භූමි චලනයක් වීමට හේතු-මහා පරිනිබ්බාන සූත්‍රයේම තවත් කොටසක

මහා පරිනිබ්බාන සූත්‍රයේම තවත් කොටසකටද අපගේ අවධානය යොමු කරමු.

’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහිදී සිහි ඇතිව මහා නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හළ සේක. එකෙණෙහිම බිහිසුණු ලොමුදැහැ ගන්වන මහා භූමිචලනයක් විය. දෙව් ඛෙර පැළී ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එවේලෙහි මේ උදානය ප්‍රකාශ කළ සේක.

’මුනීන්ද්‍රයන්  වහන්සේ  සසරත්  නිවහන්  තුලනය  කරමින්  සසර  සංස්කාර  අත්හළ  සේක. විදර්ශනාවෙන් ආධ්‍යාත්මයෙහි ඇලී සමාහිතව තමා තුළ උපන් කෙලෙස් යුද සැට්ටයක් මෙන් බිඳ දැමූ සේක.”

එවිට අනද තෙරුන්ට මෙසේ සිත්විය. ’භවත්නි, ආශ්චර්යයි, භවත්නි, පුදුමයි. මේ භූමි චලනය විශාලය. අතිශයින් විශාලය, බිහිසුණුය, ලොමු දැහැ ගන්නා සුලූය. දෙව් ඛෙරද පැළී ගියේය. මෙවැනි භූමි චලනයකට හේතුව කුමක්ද?” අනතුරුව අනද තෙර බුදුරදුන් ළඟට ගොස් වැඳ පසෙක හිඳ ’ස්වාමීනි, මේ පොළොව කම්පාව විශාලයි. මෙයට හේතුව කුමක්ද?’ කියා විමසීය.

මෙයට පිළිතුරු දුන් බුදුන් වහන්සේ භූමි චලනයක් ඇතිවීමට හේතු අටක් පවතින බව පවසා එවා විග්‍රහ කළ අතර එයින් භෞතික හේතුවකට තිබුනේ පලමු හේතුව පමණි. අනිකුත් හේතු හත තමන්ගේ විශ්වාසය මත සිදුවන පාරභෞතික හේතු නිසා එවා විමසීමකට ලක්කිරීම අවශ්‍ය නොවන බව සිතමු.

පහතින් නැවතත් දක්වා ඇත්තේ දීඝ නිකායේ මහාපරිනිබ්බාන සූත්‍රයේ ඉහතින් ගෙනහැර දැක්වූ කොටසේ අනුබද්ධිත කොටසයි.

 

’භාග්‍යවතුන් වහන්සේ : ’ආනන්ද මහා භූමි චලනයක් ඇතිවීමට හේතු අටක් පවතී. එ අට කුමක්ද?

“ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමා යන අවස්ථා ඇත. මහා වාතය හමා යනවිට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව කම්පා වෙයි. භූමි චලනයක් වීමට මේ පළමුවන හේතුවයි.”


ඉහතින්  දක්වා  ඇති  මතය  අවිද්‍යාත්මක  එකක්  බව  පැවසීමට  අතිරේක  අටුවා  ලිවීමට අවශ්‍යතාවයක් නොමැත. විවිධ යුගයන්හි සඳ, හිරු, තාරකා හා පෘථීවිය පිලිබඳ අවිද්‍යාත්මක ජනමත පැවති බව නොරහසකි. විශ්වය පිළිබඳව මිනිසාගේ මත යුගයෙන් යුගයට වෙනස් වූවක් බව නොරහසකි. විද්‍යාත්මක දැනුම දියුණු වූවාට පසුවයි විශ්වය පිළිබඳ තරමක සත්‍යය කරුණු අපට දැනගන්නට ලැබී තිඛෙන්නේ. විද්‍යාව හා තාක්ෂණය දියුණු යුගයක ජීවත්වන අපට මෙවන් මතයක් මහ පොළොව පිලිබඳව පිලිගන්නට හැකි වන්නේද?

තමන් පය  ගසා  ජීවත්වන  භෞතික  පොළොව  ගැන  දක්වා  ඇති  මතය  මෙතරම්  අවිද්‍යාත්මක  වන්නේ  නම්, මිනිසාගේ දෑසට නොපෙනෙන උත්පත්ති තල තිස් එකක් පිලිබඳ මතය හා අනිකුත් ආගමික විශ්වාසය පදනම් කරගෙන ප්‍රකාශිත මත පිලිබඳව නැවත සිතා බැලීමකට ඔබ හා මා ඉදිරිපත් විය යුතු නොවන්නේද?

අන්ධ භක්තිය, පාරම්පරික විශ්වාසය හා කරුණු විමසීමකට ලක් නොකොට පිලිගත් බොහෝ පරම සත්‍යයන් ලෙස සිතා සිටි කරුණු ගැන ඔබත් මාත් යථාර්තවාදීව හා විචාරශීලීව නැවත සමාලෝචනයක යෙදිය යුතු වගකීම තමන් වෙත පවරාගත් උදවිය බවට පත්වී ඇති බව අවිවාදයෙන් පිලිගන්නට සිදුවන සත්‍යයකි .

 

සුකර මද්දව (ඌරු මස්) අනුභව කිරීමෙන් විඳින්නට සිදුවූ ආනිශංස

දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන් පහත සඳහන් කොටස ගෙනහැර දක්වමින් එගැන  ඔබගේ මතය විමසන්නට කැමැත්තෙමු.
’භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ චුන්ද කර්මාර පුත්‍රගේ ගෙට වැඩමවා පැනවූ අසුනෙන් වැඩහුන් සේක.භාග්‍යවතුන් වහන්සේ : චුන්ද ඔබ පිළියෙල කල සුකර මද්දවයෙන් මා වළඳවන්න. පිලියෙල කළ අනිත් කෑම් බීම්වලින් භික්ෂු සංඝයා වළඳවන්න.එහෙමයි ස්වාමීනි, කියා පිළිතුරු දුන් චුන්ද කර්මාර පුත්‍ර එ අන්දමින් වැළඳ වීය.
භාග්‍යවතුන් වහන්සේ : චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න. චුන්ද, දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහති සත්ව ප්‍රජාවෙන් තථා ගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙන කිසිවෙකුත් නොදකිමි.
එය පිළිගත් චුන්ද ඉතිරි සුකර මද්දව වළ දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැඟී වැඩිසේක. චුන්දගේ දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති විය. මාරාන්තික දරුණු වේදනා පවතී. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණින් පීඩා නොගෙන ඉවසූ සේක.
භාග්‍යවතුන් වහන්සේ : ආනන්ද කුසිනාරාවට යමු යැයි වදාළහ.
එසේය  ස්වාමීනියි  අනඳ  තෙර  පිළිතුරු  දුන්නේය.  චුන්ද  කර්මාර  පුත්‍රයාගේ  දානය  වළඳා බුදුරජාණන් වහන්සේට දරුණු මාරාන්තික රෝගයක් ඇතිවිය කියා මා විසින් අසන ලදී. සුකර මද්දව වැළඳු බුදුරජාණන් වහන්සේට දරුණු රෝගාබාධයක් හට ගත්තේය. විරේචන ඇතිව භාග්‍යවතුන් වහන්සේ, මම තුසිතාරාමට යන්නෙමියි වදාළහ.
ඉහතින් අප ගෙනහැර දැක්වූයේ බු. ව. 2540දී (ක්‍රි. ව. 1996) දෙහිවල, ඇන්ඩර්සන් පාරේ පිහිටි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශිත සිංහල දීඝ නිකායේ කොටසකි. මෙම කොටස වඩාත් හොඳින්  තේරුම් ගැනීම සඳහා  යොදා ඇති සමහහ පාලි වචනයන්හි නිවැරදි සිංහල අර්ථයන් අවබෝධ කරගැනීමට උත්සාහ කරමු.
සුකර මද්දව – තරුණ ඌරන්ගේ මාංශය (පි 1644)
ලෝහිත – රුධිරය, ලෙය (පි 1314)
(බෞද්ධ ශබ්ද කෝෂය)
විරේචනය – අතීසාරය (පි 1006)
(නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය – ප්‍රකාශණය – ගොඩගේ සහෝදරයෝ)
ආචාර්ය එම්. එස්. එස්. නිශ්ශංක මහතා විසින් රචිත ’ගෞතම බුද්ධ” යන ග්‍රන්ථයේ මෙම සිදුවීම විස්තර කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.
’කුසිනාරාවට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි පාවා නම් ගමේ චුන්ද නම් වූ කාර්මිකයාගේ නිවසින් අන්තිම ¯නය වැළඳු බුදුහු රක්ත අතීසාරයට ගොදුරු වූහ.’ (පෙරවදන, පිටුව 2)
බුදුන්  වහන්සේගේ  අවසන්  ¯නය  හා  පිරිනිවන්  පෑමට  හේතුවූ  සාධක  ඉහත  සඳහන් තොරතුරුවලින් ඉතා පැහැදිලිව අපට අවබෝධ කරගැනීමට හැකිවන්නේය. සුකර මද්දව යනු විෂ හතු වර්ගයක් යනුවෙන් පවතින්නා වූ මතය වැරදි බව ඉහත සඳහන් කරුණුවලින් තවදුරටත් පැහැදිලි වන්නේය.
සුකර මද්දව  (ඌරු මස්) අනුභව කිරීමෙන් රක්ත අතීසාරය වැලඳුනු බව ඉහත සඳහන් තොරතුරු මගින් හෙලි වන්නේය.
’තථාගයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙන කිසිවෙකුත් නොදකිමි යැ’යි ප්‍රකාශණයක් කොට සුකර මද්දව අනුභව කිරීමෙන් විඳින්නට සිදුවූ ආනිශංස දෙස බලන විට එම ප්‍රකාශනය සර්වඥතා ඥානයෙන් යුක්ත අයෙකුගේ එකක් නොවන බව පිලිගන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා

සත්‍ය දහමක නිවැරදි මග සලකුණු

අපේක්ෂිත ගමනාන්තය කරා සාර්ථකව ලඟාවීමට නම් නිවැරදි මඟ හා එහි මං සලකුණු හරිහැටි දැන සිටීම ඉතා වැදගත් වන්නේය. බොහෝවිට මං සලකුණු හරිහැටි නොදන්නා අයෙක් වැරදි මඟක ගොස් අපේක්ෂා භංගත්වයට පත්වී විනාශය කරාද ලඟා විය හැකි බව අප ඉතා හොඳින් දන්නා කරුණකි.  තවත්  උඣිහරණයක්  වශයෙන්  දක්වන්නේ  නම්  සැබෑ  හා  ව්‍යාජ  රත්තරන්  වෙන්කර හඳුනාගැනීම සඳහා අපට උරගලක් අවශ්‍ය වන බව ප‍්‍රායෝගිකව දන්නා කරුණකි. උරගලක් මෙන්ම නිවැරදි මං සලකුණු ලෙස සත්‍ය දහමක් ව්‍යාජත්වයෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි සාධක මොනවාද යන්න අප විසින් සොයා බැලීම වැදගත් වන්නේය.
අපට දෙමව්පියන්ගෙන් උරුමවූ දහම පිළිබඳව අප කිසි දිනක විචාරශීලී බුද්ධියෙන් විමසා බලා ඇත්ද? අද අප කරමින් සිටින්නේ දෙමව්පියන්ගෙන් කිසිම වැරදි දෙයක් අපට ලැබිය නොහැකිය යන මතය මත පිහිටා ඇස් කන් වසාගෙන කිසිම විචාරයකින් තොරව පාරම්පරික දහම අනුගමනය කිරීම නොවේද?  යථාර්තයෙන්  හා  විචාරයෙන්  සිතා  බලා  දහමක්  පිළිබඳව  නිවැරදි  නිගමනයකට නොපැමිණීමේ ඵල විපාක අන් සියළු කරුණුවලට වඩා භයානක විය හැකි බව, එනම් විශේෂයෙන්ම මරණින් මතු ජීවිතයේ ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට අප පත්විය හැකි බව සිතන විට මේ ගැන නිහක්‍ෂව අන්ධ භක්තියෙන් කටයුතු නොකළ යුතුය යන මතය සමඟ ඔබ එකඟ වනු ඇතැයි දැඩිව අපේක්ෂා කරමු. එ් නිසා සත්‍ය දහමක් තෝරා ගැනීමේදී දැනගත යුතු මං සලකුණු මෙන්ම සත්‍යය හා අසත්‍යය වෙන්කර ගැනීමට භාවිතා කළ හැකි උරගල මෙන්වූ සාධක ගැනද පූර්ව නිගමනයන්ගෙන් හා බැඳීම්වලින් බැහැර වී විවෘත මනසකින්  හා විචාරශීලී බුද්ධිය  මෙහෙයවා  කරන්නාවූ විමසුමකට සහභාගි වන ලෙස ඔබට ආරාධනා කරන්නෙමු.
ඌන දැනුමක් ඇති අයෙකුට එනම් මිනිස් දැනුමේ සීමාවන්ගෙන් ඔබ්බට දිව යන ගැඹුරු, පලල් හා අසීමිත දැනුමක් නොමැති අයෙකුට මිනිසාගේ මෙලොව හා මරණින් මතු ජීවිතයේ ජය මාවත විග‍්‍රහ කොට නිවැරදි මඟ පෙන්වීමක් කිරීමට හැකිවේ යැයි සිතීම අනුවණකමක් බව අප සැම ඉතා හොඳින් අවබෝධ කරගත් කරුණකි. එනිසා දහම ලබා දෙන්නා කෙරෙහි සර්ව සම්පූර්ණ ඥාණයක් තිබිය යුතු බව සැවොම අවිවාදයෙන් පිලිගනු ඇතැයි කිසිම සැකයක් තිබිය නොහැක. එනම් දහම ලබාදෙන්නා සර්වඥ විය යුතුය. මෙය පලමුවෙනි කොන්දේසිය ලෙස පිලිගැනීමට ඔබට අපහසුතාවයක් නැතැයි විශ්වාස කරන්නෙමු.
දැනට ඇති දහම් සියල්ල පැරණි එ්වා වන අතර එම දහම් සර්වඥයෙක් විසින් ලබාදී ඇත්නම්, අද අප අතට පත්වී ඇති එම දහමේ ලේඛණ සර්වඥගේ වචනයෙන්ම, ඔහුගේම අදහස් කිසිම වෙනස් කිරීමකින්  තොරව  එලෙසින්ම  සුරක්ෂිත  වූවක්  විය  යුතුය.  නැතිනම්  ආරම්භයේ  දහම  දුන්නේ
සර්වඥවූවත් අතරමැදි කාලයේදී මිනිසුන් විසින් තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් එ්වා වෙනස් කර ඇත්නම්, අද අප අත ඇති දහම සර්වඥ විසින්ම දුන් දහම යැයි කෙලෙසකින්වත් පිලිගත නොහැකි තත්වයක් අනිවාර්යයෙන්ම ඇති වන්නේය. එ් නිසා දෙවැනි කොන්දේසිය ලෙස සර්වඥ විසින් දෙන ලද දහම එලෙසින්ම සුරක්ෂිතව ඇති බවට පිළිගත හැකි සාක්ෂි තිබිය යුතුය. සත්‍ය අසත්‍යයෙන් වෙන්කර දක්වන මෙම කොන්දේසි දෙක පදනම් කරගෙන අනිකුත් මං සලකුණු ඉදිරියට සාකච්ඡුා කරමු. මිනිස් චින්තනයේ පරස්පරතාවයන් ඇතිවීම වැලැක්විය නොහැකි කරුණක් බව අප සැවොම ප‍්‍රායෝගිකව දන්නා කරුණකි. විශේෂයෙන්ම එක් විෂයයක් සම්බන්ධව ප‍්‍රකාශිත අදහස්වල වෙනස්කම් කාලයේ පරතරය දිගු වනවිට බොහෝ විට සිදුවිය හැක්කක් බව අප අත්දුටු සත්‍යයකි.  ඕනෑම විද්වතෙක් එක් විෂයයක් සම්බන්ධව පස් අවුරුද්දකට පෙර දැරූ මතය හා පස් අවුරුද්දකට පසුව එම විෂය සම්බන්ධයෙන් දරණ මතයේ බොහෝ දුරට වෙනස්කම් ඇතිවිය හැකි බව විශාරදයින්ගේ මතයයි.
Published in: Uncategorized on April 3, 2011 at 4:24 pm  Leave a Comment  

අමාවතුර හා පූජාවලිය දක්වන අදහා ගැනීමට නොහැකි අතිශයෝක්තීන්ගෙන් පිරුණු විස්තර

අමාවතුර හා පූජාවලිය දක්වන අදහා ගැනීමට නොහැකි අතිශයෝක්තීන්ගෙන් පිරුණු විස්තර ගැන සාකච්ඡුා කිරීමට නම් පිටු තුන් හාරසීයක පොතක්ම ලියන්නට සිදුවන අතර එම අර්ථ විරහිත කාර්යයෙන් බැහැරව ඒවායෙහි අඩංගු සමහර කරුණු ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’
“ඒ අශ්වරාජයාගේ (කන්ථක) ග‍්‍රීවය වාලධිය දක්වා අටළොස් රියන් දිග ඇත්තේය’ දිගට සුදුසුවූ උස ඇත්තේය’ ඉතා සුදුය’ පිරිසිදුවූ සකක් වැන්නේය’ මහත්වූ බල හා ජව ඇත්තේය’ ඉදින් හෙෂාරවයක් කෙරේ නම් කූරපහරදේ නම් හැම නුවර වෙවුල් වාපි යයි’ එසේ හෙයින් කිසි අරගලයක් නොවන සේ නැගූ නගූ කුරපහරින් කුර පහරට දෙවියෝ අතුල්තල දුන්හ’ බෝසතාණෝ ඒ අශ්වරාජයා පිට හිඳ ජන්න නම් අමාත්‍යයා ලවා අසු වාලධිය ගන්වා එදා ?වූ පසළොස් පැය ගිය වේලෙහි මහ වාසල් දොරට පැමිණ දෑය’ එකල ශුද්ධෝදන රජ්ජුරුවෝ පුතණුවන් නොවේලෙක සොරා පලා යෙතියි දහසක් යෝධයන් වසාලන දහසක්
යෝධයන් හයාලන” බියලි දොර දෙකක් ලැවූහ’ දහස් ගණන් යෝධයෝ රැුකවල් ගෙන නිදන්නාහුය” (පූජාවලිය 158 වැනි පිටුව)
මෙහි සඳහන් පරිදි කන්ථක අශ්වයා දිගින් රියන් 18ක් වන අතර උසින් රියන් 18කි’ රියනක් යනු අඩි 1’5කි’ එනම් කන්ථක අශ්වයා උසින් අඩි 27ක් හා දිගින් අඩි 27කින් යුක්තය’ සැබැවින්ම මෙසේ විස්තර කර ඇත්තේ අස්වයෙක් ගැනද නැතිනම් පෙරකල විසූ හා දැනට වඳවී ගොස් ඇති ඩයිනසෝරයෙක් ගැනද කියා අපට සැකයක් මතු වන්නේය’ බුදුන් වහන්සේගේ ශරීර ප‍්‍රමාණය රියන් දහ අටක් බව දක්වා ඇති හෙයින් මෙවන් අශ්වයෙකු මත නැගීම දුෂ්කර නොවූවත්” ඡුන්න සෙනෙවියා කෙසේ නම් රියන් දහ අටක් උස අශ්වයෙකු මත අසුන් ගත්තේ ද යන්න ගැටළුවකි’ බොහෝ විට එම යුගයේ  ජනයා මෙම උස ප‍්‍රමාණයෙන් යුක්ත වන්නට ඇතැයි ද අපට සිතේ’ කෙසේ නමුත් එවන් උසැති මිනිසුන්ගේ ඇටසැකිලි කිසිම පුරා විද්‍යා කැණීම් තුලින් ලැබී නැත’


පූජාවලියේ සඳහන් තවත් කොටසක් පහතින් උපුටා දක්වා ඇත’”මෙසේ මාගේ බෝධිසත්වයෝ එදා ? නුවරින් නික්ම මහත්වූ පූජා ලදින් වැඩ ඒ ගංතෙර අසු රඳවාලා’මේ කිනම් ගෙඟක්දැඬයි විචාලදෑය’ අමාත්‍යයා ස්වාමිනි” මේ ගඟ අනෝමා නමැයි කීය’මාගේ 10 පැවිද්ද්ත් අනෝමය” අලාමකයැඬයි ගඟ නම අසා සතුටුව අශ්වයා ඬගඟ පැනඬයි විළුඹෙන් සන් කළදෑය’ අශ්වරාජයා වාලධිය ගත් ඡුන්න නම් අමාත්‍යයා හා සමග අටසියයක් රියන් පළල ඇති ගඟ පැන රිදී පටක්
වන් වැලිතලායෙහි රිදී පික්‍ෂක් සේ සිටියේය’ඬඬ (පූජාවලිය -162 වැනි පිටුව)
ඉහත විස්තර අනුව අනෝමා නදිය රියන් අටසියයක් පළලය’ එනම් අඩි 1200ක් පළලය’  රියන් දහ අටක් උස හා රියන් දහ අටක් දිගැති කන්ථක අශ්වයා එක පිම්මෙන් අඩි 1200ක් පළලැති අනෝමා නදිය පැනීම ආශ්චර්යයෙනුත් ආශ්චර්යයකි’

මෙය ඔප්පු කළ හැකි සාධකයක් නම් නියතවශයෙන්ම කිසි දිනක බිඳිය නොහැකි ගිනස් වාර්තාවක් වෙනවාට සැක නැත’

බුද්ධ චරිතයෙහි අභව්‍ය වර්ණනා

බුද්ධ  චරිතයෙහි පමණක් නොව වෙනත් පොතපතෙහිද මෙවැනි අභව්‍ය වර්ණනා බොහෝය’
සිදුහත් කුමරු  වප්මගුල් දා කිරිමව්වරුන් තිරවලින් පිටතට ගිය අතර යහනේ පලක් බැඳ ආනාපානා සති භාවනාව වඩා ප‍්‍රථම ධ්‍යානයට සමවැද හුන්නේය” යනුවෙන් පොතපතෙහි සඳහන් වන කථාවද මේ ගණයෙහි ලා සැලකිය හැකිය’ අතදරුවෙකුව සිටියදී පවා ආනාපානා සතිය වඩා ප‍්‍රථම ධ්‍යානයට සමවැදුන සිදුහත් කුමරු 16 වන වියේදී විවාපත්ව විසිනව වන වියේදී සතර පෙර නිමිති දැක අභිනිෂ්ක‍්‍රමණය කරන තුරු වසර 20කට වැඩි කාල සීමාව තුළ විමුක්තිය උදෙසා ගත් වෙනත් කිසියම් ප‍්‍රයත්නයක් ගැන සඳහන් නොවීම කොතරම් පුදුම සහගතද?
එසේ නම් අත දරුවෙකුව සිට ආනාපානා සති භාවනාව වැඞීම පිළිගත හැකිද?
අවාසනාවකට මෙම ග‍්‍රන්ථයේ කතුවරයා සඳහන් කරන්නට අමතක වූ එක් වැදගත් කරුණක් නම් ඉහත සඳහන් ආශ්චර්ය දනවන සියලූ තොරතුරුවල මූලාශ‍්‍රය බෞද්ධ ත‍්‍රිපිටකය බවයි’
තෙමගුලේ තවත් වැදගත් කරුණක් වන්නේ බුද්ධත්වය ලැබීමයි’ මෙය වෙසක් මස පසලොස්වක දින රාත‍්‍රියේ සිදුවූ බවයි සඳහන් වන්නේ’ මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට වඩා මේ හා බැඳුන තවත් පරස්පර තාවයක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ බුද්ධත්වය පතා ගෞතම බෝසතුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය සිදුවූ ආකාරය මජ්ජිම නිකායේ චූල පණ්ණාසකයෙහි එන ආර්ය පර්යේෂණ සූත්තරයෙහි විස්තර කොට ඇත’
මෙහි සඳහන් පරිදි කෙස් රැුවුල් බහා කසාවත් හැඳ පෙරවා මව්පියන් හක්‍ෂද්දීම මාලිගයෙන් නික්ම ගොස් පැවිදි වූ බවයි’ නමුත් වෙනත් බොහෝ ධර්ම ග‍්‍රන්ථවල ඇත්තේ මහ ? සියල්ලට හොරා ගොස් පැවදි වූ බවයි’ තවද සිද්ධාර්ත උත්පත්තියෙන් සත්වන දින මහාමායා දේවිය මියගිය බව සඳහන්ව ඇති හෙයින් අරිය පර්යේෂණ සූත්ත‍්‍රයේ මව්පියන් හක්‍ෂද්දීම මාලිගයෙන් නික්ම විය බව සඳහන් වීම නිවැරදි ගිය යුතු බවයි” අප දකින්නේ’
අනෙකුත් ධර්ම ග‍්‍රන්ථවල අභිිනිෂ්ක‍්‍රමණය විස්තර කොට ඇති අයුරු විමසා බලමු’ පළමුව නූතන බෞද්ධ විද්වතෙකු වූ ආචාර්ය එච්’ එස්’ එස්’ නිශ්ශංක මහතා තම ඬගෞතම බුද්ධඬ යන ග‍්‍රන්ථයේ අභිනිෂ්ක‍්‍රමණය විස්තර කොට ඇති ආකාරය විමසා බලමු’
“ආර්ය පර්යේෂණයක් සඳහා අසමසම විධියට ඇප කැපවී තම ආදරනීය බිසවට පවා නොකියා දරු සෙනෙහසින් අනූන වූ සිද්ධාර්ත පියා එදා උපන් තම පුතුන් මෙහොතකටවත් වඩා ගන්නට නොසිතා” පූර්ණ වූ සිහියෙන් යුක්තව” ධර්මතා ගැන නොපසු බස්නා විර්යය ඇතිව” ප‍්‍රීති සහගතව” සන්සුන් ගතියෙන් යුතුව” සැක ආදිය නිසා නොවිසුරුනු සිතක් ඇතිව හෙවත් සමාධිසහගතව” මධ්‍යම රාත‍්‍රියක තම අගනුවර නැගෙනහිර දොරින් නික්ම යයි’ි’’’’’’’’’’’’
ඡුන්න ඇමති තෙමේ හිරු උදාවූ විට තනියම පයින් රජගෙදරට එන්නේ පළමුව යසෝධරා වනටද නැතහොත් සුදොවුන් රජුහට දැකිවිය යුතු දැයි දෙගිඩියාවෙන් පසු වන්නේ හිත හදාගන්නට බැරිව කුඩා දරුවකු සෙයින් අක්‍ෂමින් එන්නේ හිත හදාගෙන සුදොවුන් රජු වෙත පැමිණ සිදුහත් රජතුමා පෙර දින මහ අභිනිෂ්ක‍්‍රමණය කළ බව දන්වයි’ උපන් කුමරුන් යශෝධරා සමග සයනයෙහි සිටිනු දැක ආපසු හැටිද විස්තර කරයි’ එපමණක් නොව වියෝ දුකෙන් කන්ථක අසුගේද ළය පැලී මළ බව දන්වයි’ පුවතින් කම්පනයට පත් රජතුමා මහා ප‍්‍රජාපති අගබිසව කැඳවයි’ ප‍්‍රවෘත්තිය හෙළි කරයි’” (ගෞතම බුද්ධ – 10-11 පිටු)
ඉහත විස්තරයෙන් පැහැදිළි වන්නේ ඡුන්න ඇමති ආපසු පැමිණ දන්වන තුරු සුද්ධෝදන රජතුමා හෝ අන් අයෙක් සිද්ධාර්ත බෝසතුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය දැන නොසිටි බවයි’ මෙය නියතවශයෙන්ම අරිය පර්යේෂණ සූත‍්‍රය සමග පරස්පරතාවයක් ඇතිකර වන්නකි’ තවත් හැමගේ ගෞරවයට පාත‍්‍ර වූ බෞද්ධ ධර්ම ඬන්ථයක් වූ පූජාවලියෙහි විස්තර කර ඇතේතේත් ආචාර්ය එච්’ එස්’ එස්’ නිශ්ශංකයන්ගේ ‘ගෞතම බුද්ධ‍්‍ර, යන ග‍්‍රන්ථයේ අඩංගු කරුනුවලට සමාන අදහස්ය’ ගුරුළුගෝමින් විසින් කරන ලද හා පණ්ඩිත කෝදාගොඩ ඥාණාලෝක සථවිරයන් විසින් සංශෝධිත” බෞද්ධයින් අතරේ උසස් පිළිගැනීමක් ඇති ධර්ම ග‍්‍රන්ථයක්වූ ‘අමා වතුර’ අභිනිෂ්ක‍්‍රමණය විස්තර කරන ආකාරය ‘පූජාවලිය’ දක්වන අදහස්වලට බෙහෝ සමානය’