, නෙමීන්ධර පව_තය පන්දහස්දෙසීයපනස් යොදුන් පමණ උස ඇත්තෙ යැ. ඉන් දෙදහස් සසියපස්විසි යොදුන් පමණ ගැලී සිටියෙ යැ, දෙදහස් සසියපස්විසි යොදුන් නැඟී සිටියෙ යැ, විනතක පව_තය දෙදහස් සසිය පස්විසි යොදුන් පමණ උස ඇත්තෙ යැ, ඉන් එක්දහස් තුන්සියදොළොස් යොදුන් දෙගවු පමණ ගැලී සිටියෙ යැ, එක්දහස්තුන්සියදොළොස් යොදුන්
දෙගවුවක් නැඟී සිටියෙ යැ, අශ්වකණ_ පව_තය එක්දහස්තුන්සිය දොළොස් යොදුන් දෙගවු පමණ උස ඇත්තෙ යැ, ඉන් සසියපනස් යොදුන් ගවුවක් පමණ ගැලී සිටියෙ යැ, සසියපනස්යොදුන් ගවුවක් නැඟී සිටියෙ යැvයි කියා තමන් ගෙ ඥානයෙන් සිරිසිඳැ දත්නා වූීබුදුන් සරණ යෙමි’
බුත්සරණ යායුතු – (බුත්සරණ. පිටු 43-44)

බුත්සරණ පැරණි, අවිද්‍යාත්මක විශ්වාසයන්

විද්‍යාත්මක දියුණුවත් සමඟ සොයාගත් කරුණු නොදැන පැරණි, අවිද්‍යාත්මක විශ්වාසයන් පදනම් කරගෙන  කල  ප‍්‍රකාශනයක්  බවට  සැකයක්  ඇතිවීමට  කොහෙත්ම  ඉඩක්  නොමැත්තේය.  විශුද්ධි මග්ගයෙන් බුත්සරණ කර්තෘ උපුටා දක්වන කරුණු කිහිපයක් ඔබගේ කියවීමේ රසය සඳහා ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු.

මහ මෙර’තවද මෙසෙ සිටි මෙලොවැ මහමෙර (මහාමේරු පර්වතය* සුවාසූ දහසක් (84,000* පමණ යොදුන් සාගරයෙහි ගැලී සිටියේයැ, සුවාසූදහසක් පමණ යොදුන් නැගී සිටියෙ යැ, අයමින් (දිගින්* සුවාසූදහසක් යොදුන් පමණ යැ, විතරින් (පළලින්* සුවාසූදහසක් යොදුන් පමණ යැ, එ මහමෙර පූර්වදිග් භාගය රිදීමය යැ, එසෙ හෙයින් එ මුහුණෙහි පෑ පතළ එ දිගැ මුහුදු දිය විරිවාපි රිදී සෙ සුදු යැ, එ මැ මේරුව (මහමේරුව* දකුණු මුහුණ ඉන්ද්‍රනීලමාණික්‍යමය යැ, එහෙයින් එ දිගැ මුහුදු දිය නිල්පැහැ වෙයි, එ මැ මහමෙර පශ්වීම දිශාව පබළුමය යැ, එහෙයින් එ දිගැ මුහුදැ දිය පබළුයෙහි පැහැ සෙ රතැ, එ මැ මෙර ගල උතුරු දිගැ මුහුණ රන්මය යැ එහෙයින් එ දිගැ මුහුදැ දිය රන්වන් පැහැ යැvයි කියා මෙසෙ අනුන් ගෙ උපදෙශයක් නැති වැ තමන් ගෙ බුද්ධීන් මැ පිරිසිඳැ දත්ීබුදුන් සරණ යෙමි”
බුත්සරණ යායුතු – බුත්සරණ – පිටු 43.

සීදන්ත සාගර

’තවද සුමෙරු (මහමෙර* යැ යුගන්ධරයැ යනාදී වූ පව_තනයන් අතුරෙහි මුහුද සීදන්ත සාගර නම් වි යැ. එහි පැන් මොනර පිලක් පවා ලාලූව ගැලී යන පමණ සියුම් බව ඇත්තෙ යැ, එහි සුමෙරු පව_තයෙහි සිටැ යුගන්ධර පව_තය අතුරෙහි සීදන්ත සාගරය සුවාසූදහසක් (84000 )යොදුන් පමණ පළල ඇත්තෙ යැ, යුගන්ධර පව_තයෙහි සිටැ ඊශධර පව_තය අතුරෙහි මුහුද දෙසාළීස්දහසක් (42000 )යොදුන්  පමණ  පළල  ඇත්තෙ  යැ,  ඊශධර  පව_තයෙහි  සිටැ  කරවීක  පව_තය  අතුරෙහි  මුහුද එක්විසිදහසක් (21000) යොදුන් පමණ පළල ඇත්තෙ යැ, කරවීක පව_තයෙහි සිටැ සුදශ_න පව_තය අතුරෙහි මුහුද දසදහස් පන්සීයක් යොදුන් පමණ පළල ඇත්තෙ යැ, සුදශ_න පව_තයෙහි සිට නෙමින්ධර පව_තය අතුරෙහි මුහුද පන්දහස්දෙසියපනස් යොදුන් පමණ පළල ඇත්්තෙ යැ, නෙමින්ධර පව_තයෙහි සිටැ විනතක පව_තය අතුරෙහි මුහුද දෙදහස්සසිය පස්විසි යොදුන් පමණ පළල ඇත්්තෙ යැ, විනතක පව_තයෙහි සිටැ අශ්වකර්ණ පව_තය අතුරෙහි මුහුද එක්දහස්තුන්සිය දොළොස් යොදුන් දෙ ගවු පමණ පළල ඇත්තෙ යැ, මෙහි සුමේරුව පිරිවරා සුගන්ධර පව_තය සිටියෙ යැ, සුගන්ධර පව_තය  පිරිවරා ඊශධර පව_තය සිටියෙ යැ, ඊශධර පව_තය පිරිවරා කරවීක පව_තය සිටියෙ යැ, කරවීක පව_තය පිරිවරා සුදශ_න පව_තය සිටියෙ යැ, සුදශ_න පව_තය පිරිවරා නෙමින්ධර පව_තය සිටියෙ යැ, නෙමින්ධර පව_තය පිරිවරා විනතක පව_තය සිටියෙ යැ, විනතක පව_තය පිරිවරා අශ්වකණ_ පව_තය සිටියෙ යැvයි ගුරු කෙනකුන් අතින් අසා නො දැනැ, ශාස්ත‍්‍රයක් බලා නො දැනැ, තමන්ගේ ස්වයම්භූඥානයෙන් දත්තා වූ ’බුදුන් සරණ යෙමිv බුත්සරණ යායුතු – (බුත්සරණ පිටු 44)

විශුද්ධි මග්ගයෙහි ජාත්‍රස්සති නිද්දේසයෙනට අනුව පොලොව පැතලිය

තවදුරටත් කරුණු සොයා බැලීමේදී බුද්ධ ඝෝෂ හිමි විසින් කරවන ලද විශුද්ධි මග්ගයෙහිද ඉහත මහ පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් පස් පොළොව, දිය පොළොව හා වා පොළොව ගැන සඳහන් කර ඇති කරුණු විමසා බැලීමද වැදගත් යැයි සිතන්නෙමු.

පලමුව බුද්ධ  ඝෝෂ හිමි හා උන් වහන්සේ විසින් කරවන ලද විශුද්ධි  මග්ගය පිලිබඳව සංක්ෂිප්තව බෞද්ධ ශබ්ද කෝෂයේ සඳහන් කරුණු සොයා බලමු.

’බුද්ධ ඝෝෂ : ලක්දිවට පැමිණ බෞද්ධ ග්‍රන්ථ පාළියට නගා දඹදිව වෙත ගෙනගිය බ්‍රාහ්මණ වංශික ස්ථවිරයන් වහන්සේ, පස්වන සියවසේදී ලංකාවේ රජ කළ මහානාම රාජ සමයේදී දඹදිව බුද්ධගයාවල සිට ලක්දිවට පැමිණි උන්වහන්සේ හෙළ අටුවා ග්‍රන්ථ ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් පාළියට නගා දඹදිවට ගෙනයන ලදී. විසුද්ධි මග්ගය උන්වහන්සේගේ එක් කෘතියකි’ – බෞද්ධ ශබ්ද කෝෂය – පිටු 1112.

’විශුද්ධි  මාර්ගය – නිර්වාණ මාර්ගය – ක්ලේශයන් ප්‍රහීණ කොට සිත අතිශයින් පිරිසිදු කිරීමේ මාර්ගය : ත්‍රිපිටකය ගොනුකොට සකස් කර ඇති අර්ථ කථා ග්‍රන්ථය, බුද්ධ ඝෝෂ හිමියන් කල මෙම කෘතියේ බුද්ධ ධර්මයේ සාරාංශය ලෙස ගන්නා ශීල, සමාධි, භාවනා ස්කන්ධ, ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍යය, තීන්‍ය සමුත්පාද ධර්මයන් අඩංගු කොට ඇත.’ – බෞද්ධ ශබ්ද කෝෂය – පිටු 1382.

ඉහතින් ගෙන හැර දැක්වූයේ බුද්ධ ඝෝෂ හිමි ගැනත් උන් වහන්සේ විසින් කරවන ලද විශුද්ධි මග්ග කෘතිය ගැනත් බෞද්ධ ශබ්ද කෝෂය විසින් දී ඇති විස්තරය. මේ අනුව බුදු දහම පිලිබඳව, හදාරන අයෙකුට මුළු මහත් ත්‍රිපිටකයේ සාරාංශය විශුද්ධි මග්ග තුලින් ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වන්නේය.

දැන් විශුද්ධි  මග්ගයෙහි මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් තුන් පොළොව ගැන දක්වා ඇති කරුණු ගැන විමසීමක් කර බලමු.

“තවද, එක් සක්වළෙක මහා පස්පොළොව දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් පමණ බොල ඇත්තෙයැ,  එ පස්  පොළොව රැඳැවූ  දිය  පොළොව සාරලක්ෂ අසූදහසක්  යොදුන් පමණ  බොල ඇත්තෙයැ, එදිය පොළොව ධැරූ වා පොළොව නව ලක්ෂ සැටදහසක් යොදුන් පමණ බොල ඇත්තෙ යැ”යි තමන් ගෙ නුවණින් යටුවම් (සනිටුහන්) කොටැ පිරිසිඳැ දත් ’බුදුන් සරණ යෙමි”

බුත්සරණ යායුතු’ – බුත්සරණ – පිටු 42.

විද්‍යා චක්‍රවර්ති විසින් සකස් කල ’බුත්සරණෙ’හි එතුමන් විසින් විශුද්ධි  මග්ගයෙහි ජාත්‍රස්සති නිද්දේසයෙන් උපුටා දක්වන ලද කොටසයි ඉහතින් ගෙනහැර දැක්වූයේ.

දිග මැනීමට යොදා ඇති පැරණි මිනුම් සැතපුම් බවට පරිවර්තනය කර ගැනීමට පහත සඳහන් විස්තර සපයා ඇත්තෙමු.’ගවුව – ගව්ව – දුර මැනීමේ පැරණි මිම්මක්, යොදුනෙත් හතරෙන් පංගුව – සැතපුම් හතරක ප්‍රමාණය”- නිරුත්ති සහිත සිංහල ශබ්ද කෝෂය – ගොඩගේ ප්‍රකාශකයෝ – පිටු 396.

මේ අනුව යොදුන් 1 } ගව් 4 } සැතපුම් 4×4 } සැතපුම් 16

මේ අනුවවිශුද්ධි  මග්ගයේ තුන් පොළොවේ දිග ප්‍රමාණයන් නූතන මිනුම්වලට පරිවර්තනය

කොට විමසා බලමු.

පස් පොළොව } යොදුන් 240,000 } සැතපුම් 240,000 x 16 } සැතපුම් 3,840,000

දිය පොළොව } යොදුන් 480,000 } සැතපුම් 480,000 x 16 } සැතපුම් 7,680,000

වා පොළොව } යොදුන් 960,000 } සැතපුම් 960,000 x 16 } සැතපුම් 15,360,000

එම ඉහත තොරතුරු විමසා බලන්නේ ධර්ම ග්‍රන්ථයකින්ද නැත්නම් සුරංගනා කථා අඩංගු ග්‍රන්ථයකින්ද යන විචිකිච්චාව ඇතිවීම වැලැක්විය හැකි කරුණක් නොවේ. ඉහත සංඛ්‍යා ලේඛන හා කරුණු දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මේ සියළු විස්තර දක්වා ඇත්තේ පැතලි පොළොවක් පිළිබඳව යන්නයි.