පූර්වා නිවාසානුස්මෘති ඥානය හා ත්‍රි විද්‍යා සංකල්පයද හිස් කතන්දරයක්

තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ  කරමින්,  තමන්  වෙත  ඇති  ඥාණයන්  පිලිබඳ  කල  සඳහන ගැනද  විමසීමක්  කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති  දෙකක්……  මෙසේ  අනේක  ප්‍රකාර  වූ  පෙර  විසුම්  සිහිකරන  පූර්වේ  නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එ බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රිවිද්‍යා ඥාණය  එම යුගයේ  අන්  අයටද  තිබූ  බව  ඉතාමත්ම  පැහැදිලි  කරුණකි.  මෙම  කරුණද  සත්‍ය  වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ,පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක.
කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව  ගවේෂණයක  යෙදෙන්නට  ඉඩක්  නොමැත.  එසේම විචාරයකට  ලක්කළ  හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය  උපයෝගී  කරගෙන  බුද්ධත්වයට  පෙර  547  වාරයක්  විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි.
(ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල  පරිච්ඡේදයන්  පිළිබඳව  පැවසීම  අතිශයෝක්තියෙනුත්  අතිශයෝක්තියක්  බව  පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය  තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.
මෙම බෝධි සත්ව ජීවිත චක්‍රය තුල ඇතෙක්, සිංහයෙක්, අශ්වයෙක්, වෘෂභයෙක්, මුවෙක්, සුනඛයෙක්,  හිවලෙක්,  වඳුරෙක්,  හාවෙක්,  ඌරෙක්,  මීයෙක්,  සර්පයෙක්,  ගෙම්ඛෙක්,  මත්ස්‍යයෙක්, කිඹුලෙක්, හංසයෙක්, මොණරෙක්, රාජාලියෙක්, කුකුළෙක්, කොට්ටෝරුවෙක්, ජලචර පක්ෂියෙක්, වලි කුකුළෙක්, කපුටෙක් හා කිඳුරෙක් ආදී වශයෙන් ඉපදී ඇති බව සඳහන් වේ.
කිඳුරා සම්බන්ධව අළුතින් කිවයුත්තක් නැතිමුත් එය උඩුකය මිනිස් රූපයකින්ද, යටිකය මත්ස්‍ය රූපයෙන්ද යුක්තවූ සුරංගනා කථාවන්හි පමණක් සඳහන් වන සත්වයෙකි. ජීවමාන කිඳුරෙක් පිළිබඳව හෝ වඳවී ගිය කිඳුරෙකුගේ ඇට සැකිලි පිළිබඳව කිසිම විද්‍යාත්මක සටහනක්  නොමැත. මුළු මහත්  බෝධිසත්ව සංකල්පයම සුරංගනා කථාවක් බවට පත් කරවන්නට මෙයට වඩා සාක්ෂි හෝ සාධක අවශ්‍ය නොවන බව මධ්‍යස්ථව හිතන ඕනෑම අයෙකුට පිළිගත හැකිවනු ඇතැයි දැඩිව විශ්වාස කරන්නෙමු. අවුරුදු බිලියන ගණනකින් ඈතට දිව යන මෙම කතන්දර තුළ මෙයට පෙර පෘථීවි තලය මත ජීවත්වී දැනට වඳවී ගොස් ඇති කිසිම සතෙක් පිළිබඳව සඳහන් නොමැතිවීමත් ඉන්දියානු භූමි භාගයෙන් පිටත ජීවත්වන කිසිම සතෙක් පිළිබඳවත් සඳහනක් නොමැතිවීමත් පුදුම විය යුතු හේතුවක් බවට පත්වී ඇත.
තමා ජීවත්වූ කාලයේ සිටි සතුන් පිළිබඳව පමණක් දැනුමක් ඇති අයෙකුගේ විස්තර කිරීම් තුළින් ලේඛණ ගතවූ විස්තර පමණක් බවයි මුළු පන්සිය පනස් ජාතක කතන්දර තුළ අඩංගු වී ඇත්තේ. බෝධි සත්ව සංකල්පයේ නිසරු බව හා එය විද්‍යානුකූල අදහසක් නොවන බවට හුවා දැක්වීමට මෙයට වඩා කරුණු අනවශ්‍ය යැයි සිතන්නෙමු. මෙය තුලින් පැහැදිලි වන්නේ පූර්වා නිවාසානුස්මෘති ඥානය පදනම් කරගෙන පැවසුවා යැයි කියන තමන්ගේ පෙර උත්පත්ති කතන්දර විශ්වාස කළ හැකි සත්‍ය තොරතුරු නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු. තමා ලැබුවායැයි කියන ත්‍රි විද්‍යා සංකල්පයද අතිශයෝක්තිය  හා අන්  දහම් සමඟ  තරඟ  කිරීම සඳහා  බෞද්ධ  ලේඛකයන්  ගෙතූ  තවත්  හිස් කතන්දරයක් විනා අන් කිසිවක් නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු.
Advertisements

බෝධි සත්ව සංකල්පය තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන්

තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ  කරමින්,  තමන්  වෙත  ඇති  ඥාණයන්  පිලිබඳ  කල  සඳහන  ගැනද  විමසීමක්  කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති  දෙකක්……  මෙසේ  අනේක  ප්‍රකාර  වූ  පෙර  විසුම්  සිහිකරන  පූර්වේ  නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එA බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රි විද්‍යා ඥාණය  එම යුගයේ  අන්  අයටද  තිබූ  බව  ඉතාමත්ම  පැහැදිලි  කරුණකි.  මෙම  කරුණද  සත්‍ය  වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ.පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක. කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව  ගවේෂණයක  යෙදෙන්නට  ඉඩක්  නොමැත.  එසේම  විචාරයකට  ලක්කළ  හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය  උපයෝගී  කරගෙන  බුද්ධත්වයට  පෙර  547  වාරයක්  විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි. (ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල  පරිච්ඡේදයන්  පිළිබඳව  පැවසීම  අතිශයෝක්තියෙනුත්  අතිශයෝක්තියක්  බව  පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය  තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.

බෞද්ධ ත්‍රිපිටකයේ පොත් බුද්ධ ඝෝෂට අවශ්‍ය පරිදි විකෘති කර තිබේ

පෙර ආත්මය පිළිබඳව ඇතැම් පුද්ගලයන් ඉදිරිපත් කරන තොරතුරු වුව ද පරස්පර විරෝධතාවයන්ගෙන් යුතු වන අවස්ථා එමටයි’ බොහෝ විට මෙවන් තොරතුරු ඉදිරිපත් කරන අයට ප්‍රකාශ කළ හැක්කේ ද තමා ඊට කලින් සිටි එක් ජීවිතයක් සම්බන්ධ තොරතුරු වීමත් ගැටලූ සහගත වේ’
එසේම පෙර ජීවිතයේ පුද්ගලයා මළ අවස්ථාවේ සිට යළි උත්පත්තිය ලබන අවස්ථාව දක්වා ඇතැම් විට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් පිළිබඳ කිසිදු තොරතුරක් ඉදිරිපත් කරන්නට පෙර ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිකරන්නන් අසමත් වී ඇත’ පුනරුත්පත්ති තොරතුරු පූර්ණ පැහැදිලි තාවයකින් තොර බව මෙවන් සිද්ධීන්ගෙන් තහවුරු වේ’විවිධ අධිමානකික මාර්ගයන් ඇසුරෙන් පෙර ආත්මය පිළිබඳව ගෙනෙන තොරතුරු ද විශ්වාසයෙන් තොර බව සැලකේ’ විශේෂයෙන් මෙවන් ඥානමාර්ග ආත්මීය ස්වරූපයක් ගන්නා බැවින් එමගින් ඉදිරිපත් කෙරෙන තොරතුරු පිළිගැනීමට නොහැකි බව විරුද්ධ මත ධාරීහූ පෙන්වා දෙති’
බෞද්ධ චින්තනය තුළ අතීන්ද්‍රිය ප්‍රත්‍යක‍ෂය මත පුනරුත්පත්තිය සම්බන්ධව ගෙනෙන තොරතුරු ද මෙහි දී පරීක‍ෂාවට භාජනය කළ යුතු තත්ත්වයකට පත් වේ’ කෙසේ වෙතත් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හෝ වෙනත් ගුප්ත ඥානමාර්ග ආත්මීය පදනමක් මත ගොඩ නැගෙන හෙයින් ඒ මත පුනරුත්පත්තිය සම්බන්ධව ගෙනෙන තොරතුරු පිළිගැනීම ද දුෂ්කර බව පෙනේ’
(දාර්ශනික ගැටලූ – පිටු 159-159) නූතන බුදු දහම මුහුණ පා ඇති අති භයානක ඛේදවාචකය විග්‍රහ කරන ලිපියක් චිත්ත ධර්ම විධ්‍යා සඟරාවේ 2007 අප්‍රේල් කලාපයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු’ අද පවතින බුද දහම බුද්ධ භාෂිත දේශනයන් මත පදනම් වී නොමැති බවට හා එය සැබැවින්ම බ්‍රාහ්මණ හා හින්දු සිද්ධාන්තයන් උගන්වන දහමක් බවට පරිවර්තනය වූ ආකාරය මෙතුළින් ඉතා හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වන්නේය’ වාණිජ කරනයට පත් වී ඇති නූතන බුදු දහම පිළිබඳව එහි භාරකාරයින් නිහැඩිZයාවෙන් කටයුතු කරන්නේ ඇයි ද යන්න අපට ප්‍රහේලිකාවකි’ සමහර විට දැනට බුක්ති විඳින සැප සම්පත් අහිමි වී යයිදෝ යන බියෙන් මුණිවත රකිනවා විය හැකිය’ නමුත් මෙතුළින් දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින්ව නොමඟ යැවීමට කටයුතු කිරීම ඉතා අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියාවකි’ විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වයි’ එම් ගුණපාල යාපා මහතා ලියා ඇති එම ලිපිය පහතින් උපුටා දක්වා ඇත්තෙමු’
ත්‍රිපිටකයට අයත් පොත් 2580 පාලි භාෂාවෙන් ලිව්වේ බුද්ධ ඝෝෂ හා ඔහුගේ අනුගාමික හතරවේදය උගත් හින්දු බමුණන් විසිනි’ හෙළ බසින් එදා තිබූ කුරුන්ද අටුවාව පච්චරී අටුවාව හා මහා අටුවාව යන පොත් තුනක ලියා තිබූ බුද්ධ ධර්මය ආශ්‍රය කරගෙනය” ඔවුන් එම පරිවර්තනය සිදු කළේ එම පරිවර්තනය ගැන මා විස්තරයක් 2005 මැයි ච්ත්ත ධර්ම විද්‍යා සඟරාවේ 14 වැනි පිටුවේ ද 2005 ජූනි සඟරාවේ 18 වැනි පිටුවේ ද බුද්ධ බමුණු මහා සටන යන ලිපියෙන් විස්තර කර ඇත’ එය නැවත  කියවා බලන්න’
බුද්ධ ඝෝෂ විසින්” නියම බෞද්ධ ත්‍රිපිටකයේ තිබූ නිවන් මඟ හා අභිධර්මය විකෘති කොට” ඊට හින්දු අභිධර්මය ඇතුළත් කොට” පාලි භාෂාවෙන් නව ත්‍රිපිටකය ලිව්වේය’ එවකට මහා විහාරයේ සිටි බෞද්ධ හිමිවරුන් හෙළ බසේ කෙළ පැමිණි අය වූවත්” පාලි භාෂාවේ මහා දැනුමක් ඇති අය නොවූහ’ එබැවින් විකෘතිකොට පරිවර්තනය කළ ත්‍රිපිටකය හිස් මුදුනින් පිළිගත්හ’ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ භාෂාව වූ පාලි භාෂාවෙන්ම බුද්ධ ධර්මය උගන්වන්නටත් ඉගෙන ගන්නටත් කැමැතිවූ අප සංඝරත්නය” හෙළ බසින් රචනා කර තිබූ මහා අටුවාව පච්චාරී අටුවාව හා කුරුන්දි අටුවාව නූගන්වා නොසලකා හරින ලදී’ බුද්ධ ඝෝෂ කළ හරිය හොඳින් දන්නා සිවුරු පොරවාගෙන පාලි ඉගැන්වීමේ යෙදී සිටි බමුණෝ මහා විහාරයේ තිබූ පැරණි හෙළ අටුවා ග්‍රන්ථයෝ ක්‍රමක් ක්‍රමයෙන් විනාශ කර දැමූහ’ ඔවුන් එසේ කළේ යම් විධියකින් අනාගතයේ දී වත් බුද්ධ ඝෝෂ කළ ඒ මහා වංචාව හෙළිවේය යන සැකයෙනි’  ලක්දිව හෙළ බසින් තිබූ අටුවා තුන (ග්‍රන්ථ තුන) මහා ග්‍රන්ථ 2580ක් කොට ත්‍රිපිටකය ලියා ඇත එයින්ම ඔබට පෙනෙනවා ඇති” කොතෙක් හින්දු මිථ්‍යා ධර්මය මෙම ත්‍රිපිටකයට ඇතුළත් කර ඇද්ද කියා’
ත්‍රිපිටකයට අයත් මේ 2580 ක් වන සියලූම පොත් බුද්ධ ඝෝෂට අවශ්‍ය පරිදි විකෘති කර ඇත’ එහෙත් ඔහුට විකෘති කළ නොහැකි වූ ධර්ම පාඨ කීපයක් පමණක් ධම්ම පදයේ සඳහන් වේ එම ධර්ම පාඨ එවකට ලක්දිව සිටි භික්ෂූන් වහන්සේලාට බුද්ධ වචනය වූ පාලියෙන් කටපාඩම් තිබූ ඒවාය’ ඒවා විකෘති කළොත් අසුවන නිසා ඒවා එසේම ධම්ම පදයට ඇතුළත් කර ඇත’ එම ගාථාවලින් පිරිසිදු ථෙරවාදී බුදු දහම කවරේ දැයි අපට අවබෝධ කරගත හැකිය’ එවැනි එක් ධර්ම කොටසක් ධම්ම පදයේ බුද්ධ වර්ගයට අයත් කොටසේ දහවැනි එකොළොස්වැනි හා දොළොස්වැනි ගාථාවලින් දැක්වේ’ ඉන් 10 වැනි ගාතාව මෙසේය:-
බහුංවේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම – රුක්ඛ – චෙත්‍යානි
මනුස්සා භය තජජිතා
එහි අර්ථය: බියෙන් තැතිගත් මිනිස්සු පර්වත කැලෑ ආරාම ගස්” චෛත්‍යයන් බොහෝ සෙයින් සරණ කොට යති’ මෙහි චෛත්‍ය යනුවෙන් දැක්වෙන්නේ ත්‍රිවිධ චෛත්‍යයටමය’ ත්‍රිවිධ චෛත්‍ය යනු ශාරීරික චෛත්‍යය” උද්දේශික චෛත්‍යය” පාරිභෝගික චෛත්‍යය යන චෛත්‍යය තුනය’ ශාරීරික චෛත්‍යය කියන්නේ ධාතුවලටය’ පාරිභෝගිත චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරිභෝජනය කරන ලද බෝ ගස් ආදියටය’ උද්දේශික චෛත්‍ය කියන්නේ පිළිම ආදියටය’ එහි එකොළොස් වැනි ගාථාව දෙසත් බලන්න’
නෙතං ඛො සරණං ෙඛමං
නෙතං සරණ මුක්තමං
නෙතං සරණ මාගම්ම
සඛ්ඛ දුක්ඛා පමුච්චති
එහි තේරුම: මේ කිසි සරණයක් බිය රහිත නොවේ’ උතුම් ද නොවේ’ මේ කිසිම සරණයකට පැමිණ සියලූ දුකෙන් මිදෙන්නට බැරිය’ බුදු දහමේ එක් වැදගත් අංගයක් වූ පන්සීය පනස් ජාතක කථා හා එයට ඈඳුනු පුනරුත්පත්තිය පිළිබඳ විචාරාත්මක දැක්මක් ඉහතින් ඔබ වෙත ගෙන හැර දක්වා ඇත්තෙමු’
විචාර බුද්ධියට උරුමකම් කියන එකම සත්වයා වූ මිනිසා මෙම කරුණු කෙරෙහි තම විචාරය උපයෝගි කරගෙන සත්‍යය අසත්‍යය කුමක් ද යන්න තර්කානුකූලව දැනගෙන කටයුතු කරයි කියා විශ්වාස කරන්නෙමු’

 

මනඃකල්පිත හා මිනිස් විචාරයට කෙහෙත්ම පිළිගත නොහැකි කතාන්දර

පන්සීය පනස් ජාතක පොතේ දැක්වෙන බොහෝ පරිවාර කථා ඉතා රසවත්ය” ශෝකය” භය”ත්‍රාසය” සතුට ආදි හැඟීම් පහළ කිරීමේ ශක්තියක් තිඛෙන බැවින් නාට්‍ය” කාව්‍ය” ආදියට ද පත්විය’ කුස ජාතකය” මහා සුතසෝම ජාතකය” වෙස්සන්තර ජාතකය ආදි කථා නොදන්නෝ නැත’ එහෙත් මේ කථාවල විශ්වාසනීයත්යක් නැති බැවින් අද භාවිතයෙන් බැහැරව ගොස් බණට පවා ජාතක කථා මාතෘකා නොවේ’(පිටු 50-53)
ඉහතින් උපුටා දැක්වූ කොටස කියවූ පසු මා පත්වූයේ භයානක ආත්ම භංගත්වයකට හා ව්‍යාකූලත්වයකටය’ නූතන බුදු දහමේ කොතෙක් දුරට බුදුන්ගේ දේශණා අඩංගු වී ඇති දැයි යන්න නිශ්චිත වශයෙන්ම ඔනෑම අයෙකුගේ මනසට නැගෙන ප්‍රධානතම ප්‍රශ්ණය වන්නේය’ ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් කියවන මෙවන් කථා මනඃකල්පිත හා මිනිස් විචාරයට කෙහෙත්ම පිළිගත නොහැකි කතාන්දර තුළින් ලැබිය හැකි ඵලය කුමක් ද යන්න ඊළඟට මතුවන වැදගත්ම ප්‍රශ්ණය වන්නේය’ නූතන බුදු දහම පිළිබඳව උපුටා නොදක්වාම බැරි කොටසක් පහතින් ගෙන හැර දක්වා ඇත්තෙමු’
පරිනිර්වාණයට අවුරුදු සිය ගණනකට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ තම ශාස්තෘවරයාගේ ඉගැන්වීම වටා ආගමක් සංවිධානය කළහ’ එය සංවිධාන කරද්දී ඔවූහු වෙනත් ඇදහිලි ද සංකල්ප ද විවිධ හාස්කම් ද” ගුඪත්වය ද” නිමිති ශාස්ත්‍ර ද” වර්ගී කරණයන් ද” යන්ත්‍ර හා මන්ත්‍ර ද” යාතිකාවන් ද”   ආදි වශයෙන් මුල් ඉගැන්වීම්වල නොවූ පුද පූජා විධි අන්තර්ගත කළහ’ මෙවැනි පිටස්තර ආගමික ඇදහිලි හා ව්‍යවහාරයන් ඉදිරිපත් කරනු ලැබූ අවධියේදී බොහෝ අය මුල් දේශනාවල සඳන් වටිනා ව්‍යවහාරයන් සංවර්ධනය කර ගැනීම පැහැර හැරියහ’ (බෞද්ධ විශ්වාස විමර්ශනය – පිටුව 70)
ඉහත ග්‍රන්ථයේ කර්තෘ” මැලේසියාවේ හා සින්ගප්පූරුවේ සංඝනායක දූරය දැරූ හා දැනට අපවත් වී වදාළ ආචාර්ය කිරින්දේ ධම්මා නන්ද නා හිමියන්” දැනට අප මෙතෙක් සාකච්ඡා කළ හා එයට අමතරව මුළු මහත් නූතන බුදු දහමම අර්ථ විරහිත බුද්ධ භාෂිත දේශනාවන් විකෘති කොට ඉදිරිපත් කොට ඇති එකක් බව ඉතා හොඳින් පැහැදිලි කොට දක්වා ඇත’ මීලගට පන්සිය පනස් ජාතක විවරණයෙහි දක්වා ඇති පරිදි එහි සංයුතිය ගැන විමසා බලමු’
පන්සිය පනස් ජාතක පොත 550 ජාතකය ලෙස නම් කර තිබුණද එහි ඇත්තේ ජාතක කථා 547ක් බව බොහෝ දෙනා දනිති’ එහෙත් ඇත්ත වශයෙන් ජාතක කථා ලෙස සැලකිය හැකි කථා ඇත්තේ 520ක් පමණය’ එසේ පවසන්නේ ජාතක කථාවක් වීමට නම් ඒ එක් එක් කථාව බෝධිසත්වයන්ගේ උපතක් හා සම්බන්ධ විය යුතු බැවිනි’ කථාවක් තිබුණ පමණින් එය ජාතක කථාවක් වන්නේ නැත’ නිදසුනක් වශයෙන් උම්මග්ග ජාතකය ගතහොත් එහි බෝසත් මහෞෂධ පඩි වශයෙන් උපත ලබා තිබේ’ උම්මගග ජාතකයේ දැක්වෙන ප්‍රශ්න (බොහො~ ප්‍රශ්නය” සිරිමන්ද ප්‍රශ්නය ආදිය) මහෞෂධ පඩිතුමා විසඳු ප්‍රශ්න මිස වෙන වෙනම ආත්මවල ඉපිද විසඳූ ප්‍රශ්න නොවන බැවින් එම ප්‍රශ්න ජාතක කථා නොවෙති’ උම්මග්ග ජාතකයේ මෙවැනි ප්‍රශ්න 30ක් තිඛෙන බව පන්සිය පනස් ජාතක පොතේ පෙන්වයි’ ඉන් යට දැක්වෙන ප්‍රශ්න 12 ජාතක කථා වශයෙන් වෙන්කර මාතෘකා හා අංක දී තිබේ’
අංක 110 – සබ්බසංහාර පඤ්ඤ ජාතකය
අංක 111 – ගදුබ පඤ්ඤ ජාතකය
අංක 112 – අමරා දේවි පඤ්ඤ ජාතකය
අංක 169 – කතණ්ඨක පඤ්ඤ ජාතකය
අංක 191 – සිරිකාලකණ්ණි ප්‍රශ්න ජාතකය
අංක 463 – මෙණ්ඩක ප්‍රශ්න ජාතකය
අංක 492 – සිරිමන්ද ප්‍රශ්න ජාතකය
අංක 502 – පංචපණ්ඩිත ප්‍රශ්න ජාතකය
අංක 509 – දකරක්ඛ ප්‍රශ්න ජාතකය
අංක 545 – දේවතා ප්‍රශ්න ජාතකය
අංක 546 – ඛජAජෝපතක ප්‍රශ්න ජාතකය
අංක 547 – භූරි පඤ්ඤ ජාතකය
10මේ කථා දොළහ ආත්ම දොළහක දී සිදු වූදේ නොවේ’ එය මහෞෂධ පඩිZව උපන් ආත්මයේ දී ඔහු විසින් විසඳූ ප්‍රශ්නය’ එබැවින් මේ සියල්ල එක් ජාතක කථාවක කොටස්ය’ මීට අමතරව තවත් කථා 4ක් සඳහා අංක සහ මාතෘකා තිබේ’ එහෙත් කථාවක් නැත’ ඒ මෙසේය’
අංක 274 දුලූසි ජාතකය 435 චතුපෝසථ ජාතකය අංක 337 තද්ධරි ජාතකය 457 චුල්ල කුණාල ජාතකය’
මේ කථා 4 ගැන වෙනත් කථා 4ක් කියවන සේ දක්වා ඇත’ මෙසේ අංක හා මාතෘකා දීමෙන් කථා ගණන සංඛ්‍යාත්මකව වැඩි වුව ද ජාතක කථා ගණන් වැඩි නොවෙයි’ මෙයත් හැර තවත් කථා 4ක් එකම කථාව දෙවන වරට සාරාංශය වශයෙන් දක්වා අංකයන් හා මාතෘකාවන් දී තිබේ’ සාරාංශ කථාව සහ එහි මුල් කථාව යන දෙකෙහිම බෝධිසත්වයෝ ඉපිද ඇත්තේ එක ජාතියක පමණය’
95 – තේර පත්ත ජාතකය එහි සාරාංශය 131 පංචගරුක ජාතකය’
98 – පරෝසහස්ස ජාතකය එහි සාරාංශය 100 පරෝසක ජාතකය’
531 – මහා ජනක ජාතකය එහි සාරාංශය 52 චුල්ල ජනක ජාතකය’
455 – සංවර ජාතකය එහි සාරාංශය 8 ගාමිණි ජාතකය’
මේ හැර එකම කථාව දෙවරක් හෝ වැඩි ගණනක් සඳහන් වන අවස්ථා තුනක් තිබේ’ එනම්:
365 දීඝ කෝසල ජාතකය හා 421 කෝසාම්බි ජාතකය එකම කථාවකි’
281 සෙය්‍යංස ජාතකය සහ 346 මණිකුණ්ඩල ජාතකය සහ 350 ඝත ජාතකය එකම කථාවකි’
64 දුරාජාන ජාතකය සහ 65 අනභිරති ජාතකය එකම කථාවකි’
මේ අතර එකම කථාව දෙකට ඛෙදා ජාතක කථා දෙකක් ලෙස ද පෙන්වා ඇත’ එනම්:361 සාලිය ජාතකය සහ 362 නවසාර ජාතකය දෙකට ඛෙදා ඇති එකම කථාවකි’
146 පුෂ්පරත්න ජාතකය සහ 296 කාම විලෝපන ජාතකය ද එවැන්නකි’ මෙසේ බලන කල පෙර දක්වා ඇති උම්මග්ග ජාතකයේ කථා 12ට අතිරේකව තවත් කථා 15ක් වෙනම ජාතක ලෙස පෙන්වා තිබේ’ එවිට මුළු කථා 547 න් කථා 27ක් (12+15=27 අඩු කළ විට ඉතිරිවන්නේ කථා 520 කි’
වෙනත් සංඛ්‍යාත්මක විස්තර
ප’ප’ජා පොතේ දැක්වෙන මුළු කථා ගණන     547
බෝසත් වශයෙන් උපත ලැබූ මුළු කථා ගණන    526
බෝසත් සඳහන් නොවන කථා ගණන     21
බරණැස බ්‍රහ්මදත්ත රජ සඳහන් වන කථා ගණන  419
බෝසත් මිනිස් බව ලැබ සිටි ආත්ම ගණන   342
බෝසත් දෙවියෙකුව සිටි ආත්ම ගණන   63
බෝසත් පක්ෂියකුව සිටි ආත්ම ගණන    55
බෝසත් වෙනත් තිරිසන් බව ලැබ සිටි ආත්ම ගණන   66
බෝසත් සඳහන් නොවන කථා ගණන   21
බෝසතාණෝ උපන් ආත්ම 11
මිනිස් දෙවි
තපස් – 58
ශක්‍ර – 14
රජ – 80
දෙවි – 7
ඇමති – 30
වෘක්ෂ දෙවි – 41
පුරෝහිත – 17
බ්‍රහ්ම – 1
සිටු – 26
බමුණු – 27
දිසා පාමොක් – 18
පඩි – 12
ගොවි – 8
වෙළඳ – 21
ගැමි – 11
වෙනත් – 34
=342
පක‍ෂි වෙනත් තිරිසන්
වටු – 5
අශ්ව – 3
පරවි – 6
ඇත් – 5
කපුටු – 2
ගව – 10
ගිරා – 8
වඳුරු – 11
මයුර – 4
මුව – 6
කැට කිරිලි – 1
සිංහ – 8
ළිහිණි – 8
හිවල් – 2
හංස – 7
බලූ – 1
කෑරල – 2
මී – 2
ගුරුළු – 2
තලගොයි – 3
කුකුළු – 2
නාග – 4
දියකාවා – 1
ඌරු – 2
වෙනත් – 7
කිඳුරු – 1
=55
මැඩි – 1
මාළු – 3
වෙනත් – 4
=66
526 + 21 = 547
21 + 342 + 63 + 55 + 66 = 547

ඉහත විස්තර වලින් තහවුරු වන කරුණු ඔබට ඉදිරපත් කරන්නට අදහස් කරන්නෙමු’
පන්සීය පනස් ජාතක ග්‍රන්ථයේ අඩංගු කරුණු නියතවශයෙන්ම බුදුන් වහන්සේ විසින් දේශන කරන ලද්දක් බවට පිලිගැනීමට කොහෙත්ම හැකියාවක් නොමැති බව’