මෙහි ඇති අවිද්‍යාත්මක භාවය විස්තර කළ යුතු යැයි නොසිතන්නෙමු’ දහම අවිද්‍යාව මත ගොඩ නැගී ඇති විට එහි ඵල විපාක ගැන කුමක් පැවසීමට ඇතිද?
බුදු දහමේ වැදගත් ඉගැන්වීමක් වූ පටිච්ච සමුප්පදායට (හේතු ඵලවාදය) අනුව භවයක් ඇතිවීමට හේතු භූතවූ සාධක 12ක් දැක්වේ’
1’ අවිද්‍යාව නිසා සංස්කාර හෙවත් කර්ම චේතනා ඇතිවේ’
2’ සංස්කාර නිසා විඥාණ ද
3’ විඥාණ නිසා නාම රූප ද
4’ නාමරූප නිසා සළායතන ද
5’ සළායතන නිසා ස්පර්ශ ද
6’ ස්පර්ශ නිසා වේදනාව ද
7’ වේදනාව නිසා තෘෂ්ණාව ද
8’ තෘෂ්ණාව නිසා උපාදානය හෙවත් එල්බ ගැනීම ද
9’ උපාදානය නිසා භවය ද
10’ භවය නිසා පුනරුත්පත්තිය ද
11’ පුනරුත්පත්තිය නිසා ජාතිය ද
12’ ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් ද ඇතිවෙයි’
මෙම සංකල්පය සහමුලින්ම නිවැරදි හෝ විද්‍යාත්මක එකක් නොවේ’ නමුත් එහි පළවූ හේතුව වශයෙන් දක්වා ඇත්තේ අවිද්‍යාවයි’ දහමම අවිද්‍යාවේ උල්පත්වූ විට කුමන විග්‍රහයක් නම් යමෙකුට ඉදිරිපත් කිරීමට හැකිවන්නේ ද?
දෙවිදත් පොළොව පළාගෙන නරකයට ගිය බව බුදුන් වදාළ බව එකල සිට කීව ද අද බණට එය නොකියන්නේ මන්දැයි විමසීම වටී’ පොළොව යට නරකාදියක් නැති බව භූ විද්‍යාඥයෝ පෙන්වාදී ඇති බැවින් පාසැල්ලමයි එය දනිති’ බුද්ධ ඥාණයට එය නොපෙනුනේ කෙසේ ද?
පසු කාලවලදී පරලොව භය ඇති කිරීමට ගොතන ලද අසත්‍ය කථා ත්‍රිපිටකයට එකතු කර ඇති බව නොපෙනේ ද?
මජකඨිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ නරකාදියේ ගිනි දැල් ආදිය විස්තර කරයි’ එය සත්‍යයයි පිළිගන්නට නූතන යුගයේ කාහට නම් හැකිවන්නේ ද?
පන්සීය පනස් ජාතක විවරණය ග්‍රන්ථයේ කර්තෘ තම ග්‍රන්ථයේ දක්වන කරුණු දෙසට යළිත් ඔබගේ අවධානය යොමුකරවන්නට කැමැත්තෙමු’
පෙර සඳහන් කර ඇති අයුරු පන්සිය පනස් ජාතකයෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ පුනරුත්පත්තිය ගැන ඇති විශ්වාසය ඇති කිරීම හා ස්ථීර කිරීමය’
මෙය නිර්මල බුදු දහමට කොපමණ දුර එකඟ වේ දැයි දැන ගැනීම බෞද්ධ සියලූ දෙනා විසින් සලකා බැලිය යුත්තකි’ බුද්ධ ධර්මය යනු චතුරාර්ය සත්‍යයය’ සිදුහත් කුමරා ගිහිගේ හැරදා සයවසක් වැනි කාලයක් තුළ සෙව්වේ එකල සමාජයේ විසූ ජනතාව විඳින දුක හා ඉන් මිදීමට ඔවුන් මෝහයෙන් මුළාවී දෙවවරුන්ට යැදීමට ගත් උත්සාහයන් නිෂ්පල බව දැක දුක නැති කිරීම හා ඊට ගත යුතු මාර්ගය සෙවීම සඳහා ය’ එබැවින් උන්වහන්සේ සොයාගත් ධර්මය වූයේ දුක තේරුම් ගැනීම් (දුක්ඛ සත්‍යය) දුකට හේතුව දැන ගැනීම (සමුදය සත්‍යය) දුක නැති කිරීම හා ඉන් ලැඛෙන මානසික සුවය (නිරෝධ සත්‍යය) සහ දුක නැති කිරීමට ගත යුතු මාර්ගය (මාර්ග සත්‍යය) ය’ බුදු දහම සම්පූර්ණයෙන් මෙහි සම්පිණ්ඩනය වී ඇති බව පැහැදිලි වනු ඇත’ යම් කෙනෙකු ඊට වෙනස් යමක් කියා එය බුද්ධ දේශනාවයි කීම ද එය පිළිගැනීම වරදකි’ බුදුවරු වචන දෙකක් වදාරන්නේ නැත’ තවද ධම්මචක්ත පවත්තන සූත්‍රයෙහි උන්වහන්සේ වදාරන්නේ චතුරාර්ය සත්‍යය උන් වහන්සේ පිළිගන්නේ එය තුන් ආකාරයකින් පරීකෂා කිරීමෙන් පසුව බවයි’ එබැවින් එය සම්පූර්ණව බුදුන් වහන්සේ පිළිගත් සත්‍යය විණි’
චතුරාර්ය සත්‍යය මැනවින් අධ්‍යයනය කරන විට එහි පුනරුත්පත්තිය ගැන වචන මාත්‍රයක් වත් සඳහ් වන්නේ නැත’ මෙසේ නොදෙසූ පුනරුත්පත්තිය විස්තර කරමින් ජාතක කථා කියමින් බණ දෙසුවා යයි පවසන විට එය කාහට පිළිගත හැකි ද? බුදුරජාණන් වහන්සේ පන්සිය පනස් ජාතකය දේශනා නොකළ බව ඔප්පු කිරීම අපහසු කාර්යක් නොවේ’ එය මතු දැක්වේ’ එතෙක් චතුරාර්ය සත්‍යයේ පුනරුත්පත්තිය ගැන සඳහනක් පවා තිබේ දැයි පරීකෂා කිරීම මැනවි’
චතුරාර්ය සත්‍යයේ මුල් සත්‍යය වන්නේ දුක්ඛ සත්‍යය ය’ දුක්ඛ සත්‍යය විස්තර කරන උන්වහන්සේ ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ මෙසේ වදාරමින් ඉදංකොපන භික්ඛවේ දුක්ඛං අරිය සච්චං ජාතිපිදුක්ඛා ව්‍යාඨිපි දුක්ඛා ආදි වශයෙන් දේශනා කරමින් පෙන්වා දුන්නේ මිනිසා මෙලොවදී විඳින දුක පමණය’ නිරා දුක ප්‍රේතලෝක හෝ තිරිසන් අපා දුක් එහි සඳහන්ව නැත’ එවැනි ආත්මවලදී විඳීමට සිදුවන දුක මිනිස් ලොව පවතින මෙහි දක්වා ඇති දුකට වඩා උග්‍රය’ එහෙත් උන්වහන්සේ ඒ ගැන පවසා නැත’ එබැවින් සසර දුකක් ගැන දැක්වෙන්නේ නැත’ බුදුන් වහන්සේ නොදෙසූ සසර දුක ධර්මයට ඇතුළත් වූයේ කෙසේ දැයි දක යුතුය’ සමුදය සත්‍යය: දෙවන සත්‍යය දුකට හේතුව හෙවත් සමුදය සත්‍යයෙන් පෙන්වා ඇත්තේ යා යං තණ්හා පොනොභවිකා ආදි වශයෙන් නිතර ඇතිවන තණ්හාව මිස බොහෝ දේශකයින් පවසන අයුරු පෙර ආත්මවල යන අර්ථ නොවේ’යනු ඇතිවීම මිස උපත නොවේ’ බුදු දහමේ පුනර්භවය මිස පුනරුත්පත්තියක් නැති බව දැන් අප දේශකවරුන් පවා පවසන බව පෙනේ’
තවද පෙර ආත්මවල දී කරන ලද කර්මවල විපාක මෙලොව දී විඳින බව පොදු බෞද්ධ විශ්වාසය වුවද බුදුන් වහන්සේ එසේ දේශන කර නැත’ මෙකල විද්‍යාත්මක දැනුම අනුව වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මව්කුසදී කලලයෙහි හටගන්නා ශාරීරික හෝ මානසික දුබලතා ඇතිවීමට හේතුව මවගේ ක්‍රියා කාරකම් නිසා බවය’ ඇතැමි විට ජාන දෝෂ නිසා සිදුවන බව ද ඔවූහු කියති’ විද්‍යනුකූල දැනුමක් නොතිබුණ අතීතයේ මේ සියලූ අඩුලූහු~ුකම්වලට නියම හේතුව නොදත් බැවින් එය පූර්ව කර්මය යයි සිතූහ’ හිස් (ඔළු) දෙකක් ඇතිව උපන් දරුවෙකු ගැන කියන සුප්‍රසිද්ධ දේශකයාණන් කෙනෙක් පැවසුවේ ඒ ගන්ධබ්බයා ගෙන ආ
පූර්ව කර්මය බවය’ කඳන් දෙකේ පොල්ගස් ඇති වන්නේත් ගන්ධබ්බයා නිසාද යන ප්‍රශ්නය මතුවේ’ කණගාටුවකට මෙන් අප රට තවමත් තමන් නොදන්නා දේට කර්මය යයි සිතීමට පුරුදු වී ඇත’ හැම දුකකම මූලික හේතුව තණ්හාව බව බුදුන් වහන්සේ දේශනා කර තිඛෙන සත්‍යය ගැන මඳක් සිතන විට මේ සත්‍යය පැහැදිලි වේ’
දුක නැති කළ විට නිවන ලැඛෙන බව බුදු බණේ මූලධර්මයයි’ ලොව ප්‍රථම වතාවට හේතුඵල ධර්මය හෙවත් පටිච්ච සමුප්පදාය දෙසුවේ උන්වහන්සේය’ චුල සකුළුදායින් සූත්‍රයේ උන්වහන්සේ දෙසුවේ ඉමස් මිං සති ඉධංහෝති ආදි වශයෙන් ඒ දේ නිසා මේ දේ හටගනී’ ඒ දේ නැතිකල මේ දේ හට නොගනියි සියලූ දේටම හේතුවක් හෝ හේතූන් ඇත’ මේ දර්ශනය අනුව තණ්හාව නිසා දුක ඇතිවේ’ තණ්හාව නැති කළ විට දුක නැතිවේ’ එනම් නිවන ඇතිවේ’ බුදු සමයේ සහ ඊට පසු ඉන්දියාවේ බුදු දහම වැළඳ ගත්තේ එරට විසූ බ්‍රාහ්මණ (පසුව හින්දු) ආගමිකයන් බව අමතක කළ යුතු නොවේ’
ඔවුන් පරම්පරා ගණනාවක් තුළ අදහමින් සිටි පුනරුත්පත්තිය පහසුවෙන් අත හැරලීමට නුපුළුවන් විය’ බුදුන් ආත්මයක් නැතැයි පවසා තිබුණ බැවින් සූත්‍ර පිටකය සම්පාදනය කළ භික්ෂූන්ට ආත්මයක් තිබේ යැයි පැවසීමට නුපුළුවන් විය’ එබැවින් පුනරුත්පත්තිය ඇති වන්නේ චුති සිත තුළින් බව පෙන්වන්නට විය’ බුදුන් වහන්සේ මෙය ද ප්‍රතික්ෂේප කළ බව මහා නිදාන” මහා සුදස්සන සහ මහා පුන්නම ආදී සූත්‍රවල දැක්වේ’ එහි උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ විඤ්ඤාණය ඇතිවන්නේ නාම රූප මත මිස තනිව නොවන බවය’
පන්සිය පනස් ජාතකය මගින් පුනරුත්පත්තිය ගැන ලිවීමට පෙර සූත්‍ර පිටකයේ මහ සච්චක සූත්‍රය මගින් මේ අදහස ධර්මයට ඇතුළත් කිරීමට උත්සාහයක් ගෙන තිබේ’ එම සූත්‍රය අනුව ගෞතම තවුසා (බුදුවීමට පෙර නම) සියලූ කෙලෙස් නසා බුදු බව ලබන අවස්ථාවේ උන්වහන්සේගේ තියුණු පරිශද්ධ ඥානය මුලින් යොමු කළේ සය වසක් තුළ සෙවීමට මහන්සි වූ දුක නැති කිරීමේ කාර්යයට (චතුරාර්ය සත්‍යයට) නොව” උන්වහන්සේගේ පූර්ව ආත්ම දෙසටය’ (පුබ්බේ නිවාසනුස්සති ඥානය)’ ඉන්පසු චුතුපපාත ඥානය ද තමන් වහන්සේ සෙවීමට වෙහෙසවූ චතුරාර්ය සත්‍යයට නුවණ යොමු කළේ තුන් වනුවය’
චතුරාර්ය තේරුම් කර ගැනීමට හෝ යමෙකුට එය තේරුම් කර දීමට හෝ පුබ්බේ නිවානුස්සති ඥාණය අවශ්‍ය බවක් නොපෙනේ’ පස්වග තවුසන්ට ධම්මචක්ත පවත්තන සූත්‍රය මගින් ධර්මය තේරුම් කර දීමෙහිදී හෝ දෙවනුව ඔවුන් වෙත දේශනා කළ තිලක්ඛණ සූත්‍රයෙහි වත් මේකී ඥනයෙන් ඵලක් ගෙන නැත’ එබැවින් ධර්මය තේරුම් ගැනීමට එම ඥානය අවශ්‍ය නොවන බව පෙනේ’ එසේ නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය බුදුවන මොහොතේ ඉදිරියට ගැනීමට හේතුව මන්දැයි සිහි කටයුතුය’ පුබ්බේ නිවාසානුස්සති ඥානය මඟින් උන්වහන්සේ දුටු දේ දෙස බලන විට පාඨකයා පුදුමයට පත් කරයි’ එසේ දුටු දේ අතර මෙයද වෙති’ එනම් (මහා සච්චක සූත්‍රය ආදිය බලන්න’)
1’ උන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තුළ දඹදිව (ඉන්දියාව) හැර වෙන කිසිම රටක උපත ලබා නැත’ යටත් පිරිසෙයින් ලංකාවේ බුරුමයේ හෝ චීනයේ වත් ඉපදී නැත’
2’ ඉන්දියාව පොළොව මත මෙපමණ කල් තිබුණා ද? භූ විද්‍යාඥයින් පවසන්නේ මීට වසර මිලියන 65 කට පමණ පෙර පොළොව වශයෙන් තිබුණ ගොන්ඩ්වානා ලෑන්ඩ් නම් ගොඩබිම් ප්‍රදේශය කැඩී ඇමරිකා දෙක බටහිරට ද ඉන්දායාව වූ ගොඩබිම ප්‍රදේශය උතුරට ද ඔස්ටේ්‍රලියාව නැගෙනහිරට ද ගිය
බවය’- මේ මතයන් සාධක සහිතව විද්‍යාඥයෝ ඔප්පු කරති’ අප මේ මතය නොපිළිගන්නා වූවත් තුන්වන සැකයක් ද ඇති කරයි’
3’ මේ සාරාසංඛ්‍ය කල්පලකෂය තුළ බුදුවරු 28 නමක් වූහ’ උන්වහන්සේලා සියල්ලන්ට තිබුනේ පාලි (භාෂා) නම්ය’ දීපංකර කොණ්ඩඤඤර්‍ණ මංගල” සුමන ආදියෙහි සිට කකුසඳ” තෝණාගම සහ කාශ්‍යප දක්වා සියල්ලන්ට පාලි (භාෂා) නම් තිබිණ’ මෙය සිදුවූයේ කෙසේ ද? අදත් ඉන්දියාවේ පාලි භාෂාවක් නැත’ බුදුන් දවස තිබී අවුරුදු දෙදෙහසක් ඇතුළත මියගිය භාෂාවක් වූ පාළි භාෂාව එය කල්ප ගණනාවක් (අවුරුදු බිලියන සිය දහසක්) තුළ පැවතුනා යැයි කියන විට එය පිළිගත හැකි ද?
චතුරාර්ය සත්‍යයට පටහැනි යමක් තිබේ නම් එය බුද්ධ වචනය විය නොහැකිය’
මෙසේ බලන කළ බුදුන් වහන්සේ පුනරුත්පත්තිය දේශනා නොකළ ද එය දහමට ඇතුළු කිරීමට බලවත් උත්සාහයක් ගෙන ඇති බව පෙනේ’ ඛුද්දක නිකායේ ජාතක කථා නම්වූ පොත තරම් එම කාර්යය සාර්ථකව ඉටු කළ වෙනත් නිකායක් හෝ සූත්‍රයක් නම් නැතය’ මෙම පරිච්ඡේදය නිම කිරීමට පෙර පන්සීය පනස් ජාතක පොතේ දැක්වෙන ධර්මය ඉදිරිපත් කිරීමට යොදා ඇති කෙටි කථා ගැන සිත යොමු කරන විට පෙනී යන්නේ එම කථා විශාල සංඛ්‍යාවක් අද්භූත පිළිගත නොහැකි” මිථ්‍යා මනඃකල්පිත කථා බවය’ වෙස්සන්තර ජාතකය හැර අන් සියලූ කථාවලට සුළුවෙන් හෝ දීර්ඝව හෝ මෙවැනි කථා යොදා ගෙන තිබේ’
වෙස්සන්තර ජාතකය පමණක් මනුෂ්‍යයින් හැර වෙන කිසිවක් නැති එකම කථාවය’ එහි දෙවිවරු හෝ සත්වයෝ හෝ මැදිහත් වී නැත’ එහි අවිශ්වාස කළ හැකි කිසිවක් නැත’ සියලූ දුක් කරදර වින්දේ මිනිසුන් වශයෙනි’ එහෙත් අන් සියලූ කථාවල නානා විධ තිරිසනුන් හෝ දෙවිවරුන් කළ හෝ කී දේ සඳහන් වෙති’
එවැනි මැදිහත් වීමක් ඉතා කෙටියෙන් කුස ජාතකයේ ද පෙනේ’ එහි ඇත්තේ සීලවතී බිසවට ළමයින් ලැබීමට සහ කුස රජුට අෂ්ඨවංක මාණික්‍යයෙන් මුහුණ ශෝභාමත් කිරීම පමණයි’ නමුත් චම්පෙයිය” සංඛපාල සහ භුරිදත්ත ජාතකවල කථාවේ රඟ ම~ල නාගලෝකයය’ නාරජුන් පොළොවට ආවේ සිල් රැකීමටය’ තවත් කථාවල මුවෝ හංසයෝ බ්‍රහ්මදත්ත රජුණ බණ කියති’ (පන්සිය පනස් ජාතක විවරණය පිටු 219 – 225)
ඉහතින් උපුටා දැක් වූ කොටසින් මතුවන වැදගත් කරුණක් නම් බුදු දහමේ ඉගැන්වීම් තුළ පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නොමැති බවයි’ මෙවැනි ඉගැන්වීම් බ්‍රහ්මණ හා හින්දු ආභාෂය තුළින් පසුකාලීනව බුදු දහමට ඇතුළත් කර ඇති බවයි’ එම ග්‍රන්ථයේ කතුවරයා විග්‍රහ කර පෙන්වා දී ඇත්තේ’
මේ සම්බන්ධව තවත් විද්වතෙකු වූ කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳව මහාචාර්ය ධූරය හෙබවූ කුලසේන විදාන ගමගේ මහතා රචිත දාර්ශනික ගැටලූ නම් ග්‍රන්ථයේ ඉදිරිපත් කර ඇති කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු’
පුනරුත්පත්ති සංකල්පය තහවුරු කිරීම සඳහා ඉදරිපත් කෙරෙන විවිධ තර්ක ඇසුරෙන් වුව ද ඒ පිළිබඳ පැහැදිලි එකඟතාවයකට පත්වීම දුෂ්කර බව පෙනේ’ මේ සම්බන්ධ විරුද්ධ අදහස් දරන්නවුන් ඈත අතීතයේ පටන්ම විසූහ’ භෞතිකවාදි අදහස් දරණ චින්තකයින් මෙසේ පුනරුත්පත්තිය බැහැර කළ අය වෙති’ ඉන්ද්‍රිය ප්‍රතික්ෂයෙන් බැහැර කිසිවක් පිළිගැනීමට මැලිවන භෞතිකවාදීන් උක්ත සංකල්පය ද පාරභෞතික එකක් සේ සලකා බැහැර කළහ’ පුද්ගලයාගේ මේ ජීවිතයේ ඇතැම් දේවල් පැහැදිලි කර ගැනීම හෝ ඒ පිළිබඳව හේතූන් ඉදිරිපත් කිරීම අපහසු වුව ද ඒ සඳහා පෙර ආත්මයක් පිළිබඳ අදහසක් ඇති කර ගැනීම අනවශ්‍ය බව සමහරු පෙන්වා දෙති’ එවැන්නක් අදාළ ගැටලූවට පිළිතුරක් සැපයීමට වඩා එය තවදුරටත් ව්‍යාකූල කිරීමක් හැටියට මොවූහු සලකති’ කෙනෙකු තුළ පැවතිය හැකි දක්ෂතාවයන් ඔහු හැදෙන වැඩෙන පරිසරය ඇසුරෙන් ගොඩනැගිය හැකිය’ එසේම කෙනෙකුගේ කායික ලක්ෂණ මත ද ඇතැම් දේ පිළිබඳ දකෂතාවයන් ගොඩ නැගීමට හැකි බව ද පිළිගැනේ’ සහජ දක්ෂතාවයන් ඇතැම් අය තුළ පිහිටන බවට මනෝ විද්‍යාව සාක්ෂි දරයි’ එබැවින් මේ නාමයන් පැහැදිලි
කිරීම සඳහා පෙර ආත්මය පිළිබඳව අදහසක් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍ය තාවයක් නැති බව විරුද්ධ මතධාරීන් පෙන්වා දී ඇත’