අමාවතුර හා පූජාවලිය දක්වන අදහා ගැනීමට නොහැකි අතිශයෝක්තීන්ගෙන් පිරුණු විස්තර

අමාවතුර හා පූජාවලිය දක්වන අදහා ගැනීමට නොහැකි අතිශයෝක්තීන්ගෙන් පිරුණු විස්තර ගැන සාකච්ඡුා කිරීමට නම් පිටු තුන් හාරසීයක පොතක්ම ලියන්නට සිදුවන අතර එම අර්ථ විරහිත කාර්යයෙන් බැහැරව ඒවායෙහි අඩංගු සමහර කරුණු ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’
“ඒ අශ්වරාජයාගේ (කන්ථක) ග‍්‍රීවය වාලධිය දක්වා අටළොස් රියන් දිග ඇත්තේය’ දිගට සුදුසුවූ උස ඇත්තේය’ ඉතා සුදුය’ පිරිසිදුවූ සකක් වැන්නේය’ මහත්වූ බල හා ජව ඇත්තේය’ ඉදින් හෙෂාරවයක් කෙරේ නම් කූරපහරදේ නම් හැම නුවර වෙවුල් වාපි යයි’ එසේ හෙයින් කිසි අරගලයක් නොවන සේ නැගූ නගූ කුරපහරින් කුර පහරට දෙවියෝ අතුල්තල දුන්හ’ බෝසතාණෝ ඒ අශ්වරාජයා පිට හිඳ ජන්න නම් අමාත්‍යයා ලවා අසු වාලධිය ගන්වා එදා ?වූ පසළොස් පැය ගිය වේලෙහි මහ වාසල් දොරට පැමිණ දෑය’ එකල ශුද්ධෝදන රජ්ජුරුවෝ පුතණුවන් නොවේලෙක සොරා පලා යෙතියි දහසක් යෝධයන් වසාලන දහසක්
යෝධයන් හයාලන” බියලි දොර දෙකක් ලැවූහ’ දහස් ගණන් යෝධයෝ රැුකවල් ගෙන නිදන්නාහුය” (පූජාවලිය 158 වැනි පිටුව)
මෙහි සඳහන් පරිදි කන්ථක අශ්වයා දිගින් රියන් 18ක් වන අතර උසින් රියන් 18කි’ රියනක් යනු අඩි 1’5කි’ එනම් කන්ථක අශ්වයා උසින් අඩි 27ක් හා දිගින් අඩි 27කින් යුක්තය’ සැබැවින්ම මෙසේ විස්තර කර ඇත්තේ අස්වයෙක් ගැනද නැතිනම් පෙරකල විසූ හා දැනට වඳවී ගොස් ඇති ඩයිනසෝරයෙක් ගැනද කියා අපට සැකයක් මතු වන්නේය’ බුදුන් වහන්සේගේ ශරීර ප‍්‍රමාණය රියන් දහ අටක් බව දක්වා ඇති හෙයින් මෙවන් අශ්වයෙකු මත නැගීම දුෂ්කර නොවූවත්” ඡුන්න සෙනෙවියා කෙසේ නම් රියන් දහ අටක් උස අශ්වයෙකු මත අසුන් ගත්තේ ද යන්න ගැටළුවකි’ බොහෝ විට එම යුගයේ  ජනයා මෙම උස ප‍්‍රමාණයෙන් යුක්ත වන්නට ඇතැයි ද අපට සිතේ’ කෙසේ නමුත් එවන් උසැති මිනිසුන්ගේ ඇටසැකිලි කිසිම පුරා විද්‍යා කැණීම් තුලින් ලැබී නැත’


පූජාවලියේ සඳහන් තවත් කොටසක් පහතින් උපුටා දක්වා ඇත’”මෙසේ මාගේ බෝධිසත්වයෝ එදා ? නුවරින් නික්ම මහත්වූ පූජා ලදින් වැඩ ඒ ගංතෙර අසු රඳවාලා’මේ කිනම් ගෙඟක්දැඬයි විචාලදෑය’ අමාත්‍යයා ස්වාමිනි” මේ ගඟ අනෝමා නමැයි කීය’මාගේ 10 පැවිද්ද්ත් අනෝමය” අලාමකයැඬයි ගඟ නම අසා සතුටුව අශ්වයා ඬගඟ පැනඬයි විළුඹෙන් සන් කළදෑය’ අශ්වරාජයා වාලධිය ගත් ඡුන්න නම් අමාත්‍යයා හා සමග අටසියයක් රියන් පළල ඇති ගඟ පැන රිදී පටක්
වන් වැලිතලායෙහි රිදී පික්‍ෂක් සේ සිටියේය’ඬඬ (පූජාවලිය -162 වැනි පිටුව)
ඉහත විස්තර අනුව අනෝමා නදිය රියන් අටසියයක් පළලය’ එනම් අඩි 1200ක් පළලය’  රියන් දහ අටක් උස හා රියන් දහ අටක් දිගැති කන්ථක අශ්වයා එක පිම්මෙන් අඩි 1200ක් පළලැති අනෝමා නදිය පැනීම ආශ්චර්යයෙනුත් ආශ්චර්යයකි’

මෙය ඔප්පු කළ හැකි සාධකයක් නම් නියතවශයෙන්ම කිසි දිනක බිඳිය නොහැකි ගිනස් වාර්තාවක් වෙනවාට සැක නැත’

The URI to TrackBack this entry is: https://sirisangabo.wordpress.com/2011/03/29/%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80/trackback/

RSS feed for comments on this post.

2 CommentsLeave a comment

  1. සාහිත්‍ය කෘති වල තිබෙන දේ සත්‍ය ලෙස සලකු ඔබටයි වැරදුනේ. සාහිත්‍යයේ එන අතිශයෝක්ති අලංකාරය ගැන අධ්‍යනය කරන්න.

  2. රියන – පසුකාලීන මිම්මෙන් පටලවා ගන්න එපා..
    එදා බුද්ධ කාලීන අපගේ මීමුත්තන් භාවිත රියන හා අද කියන රියන වෙනයි. එදා රියන කීවේ මහපටැඟිල්ල හා දබරැඟිල්ල විහිදු විට ඇති දුරටයි. එනම් අඟල් 4ක් පමණය. එසේම මහපටැඟිල්ල ඔසවා අත මිටමොලවා ගත්තාමද මිටේ උස අගල් 4ක් පමණ වේ
    වඩු රියන නම් වැලමිටේ සිට මැදැඟිල්ල දක්වා ඇති දුරයි. එනම් අඩි 1යි අඟල් 6ක් පමණය. පසුකාලීනයන් මේ මිණුම් දෙක පටලවාගත්තා.
    ඉතින් බුදුරදුන් රියන් 18 ක් උසයි කියා පොතේ තිබූ නිසා එය වරද්දාගත් අය වඩු රියන් 18 උස බුදු පිලිම නෙලුවා.. එනමුත් නියම රියන් 18 නම් අඩි 6කි (4×18 =.අඟල් 72යි, 72/12 = අඩි 6යි )
    තවත් පසුකාලින වෙනකොට මෙපමණ උසට ඉන්නේ අසහාය දෙවියෙකි කියාද සමහරු සිතුවා.. සිතා දේවත්වයෙන් අදහන්නට වුනා.. සමහරුන් අදටත් එසේමලු.. මේවා කියනකොට එයාලට තරහත් යනවාලු..
    එසේම 1896 දී බුදුන් සොයා නේපාලයට ගිය “ඇන්ටන් පුෂේ” නම් ජර්මන් ජාතික සුද්දා ද, ලංකාවේ අය මෙපමන උසයි කියන බුදුන්ගේ දත මෙතරම් විය යුතුයි සිතා අශ්ව දතක් සොයාගෙන ‘මෙන්න බොළව් තොපේ බුදුන්ගේ දන්ත ධාතුව’ කියා පෙන්නුවාලු..
    අනේ අපොයි හෙළදිව වැඩසිටි අපේ බුදුරදුන්ට ගිය කළ?
    https://budunupanhelabima.blogspot.com/p/blog-page_9.html


Leave a comment