දේවදූත සුත්ත වණ්නණා-දඹදිවෙහි දිග පළල

දේවදූත සුත්ත වණ්නණාවෙන් උපුටා ගෙන බුත්සරණ කර්තෘ දඹදිව සම්බන්ධව ඉදිරිපත් කරන කරුණුද ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමි.
’දඹදිව දිගින් පළලින් දසදහසක් යොදුන් (10000 x 16 = සැතපුම් 160000) පමණ ඇත්තෙ යැ, එහි සාරදහසක් යොදුන් (4000 x 16 = සැතපුම් 64000) පමණ තැන් මුහුදු වියැ. තුන්දහසක් යොදුන් (3000 x 16 = සැතපුම් 48000) පමණ තැන් මිනිසුනට නිවාස වියැ, නැවත තුන්දහසක් යොදුන් පමණ තැන් හිමාලය පව_තයට අවකාශ වී යැ’යි දත්තා වූ ’බුදුන් සරණ යෙමි’ බුත්සරණ යායුතු.’ (බුත්සරණ පිටු 55)

මුළු පෘථීවි තලය සමග බෞද්ධ දඹදිවෙහි දිග පළල සසඳා බලන ලෙස ඉල්ලීමට තරම් අමනෝඥ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අකැමැත්තෙමි. එය ඔබගේ බුද්ධිය කෙරෙහි කරන්නා වූ සරදමක් ලෙස හැෙඟන්නට ඉඩ ඇති නිසා එම අදහස අතහැර මා මවිතයට පත්වන්නේ කෙසේ නම් මෙවැනි කරුණු අඩංගු දහමක් තමන්ගේ විමුක්තිය උදෙසා කෙනෙක් තෝරා ගන්නේද යන්න ගැනයි.අවසාන වශයෙන් සුත්ත පිටකයේ මජ්ජිම නිකායේ (2) තේවිජ්ජවචිඡගොත්ත සූත්‍රයෙහි අඩංගු කරුණු ගැන විමසා බලමු.
“අප භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක විශාල මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන කල්හි දිනක් උදය කාලයෙහි විශාලා මහනුවර පිඩු සිඟා වැඩීම පිණිස නික්මුණු සේක. එ නුවර එක පුණ්ඩරික නම් පරිබ්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකයෙක් වාසය කරයි. භාග්‍යවතුන් වහන්සේ පිඩු සිඟීමට තවම කල් වැඩි හෙයින් එකී වච්ඡගොත්ත පරිබ්‍රාජකයා වාසය කළ ආරාමයට වැඩි සේක. එකල වච්ඡගොත්ත පිරිවැජියා උන්වහන්සේ සුහදව පිළිගෙන ආසනයක වඩා හිඳුවා තමන් මිටි අසුනක වාඩිවී මෙසේ ඇසීය.
’ස්වාමීනී ඔබ වහන්සේ සියල්ල දනිතියිද සියල්ල දකිතියිද යන එන නිදන නොනිදන හැමවිටම පවතින සර්වඥතා ඥානයන් ඇතැයිද මා විසින් අසන ලදී. මෙය ඇත්තක්ද නැතහොත් ඔබ වහන්සේට නින්දා කරනු පිණිස වෙනත් අය විසින් ගෙතූ බොරුවක්ද යන්න දැනගනු කැමැත්තෙමි” යනුයි.
’වච්ඡය,  ශ්‍රමණ  ගෞතම  තෙම සර්වඥය, සියල්ල  දනිති, සියල්ල  දකිති යන  එන  නිදන නොනිදන හැමවිටම පවත්නා සර්වඥතා ඥානයන් ඇත යනුවෙන් මා ගැන යමෙක් ප්‍රකාශ කෙරේ නම් එය මා විසින් කියන ලද්දක් නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙසේ කියති.’

ඕනෑම බෞද්ධ හෝ බෞද්ධ නොවන අයෙකුට කිසිම අයුරකින් ප්‍රශ්න කළ නොහැකි අයුරින් ඉතා පැහැදිලිව, සරලව හා ඍජුව ප්‍රකාශ කොට ඇති ඉහත අදහස්වලින් මතුවන්නේ කුමන ආකාරයක තත්වයක්ද යන්න විමසා බැලීම ඉතා වැදගත් වන්නේය. මෙයට ඉහත බෞද්ධ විද්වතුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ බුද්ධත්වය යනු සර්වඥතා ඥාණය ලැබීම යනුවෙනුයි. බුදුන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් වදාරා ඇති ඉහත කරුණු හේතු කොට ගෙන අද පවත්නා බුදු දහම හා බුද්ධත්වය පිළිබඳ සංකල්පයන් නිශ්චිත වශයෙන්ම වැරදි අවබෝධය හා විශ්වාසය මත පදනම් වූවක් බව පිළිගැනීමට ඕනෑම තරාතිරමක කෙනෙකුට සිදුවන බව අප අමුතුවෙන් කිව යුතු වන්නේ නැතැයි විශ්වාස කරන්නෙමු. මනඃකල්පිත අදහස්, ඓතිහාසිකව කිසිම පදනමක් නැති කතන්දර, අනේක අප්‍රමාණ පරස්පරයන්ගෙන් හා අවිද්‍යාත්මක භෞතික කරුණුවලින් ගහන නූතන බුදු දහම තමන්ගේ විමුක්තිය ළඟා කරගැනීමේ මාවත ලෙස තෝරා ගැනීමට පෙර නැවත නැවතත් සිතා බලන්නට අවශ්‍ය වන බව ඉහත සඳහන් සියළු කරුණු කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇතැයි අපි විශ්වාස
කරන්නෙමු. පාරම්පරිකත්වයෙන් මිදී දෙමව්පියන්ගෙන් උරුම වූ දහම හේතුකොටගෙන එ ගැන කරුණු නොවිමසා  අන්ධ  භක්තියෙන්  හා  අන්ධ  විශ්වාසයෙන්  යුක්තව  කටයුතු  කරන්නේ  නම්  අප අනිවාර්යයෙන්ම ඇද වැටෙන්නේ පතුල නොපෙනෙන අන්ධකාරය පිරී මහා අගාධයකටය. එසේ නොවී බුද්ධිමත්ව යථාර්තයෙන් හා විද්‍යානුකූලව සිතා බලා සත්‍යය හා අසත්‍යය කුමක්ද යන්න ඉතා පැහැදිලිව විමසා  බලා  නිගමනයකට  එළඹීමයි  අප  විසින්  අනිවාර්යයෙන්ම  කලයුතු  වන්නෙ.

සත් කුළ පවු -භෞතික ලෝකය පිලිබඳව බෞද්ධ මතය

මේ පිළිබඳව බෞද්ධ ශබ්ද කෝෂයේ (පිටු 1497 – 1498) ඉදිරිපත් කොට ඇති අර්ථ දැක්වීම සඳහන් කොට ඉන්පසුව විශුද්ධි මග්ගයේ සඳහන් විස්තර බුත්සරණ කර්තෘ ලියා ඇති ආකාරය ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මේ සියල්ල භෞතික ලෝකය පිලිබඳව බෞද්ධ මතය වන අතර යථාර්තවාදීව හා බුද්ධිමත්ව සිතා බලා මෙම කරුණු ගැන නිගමනයකට එනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.  භෞතික  ලෝකය ගැනවත් නිවැරදි හා විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරන්නට බැරි ඉගැන්වීමක් තුලින් නොපෙනෙන ලෝක ගැන හා මරණින් මතු ජීවිත පිළිබඳව දක්වන කරුණු කෙසේ නම් පිලිගන්නටද?
ඔබම සිතා බලන්න.’සත් කුළ පව්ව (සං. සප්තකුටපව_ත) මහමෙර වටා ක‍්‍රමයෙන් උස්වන සේ පිහිටා ඇති පර්වත සත, එ්වා යුගන්ධර ඊශධර, කරවික, සුදර්ශන, නේමින්ධර, විනතක, අශ්ව කරණ යන නම්වලින් හැඳින්වේ.v (බෞද්ධ ශබ්ද කෝෂය – පිටු 1497 – 1498)
දැන් විශුද්ධි මග්ගයේ කරුණු බුත්සරණයෙහි සඳහන් කොට ඇති අයුරු බලමු.
’තවද, සුගන්ධර පව_ත තෙමෙ සුවාසූදහසක් (84,000* පමණ යොදුන් උස ඇත්තෙ යැ. (84000×16 = සැතපුම් 1,344,000). ඉන් දෙසාළිස්දහසක් (42000) යොදුන් ගැලී සිටියෙ යැ. දෙසාළිස් දහසක් යොදුන් නැඟී සිටියෙ යැ, ඊෂධර පව_තය දෙසාළිස්දහසක් පමණ යොදුන් උස ඇත්තෙ යැ. ඉන් එක්විසිදහසක් (21000) යොදුන් පමණ ගැලී සිටියෙ යැ. එක්විසිදහසක් යොදුන් නැඟී සිටියෙ යැ, කරවීක පව_තය එක්විසිදහසක් පමණ යොදුන් උස ඇත්තෙ යැ. ඉන් දසදහස් පන්සීයක් යොදුන් පමණ  ැලී සිටියෙ යැ, දසදහස්පන්සීයක් යොදුන් නැඟී සිටියෙ යැ, සුදශ_න පව_තය දසදහස්් පන්සියක් පමණගයොදුන්  උස  ඇත්තෙ  යැ,  ඉන් පන්දහස්දෙසියපනස්  යොදුන්  පමණ  ගැලී  සිටියෙ  යැ, පන්දහස්දෙසියපනස් යොදුන් නැඟී සිටියෙ යැ, නෙමීන්ධර පව_තය පන්දහස්දෙසීයපනස් යොදුන් පමණ උස ඇත්තෙ යැ. ඉන් දෙදහස් සසියපස්විසි යොදුන් පමණ ගැලී සිටියෙ යැ, දෙදහස් සසියපස්විසි යොදුන් නැඟී සිටියෙ යැ, විනතක පව_තය දෙදහස් සසිය පස්විසි යොදුන් පමණ උස ඇත්තෙ යැ, ඉන් එක්දහස් තුන්සියදොළොස් යොදුන් දෙගවු පමණ ගැලී සිටියෙ යැ, එක්දහස්තුන්සියදොළොස් යොදුන්
දෙගවුවක් නැඟී සිටියෙ යැ, අශ්වකණ_ පව_තය එක්දහස්තුන්සිය දොළොස් යොදුන් දෙගවු පමණ උස ඇත්තෙ යැ, ඉන් සසියපනස් යොදුන් ගවුවක් පමණ ගැලී සිටියෙ යැ, සසියපනස්යොදුන් ගවුවක් නැඟී සිටියෙ යැvයි කියා තමන් ගෙ ඥානයෙන් සිරිසිඳැ දත්නා වූීබුදුන් සරණ යෙමි’
බුත්සරණ යායුතු – (බුත්සරණ. පිටු 43-44)

බුත්සරණ පැරණි, අවිද්‍යාත්මක විශ්වාසයන්

විද්‍යාත්මක දියුණුවත් සමඟ සොයාගත් කරුණු නොදැන පැරණි, අවිද්‍යාත්මක විශ්වාසයන් පදනම් කරගෙන  කල  ප‍්‍රකාශනයක්  බවට  සැකයක්  ඇතිවීමට  කොහෙත්ම  ඉඩක්  නොමැත්තේය.  විශුද්ධි මග්ගයෙන් බුත්සරණ කර්තෘ උපුටා දක්වන කරුණු කිහිපයක් ඔබගේ කියවීමේ රසය සඳහා ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු.

මහ මෙර’තවද මෙසෙ සිටි මෙලොවැ මහමෙර (මහාමේරු පර්වතය* සුවාසූ දහසක් (84,000* පමණ යොදුන් සාගරයෙහි ගැලී සිටියේයැ, සුවාසූදහසක් පමණ යොදුන් නැගී සිටියෙ යැ, අයමින් (දිගින්* සුවාසූදහසක් යොදුන් පමණ යැ, විතරින් (පළලින්* සුවාසූදහසක් යොදුන් පමණ යැ, එ මහමෙර පූර්වදිග් භාගය රිදීමය යැ, එසෙ හෙයින් එ මුහුණෙහි පෑ පතළ එ දිගැ මුහුදු දිය විරිවාපි රිදී සෙ සුදු යැ, එ මැ මේරුව (මහමේරුව* දකුණු මුහුණ ඉන්ද්‍රනීලමාණික්‍යමය යැ, එහෙයින් එ දිගැ මුහුදු දිය නිල්පැහැ වෙයි, එ මැ මහමෙර පශ්වීම දිශාව පබළුමය යැ, එහෙයින් එ දිගැ මුහුදැ දිය පබළුයෙහි පැහැ සෙ රතැ, එ මැ මෙර ගල උතුරු දිගැ මුහුණ රන්මය යැ එහෙයින් එ දිගැ මුහුදැ දිය රන්වන් පැහැ යැvයි කියා මෙසෙ අනුන් ගෙ උපදෙශයක් නැති වැ තමන් ගෙ බුද්ධීන් මැ පිරිසිඳැ දත්ීබුදුන් සරණ යෙමි”
බුත්සරණ යායුතු – බුත්සරණ – පිටු 43.

සීදන්ත සාගර

’තවද සුමෙරු (මහමෙර* යැ යුගන්ධරයැ යනාදී වූ පව_තනයන් අතුරෙහි මුහුද සීදන්ත සාගර නම් වි යැ. එහි පැන් මොනර පිලක් පවා ලාලූව ගැලී යන පමණ සියුම් බව ඇත්තෙ යැ, එහි සුමෙරු පව_තයෙහි සිටැ යුගන්ධර පව_තය අතුරෙහි සීදන්ත සාගරය සුවාසූදහසක් (84000 )යොදුන් පමණ පළල ඇත්තෙ යැ, යුගන්ධර පව_තයෙහි සිටැ ඊශධර පව_තය අතුරෙහි මුහුද දෙසාළීස්දහසක් (42000 )යොදුන්  පමණ  පළල  ඇත්තෙ  යැ,  ඊශධර  පව_තයෙහි  සිටැ  කරවීක  පව_තය  අතුරෙහි  මුහුද එක්විසිදහසක් (21000) යොදුන් පමණ පළල ඇත්තෙ යැ, කරවීක පව_තයෙහි සිටැ සුදශ_න පව_තය අතුරෙහි මුහුද දසදහස් පන්සීයක් යොදුන් පමණ පළල ඇත්තෙ යැ, සුදශ_න පව_තයෙහි සිට නෙමින්ධර පව_තය අතුරෙහි මුහුද පන්දහස්දෙසියපනස් යොදුන් පමණ පළල ඇත්්තෙ යැ, නෙමින්ධර පව_තයෙහි සිටැ විනතක පව_තය අතුරෙහි මුහුද දෙදහස්සසිය පස්විසි යොදුන් පමණ පළල ඇත්්තෙ යැ, විනතක පව_තයෙහි සිටැ අශ්වකර්ණ පව_තය අතුරෙහි මුහුද එක්දහස්තුන්සිය දොළොස් යොදුන් දෙ ගවු පමණ පළල ඇත්තෙ යැ, මෙහි සුමේරුව පිරිවරා සුගන්ධර පව_තය සිටියෙ යැ, සුගන්ධර පව_තය  පිරිවරා ඊශධර පව_තය සිටියෙ යැ, ඊශධර පව_තය පිරිවරා කරවීක පව_තය සිටියෙ යැ, කරවීක පව_තය පිරිවරා සුදශ_න පව_තය සිටියෙ යැ, සුදශ_න පව_තය පිරිවරා නෙමින්ධර පව_තය සිටියෙ යැ, නෙමින්ධර පව_තය පිරිවරා විනතක පව_තය සිටියෙ යැ, විනතක පව_තය පිරිවරා අශ්වකණ_ පව_තය සිටියෙ යැvයි ගුරු කෙනකුන් අතින් අසා නො දැනැ, ශාස්ත‍්‍රයක් බලා නො දැනැ, තමන්ගේ ස්වයම්භූඥානයෙන් දත්තා වූ ’බුදුන් සරණ යෙමිv බුත්සරණ යායුතු – (බුත්සරණ පිටු 44)