දේවදූත සුත්ත වණ්නණා-දඹදිවෙහි දිග පළල

දේවදූත සුත්ත වණ්නණාවෙන් උපුටා ගෙන බුත්සරණ කර්තෘ දඹදිව සම්බන්ධව ඉදිරිපත් කරන කරුණුද ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමි.
’දඹදිව දිගින් පළලින් දසදහසක් යොදුන් (10000 x 16 = සැතපුම් 160000) පමණ ඇත්තෙ යැ, එහි සාරදහසක් යොදුන් (4000 x 16 = සැතපුම් 64000) පමණ තැන් මුහුදු වියැ. තුන්දහසක් යොදුන් (3000 x 16 = සැතපුම් 48000) පමණ තැන් මිනිසුනට නිවාස වියැ, නැවත තුන්දහසක් යොදුන් පමණ තැන් හිමාලය පව_තයට අවකාශ වී යැ’යි දත්තා වූ ’බුදුන් සරණ යෙමි’ බුත්සරණ යායුතු.’ (බුත්සරණ පිටු 55)

මුළු පෘථීවි තලය සමග බෞද්ධ දඹදිවෙහි දිග පළල සසඳා බලන ලෙස ඉල්ලීමට තරම් අමනෝඥ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අකැමැත්තෙමි. එය ඔබගේ බුද්ධිය කෙරෙහි කරන්නා වූ සරදමක් ලෙස හැෙඟන්නට ඉඩ ඇති නිසා එම අදහස අතහැර මා මවිතයට පත්වන්නේ කෙසේ නම් මෙවැනි කරුණු අඩංගු දහමක් තමන්ගේ විමුක්තිය උදෙසා කෙනෙක් තෝරා ගන්නේද යන්න ගැනයි.අවසාන වශයෙන් සුත්ත පිටකයේ මජ්ජිම නිකායේ (2) තේවිජ්ජවචිඡගොත්ත සූත්‍රයෙහි අඩංගු කරුණු ගැන විමසා බලමු.
“අප භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක විශාල මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන කල්හි දිනක් උදය කාලයෙහි විශාලා මහනුවර පිඩු සිඟා වැඩීම පිණිස නික්මුණු සේක. එ නුවර එක පුණ්ඩරික නම් පරිබ්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකයෙක් වාසය කරයි. භාග්‍යවතුන් වහන්සේ පිඩු සිඟීමට තවම කල් වැඩි හෙයින් එකී වච්ඡගොත්ත පරිබ්‍රාජකයා වාසය කළ ආරාමයට වැඩි සේක. එකල වච්ඡගොත්ත පිරිවැජියා උන්වහන්සේ සුහදව පිළිගෙන ආසනයක වඩා හිඳුවා තමන් මිටි අසුනක වාඩිවී මෙසේ ඇසීය.
’ස්වාමීනී ඔබ වහන්සේ සියල්ල දනිතියිද සියල්ල දකිතියිද යන එන නිදන නොනිදන හැමවිටම පවතින සර්වඥතා ඥානයන් ඇතැයිද මා විසින් අසන ලදී. මෙය ඇත්තක්ද නැතහොත් ඔබ වහන්සේට නින්දා කරනු පිණිස වෙනත් අය විසින් ගෙතූ බොරුවක්ද යන්න දැනගනු කැමැත්තෙමි” යනුයි.
’වච්ඡය,  ශ්‍රමණ  ගෞතම  තෙම සර්වඥය, සියල්ල  දනිති, සියල්ල  දකිති යන  එන  නිදන නොනිදන හැමවිටම පවත්නා සර්වඥතා ඥානයන් ඇත යනුවෙන් මා ගැන යමෙක් ප්‍රකාශ කෙරේ නම් එය මා විසින් කියන ලද්දක් නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙසේ කියති.’

ඕනෑම බෞද්ධ හෝ බෞද්ධ නොවන අයෙකුට කිසිම අයුරකින් ප්‍රශ්න කළ නොහැකි අයුරින් ඉතා පැහැදිලිව, සරලව හා ඍජුව ප්‍රකාශ කොට ඇති ඉහත අදහස්වලින් මතුවන්නේ කුමන ආකාරයක තත්වයක්ද යන්න විමසා බැලීම ඉතා වැදගත් වන්නේය. මෙයට ඉහත බෞද්ධ විද්වතුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ බුද්ධත්වය යනු සර්වඥතා ඥාණය ලැබීම යනුවෙනුයි. බුදුන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් වදාරා ඇති ඉහත කරුණු හේතු කොට ගෙන අද පවත්නා බුදු දහම හා බුද්ධත්වය පිළිබඳ සංකල්පයන් නිශ්චිත වශයෙන්ම වැරදි අවබෝධය හා විශ්වාසය මත පදනම් වූවක් බව පිළිගැනීමට ඕනෑම තරාතිරමක කෙනෙකුට සිදුවන බව අප අමුතුවෙන් කිව යුතු වන්නේ නැතැයි විශ්වාස කරන්නෙමු. මනඃකල්පිත අදහස්, ඓතිහාසිකව කිසිම පදනමක් නැති කතන්දර, අනේක අප්‍රමාණ පරස්පරයන්ගෙන් හා අවිද්‍යාත්මක භෞතික කරුණුවලින් ගහන නූතන බුදු දහම තමන්ගේ විමුක්තිය ළඟා කරගැනීමේ මාවත ලෙස තෝරා ගැනීමට පෙර නැවත නැවතත් සිතා බලන්නට අවශ්‍ය වන බව ඉහත සඳහන් සියළු කරුණු කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇතැයි අපි විශ්වාස
කරන්නෙමු. පාරම්පරිකත්වයෙන් මිදී දෙමව්පියන්ගෙන් උරුම වූ දහම හේතුකොටගෙන එ ගැන කරුණු නොවිමසා  අන්ධ  භක්තියෙන්  හා  අන්ධ  විශ්වාසයෙන්  යුක්තව  කටයුතු  කරන්නේ  නම්  අප අනිවාර්යයෙන්ම ඇද වැටෙන්නේ පතුල නොපෙනෙන අන්ධකාරය පිරී මහා අගාධයකටය. එසේ නොවී බුද්ධිමත්ව යථාර්තයෙන් හා විද්‍යානුකූලව සිතා බලා සත්‍යය හා අසත්‍යය කුමක්ද යන්න ඉතා පැහැදිලිව විමසා  බලා  නිගමනයකට  එළඹීමයි  අප  විසින්  අනිවාර්යයෙන්ම  කලයුතු  වන්නෙ.

හිමාලය වර්ණනා -මජ්ජිම නිකාය පොතලිය සුත්ත

හිමාලය පිලිබඳව ’බුත්සරණ’ කර්තෘ කරුණු ඉදිරිපත් කරන්නේ මජ්ජිම නිකාය පොතලිය සුත්ත වර්ණනා වෙති. ඔබගේ කියවීමේ රසය උදෙසා එයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
’තවද හිමාලය පව_තය පන්සියයක් යොදුන් (500x  16 = සැතපුම් 8000) පමණ උස ඇත්තෙ යැ, අයමින් විතරින් (දිග පළලින්) තුන්දහසක් යොදුන් (ෂ්   16 = සැතපුම් 48000) පමණ ඇත්තෙ යැ, වට (වට ප්‍රමාණය) නවදහසක් යොදුන් (9000x  16 = සැතපුම් 144000) පමණ ඇත්තෙ යැ, මෙ හිමාලය පර්වතය නම්  සිසාරා  වැහෙන්නාවූ  පන්සීයක්  ගඬ්ගාවෙන්  හෙබැවී  සිටියෙ  යැ,  මෙහි  අනවතප්ත (අෙඛනත්ත) විල දිගින් ද පළලින් ද ගැඹුරින් ද පනස් පනස් යොදුන් (50x  16 = සැතපුම් 800) පමණ ඇත්තෙ යැ, මෙසෙ මැ කණ_මුණ්ඩ නම් විල ද, රථකාර නම් විලද, ඡද්දන්ත නම් විල ද, කුණාල නම් විල ද, මන්¯කිනී නම් විල ද, සිංහප්‍රපාත නම් විල දැයි යන මේ විල් සය ද, පනස් පනස් යොදුන් දිග – පළල – ගැඹුර ඇත්තෙ යැ, මොවුන් අතුරෙහි අනමතප්ත නම් විල තෙමෙ සුදශ_නකුට යැ චිත්‍රකුට යැ කාලකුට යැ ගන්ධමාදනකුට යැ කෛලාසකුට යැ යන මෙ පව_ත පසින් පිරිවරන ලද්දෙ යැ, එහි සුදශ_නකුටය ස්වර්ණමය යැ, දෙසියක් යොදුන් (200x  16 = සැතපුම් 3200) පමණ උස ඇත්තෙ යැ, ඇතුළට නැමී සිටියෙ යැ, කවුඩු තුඩක් වැනි සටහන් ඇත්තෙ යැ, එ මැ විල වසා සිටියෙ යැ, චිත්‍රකූට පව_තය සව_රත්නමය යැ, කාලකූට පව_ත තෙමේ අඳුන්වන් පැහැ ඇත්තෙ යැ, ගන්ධමාදන පව_ත තෙමේ පස් ආදියෙන් මිශ්‍ර වැ තිඛෙන්නේ යැ, ඇතුළතින් මුංවන් පැහැ ඇත්තෙ යැ.’ – බුත්සරණ පිට 44-45.

Published in: Uncategorized on April 8, 2011 at 10:15 am  Comments (2)  
Tags: , ,