තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ කරමින්, තමන් වෙත ඇති ඥාණයන් පිලිබඳ කල සඳහන ගැනද විමසීමක් කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති දෙකක්…… මෙසේ අනේක ප්‍රකාර වූ පෙර විසුම් සිහිකරන පූර්වේ නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එA බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රි විද්‍යා ඥාණය එම යුගයේ අන් අයටද තිබූ බව ඉතාමත්ම පැහැදිලි කරුණකි. මෙම කරුණද සත්‍ය වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ.පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක. කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව ගවේෂණයක යෙදෙන්නට ඉඩක් නොමැත. එසේම විචාරයකට ලක්කළ හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය උපයෝගී කරගෙන බුද්ධත්වයට පෙර 547 වාරයක් විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි. (ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල පරිච්ඡේදයන් පිළිබඳව පැවසීම අතිශයෝක්තියෙනුත් අතිශයෝක්තියක් බව පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.