පූර්වා නිවාසානුස්මෘති ඥානය හා ත්‍රි විද්‍යා සංකල්පයද හිස් කතන්දරයක්

තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රයේ තමන්ට සර්වඥතා ඥාණය නොමැති බව ප්‍රකාශ  කරමින්,  තමන්  වෙත  ඇති  ඥාණයන්  පිලිබඳ  කල  සඳහන ගැනද  විමසීමක්  කරන්නට කැමැත්තෙමු. එම සූත්‍රයේ ඉතිරි කොටස පහත සඳහන් ලෙසට දක්වා තිබේ.
’වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය යයි කියන්නේ නම් එය අසත්‍යයක් නොවේ, සත්‍යයකි. මම වනාහි යම්තාක් කැමති වෙමි නම් අනේක ප්‍රකාර පෙර විසූ භවයන් සිහි කරමි. ජාති එකක් ජාති  දෙකක්……  මෙසේ  අනේක  ප්‍රකාර  වූ  පෙර  විසුම්  සිහිකරන  පූර්වේ  නිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි. චුතුපපාත ඥාණය (සත්වයන්ගේ චුතිය හා උපත දන්නා නුවණ) ඇත්තෙමි. ආශ්‍රවක්ෂය කර ඥානය (කෙලෙස් මැඩ පවත්වන නුවණ) ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ති්‍රවිද්‍යාව මා සතුව ඇත. යමෙක් එ බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේය. සත්‍යයක්ම වන්නේය. මට එය නින්දා පිිණිස නොවන්නේය.’
තේවිජ්ජ නොහොත් ත්‍රිවිද්‍යාව මෙම සූත්‍ර නාමය අනුව වච්ඡහොත්ත පරිබ්‍රාජකයාද සතුව තිබූ බව වටහා ගැනීම අපහසු නොවන්නේය. එසේනම් බුදුන් වහන්සේට අසමසම යන ගෞරව නාමය යෙදීම එතරම් උචිත නොවන බව පැහැදිලි වන්නේය. උන් වහන්සේට උරුම ව තිබූ ත්‍රිවිද්‍යා ඥාණය  එම යුගයේ  අන්  අයටද  තිබූ  බව  ඉතාමත්ම  පැහැදිලි  කරුණකි.  මෙම  කරුණද  සත්‍ය  වේෂණයකට ලක් කිරීම අපගේ පරමාර්ථයයි. ත්‍රිවිද්‍යාවෙන් ගවේෂණයකට ලක් කළ හැකි වන්නේ,පූර්වේනිවාසානුස්මෘති ඥානය පමණි. චුතුපපාන හා ආශ්‍රව ක්ෂය කර ඥානයන් පිළිබඳ විචාරයක යෙදීම කල නොහැකි කාර්යයකි. පෙර ඉපදීම් පිලිබඳ සඳහන් කරුණු පිලිබඳ කරුණු සොයා බැලීමක් කල හැක.
කෙලෙස් මැඩ පවත්වන (ආශ්‍රව ක්ෂය කර ඥානය) හා සත්වයින් චුතවන හා උත්පත්ති ලබන (චුතුපපාත ඥානය) දැනුම අනාගත ප්‍රකාශනයන් පමණක් වන අතර එවා ගැන ඓතිහාසිකව හා විද්‍යාත්මකව  ගවේෂණයක  යෙදෙන්නට  ඉඩක්  නොමැත.  එසේම විචාරයකට  ලක්කළ  හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය පදනම් විරහිත එකක් නම් තර්කානුකූලව ඉතිරි ඥාණයන් සම්බන්ධව ඇති ප්‍රකාශනයන්ද ප්‍රතික්ෂේප කරන්නට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
පූර්වේනිවාසානුස්මෘති ඥානය  උපයෝගී  කරගෙන  බුද්ධත්වයට  පෙර  547  වාරයක්  විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සිය පනස් ජාතක පුස්තකයේය. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැගත් කරුණු රාශියන් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි. අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51ක් යෙදීමෙන් ලැඛෙන සංඛ්‍යාවයි.
(ධම_ප්‍රදීපිකාව 55 පරි – 9 පිටුව පූජාවලිය 4 පරි – 44 පිට සද්ධර්මාලංකාරය 2 පරි – 32-33 පිටු, සද්ධර්මරත්නාකරය 9 පරි – 207 පිට).
තවත් අදහසක් නම් අසංඛය යනු ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් යන්නය. බුද්ධිමත් ඔබට අප ආරාධනා කරන්නේ මෙවන් කාල  පරිච්ඡේදයන්  පිළිබඳව  පැවසීම  අතිශයෝක්තියෙනුත්  අතිශයෝක්තියක්  බව  පිලිගන්නට අපහසුතාවයක් තිබේද යන්න ගැන සිතා බලන ලෙසයි. අනිත් අතින් මුළුමහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා වැඩි නොවන බවයි නූතන විද්‍යාත්මක මතය. මුළුමහත් බෝධි සත්ව සංකල්පය  තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන් ගැන සඳහන් වීම එහි සත්‍යතාවය ගැන නියත වශයෙන්ම සැකයක් ඇතිකර වන්නකි. නූතන නගර නම් හා මනුෂ්‍ය නම් වර්ෂ බිලියන ගණනකට පෙර එලෙසම පැවතියේ යැයි පැවසීම තවත් පුදුමයෙනුත් පුදුමයට පත් කරවන සිද්ධියකි.
මෙම බෝධි සත්ව ජීවිත චක්‍රය තුල ඇතෙක්, සිංහයෙක්, අශ්වයෙක්, වෘෂභයෙක්, මුවෙක්, සුනඛයෙක්,  හිවලෙක්,  වඳුරෙක්,  හාවෙක්,  ඌරෙක්,  මීයෙක්,  සර්පයෙක්,  ගෙම්ඛෙක්,  මත්ස්‍යයෙක්, කිඹුලෙක්, හංසයෙක්, මොණරෙක්, රාජාලියෙක්, කුකුළෙක්, කොට්ටෝරුවෙක්, ජලචර පක්ෂියෙක්, වලි කුකුළෙක්, කපුටෙක් හා කිඳුරෙක් ආදී වශයෙන් ඉපදී ඇති බව සඳහන් වේ.
කිඳුරා සම්බන්ධව අළුතින් කිවයුත්තක් නැතිමුත් එය උඩුකය මිනිස් රූපයකින්ද, යටිකය මත්ස්‍ය රූපයෙන්ද යුක්තවූ සුරංගනා කථාවන්හි පමණක් සඳහන් වන සත්වයෙකි. ජීවමාන කිඳුරෙක් පිළිබඳව හෝ වඳවී ගිය කිඳුරෙකුගේ ඇට සැකිලි පිළිබඳව කිසිම විද්‍යාත්මක සටහනක්  නොමැත. මුළු මහත්  බෝධිසත්ව සංකල්පයම සුරංගනා කථාවක් බවට පත් කරවන්නට මෙයට වඩා සාක්ෂි හෝ සාධක අවශ්‍ය නොවන බව මධ්‍යස්ථව හිතන ඕනෑම අයෙකුට පිළිගත හැකිවනු ඇතැයි දැඩිව විශ්වාස කරන්නෙමු. අවුරුදු බිලියන ගණනකින් ඈතට දිව යන මෙම කතන්දර තුළ මෙයට පෙර පෘථීවි තලය මත ජීවත්වී දැනට වඳවී ගොස් ඇති කිසිම සතෙක් පිළිබඳව සඳහන් නොමැතිවීමත් ඉන්දියානු භූමි භාගයෙන් පිටත ජීවත්වන කිසිම සතෙක් පිළිබඳවත් සඳහනක් නොමැතිවීමත් පුදුම විය යුතු හේතුවක් බවට පත්වී ඇත.
තමා ජීවත්වූ කාලයේ සිටි සතුන් පිළිබඳව පමණක් දැනුමක් ඇති අයෙකුගේ විස්තර කිරීම් තුළින් ලේඛණ ගතවූ විස්තර පමණක් බවයි මුළු පන්සිය පනස් ජාතක කතන්දර තුළ අඩංගු වී ඇත්තේ. බෝධි සත්ව සංකල්පයේ නිසරු බව හා එය විද්‍යානුකූල අදහසක් නොවන බවට හුවා දැක්වීමට මෙයට වඩා කරුණු අනවශ්‍ය යැයි සිතන්නෙමු. මෙය තුලින් පැහැදිලි වන්නේ පූර්වා නිවාසානුස්මෘති ඥානය පදනම් කරගෙන පැවසුවා යැයි කියන තමන්ගේ පෙර උත්පත්ති කතන්දර විශ්වාස කළ හැකි සත්‍ය තොරතුරු නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු. තමා ලැබුවායැයි කියන ත්‍රි විද්‍යා සංකල්පයද අතිශයෝක්තිය  හා අන්  දහම් සමඟ  තරඟ  කිරීම සඳහා  බෞද්ධ  ලේඛකයන්  ගෙතූ  තවත්  හිස් කතන්දරයක් විනා අන් කිසිවක් නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු.
Advertisements

සිද්ධාර්ත උප්පත්තිය සිදුවූයේ කවදාද?

මීළගට තෙමගුලේ තවත් වැදගත් සාධකයක් වූ සිද්ධාර්ත උප්පත්තිය සිදුවූයේ කවදාද යන්න පිළිබඳව ඇති සාක්ෂි විමසුමකට ලක් කරමු’
පරිනිර්වානය 80 වන වියෙහිදී සිදුවූ බවට ගණනය කිරීමෙන් සම්ප‍්‍රදායික සිංහල බෞද්ධ වියතුන් අතරේ සිද්ධාර්ත උප්පත්තිය කි‍්‍ර: පූ 544 දී සිදු වූ බවට පිළිගත් මතයක් පවතී’ මෙය පුරාණ හා ෙඓතිහාසික තොරතුරු මත පදනම් වී නොමැති අතර මගධ රජවරුන්ගේ රාජ්‍ය කාලය ආපස්සට ගණනය කිරීමෙන් බැසගත් වැදගත් නිගමනයකි’
සිද්ධාර්ත උප්පත්තිය පිළිබඳව පහත සඳහන් දින විෂමතාවයන් හන්ගේරියානු ජාතික කොස්මා ඞී කොරෝසි විසින් වාර්තා කොට ඇත’
චීන ග‍්‍රන්ථවල ක‍්‍රි:පූ 640” 767” 949” 1045” 1130”
ටිබෙට් ග‍්‍රන්ථවල ක‍්‍රි : පූ 540” 576” 653” 752” 837” 880” 882” 884” 1060” 1310” 2135” 2139” 2144” 2422”
ජපාන ග‍්‍රන්ථවල ක‍්‍රි: පූ 1000”
ඉහතින් දක්වා ඇති දින විෂමතාවයන් දෙස බලන විට උපන් වර්ෂය පිළිබඳව නිශ්චිත නිගමනයකින් තොරව උපන් මාසය පිළිබඳව නිගමනයකට එන්නේ කෙලෙසද?

තෙමඟුලේ සිදුවීම් නිශ්චිත වශයෙන්ම වෙසක් පොහොය දිනයේම නොවේ

ඓතිහාසික මූලාශ‍්‍රයන් අතුරෙන් ප‍්‍රමුඛ ස්ථානය ගනු ලබන්නේ ත‍්‍රිපිටකයයි’ එනිසා ත‍්‍රිපිටකයේ මෙයට අදාලව ඇති කරුණු කෙරෙහි පළමුව අවධානය යොමු කරමු’ සූත‍්‍ර පිටකයේ දීඝ නිකායේ 16 වන සූත‍්‍රයවූ මහා පරිනිබ්බාන සූත‍්‍රය කෙරෙහි අපගේ විමසුම මුලින්ම යොමු කරමු’ මෙම සූත‍්‍රයේ ඇති අදාල විස්තර ඉතා සරලව හා තර්කානුකූලව ආචාර්ය පාතෙකඩ ඥාණාරාම හිමි විසින් තම ඬපරිනිර්වාණයට පසු සියවස් තුනක්, යන කෘතියේ සඳහන් කොට ඇත්තේ පහත සඳහන් අයුරිණි’
“පිරිනිවන් පෑම සඳහා මල්ල රජුන්ගේ උපවත්තන සල් උයනට වැඩි බුදුන් වහන්සේ අනද තෙරුන් අමතා හිස උතුරට සිටින අසුන පනවන ලෙස කීහ’ මෙම රාත‍්‍රිය ගෙවී යද්දී  බුදුන් වහන්සේ පිරිනිවන් පෑ සේක’ මේ සිද්ධිය වටා අලූතින් එකතු වී ඇති කරුණු රැුසක් ද ඒ අතර දැකිය හැකිය’ සූත‍්‍රයේ සැකැස්ම හා සලකන විට යථෝක්ත අධ්‍යාරෝපිත කරුණු වෙන්කර ගැනීම අපහසු නොවේ’
අවසාන රාත‍්‍රියද බුදුන් වහන්සේට කාර්යය බහුල රැුයක් විය’ සූත‍්‍රයේ පස්වැනි බණ වරට ඇතුළුවී ඇති මෙම රැුයෙහි දේශනා හා සිදුවීම් රැුස අතිමහත්ය’ දෙවියන් අතුරු සිදුරු නැතිව බුදුරදුන් බැහැදැකීමට පැමිණීම” සංවේජනීය ස්ථාන හතර” ථූපාරහ පුද්ගලයෝ” සක්විති රජෙකුගේ මෘත ශරීරයට මෙන් බුද්ධ ශරීරයට පිළිපැදිය යුතු හැටි” අනද හිමියන් කපිසීසය අල්වාගෙන හැඞී’ම” සුභද්‍රගේ පැමිණීම” ආදි කරුණු රැුසක් මෙහි අන්තර්ගතය’ බුදුන් වහන්සේ ලවා අනුමත කරවා ගත යුතු කරුණු රැුසක් මීට ඇතුළු කළා සේය’
ඉක්බිති සයවැනි බණවරෙහි උන්වහන්සේ අවසන් වරට සැක ඇතොත් විචාරණ ලෙස භික්ෂුන්ට කියා භික්ෂූන් නිශ්ශබ් ද වූ පසු :-
“හන්දදානි භික්ඛවේ ආමත්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන  සම්පාදෙථඬඬ යනුවෙන් භික්ෂූන් අමතා පිළිවෙලින් රූපාවචර ධ්‍යාන හතරට සමවැද ඉක්බිති අරූපාවචර ධ්‍යාන හතරට සමවැද සඤ්ඤා වෙදයික නිරෝධයට සමවැදුනු සේක’ අනතුරුව ප‍්‍රථම ධ්‍යානය තෙක් අවරෝහනය කොට සතරවැනි ධ්‍යානය තෙක් යලි ආරෝහනය කොට එයිනුදු නැගී ඒ අතර පිරිනිවන් පෑ සේක’ බුදුන් වහන්සේගේ පරිනිර්වානය සිදු වූ අයුරු ආචාර්ය එඞ්වඞ් පේ’ තෝමස්ට සැක ගෙන  දෙන්නක් විය’ බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ පශ්චිම යාමයේය’ මේ අවස්ථාවේ බුදුන් වහන්සේ සමීපයෙහි සිටියේ ච්රරාත‍්‍රඥ තෙරවරුන් අතුරෙන් අනුරුද්ධ හිමියන් හා අනද හිමියනුන් පමණි’ උන්වහන්සේලා දෙනම රැුයෙහි ඉතිරි කොටස දැහැමි කථාවෙන් පහන් කොට” අලූයම අනද හිමියෝ බුදුන් පිරිනිවී පුවත අනුරුද්ධ හිමියන්ගේ ඇරයුම පිට මල්ලයන්ට දැන්වූහ’
ලොව කම්පාකල මේ සිදුවීම සැබැවින්ම සිදුවූයේ කවදාද? වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයකද? නැතහොත් අන් දිනයකද? බුදුන් වහන්සේගේ පරිනිර්වානය සිදුවූ දිනය පිළිබඳ ස්ථීර නිගමනයකට බැසීමට සූත‍්‍රයෙන් අපට කවර පිටුවහලක් ලැබේදැයි සලකා බැලීමද සූත‍්‍රයේ සැකසීම පිළිබඳ විනිශ්චයකට බැසීමේදී උපකාරිවනවාට සැක නැත’
බුදුහු බෙලූව ගමෙහි වස් එළඹීයහයි සූත‍්‍රයේ දෙවැනි බණවර කියයි’ ඉක්බිති තෙමසකින් පිරිනිවන් පාන බවට ආයුසංස්කාරය හළ බව තෙවැනි බණවරෙහි සඳහන් වේ’ චුන්දගේ දන වළදා රෝගාතුර වීම සිව්වැන්නෙහි එයි’ පිරිනිවන් පෑම සඳහා යමක සල්ගස් අතර උන්වහන්සේ සැතපුණු සේ කැයි පස්වන බණවර කියන අතර පිරිනිවන් පෑමේ පුවත හයවැනි බණවරෙහි කියවේ’ පිරිනිර්වානය පිළිබඳ කථාව සූත‍්‍රය පුරාම විසිරී සිටින අයුරු මෙයින් දැකිය හැකිය’
පරිනිර්වාණය සිදුවූයේ වෙසක් පොහෝ දිනක යැයි සූත‍්‍රය නොකියයි’ තෙමසකින් පිරිනිවන් පාන බවට උන්වහන්සේ ආයු සංස්කාරය හරින්නේ වස් සමාදන්වූ මුලදී බව සූත‍්‍රය අනුව නිගමනය කළ යුතුව ඇත’
වස් අවසානයේදී තෙමසකින් පිරිනිවන් පාන බව ප‍්‍රකාශ කළ සේක නම්” ඊලඟ වර්ෂයේ වෙසක් පොහෝ දිනයේදී පිරිනිවන් පාන බව ගැනීමටද එය හේතුවක් නොවේ’ වස් ඇරඹෙන්නේ ජූලි මස පසලොස්වක පොහොයෙන් හෙයිනි’ දෙවැනි හා තෙවැනි බණවරවලට මැදින් සූත‍්‍රයෙහි අඩංගුවී තිබුණු කොටසක් පසුව සූත‍්‍රයෙන් ගිලිහී යන්නට වීම නිසා මෙම විසදෘශතාව ඇතිවීද? නැතහොත්  පරිනිර්වානය සැබැවින්ම සිදුවූ දිනය මෙයින් කියවේදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි ද?
පිරිනිවන් පෑම සඳහා බුදුන් වහන්සේ යමක සල්ගස අතර සැතපුණු අවස්ථාවේ සල්ගස් නොකල් මල්වලින් සැරසී සිටි බව පරිනිබ්බාන සූත‍්‍රය කියයි’ එබැවින් පරිනිර්වාණය සිදුවූයේ දෙසැම්බර් අවසාන හරියේදී මිස වෙසක් (අපේ‍්‍රල් – මැයි) මාසයේ නොවේ .
වස් අවසාන හරියේදී තෙමසකින් පිරිනිවන් පාන බවට ආයු සංස්කාරය හරින ලදැඬයි සලකා ගෙනය’ වෙසක් මස පරිනිර්වානය සිදුවූයේ නම්” නොකල්හි මල් හටගැනීමක් ගැන පැවසිය  යුතු නොවේ’ මාර්තු හරියේදී සල්ගසේ මල්හට ගැනීම ඇරඹෙන හෙයිනි”  එසේ නම් සම්බුද්ධ පරිනිර්වානය සිදුවූ දිනය පිළිබඳවත් මේ අනුව දැක්වෙන කාල පරිච්ෙඡ්දයන් අතර වෙනසක් දිස් නොවන්නේ ද? පරිනිර්වානය අරබයා පෙළෙහි එන වකවානුවන්” පිළිගත් මතයන් අතර ඇති මෙම විසදෘශතාව දුටු බුද්ධඝෝෂ හිමියෝ සමන්ත පාසාදිකාවේදී මෙන්ම සුමංගල විලාසිනියේදීත් මෙම අවුල ලිහන්නට උත්සාහ කළහ’ බෙලූව ගමෙහි වස් එළඹී බුදුන් වහන්සේ වීය_්‍යයෙන් මාරාන්තික වේදනාවකින් පෙළුණහ’ එය මැඩගෙන දසමසක් ජීවිත සංස්කාරය ඉටා වැඩහුන්සේකැඬයි බුද්ධඝෝෂ හිමියන් පවසති’ (මහා විපස්සනාය වෙදනං වික්ඛම්හෙත්වා දසමාසෙ මා උප්පජ්ජිත්‍ථාති සමාපත්තිං සමාපජ්ජි- සුමංගල විලාසිනි -379 පිටුව)
කාල පරිච්ෙඡ්දය පිළිබඳ අදහසක් සූත‍්‍රය ඉදිරිපත් නොකරතත්” පශ්චාත්කාලීන සම්ප‍්‍රදාය ඒ සැටියෙන්ම රැුක ගැනීමේ අදහසින් දසමසක් ජීවිත සංස්කාරය ඉටා ගැනීමේ අදහස ඉදිරිපත් කරණ ලද්දේ යැයි නොකිව හැකිද? ප‍්‍රචලිත සම්ප‍්‍රදාය වශයෙන් ගැනෙන වෙසක් මස පිරිනිවන් පෑම පිළිබඳ සිදුවීම ඒ සැටියෙන්ම    රැුකගැනීමේ අදහසින් දසමසක් ජීවිත සංස්කාරය ඉටා ගැනීමේ අදහස ඉදිරිපත් කරන ලදැඬයි කෙනෙකුට සැක පහළ කළ හැකිය’
බුද්ධඝෝෂ හිමියන් බුදුන් වහන්සේට මාරයා මුණගස්වන්නේ වසෙන් පසු බෙලූව ගමෙන් සැවතටත් එතැනින් රජගහ නුවරටත් පමුණුවා එතැනින් නැවතත් වේසාලියට බුදුන් වහන්සේ පැමිණවීමෙන් අනතුරුවය’ (මෙම පුවතේ එන විසදෘශතා ආචාර්ය ලිලීද සිල්වා මහත්මිය විසින් පෙන්වා දී ඇත’ – සාරදා 2 : 174 පිටුව)
බුද්ධ පරිනිර්වානය සිදුවූයේ කාර්තික (ඔක් -නොවැ* මාසයේ දෙවැනි පක්ෂයේ අටවැනි දිනයේ යැඬයි සර්වාස්තිවාදීන් (අටළොස් විධනිකායවලින් එකක නාමය – දෙවන සංඝායනාවේදී බෙදී ගිය මහා සාංඝිකයන් විසින් ඇති කරන ලද නිකාය ප‍්‍රභේදයෙන් එකකි’* පවසන බව හියුං සාං වාර්තා කරයි’
මෙම අදහස පිළිගත් ථෙරවාද මතය සමඟ නොසැසඳෙන බව අමුතුවෙන්  කිවමනා නොවේ’
එසේ වුවද මේ අනුව තර්ක කළ ආචාර්ය ෆ්ලීම් බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවූයේ හරියටම ක‍්‍රි:පූ 483 ඔක්තෝබර් 13 වැනිදා” එනම් දැනට පිළිගෙන ඇති දිනයට වඩා වර්ෂ 61 කට පසුව යැයි නිගමනය කළේය’ මේ අනුව ක‍්‍රි: පූ 544 දී පිරිනිවන් පෑ බව කියවෙන අදහස බැහැර වෙයි’ ආචාර්ය වික‍්‍රමසිංහද ක‍්‍රි:පූ 483 පිරිනිර්වානය සිදුවූ වර්ෂය ලෙස පිළි ගනියි’ එහෙත් දිනය නිශ්චිත ලෙස නම් කිරීමට මැලිවන ආචාර්ය  ඕල්ඩන්බර්ග් මෙසේ කියයි’ ඬඬබුදුන් පිරිනිව් දිනය ඉන්දීය ඉතිහාසයේ ඉතා දැඩිසේ තීරණය කරන ලද  දිනයකි’
මේ සිදුවීම පිළිබඳව යම් වෙනසක් වෙතොත් එය ඉතා සුළු කාල පරිච්ෙඡ්දයන් අතර වෙනස් වන්නකි’ බුදුන් වහන්සේගේ පිරිනිවීම වූයේ ක‍්‍රි:පූ 480ට වැඩි කලකට පෙර හෝ වැඩිකලකට පසුව හෝ නොවේ’
මැයි මාසයේ එය සිදුවූ බව කීමට සූත‍්‍රයෙන් (මහා පරිනිබ්බාන සූත‍්‍රයෙන්* පිහිටක් නොලැබෙන නිසාත් මෙම අනුවේදනීය රාත‍්‍රිය පිළිබඳ සටහනෙහි ඇති තාත්වික ස්වරූපය ගැන සලකන විට මෙම කොටස සූත‍්‍රයේ පුරාණතම ප‍්‍රස්තරය ලෙස පහසුවෙන් නම් කළ හැකිය’ ඉහතින් අචාර්ය පාතෙගම ඥානාරාම හිමි විසින් ඬපරිනිර්වාණයට පසු සියවස් තුනක්ඬ නමැති තම ග්‍රන්ථයේ  අඩංගු කොට තිබූ කරුණුවලින් ඉතා පැහැදිලිව හෙළිදරව්වන කරුණු පහතින් දක්වා ඇත්තෙමු‍්‍ර.
1’ පිටකාගත සාක්‍ෂි අනුව නිශ්චිත වශයෙන් ම බුද්ධ පරිනිර්වානය වෙසක් හෝ මැයි මාසයේ සිදු නොවූ බව ඉතා පැහැදිලිව ඔප්පු වන කරුණකි’ ජාත්‍යන්තර කීර්තියට පත් බෞද්ධ විද්වතුන්ගේ මතය ද වන්නේ මෙයයි’
2’ පිටකාගත කරුණු බුද්ධඝෝෂ හිමියන් විසින් විකෘත කිරීමට දරා ඇති උත්සාහයද ඉතා පැහැදිලිව ඉහත කරුණුවලින් හෙළිදරව්වන තවත් වැදගත් හා බරපතල සාධකයක් වන්නේය’

මහාපරිනිබ්බාන සූත‍්‍රයේ කරුණු විකෘතකොට ඉදිරිපත් කිරීමට බුද්ධඝෝෂ හිමියන් දරා ඇති ප‍්‍රයත්නය හේතුවෙන් බරපතල ගැටළු කිහිපයකට අපට මුහුණ පාන්නට සිදුවෙනවා’ ත‍්‍රිපිටක පෙලපොත්වල ධම_ ස්වරූපාදිය විස්තර වශයෙන් දැක්වූ ග‍්‍රන්ථ විශේෂය අර්ථකථා නම්වේ’
මුඛපාඨ වශයෙන් පැවත ආ අර්ථකථා සහිත ත‍්‍රිපිටක ධම_ය පුස්තකාරූඨ සංගීතයේදී සංගෘහිත වූයේය’ මිහිඳු මා හිමියන් සමග බුද්ධ කාලීන අර්ථ කථා ලංකාවට ගෙන එන ලදී’ අථ_කථා පිළිබඳව නිකාය සංග‍්‍රහව මෙසේ කියයි’
“මහසෙන් රජු පටන් කිත්සිරි මෙවන්ය” දෙටුතිස්සය” බුජස්ය” උපතිස්සය” යන මේ රජුන් ඈවෑමෙන් මහානාම නම්වූ රජෙක් මෙරට රජවිය’ එකල විසුක්‍ෂ බුද්ධීන් ප‍්‍රසිද්ධ වූ බුද්ධඝෝෂ නම් අටුවා කත_ෘන් වහන්සේ දඹදිවින් මෙරටට වැඩිසේක් බුදුන් වදාළ දෙලක්‍ෂපන්සැත්තෑදහස් දෙසීය  පනස් ග‍්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ත‍්‍රිපිටක පාලි ධම_යට තුන්ලක්ෂ එක්සෑට දහස් සත්සිය පණස් ග‍්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවාලියා පාලි ධම_ය බැබළවූ සේකඬඬ යනුවෙනි’ (ශ‍්‍රී ලංකා බුද්ධ ශාසන ඉතිහාසය – ත‍්‍රිපිටකාචාය_ ශාස්ත‍්‍රවේදී පූජ්‍ය ගැටමාන්නේ ජිනානන් ද ස්ථවිට – පිටු 56-57”
බුද්ධ ඝෝෂ හිමියන් විසින් සිංහල මාධ්‍යයෙන් පැවති අට්ඨකථා සියල්ල පාලියට පරිවර්තනය කරන ලදී” බුද්ධකාලීන අටුවා සංගායනාවන්ටද භාජනය වූ බව සංගීති විස්තරවලින් කියවේ’ ඒ අට්ඨකථා මිහිඳු මහරහතන් වහන්සේ මාග_යෙන් ලක්දිව මහා විහාරවාසී භික්ෂූන් අතට පත්වූ  අතර පසු කලෙක සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී’ සිංහල අටුවා බහුලවීමත් සමග ඉපැරණි පාලි අටුවා භාවිතයෙන් ඈත්වී එම වැදගත් මූලාශ‍්‍රයන් විනාශ මුඛයට පත්වගොස් ඇත’ එමෙන්ම බුද්ධඝෝෂ හිමියන් විසින් සිංහල අටුවා පාලියට නැඟීමෙන් පසු සංහල අටුවා අභාවයට ගොස් විනාශ මුඛයට පත්විය’ දැනට භාවිතාවේ ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසින් පාළියට නගන ලද අට්ඨකථා පමණි’ මෙතැනදී ගැටළු කිහිපයකට මුහුණ පාන්නට සිදු වෙනවා’
සිංහල අට්ඨකතා නිවැරදි දැයි සොයා බලන්න එහි මූලාශ‍්‍රයවූ මිහිඳු මහරහතන් විසින් ලංකාවට ගෙන එන ලද පාලි අට්ඨකථා දැනට නොමැත’ ඒවා සියල්ල විනාශයට පත්ව ඇති අතර එහි කිසිම පිටපතක් කොතැනකවත් නොමැත’
දෙවැනුව බුද්ධඝෝෂ හිමියන් විසින් නැවත පාලියට නගන ලද අට්ඨකතාවන්හි මූලාශ‍්‍රයවූ සිංහල අට්ඨකතාද විනාශ වී ගොස්ය’
තුන්වෙනුව මතුවන බරපතලම ගැටළුව වන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් කිසිම මූලාශ‍්‍රයකින් හෝ පදනමකින් හෝ තොරව සූත‍්‍ර පිටකයේ එන කරුණු වෙනස් කරන්නට කටයුතු කර ඇති බව බුද්ධ පරිනිර්වානය පිළිබඳව කළ සාකච්ඡුාවේදී පැහැදිලිව හෙළිදරව්වූ හෙයින් උන්වහන්සේ විසින් සිංහල අට්ඨකථාවන් සිංහලින් පාලියට නැගීමේදී කුමන අඩුවැඩි කිරීම් හා වෙනස් කිරීම්වලට භාජනය කළේ ද යන්න ිැන ප‍්‍රබල සැකයක් හා ගැටළුවක් මතුවීම වැළැක්විය නොහැකි කරුණකි.
දහමක මූලාශ‍්‍රයන් පිළිබඳව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වාක්‍යයන් ඔබගේ අවදානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ මෙහි සඳහන් කරුණු සෑම දහමක් පිළිබඳවම සත්‍යය  වියයුතු බවට පිළිගන්නට කිසිවෙකුට අපහසු තාවයක් අතැයි නොසිතන්නෙමු’
“මා අණ කරන සෑම දෙයක්ම ඔබ ආරක්‍ෂා කොට පිළිපදින්න’ ඒවාට අමතරව යමක් එකතු නොකළ යුතුය’ ඒවායින් යමක් අඩු නොකළ යුතුය’” (ශුද්ධ වූ බයිබලය-ද්විතීය නීති සංග‍්‍රහය 12:32)
ඉහතින් අප දීර්ඝ ලෙස සාකච්ඡුා කළේ බුද්ධ පරිනිර්වාණය මැයි මස හෝ  වෙසක් මස සිදු නොවූ බවට ඇති වැදගත් සාක්‍ෂි විමසුමකට ලක් කරමිනි’
එයින් මතු වූ අතුරු විෂයයක් හැටියට” නූතන බුදුදහම සම්බන්ධව බුද්ධඝෝෂ හිමියන්ගේ භූමිකාවද ඉතා සුළු වශයෙන් සාකච්ඡුාවට ලක් කළෙමු’ බුද්ධ පරිනිර්වානය පිළිබඳව ජාත්‍යන්තර කීර්තියට පත් සමයාන්තර අධ්‍යාපනයේ පුරෝගාමියෙක් ලෙස සැලකෙන ආචාර්ය මැක්ස් මුලර් තම ග‍්‍රන්ථයේ දක්වා ඇති කරුණුද ඔබගේ අවදානයට ලක් කරන්නට කැමැත්තෙමු’
“බුද්ධ පරිනිර්වානය හා විජය ලංකාවට ගොඩ බැසීම එකම දිනක ක‍්‍රි:පූ 543දී සිදුවූ බව මහාවංශය සඳහන් කරතත් මේ බව වෙනත් කිසිම බෞද්ධ ඉතිහාස ග‍්‍රන්ථයක සඳහන් නොවේ’ මේ දින වකවානු සමහර පොත්වල දක්වා ඇත්තේ මහාවංශයෙන් උපුටාගත් කරුණක් වශයෙනි’”