බෝධි සත්ව සංකල්පය තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන්

තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ  කරමින්,  තමන්  වෙත  ඇති  ඥාණයන්  පිලිබඳ  කල  සඳහන  ගැනද  විමසීමක්  කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති  දෙකක්……  මෙසේ  අනේක  ප්‍රකාර  වූ  පෙර  විසුම්  සිහිකරන  පූර්වේ  නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එA බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රි විද්‍යා ඥාණය  එම යුගයේ  අන්  අයටද  තිබූ  බව  ඉතාමත්ම  පැහැදිලි  කරුණකි.  මෙම  කරුණද  සත්‍ය  වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ.පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක. කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව  ගවේෂණයක  යෙදෙන්නට  ඉඩක්  නොමැත.  එසේම  විචාරයකට  ලක්කළ  හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය  උපයෝගී  කරගෙන  බුද්ධත්වයට  පෙර  547  වාරයක්  විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි. (ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල  පරිච්ඡේදයන්  පිළිබඳව  පැවසීම  අතිශයෝක්තියෙනුත්  අතිශයෝක්තියක්  බව  පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය  තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.

බුද්ධ චරිතයෙහි අභව්‍ය වර්ණනා

බුද්ධ  චරිතයෙහි පමණක් නොව වෙනත් පොතපතෙහිද මෙවැනි අභව්‍ය වර්ණනා බොහෝය’
සිදුහත් කුමරු  වප්මගුල් දා කිරිමව්වරුන් තිරවලින් පිටතට ගිය අතර යහනේ පලක් බැඳ ආනාපානා සති භාවනාව වඩා ප‍්‍රථම ධ්‍යානයට සමවැද හුන්නේය” යනුවෙන් පොතපතෙහි සඳහන් වන කථාවද මේ ගණයෙහි ලා සැලකිය හැකිය’ අතදරුවෙකුව සිටියදී පවා ආනාපානා සතිය වඩා ප‍්‍රථම ධ්‍යානයට සමවැදුන සිදුහත් කුමරු 16 වන වියේදී විවාපත්ව විසිනව වන වියේදී සතර පෙර නිමිති දැක අභිනිෂ්ක‍්‍රමණය කරන තුරු වසර 20කට වැඩි කාල සීමාව තුළ විමුක්තිය උදෙසා ගත් වෙනත් කිසියම් ප‍්‍රයත්නයක් ගැන සඳහන් නොවීම කොතරම් පුදුම සහගතද?
එසේ නම් අත දරුවෙකුව සිට ආනාපානා සති භාවනාව වැඞීම පිළිගත හැකිද?
අවාසනාවකට මෙම ග‍්‍රන්ථයේ කතුවරයා සඳහන් කරන්නට අමතක වූ එක් වැදගත් කරුණක් නම් ඉහත සඳහන් ආශ්චර්ය දනවන සියලූ තොරතුරුවල මූලාශ‍්‍රය බෞද්ධ ත‍්‍රිපිටකය බවයි’
තෙමගුලේ තවත් වැදගත් කරුණක් වන්නේ බුද්ධත්වය ලැබීමයි’ මෙය වෙසක් මස පසලොස්වක දින රාත‍්‍රියේ සිදුවූ බවයි සඳහන් වන්නේ’ මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට වඩා මේ හා බැඳුන තවත් පරස්පර තාවයක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ බුද්ධත්වය පතා ගෞතම බෝසතුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය සිදුවූ ආකාරය මජ්ජිම නිකායේ චූල පණ්ණාසකයෙහි එන ආර්ය පර්යේෂණ සූත්තරයෙහි විස්තර කොට ඇත’
මෙහි සඳහන් පරිදි කෙස් රැුවුල් බහා කසාවත් හැඳ පෙරවා මව්පියන් හක්‍ෂද්දීම මාලිගයෙන් නික්ම ගොස් පැවිදි වූ බවයි’ නමුත් වෙනත් බොහෝ ධර්ම ග‍්‍රන්ථවල ඇත්තේ මහ ? සියල්ලට හොරා ගොස් පැවදි වූ බවයි’ තවද සිද්ධාර්ත උත්පත්තියෙන් සත්වන දින මහාමායා දේවිය මියගිය බව සඳහන්ව ඇති හෙයින් අරිය පර්යේෂණ සූත්ත‍්‍රයේ මව්පියන් හක්‍ෂද්දීම මාලිගයෙන් නික්ම විය බව සඳහන් වීම නිවැරදි ගිය යුතු බවයි” අප දකින්නේ’
අනෙකුත් ධර්ම ග‍්‍රන්ථවල අභිිනිෂ්ක‍්‍රමණය විස්තර කොට ඇති අයුරු විමසා බලමු’ පළමුව නූතන බෞද්ධ විද්වතෙකු වූ ආචාර්ය එච්’ එස්’ එස්’ නිශ්ශංක මහතා තම ඬගෞතම බුද්ධඬ යන ග‍්‍රන්ථයේ අභිනිෂ්ක‍්‍රමණය විස්තර කොට ඇති ආකාරය විමසා බලමු’
“ආර්ය පර්යේෂණයක් සඳහා අසමසම විධියට ඇප කැපවී තම ආදරනීය බිසවට පවා නොකියා දරු සෙනෙහසින් අනූන වූ සිද්ධාර්ත පියා එදා උපන් තම පුතුන් මෙහොතකටවත් වඩා ගන්නට නොසිතා” පූර්ණ වූ සිහියෙන් යුක්තව” ධර්මතා ගැන නොපසු බස්නා විර්යය ඇතිව” ප‍්‍රීති සහගතව” සන්සුන් ගතියෙන් යුතුව” සැක ආදිය නිසා නොවිසුරුනු සිතක් ඇතිව හෙවත් සමාධිසහගතව” මධ්‍යම රාත‍්‍රියක තම අගනුවර නැගෙනහිර දොරින් නික්ම යයි’ි’’’’’’’’’’’’
ඡුන්න ඇමති තෙමේ හිරු උදාවූ විට තනියම පයින් රජගෙදරට එන්නේ පළමුව යසෝධරා වනටද නැතහොත් සුදොවුන් රජුහට දැකිවිය යුතු දැයි දෙගිඩියාවෙන් පසු වන්නේ හිත හදාගන්නට බැරිව කුඩා දරුවකු සෙයින් අක්‍ෂමින් එන්නේ හිත හදාගෙන සුදොවුන් රජු වෙත පැමිණ සිදුහත් රජතුමා පෙර දින මහ අභිනිෂ්ක‍්‍රමණය කළ බව දන්වයි’ උපන් කුමරුන් යශෝධරා සමග සයනයෙහි සිටිනු දැක ආපසු හැටිද විස්තර කරයි’ එපමණක් නොව වියෝ දුකෙන් කන්ථක අසුගේද ළය පැලී මළ බව දන්වයි’ පුවතින් කම්පනයට පත් රජතුමා මහා ප‍්‍රජාපති අගබිසව කැඳවයි’ ප‍්‍රවෘත්තිය හෙළි කරයි’” (ගෞතම බුද්ධ – 10-11 පිටු)
ඉහත විස්තරයෙන් පැහැදිළි වන්නේ ඡුන්න ඇමති ආපසු පැමිණ දන්වන තුරු සුද්ධෝදන රජතුමා හෝ අන් අයෙක් සිද්ධාර්ත බෝසතුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය දැන නොසිටි බවයි’ මෙය නියතවශයෙන්ම අරිය පර්යේෂණ සූත‍්‍රය සමග පරස්පරතාවයක් ඇතිකර වන්නකි’ තවත් හැමගේ ගෞරවයට පාත‍්‍ර වූ බෞද්ධ ධර්ම ඬන්ථයක් වූ පූජාවලියෙහි විස්තර කර ඇතේතේත් ආචාර්ය එච්’ එස්’ එස්’ නිශ්ශංකයන්ගේ ‘ගෞතම බුද්ධ‍්‍ර, යන ග‍්‍රන්ථයේ අඩංගු කරුනුවලට සමාන අදහස්ය’ ගුරුළුගෝමින් විසින් කරන ලද හා පණ්ඩිත කෝදාගොඩ ඥාණාලෝක සථවිරයන් විසින් සංශෝධිත” බෞද්ධයින් අතරේ උසස් පිළිගැනීමක් ඇති ධර්ම ග‍්‍රන්ථයක්වූ ‘අමා වතුර’ අභිනිෂ්ක‍්‍රමණය විස්තර කරන ආකාරය ‘පූජාවලිය’ දක්වන අදහස්වලට බෙහෝ සමානය’

සිද්ධාර්ත උපතේදී සිදුවූ වාර්තාගත ආශ්චර්යමත් සිදුවීම් පිළිබඳව මතභේදාත්මක මත

සිද්ධාර්ත උප්පත්තිය පිළිබඳව ඇති දින වකවානු හා ස්ථාන පිළිබඳව මතභේදාත්මක මතයන්ට අමතරව උපතේදී සිදුවූ වාර්තාගත ආශ්චර්යමත් සිදුවීම් පිළිබඳව ඔබගේ අවධානය යොමුකරන්නට කැමැත්තෙමු’
සිද්ධාර්ත බෝසතුන් හා අනෙකුත් බෝසත් උප්පත්තියකදී සිදුවන පොදු ධර්මතාවයන් දීඝනිකායේ මහපදාන සූත‍්‍රයේ විස්තර කොට ඇති අයුරු පහත දක්වා ඇත්තෙමු’
01’ අඳුර දුරු වී මුළු ලෝකය පුරාම මහා එළියක් පැතිර යයි’
02’ සිව්වරම් දෙව්වරු බෝසත් මවට සතර දිග රැුකවල් යොදති
03’ පුතු පිළිසිඳ ගත් දින සිට බෝසත් මව තුළ සරාගික අදහස් පහළ නොවෙයි’ මව මනාව සිල් රකියි’
04’ බෝසත් පුතා මවට ලෙඩදුක් වැළදෙන්නේ නැත’ දරුවා කුසතුළ හොඳින් වැඩෙයි’
05’ බෝසත් පුරා දසමසක්ම මව්කුසතුළ සිටියි’
06’ බෝසත්වරයකු ඉපදී දින හතකින් මව මියගොස්  තුසිත දෙව්ලොව උපත ලබයි’
07’ බෝසත් මව හිටිවනම සිට දරුවා ප‍්‍රසූත කරයි’ පළමුව දරුවා දෙවියන් විසින් පිළිගනු ලැබේ’
08’ බෝසත් දරුවාගේ සිරුරෙහි මළමූත‍්‍රා කිසිවක් ගෑවෙන්නේ නැත’
09’ උපන් විගස බෝසත් කුමරු නහවන්නට උණු හා සීතල දිය දහර දෙකක් අහසින් වැටෙයි’
10’ බෝසත් කුමරු ඉපදුණු විගසම පියවර හතක් ඉදිරියට ගොස් සිංහ නාද කරයි’


බුද්ධ චරිත ග‍්‍රන්ථ රාශියක් කියාව බැලීමි’ විශේෂයෙන්ම අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් රචිත බුද්ධ චරිතයද” ඥාණමෝලී හිමි විසින් රචිත පාලි ත‍්‍රිපිටකයෙහි සඳහන් පරිදි බුද්ධ චරිතය නමැති ඉංග‍්‍රීසි ග‍්‍රන්ථය ද බෙහෙවින් පරිශීලනය කළෙමි’ විනය පිටකය හා සුත‍්‍ර පිටිකයට අයත් ග‍්‍රන්ථ සියල්ල පාහේ වසරකට අධික කාලයක් පරිසීලනය කළෙමි.අප පුදුම වන්නේ සියල්ල පරිසීලනය කොට පිටකාගත කරුණු නොසලකා හැරීම සම්බන්ධයෙනි’
සමහර විට ත‍්‍රිපිටකයේ සමහර කරුණු නූතන යුගයේ විද්‍යා හා තාක්ෂණ දියුණුව සමග නොසැසදෙන බව සිතා නොසලකා හැරීම එක් එක් දහම් කර්තෘවරුන් විසින් කරන්නට පටන් ගත්තේ නම් නියත වශයෙන්ම මුළු මහත් බුුදු දහම් සංකල්පයම අති මහත් බරපතල ගැටළුවකට වේ .’ ආචාර්ය නිශ්ශංකයන්ගේ පරිශීලනයට ලක්වූ බව සඳහන්ව අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් රචිත බුද්ධ චරිතය පිළිබඳව තවත් වැදගත් ග‍්‍රන්ථයක සඳහන් කරුණු ද ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’
ඞී’ ඒි ඇන් සේනාරත්න මහතා විසින් රචිත ඬඬබුදුන් නොවදාළ ධර්මඬඬ යන ග‍්‍රන්ථයෙහි සිද්ධාර්ත උත්පත්තිය ගැන සඳහන් කරුණු විමසා බලමු’ එයට පෙර මෙම ග‍්‍රන්ථය ගැන බෞද්ධ විද්වතුන් එම ග්‍රන්තයේම  දක්වා ඇති අදහස් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු‍්‍ර.
01’ දෙහිවල ඇන්ඩර්සන් පාරේ  බෞද්ධ සංස්කෘතික  මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තැන්පත් පූජ්‍ය කිරම විමලජෝති ස්ථිවරයන් වහන්සේ
“පොත ඉතා අඟනේය’ අඩංගුව ඇත්තේ බෙහෙවින්ම කාලෝචිත විමසිලිමත් විය යුතු අදහස් රැුසකි”
02’ මහාචාර්ය කාලෝ පොන්සේකා මැති තුමා’
“මෙය බැලූ බැල්මට පුදුම ඵලවන සුළු නමක් තිබෙන පොතකි’ මේ පොතේ අඩංගු කරුණු මේ ආකාරයට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නට නම් යමෙකුට අසමාන චිත්ත ධෛය_යක් තිබිය යුතුය”
03’ මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ගරු භාණ්ඩාගාරික යසපාල වනසිංහ මැතිතුමා “මෙම පොතෙන් පෙන්වා දී ඇති කරුණු බෙහෙවින් අගය කරමි’ මේ කරුණු ග‍්‍රන්ථාරූඪ කිරීමට දක්වා ඇති නිර්භීත භාවයද අගය කරමි’”
දැන් එම ග‍්‍රන්ථයේ සිද්ධාර්ත උත්පත්තිය පිළිබඳව දක්වා ඇති කරුණු විමසා බලමු’
“බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය හිමියන් 1928 දී දහම් පාසැල් සිසුන් සඳහා ලියූ බුද්ධ චරිතය පොතේ සිද්ධාර්ත කුමාරෝත්පත්තිය මෙසේ වර්ණනා කර ඇත’
බෝසතාණන් මවු කුසින් බිහිවුන හැටියේම හතර දෙනෙක් බ‍්‍රහ්මයෝ එතුමාණන් රන් දැලින් පිලිගත්හ’ ඔවුන්ගේ අතින් වරම් රජහුද ඔවුන් අතින් ඇමතියෝද පිළිගත්හ’ ඉන්පසු බෝසතාණන් බිමට බැස පියුම් පිට සත් පියවරක් වැඩ සත්වන පියරරෙහි සිට “” මම ලොවට අග‍්‍රවෙමි’ ජ්‍යෙෂ්ඨ වෙමි” ශ්‍රේෂ්ඨ වෙමි””  මේ මාගේ අන්තිම ඉපැත්මය’ දැන්මට පුනර්භාවයක් නැතැඬයි මධුර ස්වරයෙන් අභිත සාධු නාද කළහ’”
ආනන්ද මෛත‍්‍රිය හිමිගේ මෙම වර්ණනාවට අනුව පැන නගින ප‍්‍රශ්න කිහිපයක් වෙයි’ ඒවා නම් :-
01’ බ‍්‍රහ්මයෝ හතර දෙනා ගෙන ආ රන්දැල රනින් කළ දැලක් නම්” එය රන්වූවත් රිදී වූවත් වෙනත් ලෝහයක් වූවත් එම ලෝහ දැල් එවේලේ උපන් කුමරුන්ගේ ලපටි හම තුවාල නොකළේ ද? (රන්වන් පැහැති කපු නූලෙන් වියන ලද සිනිඳු සලූවක් වී නම් එය වෙනම කරුණකි)
02’ අලූත උපන් දරුවෙකු කෙලින් හිඳ ගැනීමට පවා මාස කිහිපයක් ගනියි නම් මෙම කුමරුවා ඉපිද විනාඩි කිහිපයකින් පොළොවට බැස ඇවිද්දේ ද?
03’ ගොහොරු මඬේ හටගන්නා පියුම් එක්වරම සල් උයන් තද පොළොව මත හට ගත්තේද?
04’ සිහින් නටුවකින් සමබර බව රඳවාගෙන තිබෙන මල මතට කුමරු පා තැබූ විට මල කඩා වැටුනේ නැද්ද?
05’ කුමරුන්ගේ මව්බස පාලි වුවද ඉපිද විනාඩි කිහිපයක් ඇතුලත ඬඬඅග්ගෝ හමස්මි’’’වැනි  ගාථාවක්  ශබ්ද නගා කීමට කුමරු සමත්වී ද?

මේ ප‍්‍රශ්නවලට ලැබෙන සරල පිලිතුර වනුයේ බුදු වීමට පහල වුන උත්තමයාගේ පින් මහිමයෙන් එම ආශ්චර්යමත් දේ සිදු වූ බවයි’ එවිට පැන නගින අතුරු ප‍්‍රශ්නය නම් එසේ නම් එවන් පින් මහිමයක් ඇති උත්තමයා ඉපිද සකල ක්ලේශයන් ප‍්‍රහීන කර ලොව්තුරා බුද්ධත්වයට පත්ව හතලිස් පස් වසරක් දෙවි බඹුන් සහිත සකල ලෝකයට ධර්මාවබෝධය සහ නිර්වාණාබෝධය කර පිරිනිවන් පාන විටද එවැනි ආශ්චර්යයන් සිදු නොවී උන්වහන්සේ දුබල මහලූ සාමාන්‍ය මිනිසෙකු මෙන් ලෙඩ දුක් වැළඳී වේදනා විඳ පිරිනිවන් පා වදාලේ ඇයි ? යන්නය’
අප කුඩා කල නම් ගුරුවරයා කියනා දෙය නිශ්ශබ්දව අසා සිටියා මිස ප‍්‍රශ්න කිරීමට එතරම් පෙළඹුනේ නැත’ එහෙත් වර්තමාන පරම්පරාව එසේ නොවේ’
එච්චර පුංචි බබා නැගිටලා ඇවිද්දේ කොහොමද? අපටවත් කියවන්න බැරි එම ගාථාව ඒ බබා කිව්වේ කොහොම ද?
අද ගුරුවරයාට ශිෂ්‍යයන්ගේ මෙවැනි ප‍්‍රශ්නවලට උත්තර දීමට සිදුවේ’ ඒ නිසාදෝ ක‍්‍රමක‍්‍රමයෙන් මෙම සාම්ප‍්‍රදායික අභව්‍ය වර්ණනා බුදු සිරිතෙන් ඉවත්වන බව පෙනේ’

සිද්ධාර්ත උප්පත්තිය සිදුවූ ස්ථානය පිළිබඳවද මතභේද

නූතන පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව සිද්ධාර්ත උප්පත්තිය සිදුවූ ස්ථානය පිළිබඳවද මතභේද මතුවී ඇත’
සිද්ධාර්ත උප්පත්තිය සිදුවී ඇත්තේ ඔරිස්සා ප‍්‍රාන්තයේ කපිලේස්වර් නමැති ස්ථානයේය’ කපිලෙස්වර් ප‍්‍රදේශයේ හින්දු අනුගාමිකයින් හා ඇතිවූ ආගමික නොසන්සුන් තාවයෙන් පසුව එම ප‍්‍රදේශයේ සිටි බෞද්ධයින් නේපාලයේ ටරායි යන ප‍්‍රදේශයට පලා ගිය අතර සිද්ධාර්ත උප්පත්තිය සනිටුහන් කරමින් අශෝක මහරජු විසින් පිහිටුවනු  ලැබූ ස්ථම්භයේ අනුරුවක් මෙම පලාගිය බෞද්ධ අනුගාමිකයින් විසින් එහිදී අළුතින් සාදා පිහිටුවා ගන්නා ලදී’
මෙම ස්ථම්භය පළමුවරට සොයාගනු ලැබුවේ ආචාර්ය පුහ්රර් විසින් 1896 දීය’ එයට  අවුරුදු 32කට පසුව ඔරිස්සාහි කපිලේස්වර් ප‍්‍රදේශයෙහිදී අශෝක මහරජු විසින් පිහිටුවනු ලැබූ මුල් ස්ථම්භය සොයාගනු ලැබීය’
අනිකුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුවද සනාථවන්නේ සිද්ධාර්ත උප්පත්තිය සිදුවී ඇත්තේ ඔරිස්සාහී කපිලේස්වර් ප‍්‍රදේශයේ බව තවත් ප‍්‍රකට පුරාවිද්‍යාඥයකු වූ චක‍්‍රදාර් මහාපත්ර මහතා පෙන්වා දෙයි

සිද්ධාර්ත උප්පත්තිය සිදුවූයේ කවදාද?

මීළගට තෙමගුලේ තවත් වැදගත් සාධකයක් වූ සිද්ධාර්ත උප්පත්තිය සිදුවූයේ කවදාද යන්න පිළිබඳව ඇති සාක්ෂි විමසුමකට ලක් කරමු’
පරිනිර්වානය 80 වන වියෙහිදී සිදුවූ බවට ගණනය කිරීමෙන් සම්ප‍්‍රදායික සිංහල බෞද්ධ වියතුන් අතරේ සිද්ධාර්ත උප්පත්තිය කි‍්‍ර: පූ 544 දී සිදු වූ බවට පිළිගත් මතයක් පවතී’ මෙය පුරාණ හා ෙඓතිහාසික තොරතුරු මත පදනම් වී නොමැති අතර මගධ රජවරුන්ගේ රාජ්‍ය කාලය ආපස්සට ගණනය කිරීමෙන් බැසගත් වැදගත් නිගමනයකි’
සිද්ධාර්ත උප්පත්තිය පිළිබඳව පහත සඳහන් දින විෂමතාවයන් හන්ගේරියානු ජාතික කොස්මා ඞී කොරෝසි විසින් වාර්තා කොට ඇත’
චීන ග‍්‍රන්ථවල ක‍්‍රි:පූ 640” 767” 949” 1045” 1130”
ටිබෙට් ග‍්‍රන්ථවල ක‍්‍රි : පූ 540” 576” 653” 752” 837” 880” 882” 884” 1060” 1310” 2135” 2139” 2144” 2422”
ජපාන ග‍්‍රන්ථවල ක‍්‍රි: පූ 1000”
ඉහතින් දක්වා ඇති දින විෂමතාවයන් දෙස බලන විට උපන් වර්ෂය පිළිබඳව නිශ්චිත නිගමනයකින් තොරව උපන් මාසය පිළිබඳව නිගමනයකට එන්නේ කෙලෙසද?