පුනරුත්පත්ති (පුනර්භව) සංකල්පය බුදුන් වහන්සේ විසින් දේශනා කල දෙයක් නොවේ

බුදුන් වහන්සේගේ කාලයේ පැවති සියළු ආගමික ඉගැන්වීම් තුළ තිබූ පුනරුත්පත්ති (පුනර්භව) සංකල්පය බුදුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද අතර” පසු කාලයේ දී මෙම පුනර්භව සංකල්පය බුදු දහම තුළට ඇතුළත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස ජාතික කතා ගොඩ නගා ගත් බවත් පැහැදිලි වන කරුණකි’ බෝධිසත්ව සංකල්පයද බුදුන් වහන්සේ දේශනා නොකරන ලද්දක් බව මුළු ත්‍රිපිටකයම පරිශීලනය කිරීමේ දී සනාථ වන කරුණකි’
1 මුළු මහත් ජාතක කතා එකතුවම එක්තරා ආකාරයක සුරංගනා කතා ශෛලියක් ගෙන ඇති අතර එය තහවුරු කරන එක් වැදගත් සාධකයකි බෝසතුන් එක් ආත්මයක දී කිඳුරෙක්ව ඉපදුන බව ප්‍රකාශ කිරීම’ කිඳුරා සම්බන්ධව අළුතින් කිවයුත්තක් නැතිමුත් එය උඩුකය මිනිස් රූපයකින් ද” යටිකය මත්ස්‍ය රූපයෙන් ද යුක්ත වූ සුරංගනා කථාවන් හි පමණක් සඳහන් වන සත්වයෙකි’ ජීවමාන කිඳුරෙක් පිළිබඳ හෝ වඳවී ගිය කිඳුරෙකුගේ ඇට සැකිලි පිළිබඳව කිසිම විද්‍යාත්මක සටහනක් නොමැත’
මුළු මහත් බෝධි සත්ව සංකල්පයට සුරංගනා කථාවක් බවට පත් කරවන්නට මෙයට වඩා සාක්ෂි හෝ සාධක අවශ්‍ය නොවන බව මධ්‍යස්ථව හිතන ඕනෑම අයෙකුට පිළිගත හැකිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු’
2 අවුරුදු මිලියන ගණනකට පෙර ජීවත් වී දැනට පොසිල් බවට පත්වී ඇති හා ජීවලෝකයෙන්වඳ වී ගොස් ඇති සතුන් විශාල ප්‍රමාණයක් ඇත’ ඒ කිසිම සතෙක් ලෙස බෝසතුන් ඉපදී නොමැත’බෝසතුන් ඉපදී ඇත්තේ දැනට අවුරුදු 2000 ඇතුළත ජීවත් වූ සතුන් ලෙසින් පමණයි’
3 අවුරුදු දෙදහසක් ඇතුළත කාලයේ භාවිතා කළ මිනිස් නම් අවුරුදු බිලියන ගණනකට පෙර එලෙසම භාවිතා කළ බව සඳහන් කර තිබීම පෙර යුගයන් පිළිබඳව දැනුමකින් තොරව කළ ප්‍රකාශ බව පිළිගන්නට සිදුවෙනවා’
4 කුල හා ජාති වශයෙන් ඛෙදී වෙන්වීම පිළිබඳව නිශ්චිත ඉතිහාසයක් ඇති බව මානව හා සමාජ විඳ්‍යාඥයින් සාක‍ෂි දරාවි’ අවුරුදු දෙතුන් දාහකට පෙර තිබූ කුල හා ජාති අවුරුදු බිලියන ගණනකට පෙර එසේම පැවිතියේ යැයි පැවසීම පෙර යුගයන් පිළිබඳව දැනුමකින් තොරව කළ ප්‍රකාශන බව පිළිගැනීමට සිදුවෙනවා’ බුදුන් දවස පැවති සමාජ ක්‍රමය පිළිබඳවත් නිවැරදි දැනුමක් ප’ප’ජා’ කතුවරයා හෝ කතුවරයින් දැන නොසිටි බවට විවිධ සාක‍ෂි ඇත’ මහා නාරද කාශ්‍යප ජාතකයේ ගුණ නමැති ආජිවකයා රැකිව්‍රතය විස්තර කරමින් එය නිඝණ්ඩ ධර්මයක් බව පවසයි’ මෙය මක්ඛලී ඝෝසාල නම් ආජීවකයාගේ ධර්මය බව කතුවරයා දැන නොසිටි බැවින් එය නිඝණ්ඩ ධර්මයක් බව කියයි’
5 අවුරුදු තුන් හාර දහසකට ඇතුළත් කාලය තුළ තිබූ සිරිත් විරිත්” නගර හා ගම් පිළිබඳ නම්” ජීවනෝපාය මාර්ගයන් කෙලෙස නම් අවුරුදු බිලියන ගණනකට පෙර එලෙසම පැවති බවට පැවසීම නොදැනුවත්කම පමණක් තම සුදුසුකම ලෙස ඇති අයෙකුගේ ප්‍රකාශ බවට අපට පිළිගන්නට සිදුවෙනවා’
6 ප’ප’ජා’ පොතේ ස්ත්‍රී වර්ගයා පිළිබඳ සඳහන් වන බොහෝ කථා ඇතත් ඔවුන් වෙනුවෙන් ම වෙන් වූ ජාතක කථා 16ක් තිබේ’ ඉන් 11ක් මඟින් ස්ත්‍රීන් පරිභවයට ලක් කරමින් ඔවුන් දුර්ජන කොට්ඨාශයක් බව පෙන්වා තිබේ’
7 විසි එක්වන සියවසේ ජීවත්වන අප දැවැන්ත විද්‍යාත්මක හා තාක්ෂණ දියුණුවක් අත් විඳින්නෙමු’ අවිද්‍යාව මුසුවූ කිසිම සංකල්පයක් හෝ අදහසක් පිලිගැනීමට මෙම යුගයේ ජනයා පොදුවේසූදානම් නැත’ අවිද්‍යාව යනු යම් කිසිවක් සත්‍ය ලෙස” යථාර්ථවාදී ලෙස ඇත්ත ඇති සැටියෙන්ම නොදැකීමයි’ සෙඳහි ඇති ආවාට පසලොස්වක දිනයේ අප දකින්නේ ආසන්න වශයෙන් හාවෙකුගේ රූපයක් මෙනි’ මේ සම්බන්ධව සස ජාතකය (313) විග්‍රහ කරන ආකාරය පළමුව ඔබට ඉදිරිපත් කොට පසුව ඒ පිළිබඳව විමසුමක් කරමු’
යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත රජ සමයේ අප මහා බෝසතාණෝ සාවකුව ඉපිද තම මිතුරන් තිදෙනෙකුවූ මස්කාවා” සිවලා සහ වඳුරා සමඟ වසන කල සිව්දෙනා පොහොයට සිල් රැකීමට ගිවිස ගෙන සිටියහ’ සස (හාවා) පණ්ඩිතයින් පොහොය දින වැළඳීම සඳහා හී තණ සුඟක් රැස්කොට තබා සිල් රකින විට ශක්‍ර දෙවිඳු ඔහුගේ සිල් පිරික්සීම සඳහා බමුණු වෙස්ගෙන සාවා සිල් රකින තැනට පැමිණ අහරට යමක් ඉල්ලීය’ ඒ අසා බෝධිසත්වයන් මහා සොම්නසට පැමිණ එම්බල බමුණ තටදීලන්ට මාගේ උඳු මුං සාල් තෙල් ආදී වූ කිසිවක් නැත’ අද මම පෙර මා විසින් නුදුන් විරූ දනක් තට දෙමි’ තොපි වනාහි පෙහෙවන තැනැත්තන් හෙයින් ප්‍රාණ වධ නොකරන්නා වේද” තොපි දර කඩා රැස්කොට ගිනි මොළවා අගුල් බස්වා මට කියාලව” මම මාගේ ආත්ම දානය තට පමුණුවලා අගුරට පැන මියෙමි’ මගේ ශරීර මාංශ පැලහී ගිය කල මා අනුභව කොට බ්‍රහ්මචාරීව රැක මහණ දම් පුරා මේ වනයේ වසවයි වදාළ සේක’ ශක්‍රයා ඔහුගේ බස් අසා ගිනි මොළවා ඔහුට දැන්වූ විට තම සිරුරෙහි සිටින කිනිතුල්ලන් ආදී හීන්සත්වයන් ඇත්නම් එවුන් නොමියෙත්වායි සිතා සතුටු සිත් ඇතිව අගුරු මුදුනට පැනපු සේක’ ගින්නට
වැටීමට පෙර ඔහු අල්ලාගත් ශක්‍රයෝ සස පණzඩිතයන් වහන්සේ තිරිසන්ව කළාවූ අරුමය සියල්ලන්ට පෙනෙනු සඳහා සසරුව සඳම~ලෙසි ඇඳ දෙව්ලොවට පෙරළා ගියේය’සෙඳහි ස්වාභාවික ආවාට නිසා ආසන්න ලෙස පෙනෙන හාවෙකුගේ රූපය හා බැඳි ජාතක කථාවයි මෙය.