පුනරුත්පත්තිය,පුනර්භවය හා මූලික බෞද්ධ ඉගැන්වීම්

ජාතක පොත ලියා ඇත්තේ ධර්මය තුන්වන අරමුණ ලෙස තබාගෙන පුනරුත්පත්තිය ගැන විශ්වාසය කාවැද්දීමට බව පැහැදිලි වේ’’ (පිටු ඩ-ඩස )ඉහත අදහස් තුළින් මතුවන එක් වැදගත් කරුණක් විමසුමට ලක්කොට අන් කරුණු සාකච්ඡා කරමු’ බෝධිසත්ව සංකල්පය මෙන්ම අනිකුත් මූලික බෞද්ධ ඉගැන්වීම් හා ඉතා තදින් බැඳී ඇති කරුණකි .පුනරුත්පත්තිය නැතිනම් පුනර්භවය’ පුනර්භව සංකල්පය බිඳ වැටේ නම් හෝ එය පසුකාලීනව එකතු කරන ලද්දක් බව සනාථ වන්නේ නම් නූතන බුදු දහම නියතවශයෙන්ම අසීරුතා රාශියකට මුහුණ දෙන්නේය’
අප වෙත සිදුවන බොහෝ හොඳ හෝ නරකවලට විද්‍යානුකූල හේතූන් සොයා ගැනීමට අපොහොසත් වූ යුගවල පෙර ආත්මවල කරන ලද පින්පව්වල විපාක බව දැක්වීමට සිදුවිය’ කණගාටුවකට මෙන් මෙරට මෙවැනි මිථ්‍යා මත තවමත් පවතියි’ මිනිසෙකු අකුණු සැරයක් වැදී මැරුණ විට එය ඔහුගේ පූර්ව කර්මය යයි සිතන්නෝ බහුලව සිටිති’ එහෙත් ගහකට අකුණක් වැදුණ විට එය ගැන නිශ්ශබ්දව සිටිති
අප කවුරුත් ගරු කරන එක් රාජකීය පණ්ඩිත ස්වාමීන් වහන්සේ නමක් ගුවන් විදුලිය හරහා දේශනා කරන බණක
එක් සත්ගුණවත් පවුලකට හිස් (ඔළු) දෙකේ ළමයෙක් ලැබුණේ ගන්ධබ්බයා ගෙන ආ කර්ම බලය නිසා යැයි පැවසූ බව බොහෝ දෙනෙකු අසා ඇත’ මෙයින් පුනර්භවය හා පූර්ව ජාති කර්ම ඔප්පු කළේය’ මෙහි දී නැගිය යුතු ප්‍රශ්ණයක් වන්නේ වට (කඳන්) දෙකේ පොල්ගස්වලට හිස්(වට) දෙකක් ලැබුණේ පූර්ව කර්ම බලය නිසා ද?
විද්‍යාඥයෝ මීට හේතුන් දකිති’ ළමයාට හෝ ගසට සිදුවූයේ එක සමාන සිදුවීම්ය’ වෛද්‍යවරු හා ජාන විද්‍යාඥයින් පවසන්නේ මෙය ජාන නිසා හෝ මව්කුස (හෝපොල් ගෙඩිය) තුළ ආබාධයක් නිසා බවය’ මෙසේ සලකන විට විද්‍යාවේ දියුණුවත් සමග අප එල්බ සිටි මිථ්‍යා විශ්වාස ක්‍රමයෙන් මිනිස් චින්තාවෙන් ඉවත් වන බව පෙනේ’
තවත් මේ සම්බන්ධ අප තුළ පවතින මිථ්‍යා මතයක් නම් අප හොඳ ආගමික ජීවිතයක් ගත කරන්නේ නම්” අපට සොර සතුරුකම් හෝ ආපදා සිදු නොවන බවය’ අප වරදක් නොකරන තෙක් අපට සිදුවිය හැකි කරදර අඩුවන බව සැබෑය’ එහෙත් හදිසි අනතුරු සහ සොර බිය ආදිය සිදුවිය හැකිය’ සොරුන් සොරකම් කරන්නේ භාණ්ඩ අයිතිකරුවාගේ හොද නරක සොයා නොවේ’ පූජනීය ස්ථාන පවා සොරුන් විසින් පැහැර ගනු ලැබේ’ සොරාගේ තණ්හාව බොහෝ විට මහා සොරකම්වලට හේතුවේ’ මහා පරිමාණ සොරකම් කරන්නේ ඒකාන්තයෙන්ම බලවත් තණ්හාව නිසාය’ ඒ අතර සුළු සොරකම් දිළිඳුකම නිසාද ඇතිවිය හැකිය’ තම ළමයින්ට හා පවුලට ආහාර නැති වූ විට අසල ගෙවත්තක තිඛෙන කෙසෙල් කැන සොරා කපා ගනියි’ එහි අයිතිකරුගේ ගුණ යහපත්කම ගැන නොසලකයි’ පූර්ව කර්ම නිසා තමාට මේ දේ සිදුවනවා යයි සිතන්නෝ බොහෝය’ තවද අතීතයේ විසූ පාලකයින්ට අවශ්‍ය වූ පරිදි දිළිඳුකමින් පෙළෙන මිනිසා තාවකාලික සැනසීමකට පත් කිරීමට තමාගේ දුක තමා විසින් පූර්වේ කළ පව් නිසා යයි පවසමින් ඔහුටම ඊට වගකීම භාරකළා විය හැකිය’ දුක් විඳිනා මිනිසා බොහෝ විට පවසන්නේ ‘මේ මගේ කරුමය’ කියාය’ මේ තත්ත්වය අතීතයේ දී ප්‍රයෝජනවත් වූ ක්‍රමයකි’ එහෙත් වත්මන් සමාජය මේ කිසිම තර්කයක් පිළිගන්නා බවත් නොපෙනේ’ සමාජය දිළිඳුවූ විට පූර්ව ආත්මවලට දොස් කියන්නේ නැත’ දැන් රජයට විරුද්ධව වැඩ වර්ජන හා පෙළපාලි යන්නේ ඒ වෙනුවටය’ තමාගේ දිළිඳුකම ‘පෙර කර්මයයි’ සිතන්නේ නැත’ බොහෝ දෙනා නැතිකම නැති කිරීමට උත්සාහ ගනිති’
හෘද සාක්ෂිය මිනිසාට ඇතිවන්නේ ඔහු හොඳ නොහොඳ හඳුනන බැවිනි’ මෙය සත්ව ලෝකයේ දක්නට නැති තත්ත්වයකි’ සත්වයා වැරදි කරන බවක් එය (සත්වයා) නොදනියි’ එබැවින් එයට හෘද සාක්ෂියක්- නැත’ අශ්වයින් පව් නොකරන්නේ ඔවුන්ට හොඳ නරක නො තේරෙන බැවින් යැයි මාක් ට්වෙයින්පැවසුවේය’ අපගේ මාතෘකාවට අදාලව ‘බුද්ධවංස පුරාණය’ (ගොඩගේ ප්‍රකාශකයෝ) නමැති ග්‍රන්ථයේ දක්වා ඇති කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ ‘
බෝධිසත්ව සංකල්පය ද බුද්ධ වංශය විකාශනයෙහිලා ඛෙහෙවින් උපයෝගි කරගෙන ඇත’ බුදු බව පසක්කර ගැනීමට සමතිස් පෙරුම්දම් පුරන – බෝධිය හෙවත් බුදු බව ලබා ගැනීමෙහි ඇළුණු – නිරතවූ තැනැත්තා බෝධිසත්ව නම් වෙයි’ ඒ සඳහා අපරිමිත දීර්ඝ කාලයක් ගතකළ යුතු වෙයි’ එබඳු දීර්ඝ කාලීනව ගුණ නුවණ දෙක වර්ධනය කර ගැනීමේ උපරිම ඵලය ලෙස බෝධිසත්ව වරු බුදු බව පසක්කර ගනිති’ මෙම දීර්ඝකාලයෙන් බෞද්ධ රචකයන්ට ස්වකීය නිර්මාණ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථා සැලසිණ’ බුද්ධ චරිතය හා බෝධිසත්ව චර්යාව වටා වාග් විෂයාතික්‍රාන්ත වර්ණනා අතිශයෝක්ති බහුලව යෙදී ඇත්තේ ඒ හේතුවෙනි’ බෝධිසත්ව චර්යාව යනු තමන් අතට පත් නිවන් සුවය හැරදමා ලෝක සත්වයා කෙරෙහි උපන් මහා කරුණාවෙන් සසරට වැද දිගින් දිගට පාරමිතා ධර්ම සපුරාලීම පිළිබඳව පුරාවෘත්තයයි’ ඒ ඒ බුදුවරුන් හමුවන්නේ ද විවරණ ලබන්නේ ද මෙම බෝධි සම්භාර ධර්මයන් සපුරාගන්නා ඒ අති දීර්ඝ කාලය අතරතුරදීය’ මේ අවස්ථා මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම අටුවා හා ප්‍රකරණ සාහිත්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත’ ඒ පොත් පරිශීලනය කරන්නාට එය මනාව
තේරුම් ගත හැකිවෙයි’ එහෙත් මුලදීත් සඳහන් කළ පරිදි පැරණි තම පිටක ග්‍රන්ථයන්හි ඒ පිළිබඳව තොරතුරු අතිශයින් විරලය’ ජාතක කථා පුවත් ජනප්‍රියවත්ම මෙබඳු විසිතුරු වර්ණනා බහුලව නිර්මාණය වන්නට ඇතැයි සිතේ’