බුද්ධ වංසය නොහොත් පෙර බුදුවරු

ගෞතම බුදුන් පලමු හෝ අවසන් බුදුවරයා නොවන බව බෞද්ධ මූලාශ‍්‍රයන් පරිශීලනය කිරීමේදී අපට අවබෝධ කරගත හැකි කරුණකි.
සිංහල බුද්දක නිකාය – 3 කාණ්ඩය (මහා නිර්දේශය පිටු 338* අනුව බුදුවරු ත‍්‍රිවිධාකාර වෙති. උන්වහන්සේලා හඳුන්වනු ලබනුයේ,
1 – සම්මා සම්බුද්ධ,
2 – ප‍්‍රත්‍යෙක බුද්ධ සහ
3 – අරහත්ත බුද්ධ වශයෙනි.
සම්මා සම්බුදුවරයෙකු එම තත්වය සපුරා ගැනීමට අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් – අටක් හෝ දහසයක් දස පෙරුම් දම් පිරිය යුතු බවද පසේ බුදු බව සඳහා අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක්ද ශ‍්‍රාවක බුදු බව සඳහා අඩු තරමින් කල්ප ලක්ෂයක් හෝ පෙරුම් දම් පිරිය යුතු බවද මෙහි සඳහන් වේ.සුත්ත පිටකයේ කොටසක් වූ සිංහල බුද්දක නිකායේ (පටි සම්පදා මග්ග පිටු 517* සඳහන් පරිදි නිවන් මඟ සෙසු සත්ත්වයින්ටද අවබෝධ කර දීමේ ශක්තිය පවත්නා බුදුවරු සම්මා සම්බුද්ධ නම් වෙති. ප‍්‍රත්‍යෙක බුදුවරු (පයේ බුදු* බුදුබව පසක් කරගත් නමුත් සෙසු සත්ත්වයින්ට එය අවබෝධ කරදීමේ ශක්තිය නොමැති අය වෙති. අරහත්ත හෙවත් ශ‍්‍රාවක බුදුවරු බුදුවරයෙකුගේම අවවාද – අනුශාසනා ලැබීමෙන් බුද්ධොත්පාද කාලයකදීම මාග_ඵල පසක් කරගන්නාවූත් සෙසු අයටද ඒ මග පහදා දිය හැකි ශක්තිය ඇත්තෝ වෙති.
පෙර බුදුවරු ගැන විමසීමක් කිරීමේදී මේ පිළිබඳ මූලික දැනුමක් ලබාගැන්ම පිණිස පහත සඳහන් කොටස බුද්ධ වංශ පුරාණයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
’බුද්ධ චරිතය විවිධ ගුණාංගවලින් උපලක්ෂිත වෙමින් වර්ධනයවත්ම බුද්ධ සංඛ්‍යාවද ඊට අනුරූපව වර්ධනය  වී  ඇති  අයුරු  ත‍්‍රිපිටකය  ඇතුළු  අටුවා  ප‍්‍රකරණ  කෘති  තුළින්ම  පෙනී  යයි.  පිටකාගන අංගුත්තර නිකායේ යෝධාජීව වර්ගයේද, ජාතක පොතේද, අනාගත වංශයේද, දැක්වෙන පරිදි බුදු මුවින්ම දේශිත යැයි සඳහන් පාඨවලින් අතීතයෙහි බුද්ධවංශයට අයත් බුදුවරුන් පිළිබඳ ඉඟියක් ලැබෙයි. එසේම දීඝ නිකායේ මහාපදාන සූත‍්‍රයේ විපස්සී, සිඛී, වෙස්සභූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන් නමින්ම සඳහන් වෙයි. එය බුද්ධ වංශයේ ආරම්භය පිළිබඳ මූලික සටහන වශයෙන් සැලකිය හැකිය. දීඝ නිකායේ ආටානාටිය සූත‍්‍රයේද සත් බුදුවරුන්ගේ නාමලේඛන ඉදිරිපත් වෙයි.
මෙම ප‍්‍රකාශන සලකා බැලීමෙන් පෙනී යන්නේ ගෞතම බුදුරදුන් ත‍්‍රිපිටකයේ සඳහන් එකම බුදුවරයා නොවන බවයි. දීඝ නිකායේ චක්කවත්ති සීහ නාද සූත‍්‍රයේද, බුද්ධවංශ – අනාගතවංශ, කෘතිවලද මේ භද්‍ර  කල්පය  තුළම අනාගතයේදී  මෛත‍්‍රීය  (මෙත්තෙය්‍ය*  නමින් බුදුවරයෙකු  ලොව පහළවන බව බුදුරදුන්ගේම අනාවැකියක් ලෙසට සඳහන් වීමෙන් පෙනී යන්නේ බුද්ධ වංශයේ අවසානයක් නොමැති බවයි. ත‍්‍රිපිටකයේද සඳහන් වන මෙම සත් බුදුවරුන් පිළිබඳ සංකල්පය බුද්ධ වංශ ව්‍යාප්තිය පිළිබඳ පැරණිතම මතය බව පිළිගත හැකිවෙයි. එ් සඳහා අපට පුරා විද්‍යා සාධකද හමුවෙයි. ක‍්‍රිස්ත‍්‍ර පූව_ දෙවැනි ශත වර්ෂයට අයත් යැයි සලකනු ලබන භාරතයේ භාරුත් ස්ථූපයේ නෙළන ලද මූර්ති අතර යට කී සත්බුදුවරුන් උන්වහන්සේලාගේ බෝධි වෘක්ෂයන්ද සහිතව දක්නට ලැබේ. බුද්ධ නාමයන් දක්වා ඇත්තේ බ‍්‍රාහ්මී අක්ෂරවලිනි.
සාංචි ස්ථූපයේ නැගෙනහිර වාහල්කඩෙහි මූර්ති අතරද සත්බුදුවරුන්ගේ බෝධි වෘක්ෂ දැක්වෙයි. එබැවින් එම යුගය වනවිට සත්බුදුවරුන් පිළිබඳ මතය බෞද්ධ ජනතාව අතර පිළිගත් මතයක්ව පැවති බව පෙනේ. එ් අනුව ත‍්‍රිපිටකයේ සඳහන් ආදිතම බුදුවරයා වන්නේ විපස්සි බුදුරජාණන් වෙති.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් ජෛන – බ‍්‍රාහ්මණ – මහායාන ආදී සමයාන්තරවල බලපෑම මත ක‍්‍රමයෙන් බුද්ධවංශය දීපංකර බුදුරදුන් දක්වා අතීතයටත් මෛත්‍රේය බුදුරදුන් දක්වා අනාගතයටත් ව්‍යාප්ත වී  ඇත. මෙය එක් අතකින් සෙසු ආගම් මගින් බුදු සමය යටවී යාම වළක්වා ගැනීමටත්,නවීකරණය  මගින්  ජනප‍්‍රියත්වය  වැඩිකර  ගැනීමටත්  එවක  සිටි  ආගමික  නායකයන්  යෙදු  උපාය මාර්ගයක් වේ. එපමණකින් නොසැනසුනු බෞද්ධ භක්තිකයෝ දීපංකර බුදුරදුන්ගේ සීමාව ඉක්මවාද තණ්හංකර – මේධංකර – සරණංකර යැයි තවත් බුදුවරුන් තුන් නමක් ලොව පහළ වූ බව ප‍්‍රකාශ කළහ.
බුද්ධ වංශය (සිංහල බුද්දක නිකාය – 143 පිටුව*, පූජාවලිය (2වන පරිච්ඡේදය 17 පිට* ආදී ප‍්‍රකරණ ග‍්‍රන්ථවල මෙම බුද්ධාවලිය ඉදිරිපත් කර ඇත.
සුවියි බුදුවරුන්ගේ නාමලේඛණය සංස්කරණය සඳහා ජෛන සමයේ සුවියි තීර්ථංකරවරුන් පිළිබඳ මතවාද බලපා ඇත . එම ජෛන ශාස්තෘවරයන් අතර බුදුරදුන් හා සමකාලීන වූ ජෛන මහාවීර (නිගණ්ඨ නාථ පුත‍්‍ර – වර්ධමාන මහාවීර* විසි හතරවෙනි තීර්ථංකරයා වෙයි. බෞද්ධ අනුගාමිකයෝ ජෛන මතයද පරදවන  සේ  බුද්ධ  වංශය  විසි  අටනමක්  දක්වා  වර්ධනය  කර  ඇත.  බුද්ධ  වංශයේ,  සද්ධම_ රත්නාකරාදියේ එම විස්තර දක්නට ලැබෙයිv (බුද්ධ වංශ පුරාණය – ගොඩගේ ප‍්‍රකාශකයෝ 6-8 පිටු*.
බුද්ධ වංශ පුරාණයෙන් උපුටා දැක්වූ ඉහත සඳහන් කොටස කියවීමේදී මම අති භයානක ආත්ම පරාජයකට ලක් වේ. දහමක ප‍්‍රධාන අරමුණ සෑම මිනිසෙක් කෙසේ වෙතත් අඩු වශයෙන් තම අනුගාමිකයින්වවත් සත්‍යවාදී සත්පුරුෂයින් බවට පත්කිරීමයි විය යුත්තේ. නමුත් දහමේ සංකල්ප අසත්‍යය මත ගොඩ නගා ඇත්නම් කෙසේනම් එම දහම තුළින් මෙම ශ්‍රේෂ්ඨ අපේක්ෂාවන් මුදුන් පත් කරවා ගන්නේ. කලින් කලට අනිකුත් දහම් සමග තරඟ කිරීම උදෙසා
තම බුදුවරයින්ගේ සංඛ්‍යාව අසත්‍ය ලෙස වැඩි කර ගන්නට කටයුතු කොට මෙම මුසාවාදය තම මූලාශ‍්‍ර ග්‍රන්ථ වල කොටසක් බවට පත්කොට කටයුතු කිරීමෙන් මුළු බුදු දහම කෙරෙහිම තිබූ සුළු හෝ විශ්වාසය  සහමුලින්ම බිඳවැටෙන්නට හේතු සාධක වී තිබේ.
Advertisements