බෞද්ධ ත්‍රිපිටකයේ පොත් බුද්ධ ඝෝෂට අවශ්‍ය පරිදි විකෘති කර තිබේ

පෙර ආත්මය පිළිබඳව ඇතැම් පුද්ගලයන් ඉදිරිපත් කරන තොරතුරු වුව ද පරස්පර විරෝධතාවයන්ගෙන් යුතු වන අවස්ථා එමටයි’ බොහෝ විට මෙවන් තොරතුරු ඉදිරිපත් කරන අයට ප්‍රකාශ කළ හැක්කේ ද තමා ඊට කලින් සිටි එක් ජීවිතයක් සම්බන්ධ තොරතුරු වීමත් ගැටලූ සහගත වේ’
එසේම පෙර ජීවිතයේ පුද්ගලයා මළ අවස්ථාවේ සිට යළි උත්පත්තිය ලබන අවස්ථාව දක්වා ඇතැම් විට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් පිළිබඳ කිසිදු තොරතුරක් ඉදිරිපත් කරන්නට පෙර ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිකරන්නන් අසමත් වී ඇත’ පුනරුත්පත්ති තොරතුරු පූර්ණ පැහැදිලි තාවයකින් තොර බව මෙවන් සිද්ධීන්ගෙන් තහවුරු වේ’විවිධ අධිමානකික මාර්ගයන් ඇසුරෙන් පෙර ආත්මය පිළිබඳව ගෙනෙන තොරතුරු ද විශ්වාසයෙන් තොර බව සැලකේ’ විශේෂයෙන් මෙවන් ඥානමාර්ග ආත්මීය ස්වරූපයක් ගන්නා බැවින් එමගින් ඉදිරිපත් කෙරෙන තොරතුරු පිළිගැනීමට නොහැකි බව විරුද්ධ මත ධාරීහූ පෙන්වා දෙති’
බෞද්ධ චින්තනය තුළ අතීන්ද්‍රිය ප්‍රත්‍යක‍ෂය මත පුනරුත්පත්තිය සම්බන්ධව ගෙනෙන තොරතුරු ද මෙහි දී පරීක‍ෂාවට භාජනය කළ යුතු තත්ත්වයකට පත් වේ’ කෙසේ වෙතත් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හෝ වෙනත් ගුප්ත ඥානමාර්ග ආත්මීය පදනමක් මත ගොඩ නැගෙන හෙයින් ඒ මත පුනරුත්පත්තිය සම්බන්ධව ගෙනෙන තොරතුරු පිළිගැනීම ද දුෂ්කර බව පෙනේ’
(දාර්ශනික ගැටලූ – පිටු 159-159) නූතන බුදු දහම මුහුණ පා ඇති අති භයානක ඛේදවාචකය විග්‍රහ කරන ලිපියක් චිත්ත ධර්ම විධ්‍යා සඟරාවේ 2007 අප්‍රේල් කලාපයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු’ අද පවතින බුද දහම බුද්ධ භාෂිත දේශනයන් මත පදනම් වී නොමැති බවට හා එය සැබැවින්ම බ්‍රාහ්මණ හා හින්දු සිද්ධාන්තයන් උගන්වන දහමක් බවට පරිවර්තනය වූ ආකාරය මෙතුළින් ඉතා හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වන්නේය’ වාණිජ කරනයට පත් වී ඇති නූතන බුදු දහම පිළිබඳව එහි භාරකාරයින් නිහැඩිZයාවෙන් කටයුතු කරන්නේ ඇයි ද යන්න අපට ප්‍රහේලිකාවකි’ සමහර විට දැනට බුක්ති විඳින සැප සම්පත් අහිමි වී යයිදෝ යන බියෙන් මුණිවත රකිනවා විය හැකිය’ නමුත් මෙතුළින් දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින්ව නොමඟ යැවීමට කටයුතු කිරීම ඉතා අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියාවකි’ විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වයි’ එම් ගුණපාල යාපා මහතා ලියා ඇති එම ලිපිය පහතින් උපුටා දක්වා ඇත්තෙමු’
ත්‍රිපිටකයට අයත් පොත් 2580 පාලි භාෂාවෙන් ලිව්වේ බුද්ධ ඝෝෂ හා ඔහුගේ අනුගාමික හතරවේදය උගත් හින්දු බමුණන් විසිනි’ හෙළ බසින් එදා තිබූ කුරුන්ද අටුවාව පච්චරී අටුවාව හා මහා අටුවාව යන පොත් තුනක ලියා තිබූ බුද්ධ ධර්මය ආශ්‍රය කරගෙනය” ඔවුන් එම පරිවර්තනය සිදු කළේ එම පරිවර්තනය ගැන මා විස්තරයක් 2005 මැයි ච්ත්ත ධර්ම විද්‍යා සඟරාවේ 14 වැනි පිටුවේ ද 2005 ජූනි සඟරාවේ 18 වැනි පිටුවේ ද බුද්ධ බමුණු මහා සටන යන ලිපියෙන් විස්තර කර ඇත’ එය නැවත  කියවා බලන්න’
බුද්ධ ඝෝෂ විසින්” නියම බෞද්ධ ත්‍රිපිටකයේ තිබූ නිවන් මඟ හා අභිධර්මය විකෘති කොට” ඊට හින්දු අභිධර්මය ඇතුළත් කොට” පාලි භාෂාවෙන් නව ත්‍රිපිටකය ලිව්වේය’ එවකට මහා විහාරයේ සිටි බෞද්ධ හිමිවරුන් හෙළ බසේ කෙළ පැමිණි අය වූවත්” පාලි භාෂාවේ මහා දැනුමක් ඇති අය නොවූහ’ එබැවින් විකෘතිකොට පරිවර්තනය කළ ත්‍රිපිටකය හිස් මුදුනින් පිළිගත්හ’ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ භාෂාව වූ පාලි භාෂාවෙන්ම බුද්ධ ධර්මය උගන්වන්නටත් ඉගෙන ගන්නටත් කැමැතිවූ අප සංඝරත්නය” හෙළ බසින් රචනා කර තිබූ මහා අටුවාව පච්චාරී අටුවාව හා කුරුන්දි අටුවාව නූගන්වා නොසලකා හරින ලදී’ බුද්ධ ඝෝෂ කළ හරිය හොඳින් දන්නා සිවුරු පොරවාගෙන පාලි ඉගැන්වීමේ යෙදී සිටි බමුණෝ මහා විහාරයේ තිබූ පැරණි හෙළ අටුවා ග්‍රන්ථයෝ ක්‍රමක් ක්‍රමයෙන් විනාශ කර දැමූහ’ ඔවුන් එසේ කළේ යම් විධියකින් අනාගතයේ දී වත් බුද්ධ ඝෝෂ කළ ඒ මහා වංචාව හෙළිවේය යන සැකයෙනි’  ලක්දිව හෙළ බසින් තිබූ අටුවා තුන (ග්‍රන්ථ තුන) මහා ග්‍රන්ථ 2580ක් කොට ත්‍රිපිටකය ලියා ඇත එයින්ම ඔබට පෙනෙනවා ඇති” කොතෙක් හින්දු මිථ්‍යා ධර්මය මෙම ත්‍රිපිටකයට ඇතුළත් කර ඇද්ද කියා’
ත්‍රිපිටකයට අයත් මේ 2580 ක් වන සියලූම පොත් බුද්ධ ඝෝෂට අවශ්‍ය පරිදි විකෘති කර ඇත’ එහෙත් ඔහුට විකෘති කළ නොහැකි වූ ධර්ම පාඨ කීපයක් පමණක් ධම්ම පදයේ සඳහන් වේ එම ධර්ම පාඨ එවකට ලක්දිව සිටි භික්ෂූන් වහන්සේලාට බුද්ධ වචනය වූ පාලියෙන් කටපාඩම් තිබූ ඒවාය’ ඒවා විකෘති කළොත් අසුවන නිසා ඒවා එසේම ධම්ම පදයට ඇතුළත් කර ඇත’ එම ගාථාවලින් පිරිසිදු ථෙරවාදී බුදු දහම කවරේ දැයි අපට අවබෝධ කරගත හැකිය’ එවැනි එක් ධර්ම කොටසක් ධම්ම පදයේ බුද්ධ වර්ගයට අයත් කොටසේ දහවැනි එකොළොස්වැනි හා දොළොස්වැනි ගාථාවලින් දැක්වේ’ ඉන් 10 වැනි ගාතාව මෙසේය:-
බහුංවේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම – රුක්ඛ – චෙත්‍යානි
මනුස්සා භය තජජිතා
එහි අර්ථය: බියෙන් තැතිගත් මිනිස්සු පර්වත කැලෑ ආරාම ගස්” චෛත්‍යයන් බොහෝ සෙයින් සරණ කොට යති’ මෙහි චෛත්‍ය යනුවෙන් දැක්වෙන්නේ ත්‍රිවිධ චෛත්‍යයටමය’ ත්‍රිවිධ චෛත්‍ය යනු ශාරීරික චෛත්‍යය” උද්දේශික චෛත්‍යය” පාරිභෝගික චෛත්‍යය යන චෛත්‍යය තුනය’ ශාරීරික චෛත්‍යය කියන්නේ ධාතුවලටය’ පාරිභෝගිත චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරිභෝජනය කරන ලද බෝ ගස් ආදියටය’ උද්දේශික චෛත්‍ය කියන්නේ පිළිම ආදියටය’ එහි එකොළොස් වැනි ගාථාව දෙසත් බලන්න’
නෙතං ඛො සරණං ෙඛමං
නෙතං සරණ මුක්තමං
නෙතං සරණ මාගම්ම
සඛ්ඛ දුක්ඛා පමුච්චති
එහි තේරුම: මේ කිසි සරණයක් බිය රහිත නොවේ’ උතුම් ද නොවේ’ මේ කිසිම සරණයකට පැමිණ සියලූ දුකෙන් මිදෙන්නට බැරිය’ බුදු දහමේ එක් වැදගත් අංගයක් වූ පන්සීය පනස් ජාතක කථා හා එයට ඈඳුනු පුනරුත්පත්තිය පිළිබඳ විචාරාත්මක දැක්මක් ඉහතින් ඔබ වෙත ගෙන හැර දක්වා ඇත්තෙමු’
විචාර බුද්ධියට උරුමකම් කියන එකම සත්වයා වූ මිනිසා මෙම කරුණු කෙරෙහි තම විචාරය උපයෝගි කරගෙන සත්‍යය අසත්‍යය කුමක් ද යන්න තර්කානුකූලව දැනගෙන කටයුතු කරයි කියා විශ්වාස කරන්නෙමු’

 

පන්සිය පනස් ජාතක විචාරය – පූර්වේනිවාසානුස්මෘති ඥාණය

බුදුන් වහන්සේට අනේක ප්‍රකාර වූ පෙර විසුම් සිහිකරගත හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය ඇති බව සූත්ත පිටකයේ විවිධ තැන්හි සඳහන් ය’
මෙම ඥාණය උපයෝගි කරගෙන බුද්ධත්වයට පෙර විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සීය පනස් ජාතක පුස්තකයේය’ සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිය හා සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි බලපා ඇති සාධක අතුරින් ජාතක කථා ප්‍රමුඛස්ථානයක් ගනී’ පාලි ජාතිකට්ඨ කථාවේ ඇතුලත් මේ කතාවස්තු මිහිඳු මාහිමියන් විසින් ලංකාවට ගෙන එනු ලැබූ අතර” ඒවා අරිට්ඨාදී සිංහල භික්ෂු පරපුර මගින් හෙළ බසට නගනු ලැබ පවත්වාගෙන එනු ලැබීය’ ක්‍රි’ව 5 වැනි සියවසේ දී පමණ ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් ඒවා යළිඳු පාලියට නගා ඇත’
එකී ජාතික කථා කුරුණෑගල යුගයේ දී පරිවර්තන මණ්ඩලයක අධීක්ෂණය යටතේ නැවත සිංහල බසට නගන ලදී’ සිංහල ජාතක පොත” නැතහොත් පන්සීය පනස් ජාතක පොත් වහන්සේ බිහිවී ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි’
අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා  න්ථයේ ඉතා වැදගත් කරුණු රාශියක් අපට දැනගන්නට ලැබිණ’ ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය්‍රග ආරම්භ වන්නේ සාරා සංඛ්‍ය කල්ප ලක‍ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය’ පළමුව මෙම කාල පරාසය පිළිබඳ විමසුමක් කරන්නට කැමැත්තෙමු’
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පරිවර්තනය කොට  “අසිරිමත් ඉන්දියාව” නමින් මුද්‍රණය කොට ඇති ආචාර්ය ඒ’ඇල්’ බෂාම්ගේ ““THE WONDER THAT WAS INDIA”යන කෘතියේ මෙලෙස සඳහන් වේ’
ර්‍ණමූලික ලෝක චක්‍රය කල්පයකිත හෙවත් බ්‍රහ්මයාගේ දවසක්’ එය මෙලොව කාලය අනුව නම්
අවුරුදු 432 කෝටියකිග” තවත් අයුරකින් පවසන්නේ නම් අවුරුදු බිලියන 4’32 කි’
ලක්ෂ 10  =  මිලියන 1
ලක්ෂ 100  = මිලියන 10  = කෝටි 1
කෝටි 432  = මිලියන 10 ං 432 = මිලියන 4320
මිලියන 1000  = බිලියන 1
මිලියන 4320   = බිලියන 4320 =  බිලියන 4’32
1000
කල්ප 1  අවුරුදු බිලියන 4’32
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය හතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි’   කල්පය තවත් තැනක විස්තර කර ඇත්තේ පහත සඳහන් අයුරිනි’
කල්පය යනු යොදුනක් (සැතපුම් 16ක්) දිග” පළල” උස මහා කොටුවක් (ටැංකියක්) තනා එහි කොතගසා අබ ඇට පුරවා අවුරුදු 100කට වරක් එක් අබ ඇටය බැගින් ඉවත් කළොත් අබ ඇට ඉවර වෙයි’ කල්පය ඉවර නොවේ’ අති විශාල කාලාන්තරයකි’” අසංඛ්‍ය ගැන සඳහන් කර ඇත්තේ සංඛ්‍යාව මෙපමණැයි කිව නොහැකි අති දීර්ඝ  කාලයක් වශයෙනි’ නමුත් බෞද්ධ ග්‍රන්ථ විමසා බැලීමේදී අපට පහත සඳහන් විස්තර දැනගන්නට ලැබිණ’  අසංඛ්‍යයක මහත් බව දැක්වීමට විශ්වයේ පවත්නා විශාලතම වස්තු ද” නොගැණිය හැකි වස්තු ද උපමාවට ගෙන ඒවා මොන අයුරකින්වත් එයට සැසඳිය නොහැකි බව පෙන්වා දී ඇත’ එබඳු අනන්ත අප්‍රමාණ අසංඛ්‍යයක් ගෙවී ගියත් එයට වඩා අධික කාල පරිච්ඡේදයක් බුදුබව පතා පෙරුම් දම් පිරීමෙන් 2 බුදුවරුන් ලොව පහලවන බව ප්‍රකාශ කිරීමෙන් බුදු පදවියේ උත්තරීත්වයත්” දුෂ්කරභාවයත්” දුර්ලභතාවත්” ආශ්චර්යභාවයත් හැඟවීම බෞද්ධ ග්‍රන්ථ රචකයන්ගේ පරමාර්ථය වී ඇති බව පෙනේ’
අසංඛ්‍ය වර්ෂ ප්‍රමාණය දක්වා ඇති ආකාරය – සද්ධර්මාලංකාරය ඇසුරෙන්’
එක ඉදිරියේ බින්දු ප්‍රමාණය
දස දසයෙක් නම්  සියයෙක     2
දස සියයෙක් නම්  දහසෙක     3
සියක් දහසෙක් නම්  ලක්ෂයෙක    5
ලක්ෂ සියයෙක් නම්  කෝටියෙක    7
කෝටි සියයෙක් නම්  ප්‍රකෝටියෙක    9
ප්‍රකෝටි සියයෙක් නම්  කෝටි ප්‍රකෝටියෙක   11
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් නහුතයෙක    13
නහුත සියයෙක් නම්  නින්නහුතයෙක    15
නින්නහුත සියයෙක් නම්  හුතනහුතයෙක    17
හුතනහුත සියයෙක් නම්  ඛම්භයෙක    19
ඛම්භ සියයෙක් නම්  විෂ්ඛම්භයෙක    21
විෂ්ඛම්භ සියයෙක් නම්  අෙක‍ෂෟභිණියෙක    23
අෙක‍ෂෟභිණි සියයෙක් නම් බින්දුවෙක    25
බින්දු සියයෙක් නම්  අද්බුදයෙක    27
අද්බුද සියයෙක් නම්  නිරබ්බුදයෙක    29
නිරබ්බුද සියයෙක් නම්  අබබයෙක    31
අබබ සියයෙක් නම්  අටටයෙක    33
අටට සියයෙක් නම්  අහහයෙක    35
අහහ සියයෙක් නම්  කුමුදයෙක    37
කුමුද සියයෙක් නම්  සෞගන්ධියෙක     39
සෞගන්ධි සියයෙක් නම්  උත්පලයෙක    41
උත්පල සියයෙක් නම්  පුණ්ඩරීකයෙක    43
පුණ්ඩරීක සියයෙක් නම්  පදුමයෙක    45
පදුම සියයෙක් නම්  කථානයෙක    47
කථාන සියයෙක් නම්  මහා කථානයෙක   49
මහා කථාන සියයෙක් නම් අසංඛ්‍යයෙක    51
ඉහත විස්තර අනුව අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51කින් යුත් සංඛ්‍යාවකි’ ධර්ම ප්‍රදීපකාවේ ද” පූජාවලියේ ද මෙම කාලචක්‍රය දක්නට ලැබේ’ එහි ප්‍රකෝටියේ පටන් ඉදිරියට වෙනස්කම් ඇත’ මෙය නූතන භාවිතයට පරිවර්තන කරන්නට උත්සාහා කරමු’
එක ඉදිරියේ බිංදු ප්‍රමාණය
බිලියන   1  =  9
ටි්‍රලියන   1  =  12
කොඩිරිලියන  1  =  15
කුයින් මිලියන  1  =  18
සෙක්ස් මිලියන  1  =  21
සෙප් මිලියන   1  =  24
ඩක් මිලියන  1  =  27
නො නිලියන්  1  =  30 3
ඩෙසිලියන්  1  =  33
අන් ඩෙසිලියන්  1  =  36
ඩුඩ් ඩෙසිලියන්  1  =  39
ටේ‍ර ඩෙසිලියන්  1  =  42
ක්වට්ටෝ ඩෙසිලියන් 1  =  45
කුයින් ඩෙසිලියන් 1  =  48
සෙක්ස් ෙඩිසිලියන් 1  =  51
මෙවන් අතිවිශාල කාල පරාසයක් තුළ කෙනෙක් ඉපදී ඇත්තේ 550 වාරයක් නම් එක් උපතක දී ගෙවා ඇති අවුරුදු ගණන ඕනෑම අයෙකුව මවිතයෙනුත් මවිතයට පත්කරවන කරුණකි’ 550 ජාතක පොතෙහි සැබැවින්ම ජාතක කථා 550ක් නොමැත’
ඒ ගැන සවිස්තරාත්මකව පසුව කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’  නූතන විද්‍යාත්මක මතය වන්නේ මුළු මහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට  වඩා නොමැති බවයි’ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය කෙසේ නම් නූතන විද්‍යාත්මක මතය සමග එකඟතාවයකට ගෙන ඒමට හැකි ද යන්න ඔබම සිතා බලන්න’ බුදුවරයෙකුගේ පමණක් නොව ඕනෑම මිනිිසෙකුගේ ආයුෂ අඩු වැඩිවන ආකාරය පිළිබඳ බුදු දහම දරණ මතය ද ඉතා ව්‍යාකූල හා ඉතා අවිද්‍යාත්මක එකකි’  මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී ගොස් අවුරුදු දහය පරමායුෂය වන කාලයක් පැමිණෙන බව අභිධර්ම පොතපතෙහි සඳහන් ය’ ඒ කාලයේ දී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් සිදුවන බවත් සඳහන් ය’ ඉතිරි වන ටික දෙනා පමණක් සුචරිතයෙහි හැසිරීම නිසා නැවතත් ආයුෂය වර්ධනය වන්නට පටන් ගනී’ ඒ ආයුෂ වැඩීම වර්ෂ අසංඛ්‍ය දක්වා වන බව පැවසේ’ එනමුදු දුසිරිතට හැරීම නිසා නැවතත් මිනිස්සු පිරිහීමට පටන් ගනිති’ ක්‍රමයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට පැමණේ’ ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ’
මෙලෙස මිනිස් ආයුෂ අවුරුදු 10ක් පටන් ගෙන අසංඛ්‍යය දක්වා වැඩී නැවත අවුරුදු 10 පරමායුෂය  වන තෙක් පිරිහීමට   ‘වන කාලය ‘අන්තඃකල්පය’ යැයි කියනු ලැබේ. මිනිසාට කොහෙත්ම සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ අතිශයෝක්තීන් අන්තර්ගත වී තිබිය
දී” විචාර බුද්ධියක් ඇති අයෙක් කෙසේ නම් බුදු දහම නිවැරදි මඟ ලෙස පිළිගන්නට ද? කේ’ ඇස් පලිහක්කාර මහතා  විසින් රචිත ‘පන්සීය පනස් ජාතක විවරණය’ යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු’
‘ජාතික කථා ඛුද්දක නිකායට ඇතුළත් කිරීමේ දී එහි කතුවරයාගේ අරමුණු කවරේ දැයි දැන  ැනීමෙන් එය තේරුම් ගැනීමට පහසුවන බැවන් මෙහි දැක්වීමට පෙළඹුනෙමි’ එහි පැහැදිලි අරමුණු 3ක්.දක්නට තිබේ’ අප බොහෝ දෙනා සිතා සිටින්නේ බුදුරජානන් වහන්සේ බෝධිසත්ව සුමේධ තාපසයන් වශයෙන් දීපංකර බුදුන් පාද මුලේ මතු බුදු බව පතමින් පාරමී දම් පිරීමට අධිෂ්ඨාන කළ බැවින් ජාතක පොත පුරා දස පාරමිතා දක්වන ජාතක කථා තිඛෙන බවය’
සත්‍යය එය නොවේ’ පන්සීය පනස් ජාතක (ප’ප’ජා) පොතෙහි දක්නට ඇත්තේ පාරමිතා දක්වන කථා 58ක් පමණය’  ‘’’’’’’’ පාරමිතා කථා 58 ට
අමතරව බණ උපදෙස් ගුණදම් ආදි දක්වන කථාද ප’ප’ජා පොතේ තිබේ’ ඊටත් බාහිරව කිසිදු ධර්මයක් දක්වන්නේ නැති කථා 180ක් පමණ එහි තිබේ’’’’ මෙ සියළු කථාවල නොවරදවා පොදුවේ දැක්වෙන කරුණු දෙකක් දක්නට තිබේ’
*1’ මේ කථා දේශනා කළේ සර්වඥයන් වහන්සේ බව හා
*’ සියළු කථාවල නොවරදවා දක්වන්නේ උන්වහන්සේ පිළිබඳ අතීත ජාතිවල සිදු වූ කථා බවය’
එනම් උන්වහන්සේගේ පුනරුත්පත්ති කථාය’
මෙම කරුණු දෙක ගත්කළ බුදුරජානන් වහන්සේ පුනරුත්පත්තිය දේශනා කළ බව  පෙන්වීම ප්‍රධාන අරමුණ බවට පත්වී ඇත’ චතුරාර්ය සත්‍යයේ පුනරුත්පත්තිය ගැන සඳහන් නොකරන බුදුන් වහන්සේ තම මුළු ශාසන කාලය තුළ දී ඊට විරුද්ධ දේශනා පවත්වමින් සිටියා දැයි යන ප්‍රශ්නය මතුවේ