පූර්වා නිවාසානුස්මෘති ඥානය හා ත්‍රි විද්‍යා සංකල්පයද හිස් කතන්දරයක්

තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ  කරමින්,  තමන්  වෙත  ඇති  ඥාණයන්  පිලිබඳ  කල  සඳහන ගැනද  විමසීමක්  කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති  දෙකක්……  මෙසේ  අනේක  ප්‍රකාර  වූ  පෙර  විසුම්  සිහිකරන  පූර්වේ  නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එ බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රිවිද්‍යා ඥාණය  එම යුගයේ  අන්  අයටද  තිබූ  බව  ඉතාමත්ම  පැහැදිලි  කරුණකි.  මෙම  කරුණද  සත්‍ය  වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ,පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක.
කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව  ගවේෂණයක  යෙදෙන්නට  ඉඩක්  නොමැත.  එසේම විචාරයකට  ලක්කළ  හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය  උපයෝගී  කරගෙන  බුද්ධත්වයට  පෙර  547  වාරයක්  විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි.
(ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල  පරිච්ඡේදයන්  පිළිබඳව  පැවසීම  අතිශයෝක්තියෙනුත්  අතිශයෝක්තියක්  බව  පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය  තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.
මෙම බෝධි සත්ව ජීවිත චක්‍රය තුල ඇතෙක්, සිංහයෙක්, අශ්වයෙක්, වෘෂභයෙක්, මුවෙක්, සුනඛයෙක්,  හිවලෙක්,  වඳුරෙක්,  හාවෙක්,  ඌරෙක්,  මීයෙක්,  සර්පයෙක්,  ගෙම්ඛෙක්,  මත්ස්‍යයෙක්, කිඹුලෙක්, හංසයෙක්, මොණරෙක්, රාජාලියෙක්, කුකුළෙක්, කොට්ටෝරුවෙක්, ජලචර පක්ෂියෙක්, වලි කුකුළෙක්, කපුටෙක් හා කිඳුරෙක් ආදී වශයෙන් ඉපදී ඇති බව සඳහන් වේ.
කිඳුරා සම්බන්ධව අළුතින් කිවයුත්තක් නැතිමුත් එය උඩුකය මිනිස් රූපයකින්ද, යටිකය මත්ස්‍ය රූපයෙන්ද යුක්තවූ සුරංගනා කථාවන්හි පමණක් සඳහන් වන සත්වයෙකි. ජීවමාන කිඳුරෙක් පිළිබඳව හෝ වඳවී ගිය කිඳුරෙකුගේ ඇට සැකිලි පිළිබඳව කිසිම විද්‍යාත්මක සටහනක්  නොමැත. මුළු මහත්  බෝධිසත්ව සංකල්පයම සුරංගනා කථාවක් බවට පත් කරවන්නට මෙයට වඩා සාක්ෂි හෝ සාධක අවශ්‍ය නොවන බව මධ්‍යස්ථව හිතන ඕනෑම අයෙකුට පිළිගත හැකිවනු ඇතැයි දැඩිව විශ්වාස කරන්නෙමු. අවුරුදු බිලියන ගණනකින් ඈතට දිව යන මෙම කතන්දර තුළ මෙයට පෙර පෘථීවි තලය මත ජීවත්වී දැනට වඳවී ගොස් ඇති කිසිම සතෙක් පිළිබඳව සඳහන් නොමැතිවීමත් ඉන්දියානු භූමි භාගයෙන් පිටත ජීවත්වන කිසිම සතෙක් පිළිබඳවත් සඳහනක් නොමැතිවීමත් පුදුම විය යුතු හේතුවක් බවට පත්වී ඇත.
තමා ජීවත්වූ කාලයේ සිටි සතුන් පිළිබඳව පමණක් දැනුමක් ඇති අයෙකුගේ විස්තර කිරීම් තුළින් ලේඛණ ගතවූ විස්තර පමණක් බවයි මුළු පන්සිය පනස් ජාතක කතන්දර තුළ අඩංගු වී ඇත්තේ. බෝධි සත්ව සංකල්පයේ නිසරු බව හා එය විද්‍යානුකූල අදහසක් නොවන බවට හුවා දැක්වීමට මෙයට වඩා කරුණු අනවශ්‍ය යැයි සිතන්නෙමු. මෙය තුලින් පැහැදිලි වන්නේ පූර්වා නිවාසානුස්මෘති ඥානය පදනම් කරගෙන පැවසුවා යැයි කියන තමන්ගේ පෙර උත්පත්ති කතන්දර විශ්වාස කළ හැකි සත්‍ය තොරතුරු නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු. තමා ලැබුවායැයි කියන ත්‍රි විද්‍යා සංකල්පයද අතිශයෝක්තිය  හා අන්  දහම් සමඟ  තරඟ  කිරීම සඳහා  බෞද්ධ  ලේඛකයන්  ගෙතූ  තවත්  හිස් කතන්දරයක් විනා අන් කිසිවක් නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු.

බුදුදහම අනුව මුසාවාදයේ ආදීනව

දශ අකුශල කර්මයන්ගෙන් මුසාවාදය ඉතා භයානක පුද්ගල චරිත කිලිටි කරවන ක‍්‍රියාවක් ලෙස බුදු දහම සඳහන් කරයි. සම්මා වාචා, ආර්ය අෂ්ටාංගික මගෙහි ඉතා වැදගත් සංකල්පයකි. බුදුරදුන් කපිල නම් ඍෂිවරයෙක් (බෝසත්ව විසූ සමයෙහි චෙතිය නම් රජකුට බොරු කීමේ ආදීනව දක්වා ප‍්‍රකාශ කළ ගාථාවේ සංක්ෂිප්ත සිංහල අර්ථය පහතින් දී ඇත්තෙමු,
1. ආරක්ෂක දේවතාවෝ බොරු කියන්නන් හැරයති. මුවින් දුගඳක් විහිදේ. ස්වීය ස්ථානයෙන්ද හේ පිරිහෙයි.
2. සුදුසු කලට නො වස්නේය, අකාලයෙහි වස්නේය.
3. ඔහුට සර්පයන්ට මෙන් දෙදිවක් වන්නේය.
4. ඔහුට මත්ස්‍යයෙකුට මෙන් දිවක් නොවන්නේය.
5. ඔහුගේ පවුලෙහි ස්ත‍්‍රීහු උපදනාහ. පුරුෂයන් නූපදනාහ.
6. ඔහුට  පුත‍්‍රයෝ  නොවන්නාහ.  උපන්නාහුද  ඔවුහු  මාපියන්  හැර  එ්  එ්  තැන  යන්නාහ.  ඔහුට දරුවන්ගෙන් ප‍්‍රයෝජනයක් නොවන්නේය.
ඉහත දැක්වූයේ බුදුදහම අනුව මුසාවාදයේ ආදීනවයි. නමුත් මුසාවාදයම පදනම් කරගෙන බුදු දහම ගොඩ නඟත් නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව යැයි පවසා නිහක්‍ෂ වන්නට සිදුවෙනවා.
අද බුදු දහම වශයෙන් පවතින්නේ බුදුන්ගේ නමින් සකස් වූ වෙනත් යමක් බව පැහැදිලි කිරීමට මෙයට වඩා කරුණු අවශ්‍ය නොවන  බව  බුද්ධිමත්  ඔබට  අනිවාර්යයෙන්ම  පිලිගැනීමට  සිදුවෙනවා  නොවේද?
මෙවන්  විකෘත ඉගැන්වීමක් තුළින් ඔබගේ ජීවිතයේ ජය ලඟාකර ගැනීමට හැකිවේ යැයි පිලිගැනීමට හැකියාවක් තිබේද?

බුද්ධ වංසය නොහොත් පෙර බුදුවරු

ගෞතම බුදුන් පලමු හෝ අවසන් බුදුවරයා නොවන බව බෞද්ධ මූලාශ‍්‍රයන් පරිශීලනය කිරීමේදී අපට අවබෝධ කරගත හැකි කරුණකි.
සිංහල බුද්දක නිකාය – 3 කාණ්ඩය (මහා නිර්දේශය පිටු 338* අනුව බුදුවරු ත‍්‍රිවිධාකාර වෙති. උන්වහන්සේලා හඳුන්වනු ලබනුයේ,
1 – සම්මා සම්බුද්ධ,
2 – ප‍්‍රත්‍යෙක බුද්ධ සහ
3 – අරහත්ත බුද්ධ වශයෙනි.
සම්මා සම්බුදුවරයෙකු එම තත්වය සපුරා ගැනීමට අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් – අටක් හෝ දහසයක් දස පෙරුම් දම් පිරිය යුතු බවද පසේ බුදු බව සඳහා අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක්ද ශ‍්‍රාවක බුදු බව සඳහා අඩු තරමින් කල්ප ලක්ෂයක් හෝ පෙරුම් දම් පිරිය යුතු බවද මෙහි සඳහන් වේ.සුත්ත පිටකයේ කොටසක් වූ සිංහල බුද්දක නිකායේ (පටි සම්පදා මග්ග පිටු 517* සඳහන් පරිදි නිවන් මඟ සෙසු සත්ත්වයින්ටද අවබෝධ කර දීමේ ශක්තිය පවත්නා බුදුවරු සම්මා සම්බුද්ධ නම් වෙති. ප‍්‍රත්‍යෙක බුදුවරු (පයේ බුදු* බුදුබව පසක් කරගත් නමුත් සෙසු සත්ත්වයින්ට එය අවබෝධ කරදීමේ ශක්තිය නොමැති අය වෙති. අරහත්ත හෙවත් ශ‍්‍රාවක බුදුවරු බුදුවරයෙකුගේම අවවාද – අනුශාසනා ලැබීමෙන් බුද්ධොත්පාද කාලයකදීම මාග_ඵල පසක් කරගන්නාවූත් සෙසු අයටද ඒ මග පහදා දිය හැකි ශක්තිය ඇත්තෝ වෙති.
පෙර බුදුවරු ගැන විමසීමක් කිරීමේදී මේ පිළිබඳ මූලික දැනුමක් ලබාගැන්ම පිණිස පහත සඳහන් කොටස බුද්ධ වංශ පුරාණයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
’බුද්ධ චරිතය විවිධ ගුණාංගවලින් උපලක්ෂිත වෙමින් වර්ධනයවත්ම බුද්ධ සංඛ්‍යාවද ඊට අනුරූපව වර්ධනය  වී  ඇති  අයුරු  ත‍්‍රිපිටකය  ඇතුළු  අටුවා  ප‍්‍රකරණ  කෘති  තුළින්ම  පෙනී  යයි.  පිටකාගන අංගුත්තර නිකායේ යෝධාජීව වර්ගයේද, ජාතක පොතේද, අනාගත වංශයේද, දැක්වෙන පරිදි බුදු මුවින්ම දේශිත යැයි සඳහන් පාඨවලින් අතීතයෙහි බුද්ධවංශයට අයත් බුදුවරුන් පිළිබඳ ඉඟියක් ලැබෙයි. එසේම දීඝ නිකායේ මහාපදාන සූත‍්‍රයේ විපස්සී, සිඛී, වෙස්සභූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන් නමින්ම සඳහන් වෙයි. එය බුද්ධ වංශයේ ආරම්භය පිළිබඳ මූලික සටහන වශයෙන් සැලකිය හැකිය. දීඝ නිකායේ ආටානාටිය සූත‍්‍රයේද සත් බුදුවරුන්ගේ නාමලේඛන ඉදිරිපත් වෙයි.
මෙම ප‍්‍රකාශන සලකා බැලීමෙන් පෙනී යන්නේ ගෞතම බුදුරදුන් ත‍්‍රිපිටකයේ සඳහන් එකම බුදුවරයා නොවන බවයි. දීඝ නිකායේ චක්කවත්ති සීහ නාද සූත‍්‍රයේද, බුද්ධවංශ – අනාගතවංශ, කෘතිවලද මේ භද්‍ර  කල්පය  තුළම අනාගතයේදී  මෛත‍්‍රීය  (මෙත්තෙය්‍ය*  නමින් බුදුවරයෙකු  ලොව පහළවන බව බුදුරදුන්ගේම අනාවැකියක් ලෙසට සඳහන් වීමෙන් පෙනී යන්නේ බුද්ධ වංශයේ අවසානයක් නොමැති බවයි. ත‍්‍රිපිටකයේද සඳහන් වන මෙම සත් බුදුවරුන් පිළිබඳ සංකල්පය බුද්ධ වංශ ව්‍යාප්තිය පිළිබඳ පැරණිතම මතය බව පිළිගත හැකිවෙයි. එ් සඳහා අපට පුරා විද්‍යා සාධකද හමුවෙයි. ක‍්‍රිස්ත‍්‍ර පූව_ දෙවැනි ශත වර්ෂයට අයත් යැයි සලකනු ලබන භාරතයේ භාරුත් ස්ථූපයේ නෙළන ලද මූර්ති අතර යට කී සත්බුදුවරුන් උන්වහන්සේලාගේ බෝධි වෘක්ෂයන්ද සහිතව දක්නට ලැබේ. බුද්ධ නාමයන් දක්වා ඇත්තේ බ‍්‍රාහ්මී අක්ෂරවලිනි.
සාංචි ස්ථූපයේ නැගෙනහිර වාහල්කඩෙහි මූර්ති අතරද සත්බුදුවරුන්ගේ බෝධි වෘක්ෂ දැක්වෙයි. එබැවින් එම යුගය වනවිට සත්බුදුවරුන් පිළිබඳ මතය බෞද්ධ ජනතාව අතර පිළිගත් මතයක්ව පැවති බව පෙනේ. එ් අනුව ත‍්‍රිපිටකයේ සඳහන් ආදිතම බුදුවරයා වන්නේ විපස්සි බුදුරජාණන් වෙති.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් ජෛන – බ‍්‍රාහ්මණ – මහායාන ආදී සමයාන්තරවල බලපෑම මත ක‍්‍රමයෙන් බුද්ධවංශය දීපංකර බුදුරදුන් දක්වා අතීතයටත් මෛත්‍රේය බුදුරදුන් දක්වා අනාගතයටත් ව්‍යාප්ත වී  ඇත. මෙය එක් අතකින් සෙසු ආගම් මගින් බුදු සමය යටවී යාම වළක්වා ගැනීමටත්,නවීකරණය  මගින්  ජනප‍්‍රියත්වය  වැඩිකර  ගැනීමටත්  එවක  සිටි  ආගමික  නායකයන්  යෙදු  උපාය මාර්ගයක් වේ. එපමණකින් නොසැනසුනු බෞද්ධ භක්තිකයෝ දීපංකර බුදුරදුන්ගේ සීමාව ඉක්මවාද තණ්හංකර – මේධංකර – සරණංකර යැයි තවත් බුදුවරුන් තුන් නමක් ලොව පහළ වූ බව ප‍්‍රකාශ කළහ.
බුද්ධ වංශය (සිංහල බුද්දක නිකාය – 143 පිටුව*, පූජාවලිය (2වන පරිච්ඡේදය 17 පිට* ආදී ප‍්‍රකරණ ග‍්‍රන්ථවල මෙම බුද්ධාවලිය ඉදිරිපත් කර ඇත.
සුවියි බුදුවරුන්ගේ නාමලේඛණය සංස්කරණය සඳහා ජෛන සමයේ සුවියි තීර්ථංකරවරුන් පිළිබඳ මතවාද බලපා ඇත . එම ජෛන ශාස්තෘවරයන් අතර බුදුරදුන් හා සමකාලීන වූ ජෛන මහාවීර (නිගණ්ඨ නාථ පුත‍්‍ර – වර්ධමාන මහාවීර* විසි හතරවෙනි තීර්ථංකරයා වෙයි. බෞද්ධ අනුගාමිකයෝ ජෛන මතයද පරදවන  සේ  බුද්ධ  වංශය  විසි  අටනමක්  දක්වා  වර්ධනය  කර  ඇත.  බුද්ධ  වංශයේ,  සද්ධම_ රත්නාකරාදියේ එම විස්තර දක්නට ලැබෙයිv (බුද්ධ වංශ පුරාණය – ගොඩගේ ප‍්‍රකාශකයෝ 6-8 පිටු*.
බුද්ධ වංශ පුරාණයෙන් උපුටා දැක්වූ ඉහත සඳහන් කොටස කියවීමේදී මම අති භයානක ආත්ම පරාජයකට ලක් වේ. දහමක ප‍්‍රධාන අරමුණ සෑම මිනිසෙක් කෙසේ වෙතත් අඩු වශයෙන් තම අනුගාමිකයින්වවත් සත්‍යවාදී සත්පුරුෂයින් බවට පත්කිරීමයි විය යුත්තේ. නමුත් දහමේ සංකල්ප අසත්‍යය මත ගොඩ නගා ඇත්නම් කෙසේනම් එම දහම තුළින් මෙම ශ්‍රේෂ්ඨ අපේක්ෂාවන් මුදුන් පත් කරවා ගන්නේ. කලින් කලට අනිකුත් දහම් සමග තරඟ කිරීම උදෙසා
තම බුදුවරයින්ගේ සංඛ්‍යාව අසත්‍ය ලෙස වැඩි කර ගන්නට කටයුතු කොට මෙම මුසාවාදය තම මූලාශ‍්‍ර ග්‍රන්ථ වල කොටසක් බවට පත්කොට කටයුතු කිරීමෙන් මුළු බුදු දහම කෙරෙහිම තිබූ සුළු හෝ විශ්වාසය  සහමුලින්ම බිඳවැටෙන්නට හේතු සාධක වී තිබේ.