පටිච්ච සමුප්පාද ධර්මය’(බෞද්ධ හේතු ඵල වාදය)

හේතුඵල වාදය එක්තරා අයුරකින් විද්‍යාත්මක සංකල්පයක් ලෙස දැක්විය හැක’ ඒ නිසා බුදුදහමේ විස්තරවන පටිච්ච සමුප්පාද ධර්මය විද්‍යාත්මක හේතුඵල වාදයක් ලෙස දක්වන්නට නූතන බෞද්ධයන් දැවැන්ත ප්‍රයත්නයක යෙදී සිටිත්’ සත්‍යය සොයන්නන් ලෙසින් මේ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු විමසා බැලීම අපගේ වගකීම වන්නේය’ මහා වග්ගපාලියේ (1:84) අස්සජී තෙරණුවෝ උපතිස්ස පිරිමැජියාට පහත සඳහන් අයුරින් සඳහන් කල බව දැක්වේ’
යෙ ධම්මා හේතුප්පභවා
තෙසං හෙතුං කථා ගරතා ආහ
තෙසං ච යො නිරොධො
එවං වාදි මහා සමණො
අර්ථය: හේතුවෙන් හටගත් යම් දහමක් වේද ඒවායේ හේතු ද ඒවායේ නැතිවීම ද තථාගතයන් වහන්සේ දේශනා කළහ’ මහා ශ්‍රමණයන් වහන්සේගේ දෙසුම එබඳුය’ පහත සඳහන් කොටස බුදු දහමේ මූලික ඉගැන්වීම් :ෂීඊභ 9558625 – 11 – 6- යන ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු’
බුදු දහමෙහි හරය හේතුඵල වාදයයි’ තමන් වහන්සේ කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වූයේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් බව බුදු හාමුදුරුවෝ අරියපරියෙසන සූත්‍රයෙහි දී දේශනා කළහ’ (මජAජිම නිකාය -1” 408 – අරිය පරියෙසන සූත්‍රය’) සත්වයා සසර සැරි සරන්නේ මේ
දහම අවබෝධ කර ගැනීමට නුපුළුවන් වීම නිසා බව වරක් ආනන් ද හිමියන් අමතා වදාළහ’ (දීඝ නිකාය 1” 80 – මහා නිදාන සූත්‍රය) පටිච්ච සමුප්පදාය දකින්නා ධර්මය දකින බවත් ධර්මය දකින්නා පටිච්ච සමුප්පදාය දකින බවත් මහා හක්ථීපදෝ පම සූත්‍රයෙහි දී දේශනා කරන ලද්දේය’ මේ අනුව සිතන
විට බුද්ධ ධර්මයෙහි විශේෂ වූ ඉගැන්වීම පටිච්ච සමුප්පාද යයි’ එය ත්‍රි ලක‍ෂණය” චතුරාර්ය සත්‍යය මෙන් මූලික ඉගැන්වීමක් පමණක් ද නොවෙයි’ සියලූම බෞද්ධ ඉගැන්වීම් එම නි්‍යාය ධර්මයට අනුකූලව විස්තර කොට තිබේ ආගම් අතරින් බුදු සමයට විශේෂ වූ තැනක් ලැබීමට පටිච්ච සමුප්පාද ධර්මය හේතු වෙයි’
එසේ වන්නේ කරුණු දෙකක් නිසාය’ එනම්:-
1’ ඒ මගින් දේව නිර්මාණය ප්‍රතික්ෂේප වීම හා
2’ ආත්ම සංකල්පය බැහැර වීමය’

බ්‍රාහ්මණ (හිනzදු) යුදෙව්” ක්‍රිස්තියානි” ඉස්ලාම් ආගම් දේව නිර්මාණවාද අගම්ය’ එනම් ඊශ්වරයෙකු (දෙවියෙකු) විසින් ලෝකය මවන ලද බව පිළිගන්නා අගම්ය’ මැවුම්කරු දෙවියෙකුගෙන් තොරව ලෝකය පවතින ආකාරය පටිච්ච සමුප්පාද ධර්මයෙන් හෙළි කෙරෙයි’ මිනිසා තුළ ආත්මයක් ඇතැයි ද මේ ආගම් සියල්ලම පිළිගනියි’ බුදු සමය ආත්මයක් නැතැයි කියයි’ දෙවියන් වහන්සේ ද ආත්මය ද ප්‍රතික්සේප කරන ඇතැම් ආගමක් ලෝකය ද” මිනිසා ද හේතුවක් ප්‍රත්‍යයක් නැතිව ඉබේ පවතින බව ප්‍රකාශ කරයි’ දෙවියන් වහන්සේ ද ආත්මය ද ප්‍රතික්ෂේප කරන බුදු දහම මිනිස් ක්‍රියාවලට හේතුවක් ප්‍රත්‍යයක් නැතැයි යන්න ද බැහැර කරයි’
ලෝකයේ පැවැත්ම ද ජීවිතයේ ක්‍රියාකාරිත්වය ද සිදුවන නීතිය පටිච්ච සමුප්පාද ධර්මය බව බුදු දහම පෙන්වා දෙයි’ (බුදු දහමේ මූලික ඉගැන්වීම් – පිටු 61-62)
සංයුක්ත නිකායේ අචේල කස්සප සූත්‍රයේ සඳහන් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු’
*කි්‍රියාව කරන්නාම ප්‍රතිඵල බුක්ති විඳියි යනුවෙන් කීම ශාස්වන දෘෂ්ටියයි’ (එනම් පුද්ගලයා තුළ දිගින් දිගටම අඛණ්ඩව පවතින ආත්මයක් ඇත යන පිළිගැනීමයි’) එය එක අන්තගාමි බවකි’ අනෙකෙක් ක්‍රියා කරයි’ අනෙකෙක් ප්‍රතිඵල බුක්ති විඳියි යැයි කීම උච්ඡේද දෘෂ්ටියයි’ එය අනෙක් අන්තයයි’ මේඅන්ත දෙක බැහැර කොට තථාගතයන් වහන්සේ මධ්‍ය වූ මාර්ගයකින් දහම් දෙසති’ ඒ මෙසේය’
අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හටගනියි’
සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හටගනියි’
විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හටගනියි’
නාමරූප හේතු කොට ගෙන සළායතන හටගනියි’
සළායතන හේතු කොට ගෙන ස්පර්ශය හටගනියි’
ස්පර්ශය හේතු කොට ගෙන වේදනා හටගනියි’
වේදනා හේතු කොට ගෙන තණ්හාව හටගනියි’
තණ්හාව හේතු කොට ගෙන උපාදාන හටගනියි’
උපාදාන හේතු කොට ගෙන භවය හටගනියි’
භවය හේතු කොට ගෙන ජාතිය හටගනියි’
ජාතිය හේතු කොට ගෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් හටගනියි’
ඉහතින් යොදා ඇති පදයන් හි අර්ථය පළමුව පැහැදිලි කර ගනිමු’
අවිද්‍යාව : නොදැනීමයි’ කුමක් නොදැනීම ද?
දුක (දුක්ඛ) දුක හටගන්නා හේතුව (සමුදය) දුක නැතිවීම (දුක්ඛ නිරෝධය) දුක නැති කරන මඟ (මග්ග සට්පදා) යන කරුණු නොදැනීමයි’
එනම් චතුරාර්ය සත්‍යය නොදැනීමයි’ සංඛාර : කාය සංඛාර” වාඩී සංඛාර” චිත්ත සංඛාර යන තුන් ආකාරයෙන් දැක්වෙන කුශලා කුශල කර්ම ඵලයයි’ විඤ්ඤාණය: චක්ඛු (දැකීමේ ඉන්ද්‍රිය) සෝත (ඇසීමේ ඉන්ද්‍රිය) ඝාන (ගඳ සුවඳ දැනීමේ ඉන්ද්‍රිය) ජිව්හා (දිව) කය (ශරීරය) මන (මනස) යන සය ආකාරයෙන් පහළ වන සිත්ය’
නාමරූප: නාම – වේදනා” සඤ්ඥා” චේතනා එස්ස මනසිකාර යන පසයි’
රූප – පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත රූප සතර හා ඒවා නිසා හට ගැනෙන උපාදාය රූප විසි හතරයි’ සළායතන: චක්ඛු” සෝත” ඝාන” ජිවිහා” කාය මන යන ආයතන සයයි’ ඵස්ස : ඉන්ද්‍රිය සහ අදාළ අරමුණු සය ස්පර්ශ වීමයි’ වේදනා : ඉන්ද්‍රිය හා අරමුණු ස්පර්ශවීමෙන් ඇතිවන වේදනා සයයි’
තණ්හා: රූපාදි අරමුණු සය කෙරෙහි ඇතිවන තෘෂ්ණාවයි’ උපාදාන: සිතින් දැඩි සේ අල්ලා ගැනීමයි’ භව: කාම” රූප” අරූප යන ති්‍රවිධ භවයයි’
ජාති: ඒ ඒ සත්ව නිකායෙහි හට ගැනීමයි’ පිළිසිඳ ගැනීමයි’ ඉපදීමයි’ ස්කන්ධ පහළ වීමයි’ ආයතන පිහිටීමයි’
*ජරා: දිරා යාමයි’ දත් වැටීම” කෙස් පැසීම” ඇඟ රැලි වැටීම” ආයුස පිරිහීම” ඉන්ද්‍රිය මෝරා යාම” වයස් ගතවීම යන දුක් රැසයි’
මරණ: ඒ ඒ සත්ත්වයින් තම තමන් අයත් සත්ත්ව නිකායෙන් වෙන්වීම ඉවත්වීම මිය යාම ශරීරය හැර දැමීම’
සෝක: සිතින් විඳින දුකයි’ පරිදේව යනු වැළපීමය’ දුක්ඛ යනු කායික දුක්ය’ දෝමනස්ස යනු සිතේ ඇතිවන කනස්සලූ ස්වභාවයයි’ උපායාස යනු දුක් විඳීම නිසා ඇතිවන දැඩි වෙහෙසයි’ පටිච්ච සමුප්පදායෙහි යොදා ඇති වචනයන්හි විග්‍රහය උපුටා ගනු ලැබුවේ බුදු දහමේ මූලික ඉගැන්වීම් ග්‍රන්ථයෙනි’
මජජිම නිකායේ – මධුපිණ්ඩික හා මහා හත්ථීපදොපම සූත්‍රයන් හි ද පටිච්ච සමුප්පදායට අදාළ කරුණු සඳහන් කොට ඇත’
ඉහත අංග දොළොසකින් සමන්විත ආකාරය හැරුණු විට වෙනත් ක්‍රමවලින් ද පටිච්ච සමුප්පාද ධර්මය විස්තර වෙයි’ මජජිම නිකායේ චූල සකුලූදායින් සූත්‍රයේ විස්තර පහතින් දක්වා ඇත්තෙමු’
අස්මිං සති ඉදං හොති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජAජති’
අස්මිං අසති ඉදං න හොති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජAඣති
මෙහි තේරුම වන්නේ:-
මෙය ඇතිවිට මෙය වෙයි’
මෙහි ඉපදීමෙන් මෙය උපදියි’
මෙය නැතිවිට මෙය නොවෙයි’
මෙය නැතිවීමෙන් මෙය නැතිවෙයි යන්නයි’
මෙය වඩාත් සරලව වල්පොල රාහුල හිමියන් තමන්ගේ ග්‍රන්ථයේ විස්තර කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි’
A ඇතිවිට ඊ වෙයි’
A ඉපදීමෙන් ඊ උපදියි’
A නැතවීට ඊ නොවෙයි’
A නැතිවීමෙන් ඊ නැතිවෙයි
ඉහතින් දක්වා ඇත්තේ ඉතා සරල ඉගැන්වීමකි’ නමුත් බෞද්ධ ඉගැන්වීම් තුළින් ඉදිරිපත් කරණුයේ සංයුක්ත නිකායේ අචේල කස්සප සූත්‍රයෙන් හා මජAජිම නිකායේ මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයෙන් ඉදිරිපත් කරණ අවිධ්‍යාවෙන් ආරම්භවී ජරා මරණයෙන් අවසන් වන කරුණු දොළොසකින් යුක්ත වූ ඉගැන්වීමයි’
මේ පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු’
1) මෙය අදාළ වන්නේ මිනිසාට පමණයි’ මෙය විශ්ව සනාථන දහමක් ලෙස ඉදිරිපත් කළ නොහැක’

2) මෙය හේතුඵල ධර්මයක් නම් අවිද්‍යාවට හේතුවක් තිබිය යුතුය’ ඊට හේතු සොයන මජජිම නිකායේ ටීකාව දක්වන්නේ පෙර ආත්මයේ අවිද්‍යාව මේ ආත්මයේ අවිද්‍යාවට හේතුව බවත් පෙර ආත්මයේ අවිද්‍යාවට හේතුව ඊට පෙර ආත්මයේ අවිද්‍යාව බවත් මෙපරිද්දෙන් සංසාරයේ මුල දක්වා යනතෙක් මේ හේතුව දක්වයි’ මෙසේ බලන කල මුල් හේතුව සොයා ගැනීම සඳහා සසර ආරම්භයට යෑමට සිදුවේ’ මේ අඩුපාඩුවෙන් මිදීමට දෝ දම්වැලක් වශයෙන් මුලින් ඉගැන්වූ පටිච්ච සමුප්පදාය චක්‍රයක් බවට පත්කරන ලදී’
එවිට කවය අවිජජාවෙන් ආරම්භ වී මරණින් කෙළවරවේ’ මේ චක්‍රය දෙස බලන්නෙකුට පෙනී යන්නේ අවිජජාවට පෙර සඳහන් වන්නේ මරණය බවයි’ මේ අනුව අප විසින් පිළිගැනීමට සිදුවන්නේ අවිජජාවට හේතුව මරණය බවය’ මෙය කාහට නම් පිළිගත හැකි දෙයක් ද? මුල් හේතුව සම්බන්ධයෙන් ද බුදු දහම තුළ බරපතල ගැටළුවක් ඇත්තේය’ මුල් හේතුව නොමැතිව හෝ නොදැනුවත්ව කොහෙත්ම විද්‍යානුකූල හේතු ඵල වාදයක් ගොඩ නැඟිය නොහැකි බව ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇතැයි විශ්වාස කරන්නෙමු’ මේ සම්බන්ධව ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන් ද මහා නා හිමි රචිත බෞද්ධ විශ්වාස විමර්ශනය ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු’
*මුල් හේතුවක් නොමැතිව ලෝකය ඇති වූයේ කෙසේ දැයි තේරුම් ගැනීම අපට ඉතා දුෂ්කරය’

ආරම්භයේ දී ඒ පළමු හේතුව කෙසේ ඇති වී දැයි අවබෝධය වඩාත් දුෂ්කර වී ඇත’ බුදුරදුන් පවසන පරිදි ජීවිතයේ හෝ කිසියම් දෙයක මුල් හේතුව සොයා ගැනීම සිතීමට පවා උගහට කරුණකි’ හේතු විපාක චක්‍රයෙහි පළමු හේතුව සමාවබෝධ නොවන්නකි’ ජීවිතයේ මූලාරම්භය පිළිබඳව බුදු රදුන් ප්‍රකාශ කොට ඇත්තේ මෙසේය’
*ආවර්තන (නැවත නැවත සිදුවන) සැරි සැරීම් ඇති සංසාර ගමනෙහි ජාති ජරා මරණ චක්‍රයේ කෙළවරක් හඳුනා ගැනීමට බැරි තරම්ය’ සත්වයා අවිද්‍යාවෙන් අඳුරුව තෘෂ්ණාවෙන් බැඳී ඇත’ එම සත්වයන්ගේ පළමු වටහා ගැනීම ප්‍රත්‍යක‍ෂකළ නොහේ’” අනතමග්ග සූත්‍රය’
එමනිසා බුදුරදුන් වදාරා තිඛෙන්නේ විශ්වයේ ආරම්භයක් නොමැත්තේය’ එය අවබෝධ කළ නොහැක්කේය’ යනුවෙනි’ (බෞද්ධ විශ්වාස විමර්ශනය – පිටු 133-134) නමුත් නූතන විද්‍යාත්මක සිද්ධාන්තයන් මෙයට හාත්පසින්ම වෙනස් මතයක් ඉදිරිපත් කරයි’
තාපගති විද්‍යා සිද්ධාන්ත :- පහතින් දක්වා ඇත්තෙමු’
1’ පළමුවන සිද්ධාන්තය: විශ්වයේ ඇති ස්කන්ධ – ශක්ති ප්‍රමාණය නියතයකි’ :(TOTAL AMOUNT OF  MASS – EN ERGY IN THE UNIVERSE IS CONSTANT)

2’ දෙවන සිද්ධාන්තය: ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය හීන වෙමින් පවතී’ එනම් යාන්ත්‍රික කාර්යයන්ට පරිවර්තනය කර ගැනීමට පද්ධතියෙන් ලබාගත නොහැකි ශක්ති ප්‍රමාණය වැඩිවෙමින් පවතී’(THE AMOUNT OF ENERGY AVAILABLE  FOR WORK IS RUNNING OUT, OR ENTROPY IS IN CREASING TO  A MAXIMUM)

මේ පිළිබඳව අදහස් දක්වන විද්‍යාඥයින්ගේ මතය වන්නේ විශ්වයේ සම්පූර්ණ ස්කන්ධ – ශක්ති ප්‍රමාණය සීමා සහිත නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය හීන වෙමින් පවතින්නේ නම් කොහෙත්ම විශ්වය සදාතනිකව පවතින්නක් විය නොහැකි බවයි’ එසේ වූවා නම් දැනටමත් විශ්වයේ ඇති ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය නැති වී ගොස් මුළු විශ්වයම විනාශ වී ගොස් අවසන් විය යුතුය’
විශ්වයට ආරම්භයක් ඇති නිසා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය උපයෝගි කර ගනිමින් එක්තරා ආකාරයක විනාශයක් කරා එය ගමන් කරමින් පවතින බව නූතන විද්‍යාත්මක සොයා ගැනීමයි
විශ්වයට ආරම්භයක් නැතැයි පවසන බුදුන් වහන්සේගේ ප්‍රකාශණය සෘජුවම නූතන විද්‍යාත්මක සිද්ධාන්තයක් සමග ගැටෙන්නකි’
Advertisements

The URI to TrackBack this entry is: https://sirisangabo.wordpress.com/2011/03/24/%e0%b6%b4%e0%b6%a7%e0%b7%92%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%ba%e2%80%99%e0%b6%b6/trackback/

RSS feed for comments on this post.

2 CommentsLeave a comment

  1. Mewata uththara dennath puluwan tikak welaa yai. Mama mekata comment karala meka daapu kenaata ho wena kaata hari useful.wei kiyalai meka kiyanne. Ehema neththan maha therumak nathi wedak.
    Meka daapu kenatax kiyala kiyannam. X ta kiyanna thiyenne anith ayage kunu hoyanne nethuwa inna kiyala mulinma. Eka dharamaye kiyana deyak newe. Api nikamata kiyana deyak.
    X oya kaatawath buddhist wenna epawath christian wennawath kiyanna right ekak naha. Oyaa maha wichaara buddhiyen nam inne eka therum ganna. Mona aagamen hari kamak naa sathutin inna widiyak hoyaganna. Me karana wede oyaage agamen dena sathutak nam karan yanna. Neththan oyage kamathi aagame widiyata karagena inna balanna. Oyata sanaseema udaa wei. Modayek wenne me wedak nethi dewal karoth.
    Ane mata ethi. Man hithanne naha kochchara kiwath x mewa ahai kiyala. Balana ayawath meka dakala terum ganna.

  2. කරුණු සෙවීම හා ඉදිරිපත් කිරීම අගෙයි…
    තවත් හැකි තරම් ලිපි පල කරන්න..ධර්මය අවුස්සන තරමට පිරිසිදු වන නිසා..

    1) මෙය අදාළ වන්නේ මිනිසාට පමණයි’ මෙය විශ්ව සනාථන දහමක් ලෙස ඉදිරිපත් කළ නොහැක’
    මෙහිදී මූලික අදහස මෙසේයි.ලෝකයක් පවතින්නේ පුද්ගලයාට සාපේක්ශව බැවිනි.එම නිසා බුදු දහම පුද්ගලයා මූලික කරගෙන දර්මය පැහැදිලි කරයි.සිත් පරම්පරාව ඉපදීම පිලිබඳව කාරණා සොයා බලන්න..නූතන විද්යාත්මකව පැහැදිලි කලහොත් ඇත්තේ මුලික විචල්යයන් කීපයක නොනවතින වෙනස් වීමයි..වෙනස ඇත්තේ පරමමු හා උප පරමානු අංශුන් වෙනුවට අපර්ශීය තත්වයන් මුලිකත්වයේ සැලකීමයි..(ශුද්ධ අෂ්ටකයන් පිලිබඳව විමසා බලන්න..)
    තාප ගති විද්යාවේ නියමයන්ට පරස්පර නොවේ.

    2) මෙය හේතුඵල ධර්මයක්…………වා යනතෙක් මේ හේතුව දක්වයි’ මෙසේ බලන කල මුල් හේතුව සොයා ගැනීම සඳහා සසර ආරම්භයට යෑමට සිදුවේ’ මේ අඩුපාඩුවෙන් මිදීමට දෝ දම්වැලක් වශයෙන් මුලින් ඉගැන්වූ පටිච්ච සමුප්පදාය චක්‍රයක් බවට පත්කරන ලදී’
    මෙවැනි සැකයන් ඇති වීම සිදුවිය හැකි නිසාදෝ බුදු සමයේ අතිශය ප්‍රතම සූත්‍ර දේසනාව ලෙස දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට ඇතිදැයි සිතේ..එය දම් වැල් පෑවතුම් සූත්‍රය වූවා නම් ඔබගේ අදහස නිවැරදි වීමට බොහෝ ඉඩකඩ තිබුනි.

    එකඟවීමට උවමනා නැත.ප්‍රත්යක්ෂයෙන් වැටහෙන තුරු ප්‍රශ්න කරමින් විමසා බලන්න.
    තව තවත් දර්මය විමසීමට ශක්තිය දහිරිය ලැබේවා!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: