බෝධි සත්ව සංකල්පය තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන්

තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ  කරමින්,  තමන්  වෙත  ඇති  ඥාණයන්  පිලිබඳ  කල  සඳහන  ගැනද  විමසීමක්  කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති  දෙකක්……  මෙසේ  අනේක  ප්‍රකාර  වූ  පෙර  විසුම්  සිහිකරන  පූර්වේ  නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එA බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රි විද්‍යා ඥාණය  එම යුගයේ  අන්  අයටද  තිබූ  බව  ඉතාමත්ම  පැහැදිලි  කරුණකි.  මෙම  කරුණද  සත්‍ය  වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ.පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක. කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව  ගවේෂණයක  යෙදෙන්නට  ඉඩක්  නොමැත.  එසේම  විචාරයකට  ලක්කළ  හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය  උපයෝගී  කරගෙන  බුද්ධත්වයට  පෙර  547  වාරයක්  විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි. (ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල  පරිච්ඡේදයන්  පිළිබඳව  පැවසීම  අතිශයෝක්තියෙනුත්  අතිශයෝක්තියක්  බව  පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය  තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.

සිද්ධාර්ත උපතේදී සිදුවූ වාර්තාගත ආශ්චර්යමත් සිදුවීම් පිළිබඳව මතභේදාත්මක මත

සිද්ධාර්ත උප්පත්තිය පිළිබඳව ඇති දින වකවානු හා ස්ථාන පිළිබඳව මතභේදාත්මක මතයන්ට අමතරව උපතේදී සිදුවූ වාර්තාගත ආශ්චර්යමත් සිදුවීම් පිළිබඳව ඔබගේ අවධානය යොමුකරන්නට කැමැත්තෙමු’
සිද්ධාර්ත බෝසතුන් හා අනෙකුත් බෝසත් උප්පත්තියකදී සිදුවන පොදු ධර්මතාවයන් දීඝනිකායේ මහපදාන සූත‍්‍රයේ විස්තර කොට ඇති අයුරු පහත දක්වා ඇත්තෙමු’
01’ අඳුර දුරු වී මුළු ලෝකය පුරාම මහා එළියක් පැතිර යයි’
02’ සිව්වරම් දෙව්වරු බෝසත් මවට සතර දිග රැුකවල් යොදති
03’ පුතු පිළිසිඳ ගත් දින සිට බෝසත් මව තුළ සරාගික අදහස් පහළ නොවෙයි’ මව මනාව සිල් රකියි’
04’ බෝසත් පුතා මවට ලෙඩදුක් වැළදෙන්නේ නැත’ දරුවා කුසතුළ හොඳින් වැඩෙයි’
05’ බෝසත් පුරා දසමසක්ම මව්කුසතුළ සිටියි’
06’ බෝසත්වරයකු ඉපදී දින හතකින් මව මියගොස්  තුසිත දෙව්ලොව උපත ලබයි’
07’ බෝසත් මව හිටිවනම සිට දරුවා ප‍්‍රසූත කරයි’ පළමුව දරුවා දෙවියන් විසින් පිළිගනු ලැබේ’
08’ බෝසත් දරුවාගේ සිරුරෙහි මළමූත‍්‍රා කිසිවක් ගෑවෙන්නේ නැත’
09’ උපන් විගස බෝසත් කුමරු නහවන්නට උණු හා සීතල දිය දහර දෙකක් අහසින් වැටෙයි’
10’ බෝසත් කුමරු ඉපදුණු විගසම පියවර හතක් ඉදිරියට ගොස් සිංහ නාද කරයි’


බුද්ධ චරිත ග‍්‍රන්ථ රාශියක් කියාව බැලීමි’ විශේෂයෙන්ම අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් රචිත බුද්ධ චරිතයද” ඥාණමෝලී හිමි විසින් රචිත පාලි ත‍්‍රිපිටකයෙහි සඳහන් පරිදි බුද්ධ චරිතය නමැති ඉංග‍්‍රීසි ග‍්‍රන්ථය ද බෙහෙවින් පරිශීලනය කළෙමි’ විනය පිටකය හා සුත‍්‍ර පිටිකයට අයත් ග‍්‍රන්ථ සියල්ල පාහේ වසරකට අධික කාලයක් පරිසීලනය කළෙමි.අප පුදුම වන්නේ සියල්ල පරිසීලනය කොට පිටකාගත කරුණු නොසලකා හැරීම සම්බන්ධයෙනි’
සමහර විට ත‍්‍රිපිටකයේ සමහර කරුණු නූතන යුගයේ විද්‍යා හා තාක්ෂණ දියුණුව සමග නොසැසදෙන බව සිතා නොසලකා හැරීම එක් එක් දහම් කර්තෘවරුන් විසින් කරන්නට පටන් ගත්තේ නම් නියත වශයෙන්ම මුළු මහත් බුුදු දහම් සංකල්පයම අති මහත් බරපතල ගැටළුවකට වේ .’ ආචාර්ය නිශ්ශංකයන්ගේ පරිශීලනයට ලක්වූ බව සඳහන්ව අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් රචිත බුද්ධ චරිතය පිළිබඳව තවත් වැදගත් ග‍්‍රන්ථයක සඳහන් කරුණු ද ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’
ඞී’ ඒි ඇන් සේනාරත්න මහතා විසින් රචිත ඬඬබුදුන් නොවදාළ ධර්මඬඬ යන ග‍්‍රන්ථයෙහි සිද්ධාර්ත උත්පත්තිය ගැන සඳහන් කරුණු විමසා බලමු’ එයට පෙර මෙම ග‍්‍රන්ථය ගැන බෞද්ධ විද්වතුන් එම ග්‍රන්තයේම  දක්වා ඇති අදහස් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු‍්‍ර.
01’ දෙහිවල ඇන්ඩර්සන් පාරේ  බෞද්ධ සංස්කෘතික  මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තැන්පත් පූජ්‍ය කිරම විමලජෝති ස්ථිවරයන් වහන්සේ
“පොත ඉතා අඟනේය’ අඩංගුව ඇත්තේ බෙහෙවින්ම කාලෝචිත විමසිලිමත් විය යුතු අදහස් රැුසකි”
02’ මහාචාර්ය කාලෝ පොන්සේකා මැති තුමා’
“මෙය බැලූ බැල්මට පුදුම ඵලවන සුළු නමක් තිබෙන පොතකි’ මේ පොතේ අඩංගු කරුණු මේ ආකාරයට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නට නම් යමෙකුට අසමාන චිත්ත ධෛය_යක් තිබිය යුතුය”
03’ මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ගරු භාණ්ඩාගාරික යසපාල වනසිංහ මැතිතුමා “මෙම පොතෙන් පෙන්වා දී ඇති කරුණු බෙහෙවින් අගය කරමි’ මේ කරුණු ග‍්‍රන්ථාරූඪ කිරීමට දක්වා ඇති නිර්භීත භාවයද අගය කරමි’”
දැන් එම ග‍්‍රන්ථයේ සිද්ධාර්ත උත්පත්තිය පිළිබඳව දක්වා ඇති කරුණු විමසා බලමු’
“බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය හිමියන් 1928 දී දහම් පාසැල් සිසුන් සඳහා ලියූ බුද්ධ චරිතය පොතේ සිද්ධාර්ත කුමාරෝත්පත්තිය මෙසේ වර්ණනා කර ඇත’
බෝසතාණන් මවු කුසින් බිහිවුන හැටියේම හතර දෙනෙක් බ‍්‍රහ්මයෝ එතුමාණන් රන් දැලින් පිලිගත්හ’ ඔවුන්ගේ අතින් වරම් රජහුද ඔවුන් අතින් ඇමතියෝද පිළිගත්හ’ ඉන්පසු බෝසතාණන් බිමට බැස පියුම් පිට සත් පියවරක් වැඩ සත්වන පියරරෙහි සිට “” මම ලොවට අග‍්‍රවෙමි’ ජ්‍යෙෂ්ඨ වෙමි” ශ්‍රේෂ්ඨ වෙමි””  මේ මාගේ අන්තිම ඉපැත්මය’ දැන්මට පුනර්භාවයක් නැතැඬයි මධුර ස්වරයෙන් අභිත සාධු නාද කළහ’”
ආනන්ද මෛත‍්‍රිය හිමිගේ මෙම වර්ණනාවට අනුව පැන නගින ප‍්‍රශ්න කිහිපයක් වෙයි’ ඒවා නම් :-
01’ බ‍්‍රහ්මයෝ හතර දෙනා ගෙන ආ රන්දැල රනින් කළ දැලක් නම්” එය රන්වූවත් රිදී වූවත් වෙනත් ලෝහයක් වූවත් එම ලෝහ දැල් එවේලේ උපන් කුමරුන්ගේ ලපටි හම තුවාල නොකළේ ද? (රන්වන් පැහැති කපු නූලෙන් වියන ලද සිනිඳු සලූවක් වී නම් එය වෙනම කරුණකි)
02’ අලූත උපන් දරුවෙකු කෙලින් හිඳ ගැනීමට පවා මාස කිහිපයක් ගනියි නම් මෙම කුමරුවා ඉපිද විනාඩි කිහිපයකින් පොළොවට බැස ඇවිද්දේ ද?
03’ ගොහොරු මඬේ හටගන්නා පියුම් එක්වරම සල් උයන් තද පොළොව මත හට ගත්තේද?
04’ සිහින් නටුවකින් සමබර බව රඳවාගෙන තිබෙන මල මතට කුමරු පා තැබූ විට මල කඩා වැටුනේ නැද්ද?
05’ කුමරුන්ගේ මව්බස පාලි වුවද ඉපිද විනාඩි කිහිපයක් ඇතුලත ඬඬඅග්ගෝ හමස්මි’’’වැනි  ගාථාවක්  ශබ්ද නගා කීමට කුමරු සමත්වී ද?

මේ ප‍්‍රශ්නවලට ලැබෙන සරල පිලිතුර වනුයේ බුදු වීමට පහල වුන උත්තමයාගේ පින් මහිමයෙන් එම ආශ්චර්යමත් දේ සිදු වූ බවයි’ එවිට පැන නගින අතුරු ප‍්‍රශ්නය නම් එසේ නම් එවන් පින් මහිමයක් ඇති උත්තමයා ඉපිද සකල ක්ලේශයන් ප‍්‍රහීන කර ලොව්තුරා බුද්ධත්වයට පත්ව හතලිස් පස් වසරක් දෙවි බඹුන් සහිත සකල ලෝකයට ධර්මාවබෝධය සහ නිර්වාණාබෝධය කර පිරිනිවන් පාන විටද එවැනි ආශ්චර්යයන් සිදු නොවී උන්වහන්සේ දුබල මහලූ සාමාන්‍ය මිනිසෙකු මෙන් ලෙඩ දුක් වැළඳී වේදනා විඳ පිරිනිවන් පා වදාලේ ඇයි ? යන්නය’
අප කුඩා කල නම් ගුරුවරයා කියනා දෙය නිශ්ශබ්දව අසා සිටියා මිස ප‍්‍රශ්න කිරීමට එතරම් පෙළඹුනේ නැත’ එහෙත් වර්තමාන පරම්පරාව එසේ නොවේ’
එච්චර පුංචි බබා නැගිටලා ඇවිද්දේ කොහොමද? අපටවත් කියවන්න බැරි එම ගාථාව ඒ බබා කිව්වේ කොහොම ද?
අද ගුරුවරයාට ශිෂ්‍යයන්ගේ මෙවැනි ප‍්‍රශ්නවලට උත්තර දීමට සිදුවේ’ ඒ නිසාදෝ ක‍්‍රමක‍්‍රමයෙන් මෙම සාම්ප‍්‍රදායික අභව්‍ය වර්ණනා බුදු සිරිතෙන් ඉවත්වන බව පෙනේ’

බුදුදහම අනුව මුසාවාදයේ ආදීනව

දශ අකුශල කර්මයන්ගෙන් මුසාවාදය ඉතා භයානක පුද්ගල චරිත කිලිටි කරවන ක‍්‍රියාවක් ලෙස බුදු දහම සඳහන් කරයි. සම්මා වාචා, ආර්ය අෂ්ටාංගික මගෙහි ඉතා වැදගත් සංකල්පයකි. බුදුරදුන් කපිල නම් ඍෂිවරයෙක් (බෝසත්ව විසූ සමයෙහි චෙතිය නම් රජකුට බොරු කීමේ ආදීනව දක්වා ප‍්‍රකාශ කළ ගාථාවේ සංක්ෂිප්ත සිංහල අර්ථය පහතින් දී ඇත්තෙමු,
1. ආරක්ෂක දේවතාවෝ බොරු කියන්නන් හැරයති. මුවින් දුගඳක් විහිදේ. ස්වීය ස්ථානයෙන්ද හේ පිරිහෙයි.
2. සුදුසු කලට නො වස්නේය, අකාලයෙහි වස්නේය.
3. ඔහුට සර්පයන්ට මෙන් දෙදිවක් වන්නේය.
4. ඔහුට මත්ස්‍යයෙකුට මෙන් දිවක් නොවන්නේය.
5. ඔහුගේ පවුලෙහි ස්ත‍්‍රීහු උපදනාහ. පුරුෂයන් නූපදනාහ.
6. ඔහුට  පුත‍්‍රයෝ  නොවන්නාහ.  උපන්නාහුද  ඔවුහු  මාපියන්  හැර  එ්  එ්  තැන  යන්නාහ.  ඔහුට දරුවන්ගෙන් ප‍්‍රයෝජනයක් නොවන්නේය.
ඉහත දැක්වූයේ බුදුදහම අනුව මුසාවාදයේ ආදීනවයි. නමුත් මුසාවාදයම පදනම් කරගෙන බුදු දහම ගොඩ නඟත් නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව යැයි පවසා නිහක්‍ෂ වන්නට සිදුවෙනවා.
අද බුදු දහම වශයෙන් පවතින්නේ බුදුන්ගේ නමින් සකස් වූ වෙනත් යමක් බව පැහැදිලි කිරීමට මෙයට වඩා කරුණු අවශ්‍ය නොවන  බව  බුද්ධිමත්  ඔබට  අනිවාර්යයෙන්ම  පිලිගැනීමට  සිදුවෙනවා  නොවේද?
මෙවන්  විකෘත ඉගැන්වීමක් තුළින් ඔබගේ ජීවිතයේ ජය ලඟාකර ගැනීමට හැකිවේ යැයි පිලිගැනීමට හැකියාවක් තිබේද?

බෞද්ධ ත්‍රිපිටකයේ පොත් බුද්ධ ඝෝෂට අවශ්‍ය පරිදි විකෘති කර තිබේ

පෙර ආත්මය පිළිබඳව ඇතැම් පුද්ගලයන් ඉදිරිපත් කරන තොරතුරු වුව ද පරස්පර විරෝධතාවයන්ගෙන් යුතු වන අවස්ථා එමටයි’ බොහෝ විට මෙවන් තොරතුරු ඉදිරිපත් කරන අයට ප්‍රකාශ කළ හැක්කේ ද තමා ඊට කලින් සිටි එක් ජීවිතයක් සම්බන්ධ තොරතුරු වීමත් ගැටලූ සහගත වේ’
එසේම පෙර ජීවිතයේ පුද්ගලයා මළ අවස්ථාවේ සිට යළි උත්පත්තිය ලබන අවස්ථාව දක්වා ඇතැම් විට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් පිළිබඳ කිසිදු තොරතුරක් ඉදිරිපත් කරන්නට පෙර ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිකරන්නන් අසමත් වී ඇත’ පුනරුත්පත්ති තොරතුරු පූර්ණ පැහැදිලි තාවයකින් තොර බව මෙවන් සිද්ධීන්ගෙන් තහවුරු වේ’විවිධ අධිමානකික මාර්ගයන් ඇසුරෙන් පෙර ආත්මය පිළිබඳව ගෙනෙන තොරතුරු ද විශ්වාසයෙන් තොර බව සැලකේ’ විශේෂයෙන් මෙවන් ඥානමාර්ග ආත්මීය ස්වරූපයක් ගන්නා බැවින් එමගින් ඉදිරිපත් කෙරෙන තොරතුරු පිළිගැනීමට නොහැකි බව විරුද්ධ මත ධාරීහූ පෙන්වා දෙති’
බෞද්ධ චින්තනය තුළ අතීන්ද්‍රිය ප්‍රත්‍යක‍ෂය මත පුනරුත්පත්තිය සම්බන්ධව ගෙනෙන තොරතුරු ද මෙහි දී පරීක‍ෂාවට භාජනය කළ යුතු තත්ත්වයකට පත් වේ’ කෙසේ වෙතත් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හෝ වෙනත් ගුප්ත ඥානමාර්ග ආත්මීය පදනමක් මත ගොඩ නැගෙන හෙයින් ඒ මත පුනරුත්පත්තිය සම්බන්ධව ගෙනෙන තොරතුරු පිළිගැනීම ද දුෂ්කර බව පෙනේ’
(දාර්ශනික ගැටලූ – පිටු 159-159) නූතන බුදු දහම මුහුණ පා ඇති අති භයානක ඛේදවාචකය විග්‍රහ කරන ලිපියක් චිත්ත ධර්ම විධ්‍යා සඟරාවේ 2007 අප්‍රේල් කලාපයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු’ අද පවතින බුද දහම බුද්ධ භාෂිත දේශනයන් මත පදනම් වී නොමැති බවට හා එය සැබැවින්ම බ්‍රාහ්මණ හා හින්දු සිද්ධාන්තයන් උගන්වන දහමක් බවට පරිවර්තනය වූ ආකාරය මෙතුළින් ඉතා හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වන්නේය’ වාණිජ කරනයට පත් වී ඇති නූතන බුදු දහම පිළිබඳව එහි භාරකාරයින් නිහැඩිZයාවෙන් කටයුතු කරන්නේ ඇයි ද යන්න අපට ප්‍රහේලිකාවකි’ සමහර විට දැනට බුක්ති විඳින සැප සම්පත් අහිමි වී යයිදෝ යන බියෙන් මුණිවත රකිනවා විය හැකිය’ නමුත් මෙතුළින් දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයින්ව නොමඟ යැවීමට කටයුතු කිරීම ඉතා අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියාවකි’ විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වයි’ එම් ගුණපාල යාපා මහතා ලියා ඇති එම ලිපිය පහතින් උපුටා දක්වා ඇත්තෙමු’
ත්‍රිපිටකයට අයත් පොත් 2580 පාලි භාෂාවෙන් ලිව්වේ බුද්ධ ඝෝෂ හා ඔහුගේ අනුගාමික හතරවේදය උගත් හින්දු බමුණන් විසිනි’ හෙළ බසින් එදා තිබූ කුරුන්ද අටුවාව පච්චරී අටුවාව හා මහා අටුවාව යන පොත් තුනක ලියා තිබූ බුද්ධ ධර්මය ආශ්‍රය කරගෙනය” ඔවුන් එම පරිවර්තනය සිදු කළේ එම පරිවර්තනය ගැන මා විස්තරයක් 2005 මැයි ච්ත්ත ධර්ම විද්‍යා සඟරාවේ 14 වැනි පිටුවේ ද 2005 ජූනි සඟරාවේ 18 වැනි පිටුවේ ද බුද්ධ බමුණු මහා සටන යන ලිපියෙන් විස්තර කර ඇත’ එය නැවත  කියවා බලන්න’
බුද්ධ ඝෝෂ විසින්” නියම බෞද්ධ ත්‍රිපිටකයේ තිබූ නිවන් මඟ හා අභිධර්මය විකෘති කොට” ඊට හින්දු අභිධර්මය ඇතුළත් කොට” පාලි භාෂාවෙන් නව ත්‍රිපිටකය ලිව්වේය’ එවකට මහා විහාරයේ සිටි බෞද්ධ හිමිවරුන් හෙළ බසේ කෙළ පැමිණි අය වූවත්” පාලි භාෂාවේ මහා දැනුමක් ඇති අය නොවූහ’ එබැවින් විකෘතිකොට පරිවර්තනය කළ ත්‍රිපිටකය හිස් මුදුනින් පිළිගත්හ’ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ භාෂාව වූ පාලි භාෂාවෙන්ම බුද්ධ ධර්මය උගන්වන්නටත් ඉගෙන ගන්නටත් කැමැතිවූ අප සංඝරත්නය” හෙළ බසින් රචනා කර තිබූ මහා අටුවාව පච්චාරී අටුවාව හා කුරුන්දි අටුවාව නූගන්වා නොසලකා හරින ලදී’ බුද්ධ ඝෝෂ කළ හරිය හොඳින් දන්නා සිවුරු පොරවාගෙන පාලි ඉගැන්වීමේ යෙදී සිටි බමුණෝ මහා විහාරයේ තිබූ පැරණි හෙළ අටුවා ග්‍රන්ථයෝ ක්‍රමක් ක්‍රමයෙන් විනාශ කර දැමූහ’ ඔවුන් එසේ කළේ යම් විධියකින් අනාගතයේ දී වත් බුද්ධ ඝෝෂ කළ ඒ මහා වංචාව හෙළිවේය යන සැකයෙනි’  ලක්දිව හෙළ බසින් තිබූ අටුවා තුන (ග්‍රන්ථ තුන) මහා ග්‍රන්ථ 2580ක් කොට ත්‍රිපිටකය ලියා ඇත එයින්ම ඔබට පෙනෙනවා ඇති” කොතෙක් හින්දු මිථ්‍යා ධර්මය මෙම ත්‍රිපිටකයට ඇතුළත් කර ඇද්ද කියා’
ත්‍රිපිටකයට අයත් මේ 2580 ක් වන සියලූම පොත් බුද්ධ ඝෝෂට අවශ්‍ය පරිදි විකෘති කර ඇත’ එහෙත් ඔහුට විකෘති කළ නොහැකි වූ ධර්ම පාඨ කීපයක් පමණක් ධම්ම පදයේ සඳහන් වේ එම ධර්ම පාඨ එවකට ලක්දිව සිටි භික්ෂූන් වහන්සේලාට බුද්ධ වචනය වූ පාලියෙන් කටපාඩම් තිබූ ඒවාය’ ඒවා විකෘති කළොත් අසුවන නිසා ඒවා එසේම ධම්ම පදයට ඇතුළත් කර ඇත’ එම ගාථාවලින් පිරිසිදු ථෙරවාදී බුදු දහම කවරේ දැයි අපට අවබෝධ කරගත හැකිය’ එවැනි එක් ධර්ම කොටසක් ධම්ම පදයේ බුද්ධ වර්ගයට අයත් කොටසේ දහවැනි එකොළොස්වැනි හා දොළොස්වැනි ගාථාවලින් දැක්වේ’ ඉන් 10 වැනි ගාතාව මෙසේය:-
බහුංවේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම – රුක්ඛ – චෙත්‍යානි
මනුස්සා භය තජජිතා
එහි අර්ථය: බියෙන් තැතිගත් මිනිස්සු පර්වත කැලෑ ආරාම ගස්” චෛත්‍යයන් බොහෝ සෙයින් සරණ කොට යති’ මෙහි චෛත්‍ය යනුවෙන් දැක්වෙන්නේ ත්‍රිවිධ චෛත්‍යයටමය’ ත්‍රිවිධ චෛත්‍ය යනු ශාරීරික චෛත්‍යය” උද්දේශික චෛත්‍යය” පාරිභෝගික චෛත්‍යය යන චෛත්‍යය තුනය’ ශාරීරික චෛත්‍යය කියන්නේ ධාතුවලටය’ පාරිභෝගිත චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරිභෝජනය කරන ලද බෝ ගස් ආදියටය’ උද්දේශික චෛත්‍ය කියන්නේ පිළිම ආදියටය’ එහි එකොළොස් වැනි ගාථාව දෙසත් බලන්න’
නෙතං ඛො සරණං ෙඛමං
නෙතං සරණ මුක්තමං
නෙතං සරණ මාගම්ම
සඛ්ඛ දුක්ඛා පමුච්චති
එහි තේරුම: මේ කිසි සරණයක් බිය රහිත නොවේ’ උතුම් ද නොවේ’ මේ කිසිම සරණයකට පැමිණ සියලූ දුකෙන් මිදෙන්නට බැරිය’ බුදු දහමේ එක් වැදගත් අංගයක් වූ පන්සීය පනස් ජාතක කථා හා එයට ඈඳුනු පුනරුත්පත්තිය පිළිබඳ විචාරාත්මක දැක්මක් ඉහතින් ඔබ වෙත ගෙන හැර දක්වා ඇත්තෙමු’
විචාර බුද්ධියට උරුමකම් කියන එකම සත්වයා වූ මිනිසා මෙම කරුණු කෙරෙහි තම විචාරය උපයෝගි කරගෙන සත්‍යය අසත්‍යය කුමක් ද යන්න තර්කානුකූලව දැනගෙන කටයුතු කරයි කියා විශ්වාස කරන්නෙමු’

 

පුනරුත්පත්තිය,පුනර්භවය හා මූලික බෞද්ධ ඉගැන්වීම්

ජාතක පොත ලියා ඇත්තේ ධර්මය තුන්වන අරමුණ ලෙස තබාගෙන පුනරුත්පත්තිය ගැන විශ්වාසය කාවැද්දීමට බව පැහැදිලි වේ’’ (පිටු ඩ-ඩස )ඉහත අදහස් තුළින් මතුවන එක් වැදගත් කරුණක් විමසුමට ලක්කොට අන් කරුණු සාකච්ඡා කරමු’ බෝධිසත්ව සංකල්පය මෙන්ම අනිකුත් මූලික බෞද්ධ ඉගැන්වීම් හා ඉතා තදින් බැඳී ඇති කරුණකි .පුනරුත්පත්තිය නැතිනම් පුනර්භවය’ පුනර්භව සංකල්පය බිඳ වැටේ නම් හෝ එය පසුකාලීනව එකතු කරන ලද්දක් බව සනාථ වන්නේ නම් නූතන බුදු දහම නියතවශයෙන්ම අසීරුතා රාශියකට මුහුණ දෙන්නේය’
අප වෙත සිදුවන බොහෝ හොඳ හෝ නරකවලට විද්‍යානුකූල හේතූන් සොයා ගැනීමට අපොහොසත් වූ යුගවල පෙර ආත්මවල කරන ලද පින්පව්වල විපාක බව දැක්වීමට සිදුවිය’ කණගාටුවකට මෙන් මෙරට මෙවැනි මිථ්‍යා මත තවමත් පවතියි’ මිනිසෙකු අකුණු සැරයක් වැදී මැරුණ විට එය ඔහුගේ පූර්ව කර්මය යයි සිතන්නෝ බහුලව සිටිති’ එහෙත් ගහකට අකුණක් වැදුණ විට එය ගැන නිශ්ශබ්දව සිටිති
අප කවුරුත් ගරු කරන එක් රාජකීය පණ්ඩිත ස්වාමීන් වහන්සේ නමක් ගුවන් විදුලිය හරහා දේශනා කරන බණක
එක් සත්ගුණවත් පවුලකට හිස් (ඔළු) දෙකේ ළමයෙක් ලැබුණේ ගන්ධබ්බයා ගෙන ආ කර්ම බලය නිසා යැයි පැවසූ බව බොහෝ දෙනෙකු අසා ඇත’ මෙයින් පුනර්භවය හා පූර්ව ජාති කර්ම ඔප්පු කළේය’ මෙහි දී නැගිය යුතු ප්‍රශ්ණයක් වන්නේ වට (කඳන්) දෙකේ පොල්ගස්වලට හිස්(වට) දෙකක් ලැබුණේ පූර්ව කර්ම බලය නිසා ද?
විද්‍යාඥයෝ මීට හේතුන් දකිති’ ළමයාට හෝ ගසට සිදුවූයේ එක සමාන සිදුවීම්ය’ වෛද්‍යවරු හා ජාන විද්‍යාඥයින් පවසන්නේ මෙය ජාන නිසා හෝ මව්කුස (හෝපොල් ගෙඩිය) තුළ ආබාධයක් නිසා බවය’ මෙසේ සලකන විට විද්‍යාවේ දියුණුවත් සමග අප එල්බ සිටි මිථ්‍යා විශ්වාස ක්‍රමයෙන් මිනිස් චින්තාවෙන් ඉවත් වන බව පෙනේ’
තවත් මේ සම්බන්ධ අප තුළ පවතින මිථ්‍යා මතයක් නම් අප හොඳ ආගමික ජීවිතයක් ගත කරන්නේ නම්” අපට සොර සතුරුකම් හෝ ආපදා සිදු නොවන බවය’ අප වරදක් නොකරන තෙක් අපට සිදුවිය හැකි කරදර අඩුවන බව සැබෑය’ එහෙත් හදිසි අනතුරු සහ සොර බිය ආදිය සිදුවිය හැකිය’ සොරුන් සොරකම් කරන්නේ භාණ්ඩ අයිතිකරුවාගේ හොද නරක සොයා නොවේ’ පූජනීය ස්ථාන පවා සොරුන් විසින් පැහැර ගනු ලැබේ’ සොරාගේ තණ්හාව බොහෝ විට මහා සොරකම්වලට හේතුවේ’ මහා පරිමාණ සොරකම් කරන්නේ ඒකාන්තයෙන්ම බලවත් තණ්හාව නිසාය’ ඒ අතර සුළු සොරකම් දිළිඳුකම නිසාද ඇතිවිය හැකිය’ තම ළමයින්ට හා පවුලට ආහාර නැති වූ විට අසල ගෙවත්තක තිඛෙන කෙසෙල් කැන සොරා කපා ගනියි’ එහි අයිතිකරුගේ ගුණ යහපත්කම ගැන නොසලකයි’ පූර්ව කර්ම නිසා තමාට මේ දේ සිදුවනවා යයි සිතන්නෝ බොහෝය’ තවද අතීතයේ විසූ පාලකයින්ට අවශ්‍ය වූ පරිදි දිළිඳුකමින් පෙළෙන මිනිසා තාවකාලික සැනසීමකට පත් කිරීමට තමාගේ දුක තමා විසින් පූර්වේ කළ පව් නිසා යයි පවසමින් ඔහුටම ඊට වගකීම භාරකළා විය හැකිය’ දුක් විඳිනා මිනිසා බොහෝ විට පවසන්නේ ‘මේ මගේ කරුමය’ කියාය’ මේ තත්ත්වය අතීතයේ දී ප්‍රයෝජනවත් වූ ක්‍රමයකි’ එහෙත් වත්මන් සමාජය මේ කිසිම තර්කයක් පිළිගන්නා බවත් නොපෙනේ’ සමාජය දිළිඳුවූ විට පූර්ව ආත්මවලට දොස් කියන්නේ නැත’ දැන් රජයට විරුද්ධව වැඩ වර්ජන හා පෙළපාලි යන්නේ ඒ වෙනුවටය’ තමාගේ දිළිඳුකම ‘පෙර කර්මයයි’ සිතන්නේ නැත’ බොහෝ දෙනා නැතිකම නැති කිරීමට උත්සාහ ගනිති’
හෘද සාක්ෂිය මිනිසාට ඇතිවන්නේ ඔහු හොඳ නොහොඳ හඳුනන බැවිනි’ මෙය සත්ව ලෝකයේ දක්නට නැති තත්ත්වයකි’ සත්වයා වැරදි කරන බවක් එය (සත්වයා) නොදනියි’ එබැවින් එයට හෘද සාක්ෂියක්- නැත’ අශ්වයින් පව් නොකරන්නේ ඔවුන්ට හොඳ නරක නො තේරෙන බැවින් යැයි මාක් ට්වෙයින්පැවසුවේය’ අපගේ මාතෘකාවට අදාලව ‘බුද්ධවංස පුරාණය’ (ගොඩගේ ප්‍රකාශකයෝ) නමැති ග්‍රන්ථයේ දක්වා ඇති කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ ‘
බෝධිසත්ව සංකල්පය ද බුද්ධ වංශය විකාශනයෙහිලා ඛෙහෙවින් උපයෝගි කරගෙන ඇත’ බුදු බව පසක්කර ගැනීමට සමතිස් පෙරුම්දම් පුරන – බෝධිය හෙවත් බුදු බව ලබා ගැනීමෙහි ඇළුණු – නිරතවූ තැනැත්තා බෝධිසත්ව නම් වෙයි’ ඒ සඳහා අපරිමිත දීර්ඝ කාලයක් ගතකළ යුතු වෙයි’ එබඳු දීර්ඝ කාලීනව ගුණ නුවණ දෙක වර්ධනය කර ගැනීමේ උපරිම ඵලය ලෙස බෝධිසත්ව වරු බුදු බව පසක්කර ගනිති’ මෙම දීර්ඝකාලයෙන් බෞද්ධ රචකයන්ට ස්වකීය නිර්මාණ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථා සැලසිණ’ බුද්ධ චරිතය හා බෝධිසත්ව චර්යාව වටා වාග් විෂයාතික්‍රාන්ත වර්ණනා අතිශයෝක්ති බහුලව යෙදී ඇත්තේ ඒ හේතුවෙනි’ බෝධිසත්ව චර්යාව යනු තමන් අතට පත් නිවන් සුවය හැරදමා ලෝක සත්වයා කෙරෙහි උපන් මහා කරුණාවෙන් සසරට වැද දිගින් දිගට පාරමිතා ධර්ම සපුරාලීම පිළිබඳව පුරාවෘත්තයයි’ ඒ ඒ බුදුවරුන් හමුවන්නේ ද විවරණ ලබන්නේ ද මෙම බෝධි සම්භාර ධර්මයන් සපුරාගන්නා ඒ අති දීර්ඝ කාලය අතරතුරදීය’ මේ අවස්ථා මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම අටුවා හා ප්‍රකරණ සාහිත්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත’ ඒ පොත් පරිශීලනය කරන්නාට එය මනාව
තේරුම් ගත හැකිවෙයි’ එහෙත් මුලදීත් සඳහන් කළ පරිදි පැරණි තම පිටක ග්‍රන්ථයන්හි ඒ පිළිබඳව තොරතුරු අතිශයින් විරලය’ ජාතක කථා පුවත් ජනප්‍රියවත්ම මෙබඳු විසිතුරු වර්ණනා බහුලව නිර්මාණය වන්නට ඇතැයි සිතේ’