බුද්ධ චරිතයෙහි අභව්‍ය වර්ණනා

බුද්ධ  චරිතයෙහි පමණක් නොව වෙනත් පොතපතෙහිද මෙවැනි අභව්‍ය වර්ණනා බොහෝය’
සිදුහත් කුමරු  වප්මගුල් දා කිරිමව්වරුන් තිරවලින් පිටතට ගිය අතර යහනේ පලක් බැඳ ආනාපානා සති භාවනාව වඩා ප‍්‍රථම ධ්‍යානයට සමවැද හුන්නේය” යනුවෙන් පොතපතෙහි සඳහන් වන කථාවද මේ ගණයෙහි ලා සැලකිය හැකිය’ අතදරුවෙකුව සිටියදී පවා ආනාපානා සතිය වඩා ප‍්‍රථම ධ්‍යානයට සමවැදුන සිදුහත් කුමරු 16 වන වියේදී විවාපත්ව විසිනව වන වියේදී සතර පෙර නිමිති දැක අභිනිෂ්ක‍්‍රමණය කරන තුරු වසර 20කට වැඩි කාල සීමාව තුළ විමුක්තිය උදෙසා ගත් වෙනත් කිසියම් ප‍්‍රයත්නයක් ගැන සඳහන් නොවීම කොතරම් පුදුම සහගතද?
එසේ නම් අත දරුවෙකුව සිට ආනාපානා සති භාවනාව වැඞීම පිළිගත හැකිද?
අවාසනාවකට මෙම ග‍්‍රන්ථයේ කතුවරයා සඳහන් කරන්නට අමතක වූ එක් වැදගත් කරුණක් නම් ඉහත සඳහන් ආශ්චර්ය දනවන සියලූ තොරතුරුවල මූලාශ‍්‍රය බෞද්ධ ත‍්‍රිපිටකය බවයි’
තෙමගුලේ තවත් වැදගත් කරුණක් වන්නේ බුද්ධත්වය ලැබීමයි’ මෙය වෙසක් මස පසලොස්වක දින රාත‍්‍රියේ සිදුවූ බවයි සඳහන් වන්නේ’ මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට වඩා මේ හා බැඳුන තවත් පරස්පර තාවයක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ බුද්ධත්වය පතා ගෞතම බෝසතුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය සිදුවූ ආකාරය මජ්ජිම නිකායේ චූල පණ්ණාසකයෙහි එන ආර්ය පර්යේෂණ සූත්තරයෙහි විස්තර කොට ඇත’
මෙහි සඳහන් පරිදි කෙස් රැුවුල් බහා කසාවත් හැඳ පෙරවා මව්පියන් හක්‍ෂද්දීම මාලිගයෙන් නික්ම ගොස් පැවිදි වූ බවයි’ නමුත් වෙනත් බොහෝ ධර්ම ග‍්‍රන්ථවල ඇත්තේ මහ ? සියල්ලට හොරා ගොස් පැවදි වූ බවයි’ තවද සිද්ධාර්ත උත්පත්තියෙන් සත්වන දින මහාමායා දේවිය මියගිය බව සඳහන්ව ඇති හෙයින් අරිය පර්යේෂණ සූත්ත‍්‍රයේ මව්පියන් හක්‍ෂද්දීම මාලිගයෙන් නික්ම විය බව සඳහන් වීම නිවැරදි ගිය යුතු බවයි” අප දකින්නේ’
අනෙකුත් ධර්ම ග‍්‍රන්ථවල අභිිනිෂ්ක‍්‍රමණය විස්තර කොට ඇති අයුරු විමසා බලමු’ පළමුව නූතන බෞද්ධ විද්වතෙකු වූ ආචාර්ය එච්’ එස්’ එස්’ නිශ්ශංක මහතා තම ඬගෞතම බුද්ධඬ යන ග‍්‍රන්ථයේ අභිනිෂ්ක‍්‍රමණය විස්තර කොට ඇති ආකාරය විමසා බලමු’
“ආර්ය පර්යේෂණයක් සඳහා අසමසම විධියට ඇප කැපවී තම ආදරනීය බිසවට පවා නොකියා දරු සෙනෙහසින් අනූන වූ සිද්ධාර්ත පියා එදා උපන් තම පුතුන් මෙහොතකටවත් වඩා ගන්නට නොසිතා” පූර්ණ වූ සිහියෙන් යුක්තව” ධර්මතා ගැන නොපසු බස්නා විර්යය ඇතිව” ප‍්‍රීති සහගතව” සන්සුන් ගතියෙන් යුතුව” සැක ආදිය නිසා නොවිසුරුනු සිතක් ඇතිව හෙවත් සමාධිසහගතව” මධ්‍යම රාත‍්‍රියක තම අගනුවර නැගෙනහිර දොරින් නික්ම යයි’ි’’’’’’’’’’’’
ඡුන්න ඇමති තෙමේ හිරු උදාවූ විට තනියම පයින් රජගෙදරට එන්නේ පළමුව යසෝධරා වනටද නැතහොත් සුදොවුන් රජුහට දැකිවිය යුතු දැයි දෙගිඩියාවෙන් පසු වන්නේ හිත හදාගන්නට බැරිව කුඩා දරුවකු සෙයින් අක්‍ෂමින් එන්නේ හිත හදාගෙන සුදොවුන් රජු වෙත පැමිණ සිදුහත් රජතුමා පෙර දින මහ අභිනිෂ්ක‍්‍රමණය කළ බව දන්වයි’ උපන් කුමරුන් යශෝධරා සමග සයනයෙහි සිටිනු දැක ආපසු හැටිද විස්තර කරයි’ එපමණක් නොව වියෝ දුකෙන් කන්ථක අසුගේද ළය පැලී මළ බව දන්වයි’ පුවතින් කම්පනයට පත් රජතුමා මහා ප‍්‍රජාපති අගබිසව කැඳවයි’ ප‍්‍රවෘත්තිය හෙළි කරයි’” (ගෞතම බුද්ධ – 10-11 පිටු)
ඉහත විස්තරයෙන් පැහැදිළි වන්නේ ඡුන්න ඇමති ආපසු පැමිණ දන්වන තුරු සුද්ධෝදන රජතුමා හෝ අන් අයෙක් සිද්ධාර්ත බෝසතුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය දැන නොසිටි බවයි’ මෙය නියතවශයෙන්ම අරිය පර්යේෂණ සූත‍්‍රය සමග පරස්පරතාවයක් ඇතිකර වන්නකි’ තවත් හැමගේ ගෞරවයට පාත‍්‍ර වූ බෞද්ධ ධර්ම ඬන්ථයක් වූ පූජාවලියෙහි විස්තර කර ඇතේතේත් ආචාර්ය එච්’ එස්’ එස්’ නිශ්ශංකයන්ගේ ‘ගෞතම බුද්ධ‍්‍ර, යන ග‍්‍රන්ථයේ අඩංගු කරුනුවලට සමාන අදහස්ය’ ගුරුළුගෝමින් විසින් කරන ලද හා පණ්ඩිත කෝදාගොඩ ඥාණාලෝක සථවිරයන් විසින් සංශෝධිත” බෞද්ධයින් අතරේ උසස් පිළිගැනීමක් ඇති ධර්ම ග‍්‍රන්ථයක්වූ ‘අමා වතුර’ අභිනිෂ්ක‍්‍රමණය විස්තර කරන ආකාරය ‘පූජාවලිය’ දක්වන අදහස්වලට බෙහෝ සමානය’

පටිච්ච සමුප්පාදය තර්කානුකූල හෝ කාලින එකක් නොවේ

බුදු දහමේ පදනම ලෙස සැලකෙන පටිච්ච සමුප්පාදය තර්කානුකූල හෝ කාලික එකක් නොව
1’ පණ්ඩිත හාමුදුරුවරු තමන්ගේ පාණ්ඩිතය පෙන්වීමට සරල දේ ගැඹුරින් පෙන්වීමට පසුබට නොවූ බව අභිධර්ම පිටකයෙන් පෙනේ’ පටිසන්ධි සිත් ගැන කරන විග්‍රහය මීට කදිම නිදසුනකි’ බුදුන් නොදෙසූ දෙයක් ගැන ඔවුන් ගිය ගැඹුර ඉන් දැක්වේ’
2’ තවත් වැදගත් හේතුවක් වූයේ පුනර්භවය ඔප්පු කිරීමට සැමවිටම මඟක් සෙවු සූත්‍ර පිටක සම්පාදකවරු පටිච්ච සමුප්පාදයෙන් ද අවස්ථාවක් ලබා ගැනීමට පසුබට වී නැත’ එහි විඤ්ඤාණ පච්චයා නාමරූප කී විට සිරුරක් නොමැතිව විඤ්ඤාණයට පැවතිය හැකි බව පෙන්වයි’ එවිට ගන්ධබ්බ මතය සනාථ වේ’ චුති සිතට මවුකුසක් සොයා යෑමට අවකාශ ලැබේ’
3’ නියම තත්ත්වය අනුව නාමරූප පච්චයා විඤ්ඤාණ යයි පැවසුවහොත් තවත් ප්‍රශ්ණයක් මතුවේ’ දම්වැල සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සිදුවේ සලායතන ඇතිවන්නේ නාමරූප මතය’ ඒ අනුවයි විඤ්ඤාණය ඇතිවන්නේ’ චක්ඛු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය ආදි වශයෙන් විඤ්ඤාණය පහල වන්නේ පංචේන්ද්‍රිය මුල්කරගෙන බව ධර්මය උගන්වයි’ මේ අනුව ද දම්වැල වෙනස් කිරීමට සිදුවන්නේය’ එසේ කිරීමේ දී අවිද්‍යාවෙන් ආරම්භවීමද ප්‍රශ්ණයක් වනු ඇත’ අවිද්‍යාව ඇතිවන්නේ මිනිස් සිත්වල බැවින් මුල් ස්ථානයේම මිනිසෙකු සිටීම අවශ්‍යය’එහෙත් අවාසනාවට මිනිසෙකු නොමැතිව අවිද්‍යාව හටගැනීමට හෝ පැවතීමට නොහැකි බව ඔවුන්ගේ ච්න්තනයට ගෝචර නොවූ බව පෙනේ’
අවිද්‍යාවට ‘බුදු දහමේ මූලික ඉගැන්වීම්” ග්‍රන්ථයේ දී ඇති අර්ථය දෙසට නැවත අවධානය යොමු කරමු’ මෙහි දක්වා ඇත්තේ අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදැන සිටීමයි’ මිනිසෙකු නොමැතිව චතුරාර්ය සත්‍යය අවබෝධ කර නොගැනීමක් ගැන සඳහන් කරන්නේ කුමන පදනමකින් ද යන්න අවබෝධ කර ගැනීමට දුෂ්කර කාර්යයකි’
අවිද්‍යාව නිසා ඇතිවන්නේ සංඛාරය’ සංඛාර නැවත වරක් තුන් ආකාරයෙන් ඇතිවිය හැකි බව දක්වා ඇත’ එනම් කාය සංඛාරා” වාචී සංඛාරා හා චිත්ත සංඛාරා යන තුන් ආකාරයෙන් දැක්වෙන් කුශලා කුශල කර්ම ඵලයයි’ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ අදහස් පහතින් දක්වා ඇත්තෙමු’
“ශරීරය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කර්මය සිදු කරන කුශලා කුශල චේතනාව කාය සංඛාරා නම් වේ’ මලක් පුදන තැනැත්තා එය සිදු කරනුයේ මල අතින් ගෙන පූජාසනයෙහි තැබීමෙනි’ අතේ උපකාරය නැතිව මල් පිදීමේ චේතනාවට පමණක් එය කළ නොහැකිය’ එබැවින් අතින් ගෙන මල් පුදන්නාවූ කුශල චේතනාව කාය සංඛාරයකි’ සතකු මරන තැනැත්තා එය කරනුයේ අතින් හෝ අතින් ගත් ආයුධයකිනි’ ශරීරයේ ආධාරය නැතිව චේතනාවටම ප්‍රාණ වධය නොකළ හැකිය’ එබැවින් සතෙකු මරණ්නාවූ ප්‍රාණ ඝාත චේතනාව කාය සංඛාරයකි’ වචනය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කාර්ය සිදුකරන චේතනාව වාචී සංඛාර නම් වේ’ කථා කිරීමේ මාර්ගයෙන් ක්‍රියා සිද්ධිය කරන චේතනාවෝ වාචී සංඛාරයෝය’ කයේ හෝ වචනයේ හෝ උපකාරයක් වුවමනා නැති මෙත් කිරීම් ද්වේෂ කිරීම් ආදි වශයෙන් පවත්නා කුශලා කුශල චේතනාවෝ චිත්ත සංඛාරයෝය’ (පටිච්ච සමුප්පාදය විවරණය – පිටු 28)
උගත් නායක හාමුදුරුවන් වහන්සේ සංඛාර විස්තර කර ඇති ආකාරය ඉතා අපූරු වූවත් මිනිසෙකු නොමැතිව” කාය” වාචී හා මනෝ සංඛාර සිදුවන්නේ කෙසේ ද යන්න පැහැදිලි
කරන්නට අපොහොසත්වී ඇත’ පටිච්ච සමුප්පාදයේ කරුණු අවිද්‍යාත්මක මෙන්ම යථාර්තයට ගැලපෙන ආකාරයට සකස් වී නොමැති බව දැක්වීමට මෙය තවත් සාධකයකි’ මේ පිළිබඳව තවත් මතයක් විමසා බලමු’
අභිධර්ම විශාරද පණ්ඩිත ත්‍රිපිඨකාචාර්ය ලසන්ත රත්න ගොඩ මහතා රචිත ර්‍ණසියලූ සංස්කාර ධර්ම නැසෙන සුළුය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු’ ‘සංඛාර යනු චේතනාවයි’ චෛතිසික සිතිවිලිය කියාද එයට කියනු ලැබේ අපි ඇසින් රූප ද” කණින් ශබ්ද ද” නාසයෙන් සුවඳ හෝ දුඟඳ ද” දිවෙන් රස ද” කයින් පහස ද” මනසින් හඳුනා ගන්නා අරමුණු ද නිසා චේතනාවන් පහළ වේ’ ඇසින් රූපයක් දැකීම නිසා එයට අනුගතව චේතනා පහළ වෙයි’
එයට රූප සංචේතනා යැයි කියන ලැබේ’ එපරිදිම ශබ්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා 9 පොට්ඨබිබ සංචේතනා ධර්ම සංචේතනා යනුවෙන් සයාකාරය’” (සියලූ සංස්කාර ධර්ම නැසෙන සුළුය පිටු 75)
පටිච්ච සමුප්පාදයේ කරුණු සහ ඉහත අදහස් සැසඳීමේදී අපට අවබෝධ කර ගැනීමට නොහැකි කරුණු කිහිපයක් මතු වන්නේය’ අවිද්‍යාව නිසා සංඛාරා ඇති වන්නේ අතීත භවයේදීය’ වර්තමාන භවයේ පටිච්ච සමුප්පාද චක්‍රයේ තුන්වන පුරුකවූ සළායතන හය එනම් චක්ඛු” සෝත” ඝාන” ජීව්හා” කාය හා මන ආයතන හය මගින් සිදුවන ක්‍රියා අතීත ආත්මයේ සංඛාරා ඇතිවන්නට හේතුවශයෙන් දක්වා තිබීම පටිච්ච සමුප්පාදයේ පදනම් විරහිත භාවය විදහා දක්වන තවත් සාධකයක් ලෙස අපි දකින්නෙමු’ සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනියි යන පටිච්ච සමුප්පාද සංකල්පය ද විමසා බලමු’ විඤ්ඥාණය යනු දැනීම හෙවත් සිත බව මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් තමන්ගේ පටිච්ච සමුප්පාද විවරණය (පිටු 34) ග්‍රන්ථයෙහි දක්වා ඇත’ හුදෙක් කර්ම යයි හඳුන් වන්නේ ද චේතනාවයි’
චේතනා හං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන් එය සඳහන් වී ඇත’ එහෙයින් කර්ම රැස්වීමට ද චේතනාව උපස්ථම්බයක් වනු ඇත’ සංඛාරා යනු කර්මය බව මෙයට පෙර රේරුකානේ චනදවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කළ කොටස උපුටා දක්වා ඇත්තෙමු’ සංඛාරා හෙවත් කර්මය නිසා විඤ්ඤාණ හෙවත් සිත ඇතිවන්නේ ද නැතිනම් විඤ්ඤාණ හෙවත් සිත මුල්කරගෙන සංඛාරා හෙවත් කර්මය ඇති වන්නේ ද යන්න ඕනෑම අයෙකුට තෝරා බේරා ගත හැකි ගැටළුවකි’
විඤ්ඤාණය හේතුකොට ගෙන සංඛාර හෙවත් කර්මය හෙවත් ක්‍රියා ඇතිවන බව පිළිගැනීමට කිසිවෙකුට අපහසුතාවයක් තිබිය නොහැක’ නමුත් පටිච්ච සමුප්පාද චක්‍රයේ මෙය දක්වා ඇත්තේ සංඛාරා හෙවත් කර්මය හෙවත් ක්‍රියා නිසා විඤ්ඤාණය හෙවත් සිත ඇතිවන බවය’ මෙය ඉතාමත්ම අවිද්‍යාත්මක කරුනු දැක්වීමකි’ තවද විභංග පාළියෙහි චක්ඛු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය ඝාන විඤ්ඤණය” ජිව්හා විඤ්ඤාණය” කාය විඤ්ඤණය” මනෝ විඤ්ඤාණය යන මේ සය සංස්කාර හේතුවෙන් හටගන්නාවූ විඤ්ඤාණය යයි දක්වා ඇත’ සලායතන හටගැනීමකින් තොරව මෙම විඤ්ඤාණය හට ගැනීමට නොහැකි බව ඕනෑම අයෙකුට අවබෝධ කර ගැනීමට දුෂ්කරතාවයක් ඇතැයි නොසිතන්නෙමු’
නාමරූප හට ගැනීමකින් තොරව විඤ්ඤාණය හට ගැනීමට නොහැකි බව මෙයට ඉහත සාකච්ඡා කළෙමු’ මෙම සියලූ කරුණු දෙස බුද්ධිමත්ව හා විචාර චින්තනයෙන් යුක්තව විමසීමක් කිරීමේ දී සැමට පැහැදිලි වන ඉතා වැදගත් සාධකය නම් බුදු දහමේ අත්තිවාරම ලෙස හැඳින්වෙන පටිච්ච සමුප්පාද ධර්මය එකිනෙකට අසම්බන්ධ” අපැහැදිලි” ව්‍යාකූල අදහස් මාලාවක එකවතුවක් විනා අනි කිසිවක් නොවන බවය’ මෙය තර්කානුකූල හෝ යථාර්තවාදී හෝ නොවන අදහස් මාලාවන්හි එකතුවක් පමණකි

 

 

පටිච්ච සමුප්පදායට (හේතු ඵලවාදය)-බුදු දහමේ ඉගැන්වීම් තුළ පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නැත

මෙහි ඇති අවිද්‍යාත්මක භාවය විස්තර කළ යුතු යැයි නොසිතන්නෙමු’ දහම අවිද්‍යාව මත ගොඩ නැගී ඇති විට එහි ඵල විපාක ගැන කුමක් පැවසීමට ඇතිද?
බුදු දහමේ වැදගත් ඉගැන්වීමක් වූ පටිච්ච සමුප්පදායට (හේතු ඵලවාදය) අනුව භවයක් ඇතිවීමට හේතු භූතවූ සාධක 12ක් දැක්වේ’
1’ අවිද්‍යාව නිසා සංස්කාර හෙවත් කර්ම චේතනා ඇතිවේ’
2’ සංස්කාර නිසා විඥාණ ද
3’ විඥාණ නිසා නාම රූප ද
4’ නාමරූප නිසා සළායතන ද
5’ සළායතන නිසා ස්පර්ශ ද
6’ ස්පර්ශ නිසා වේදනාව ද
7’ වේදනාව නිසා තෘෂ්ණාව ද
8’ තෘෂ්ණාව නිසා උපාදානය හෙවත් එල්බ ගැනීම ද
9’ උපාදානය නිසා භවය ද
10’ භවය නිසා පුනරුත්පත්තිය ද
11’ පුනරුත්පත්තිය නිසා ජාතිය ද
12’ ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් ද ඇතිවෙයි’
මෙම සංකල්පය සහමුලින්ම නිවැරදි හෝ විද්‍යාත්මක එකක් නොවේ’ නමුත් එහි පළවූ හේතුව වශයෙන් දක්වා ඇත්තේ අවිද්‍යාවයි’ දහමම අවිද්‍යාවේ උල්පත්වූ විට කුමන විග්‍රහයක් නම් යමෙකුට ඉදිරිපත් කිරීමට හැකිවන්නේ ද?

දෙවිදත් පොළොව පළාගෙන නරකයට ගිය බව බුදුන් වදාළ බව එකල සිට කීව ද අද බණට එය නොකියන්නේ මන්දැයි විමසීම වටී’ පොළොව යට නරකාදියක් නැති බව භූ විද්‍යාඥයෝ පෙන්වාදී ඇති බැවින් පාසැල්ලමයි එය දනිති’ බුද්ධ ඥාණයට එය නොපෙනුනේ කෙසේ ද?

පසු කාලවලදී පරලොව භය ඇති කිරීමට ගොතන ලද අසත්‍ය කථා ත්‍රිපිටකයට එකතු කර ඇති බව නොපෙනේ ද?
මජක‍ඨිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ නරකාදියේ ගිනි දැල් ආදිය විස්තර කරයි’ එය සත්‍යයයි පිළිගන්නට නූතන යුගයේ කාහට නම් හැකිවන්නේ ද?
පන්සීය පනස් ජාතක විවරණය ග්‍රන්ථයේ කර්තෘ තම ග්‍රන්ථයේ දක්වන කරුණු දෙසට යළිත් ඔබගේ අවධානය යොමුකරවන්නට කැමැත්තෙමු’
පෙර සඳහන් කර ඇති අයුරු පන්සිය පනස් ජාතකයෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ පුනරුත්පත්තිය ගැන ඇති විශ්වාසය ඇති කිරීම හා ස්ථීර කිරීමය’
මෙය නිර්මල බුදු දහමට කොපමණ දුර එකඟ වේ දැයි දැන ගැනීම බෞද්ධ සියලූ දෙනා විසින් සලකා බැලිය යුත්තකි’ බුද්ධ ධර්මය යනු චතුරාර්ය සත්‍යයය’ සිදුහත් කුමරා ගිහිගේ හැරදා සයවසක් වැනි කාලයක් තුළ සෙව්වේ එකල සමාජයේ විසූ ජනතාව විඳින දුක හා ඉන් මිදීමට ඔවුන් මෝහයෙන් මුළාවී දෙවවරුන්ට යැදීමට ගත් උත්සාහයන් නිෂ්පල බව දැක දුක නැති කිරීම හා ඊට ගත යුතු මාර්ගය සෙවීම සඳහා ය’ එබැවින් උන්වහන්සේ සොයාගත් ධර්මය වූයේ දුක තේරුම් ගැනීම් (දුක්ඛ සත්‍යය) දුකට හේතුව දැන ගැනීම (සමුදය සත්‍යය) දුක නැති කිරීම හා ඉන් ලැඛෙන මානසික සුවය (නිරෝධ සත්‍යය) සහ දුක නැති කිරීමට ගත යුතු මාර්ගය (මාර්ග සත්‍යය) ය’ බුදු දහම සම්පූර්ණයෙන් මෙහි සම්පිණ්ඩනය වී ඇති බව පැහැදිලි වනු ඇත’ යම් කෙනෙකු ඊට වෙනස් යමක් කියා එය බුද්ධ දේශනාවයි කීම ද එය පිළිගැනීම වරදකි’ බුදුවරු වචන දෙකක් වදාරන්නේ නැත’ තවද ධම්මචක්ත පවත්තන සූත්‍රයෙහි උන්වහන්සේ වදාරන්නේ චතුරාර්ය සත්‍යය උන් වහන්සේ පිළිගන්නේ එය තුන් ආකාරයකින් පරීක‍ෂා කිරීමෙන් පසුව බවයි’ එබැවින් එය සම්පූර්ණව බුදුන් වහන්සේ පිළිගත් සත්‍යය විණි’
චතුරාර්ය සත්‍යය මැනවින් අධ්‍යයනය කරන විට එහි පුනරුත්පත්තිය ගැන වචන මාත්‍රයක් වත් සඳහ් වන්නේ නැත’ මෙසේ නොදෙසූ පුනරුත්පත්තිය විස්තර කරමින් ජාතක කථා කියමින් බණ දෙසුවා යයි පවසන විට එය කාහට පිළිගත හැකි ද? බුදුරජාණන් වහන්සේ පන්සිය පනස් ජාතකය දේශනා නොකළ බව ඔප්පු කිරීම අපහසු කාර්යක් නොවේ’ එය මතු දැක්වේ’ එතෙක් චතුරාර්ය සත්‍යයේ පුනරුත්පත්තිය ගැන සඳහනක් පවා තිබේ දැයි පරීක‍ෂා කිරීම මැනවි’
චතුරාර්ය සත්‍යයේ මුල් සත්‍යය වන්නේ දුක්ඛ සත්‍යය ය’ දුක්ඛ සත්‍යය විස්තර කරන උන්වහන්සේ ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ මෙසේ වදාරමින් ඉදංකොපන භික්ඛවේ දුක්ඛං අරිය සච්චං ජාතිපිදුක්ඛා  ව්‍යාඨිපි දුක්ඛා ආදි වශයෙන් දේශනා කරමින් පෙන්වා දුන්නේ මිනිසා මෙලොවදී විඳින දුක පමණය’ නිරා දුක ප්‍රේතලෝක හෝ තිරිසන් අපා දුක් එහි සඳහන්ව නැත’ එවැනි ආත්මවලදී විඳීමට සිදුවන දුක මිනිස්  ලොව පවතින මෙහි දක්වා ඇති දුකට වඩා උග්‍රය’ එහෙත් උන්වහන්සේ ඒ ගැන පවසා නැත’ එබැවින් සසර දුකක් ගැන දැක්වෙන්නේ නැත’ බුදුන් වහන්සේ නොදෙසූ සසර දුක ධර්මයට ඇතුළත් වූයේ කෙසේ දැයි දක යුතුය’ සමුදය සත්‍යය: දෙවන සත්‍යය දුකට හේතුව හෙවත් සමුදය සත්‍යයෙන් පෙන්වා ඇත්තේ යා යං තණ්හා පොනොභවිකා ආදි වශයෙන් නිතර ඇතිවන තණ්හාව මිස බොහෝ දේශකයින් පවසන අයුරු පෙර ආත්මවල යන අර්ථ නොවේ’යනු ඇතිවීම මිස උපත නොවේ’ බුදු දහමේ පුනර්භවය මිස පුනරුත්පත්තියක් නැති බව දැන් අප දේශකවරුන් පවා පවසන බව පෙනේ’
තවද පෙර ආත්මවල දී කරන ලද කර්මවල විපාක මෙලොව දී විඳින බව පොදු බෞද්ධ විශ්වාසය වුවද බුදුන් වහන්සේ එසේ දේශන කර නැත’ මෙකල විද්‍යාත්මක දැනුම අනුව වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මව්කුසදී කලලයෙහි හටගන්නා ශාරීරික හෝ මානසික දුබලතා ඇතිවීමට හේතුව මවගේ ක්‍රියා කාරකම් නිසා බවය’ ඇතැමි විට ජාන දෝෂ නිසා සිදුවන බව ද ඔවූහු කියති’ විද්‍යනුකූල දැනුමක් නොතිබුණ අතීතයේ මේ සියලූ අඩුලූහු~ුකම්වලට නියම හේතුව නොදත් බැවින් එය පූර්ව කර්මය යයි සිතූහ’ හිස් (ඔළු) දෙකක් ඇතිව උපන් දරුවෙකු ගැන කියන සුප්‍රසිද්ධ දේශකයාණන් කෙනෙක් පැවසුවේ ඒ ගන්ධබ්බයා ගෙන ආ
පූර්ව කර්මය බවය’ කඳන් දෙකේ පොල්ගස් ඇති වන්නේත් ගන්ධබ්බයා නිසාද යන ප්‍රශ්නය මතුවේ’ කණගාටුවකට මෙන් අප රට තවමත් තමන් නොදන්නා දේට කර්මය යයි සිතීමට පුරුදු වී ඇත’ හැම දුකකම මූලික හේතුව තණ්හාව බව බුදුන් වහන්සේ දේශනා කර තිඛෙන සත්‍යය ගැන මඳක් සිතන විට මේ සත්‍යය පැහැදිලි වේ’
දුක නැති කළ විට නිවන ලැඛෙන බව බුදු බණේ මූලධර්මයයි’ ලොව ප්‍රථම වතාවට හේතුඵල ධර්මය හෙවත් පටිච්ච සමුප්පදාය දෙසුවේ උන්වහන්සේය’ චුල සකුළුදායින් සූත්‍රයේ උන්වහන්සේ දෙසුවේ ඉමස් මිං සති ඉධංහෝති ආදි වශයෙන් ඒ දේ නිසා මේ දේ හටගනී’ ඒ දේ නැතිකල මේ දේ හට නොගනියි සියලූ දේටම හේතුවක් හෝ හේතූන් ඇත’ මේ දර්ශනය අනුව තණ්හාව නිසා දුක ඇතිවේ’ තණ්හාව නැති කළ විට දුක නැතිවේ’ එනම් නිවන ඇතිවේ’ බුදු සමයේ සහ ඊට පසු ඉන්දියාවේ බුදු දහම වැළඳ ගත්තේ එරට විසූ බ්‍රාහ්මණ (පසුව හින්දු) ආගමිකයන් බව අමතක කළ යුතු නොවේ’
ඔවුන් පරම්පරා ගණනාවක් තුළ අදහමින් සිටි පුනරුත්පත්තිය පහසුවෙන් අත හැරලීමට නුපුළුවන් විය’ බුදුන් ආත්මයක් නැතැයි පවසා තිබුණ බැවින් සූත්‍ර පිටකය සම්පාදනය කළ භික්ෂූන්ට ආත්මයක් තිබේ යැයි පැවසීමට නුපුළුවන් විය’ එබැවින් පුනරුත්පත්තිය ඇති වන්නේ චුති සිත තුළින් බව පෙන්වන්නට විය’ බුදුන් වහන්සේ මෙය ද ප්‍රතික්ෂේප කළ බව මහා නිදාන” මහා සුදස්සන සහ මහා පුන්නම ආදී සූත්‍රවල දැක්වේ’ එහි උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ විඤ්ඤාණය ඇතිවන්නේ නාම රූප මත මිස තනිව නොවන බවය’
පන්සිය පනස් ජාතකය මගින් පුනරුත්පත්තිය ගැන ලිවීමට පෙර සූත්‍ර පිටකයේ මහ සච්චක සූත්‍රය මගින් මේ අදහස ධර්මයට ඇතුළත් කිරීමට උත්සාහයක් ගෙන තිබේ’ එම සූත්‍රය අනුව ගෞතම තවුසා (බුදුවීමට පෙර නම) සියලූ කෙලෙස් නසා බුදු බව ලබන අවස්ථාවේ උන්වහන්සේගේ තියුණු පරිශද්ධ ඥානය මුලින් යොමු කළේ සය වසක් තුළ සෙවීමට මහන්සි වූ දුක නැති කිරීමේ කාර්යයට (චතුරාර්ය සත්‍යයට) නොව” උන්වහන්සේගේ පූර්ව ආත්ම දෙසටය’ (පුබ්බේ නිවාසනුස්සති ඥානය)’ ඉන්පසු චුතුපපාත ඥානය ද තමන් වහන්සේ සෙවීමට වෙහෙසවූ චතුරාර්ය සත්‍යයට නුවණ යොමු කළේ තුන් වනුවය’
චතුරාර්ය තේරුම් කර ගැනීමට හෝ යමෙකුට එය තේරුම් කර දීමට හෝ පුබ්බේ නිවානුස්සති ඥාණය අවශ්‍ය බවක් නොපෙනේ’ පස්වග තවුසන්ට ධම්මචක්ත පවත්තන සූත්‍රය මගින් ධර්මය තේරුම් කර දීමෙහිදී හෝ දෙවනුව ඔවුන් වෙත දේශනා කළ තිලක්ඛණ සූත්‍රයෙහි වත් මේකී ඥනයෙන් ඵලක් ගෙන නැත’ එබැවින් ධර්මය තේරුම් ගැනීමට එම ඥානය අවශ්‍ය නොවන බව පෙනේ’ එසේ නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය බුදුවන මොහොතේ ඉදිරියට ගැනීමට හේතුව මන්දැයි සිහි කටයුතුය’ පුබ්බේ නිවාසානුස්සති ඥානය මඟින් උන්වහන්සේ දුටු දේ දෙස බලන විට පාඨකයා පුදුමයට පත් කරයි’ එසේ දුටු දේ අතර මෙයද වෙති’ එනම් (මහා සච්චක සූත්‍රය ආදිය බලන්න’)
1’ උන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තුළ දඹදිව (ඉන්දියාව) හැර වෙන කිසිම රටක උපත ලබා නැත’ යටත් පිරිසෙයින් ලංකාවේ බුරුමයේ හෝ චීනයේ වත් ඉපදී නැත’
2’ ඉන්දියාව පොළොව මත මෙපමණ කල් තිබුණා ද? භූ විද්‍යාඥයින් පවසන්නේ මීට වසර මිලියන 65 කට පමණ පෙර පොළොව වශයෙන් තිබුණ ගොන්ඩ්වානා ලෑන්ඩ් නම් ගොඩබිම් ප්‍රදේශය කැඩී ඇමරිකා දෙක බටහිරට ද ඉන්දායාව වූ ගොඩබිම ප්‍රදේශය උතුරට ද ඔස්ටේ්‍රලියාව නැගෙනහිරට ද ගිය
බවය’- මේ මතයන් සාධක සහිතව විද්‍යාඥයෝ ඔප්පු කරති’ අප මේ මතය නොපිළිගන්නා වූවත් තුන්වන සැකයක් ද ඇති කරයි’
3’ මේ සාරාසංඛ්‍ය කල්පලක‍ෂය තුළ බුදුවරු 28 නමක් වූහ’ උන්වහන්සේලා සියල්ලන්ට තිබුනේ පාලි (භාෂා) නම්ය’ දීපංකර කොණ්ඩඤඤර්‍ණ මංගල” සුමන ආදියෙහි සිට කකුසඳ” තෝණාගම සහ කාශ්‍යප දක්වා සියල්ලන්ට පාලි (භාෂා) නම් තිබිණ’ මෙය සිදුවූයේ කෙසේ ද? අදත් ඉන්දියාවේ පාලි භාෂාවක් නැත’ බුදුන් දවස තිබී අවුරුදු දෙදෙහසක් ඇතුළත මියගිය භාෂාවක් වූ පාළි භාෂාව එය කල්ප ගණනාවක් (අවුරුදු බිලියන සිය දහසක්) තුළ පැවතුනා යැයි කියන විට එය පිළිගත හැකි ද?
චතුරාර්ය සත්‍යයට පටහැනි යමක් තිබේ නම් එය බුද්ධ වචනය විය නොහැකිය’
මෙසේ බලන කළ බුදුන් වහන්සේ පුනරුත්පත්තිය දේශනා නොකළ ද එය දහමට ඇතුළු කිරීමට බලවත් උත්සාහයක් ගෙන ඇති බව පෙනේ’ ඛුද්දක නිකායේ ජාතක කථා නම්වූ පොත තරම් එම කාර්යය සාර්ථකව ඉටු කළ වෙනත් නිකායක් හෝ සූත්‍රයක් නම් නැතය’ මෙම පරිච්ඡේදය නිම කිරීමට පෙර පන්සීය පනස් ජාතක පොතේ දැක්වෙන ධර්මය ඉදිරිපත් කිරීමට යොදා ඇති කෙටි කථා ගැන සිත යොමු කරන විට පෙනී යන්නේ එම කථා විශාල සංඛ්‍යාවක් අද්භූත පිළිගත නොහැකි” මිථ්‍යා මනඃකල්පිත කථා බවය’ වෙස්සන්තර ජාතකය හැර අන් සියලූ කථාවලට සුළුවෙන් හෝ දීර්ඝව හෝ මෙවැනි කථා යොදා ගෙන තිබේ’
වෙස්සන්තර ජාතකය පමණක් මනුෂ්‍යයින් හැර වෙන කිසිවක් නැති එකම කථාවය’ එහි දෙවිවරු හෝ සත්වයෝ හෝ මැදිහත් වී නැත’ එහි අවිශ්වාස කළ හැකි කිසිවක් නැත’ සියලූ දුක් කරදර වින්දේ මිනිසුන් වශයෙනි’ එහෙත් අන් සියලූ කථාවල නානා විධ තිරිසනුන් හෝ දෙවිවරුන් කළ හෝ කී දේ සඳහන් වෙති’
එවැනි මැදිහත් වීමක් ඉතා කෙටියෙන් කුස ජාතකයේ ද පෙනේ’ එහි ඇත්තේ සීලවතී බිසවට ළමයින් ලැබීමට සහ කුස රජුට අෂ්ඨවංක මාණික්‍යයෙන් මුහුණ ශෝභාමත් කිරීම පමණයි’ නමුත් චම්පෙයිය” සංඛපාල සහ භුරිදත්ත ජාතකවල කථාවේ රඟ ම~ල නාගලෝකයය’ නාරජුන් පොළොවට ආවේ සිල් රැකීමටය’ තවත් කථාවල මුවෝ හංසයෝ බ්‍රහ්මදත්ත රජුණ බණ කියති’ (පන්සිය පනස් ජාතක විවරණය පිටු 219 – 225)
ඉහතින් උපුටා දැක් වූ කොටසින් මතුවන වැදගත් කරුණක් නම් බුදු දහමේ ඉගැන්වීම් තුළ පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නොමැති බවයි’ මෙවැනි ඉගැන්වීම් බ්‍රහ්මණ හා හින්දු ආභාෂය තුළින් පසුකාලීනව බුදු දහමට ඇතුළත් කර ඇති බවයි’ එම ග්‍රන්ථයේ කතුවරයා විග්‍රහ කර පෙන්වා දී ඇත්තේ’
මේ සම්බන්ධව තවත් විද්වතෙකු වූ කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳව මහාචාර්ය ධූරය හෙබවූ කුලසේන විදාන ගමගේ මහතා රචිත දාර්ශනික ගැටලූ නම් ග්‍රන්ථයේ ඉදිරිපත් කර ඇති කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු’
පුනරුත්පත්ති සංකල්පය තහවුරු කිරීම සඳහා ඉදරිපත් කෙරෙන විවිධ තර්ක ඇසුරෙන් වුව ද ඒ පිළිබඳ පැහැදිලි එකඟතාවයකට පත්වීම දුෂ්කර බව පෙනේ’ මේ සම්බන්ධ විරුද්ධ අදහස් දරන්නවුන් ඈත අතීතයේ පටන්ම විසූහ’ භෞතිකවාදි අදහස් දරණ චින්තකයින් මෙසේ පුනරුත්පත්තිය බැහැර කළ අය වෙති’ ඉන්ද්‍රිය ප්‍රතික්ෂයෙන් බැහැර කිසිවක් පිළිගැනීමට මැලිවන භෞතිකවාදීන් උක්ත සංකල්පය ද පාරභෞතික එකක් සේ සලකා බැහැර කළහ’ පුද්ගලයාගේ මේ ජීවිතයේ ඇතැම් දේවල් පැහැදිලි කර ගැනීම හෝ ඒ පිළිබඳව හේතූන් ඉදිරිපත් කිරීම අපහසු වුව ද ඒ සඳහා පෙර ආත්මයක් පිළිබඳ අදහසක් ඇති කර ගැනීම අනවශ්‍ය බව සමහරු පෙන්වා දෙති’ එවැන්නක් අදාළ ගැටලූවට පිළිතුරක් සැපයීමට වඩා එය තවදුරටත් ව්‍යාකූල කිරීමක් හැටියට මොවූහු සලකති’ කෙනෙකු තුළ පැවතිය හැකි දක්ෂතාවයන් ඔහු හැදෙන වැඩෙන පරිසරය ඇසුරෙන් ගොඩනැගිය හැකිය’ එසේම කෙනෙකුගේ කායික ලක්ෂණ මත ද ඇතැම් දේ පිළිබඳ දකෂතාවයන් ගොඩ නැගීමට හැකි බව ද පිළිගැනේ’ සහජ දක්ෂතාවයන් ඇතැම් අය තුළ පිහිටන බවට මනෝ විද්‍යාව සාක්ෂි දරයි’ එබැවින් මේ නාමයන් පැහැදිලි
කිරීම සඳහා පෙර ආත්මය පිළිබඳව අදහසක් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍ය තාවයක් නැති බව විරුද්ධ මතධාරීන් පෙන්වා දී ඇත’