බුදුන් දේශනා නොකළ ජනකථා පසුව ජාතක කථා ලෙස-පන්සිය පනස් ජාතක පොත

බුද්ධ කාලයට පෙර පටන් භාරතීය ජනයා අතර ප්‍රචලිතව පැවති මුඛ පරම්පරාගත ජනකථා පසුව ජාතක කථා ලෙස සකස්වුනු බව කියති’” ජනයා අතර ඇති මුඛ පරම්පරාගත ජනකථා බුද්ධ භාෂිත දේශනා ලෙස දක්වමින් ඉදිරිපත් කිරීම දහමක මූලාශ්‍රයන්ගේ දුර්වල භාවය සහතික කරන්නක් බව 7 නොවරදවාම පිලිගන්නට සිදුවෙනවා’ තවත් වැදගත් අදහසක් මේ සම්බන්ධයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු’
*මේ කථාවලින් සමහර ඒවා මුලදී සම්පූර්ණව තිබුණා විය හැකිය’ සමහර ඒවා කලින් කල එකතු වී සම්පූර්ණ වූවා විය හැකිය’ ජාතක ශබ්දයෙන් අද අපට දක්නට ලැඛෙන කථාන්තරවලින් බොහෝ ඒවා ඇත්ත වශයෙන්ම බෝධිසත්ව කථා විය යුතු අතර තවත් සමහර ඒවා ජනකථා හෝ උපමා කථා වශයෙන් භික්ෂූන් අතර ආරක‍ෂනවූ කථා පසු කාලවලදී පැරණි කමේ අගය අනුව ජාතක කථා වශයෙන් සකස්වූ ඒවා විය හැකිය’” (පණ්ඩිත දික්වෙල පියනන්ද හිමි – ජාතක කථාවල ප්‍රභවය හා දියුණුව- පිටුව 01 – සංස්කෘතික දෙපාර්තමේන්තුව – 1965)

වෙසක් හා පොසොන් උත්සවයන් නිමිති කොට ගෙන දසලක්ෂ ගණනින් වියදම් කොට සාදන්නා වූ තොරන්වලින් විදහා දක්වන්නේ ජාතක පොතේ කථාන්දරයන්ය’ මේවා සාදන්නන් හා නරඹන්නට පැමිණෙන දස ලක‍ෂ ගණන් ශ්‍රද්ධාවන්ත භෞද්ධ පින්වතු්ට අප විදහා දක්වන්නේ පදනම් විරහිතව කලින් කල එකතු කර සකස් කරන ලද ජාතක පොතේ විස්තර බව දැනගත් විට තොරනේ තොරතුරු කියවා ඇතිකර ගන්නාවූ බුද්ධාලම්බණ ප්‍රීතිය හිරු දුටු පිණි බිඳක් මෙන් වාෂ්ප වී යනු ඇත’
මෙවන් මිථ්‍යාවන්ගෙන් මිදී කටයුතු කිරීම විසි එක්වන සියවසේ විද්‍යා හා තාක‍ෂණ දියුණුව මෙන්ම මිනිස් සිතේ දියුණුවටත් එකඟතාවයක් ඇති ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ’ නැවතත් පන්සිය පනස් ජාතක විවරණය” ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු’
* ජාතක කථා සර්වඥයන් වහන්සේගේ පිරිනිවනින් බොහෝ කලකට පසු සූත්‍ර පිටකයට එකතුවූ බව පෙන්වීමට පන්සිය පනස් ජාතක පොතෙන්ම සාක‍ෂි දැක්විය හැකිය’ එබැවින් එය බුදුන් දේශනා නොකළ බවද ඔප්පු වනු ඇත’
1’ සාරා සංඛ්‍ය කල්ප ලක‍ෂයක් තුළ බෝසතාණෝ දඹදිවින් පිට වෙනත් රටක උපත ලබා නැත’තවද මෙය ලියූ කතුවරයාට ඉතිහාසය පිළිබඳ දැනුමක් තිබුණාදැයි සැක උපදියි’ ඉන්දියාවේ කවදත්(අද දක්වා) තිබුණ නගර මිස බුදුන් සමයේ තිබුණ නගර ගැන බුදුහු ජාතික කථාවල සඳහන් නොකරති’
බරණැස” මිථීලා” උදේනි” විශාලා ආදි නගර ගැන කවුරුත් දනිති’ ඒවා අද දක්වා පවතී’ බුදුන් සමයේ තිබුණ වෙනත් නගර ගැන සඳහන් වන්නේ නැත’ ඒ අතර රජවරුන්ගේ නම් ද සැක සහිතය’ බ්‍රහ්මදත්ත රජවරු බුදුසමයේ හෝ ඉන්දියාවේ සිටියේ නැත’ එහෙත් කථා 419ක එම රජවරුන් සඳහන් වෙති’
බොහෝ විට රටෙහි නමින් රජුගේ නම සඳහන් කෙරේ’ මඝධ රට මඝධ රජුය’ සිව් රට සිව් රජුය ආදි වශයෙනි’ මෙයින් දැක්වෙන්නේ බුදුන් සමයේ තිබුණ අද දක්වා පැවති නගර දැන සිටියා මිස ජාතික කථා ලියන කාලය වනවිට බුදුන් සමයේ තිබුණ රටවල සිටි රජුන් ගැන දැන සිටි බවක් නොපෙනේ’
2’ බුදුන් සමයේ කලිගු රට නමින් රටක් ඉන්දියාවේ තිබුණේ නැත’ එකල ආර්යයන් ජනාවාස පිහිටුවා ගෙන සිටියේ සොළොස් මහා ජනපදවලය’ ඉන් ඔබ්බට ඔවුන් පැතිර සිටියේ නැත’ කලිගු රට ඉන්දියන් ඉතිහාසයට එක්වන්නේ බුදුන්ගෙන් ශතවර්ෂ දෙකකට පමණ පසුය’ ඉතිහාසයේ මුල්වරට එය සඳහන් වන්නේ ධර්මාශෝක රජ සමයේදීය’ එහෙත් මේ රට ජාතක කථා තුනක සඳහන් වෙයි
වෙස්සන්තර ජාතකය (539) කුම්භකාර ජාතකය (402) සහ කාලිංග බෝධි ජාතකය (417) ය’
3’ පලාස ජාතකය (304) සහ මහා සුදස්සන ජාතකය (94) උන්වහන්සේ දේශනා කළේ පිරිනිවන් මඤ්චකයේදී බව පන්සීය පනස් ජාතක පොතෙහි පැවසුව ද එවැනි දෙයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ විස්තර වන්නේ නැත’
4’ රාමායනය සහ ත්‍රිපිටකය ගැන ද සඳහන් වන ජාතක දෙකකි’ මේ දෙකම ලියුවේ ක්‍රිස්තු පූර්ව 2වන හෝ 1 වන සියවස්වලදී බව ඉතිහාසයේ කියැවේ’ එබැවින් ඒ ගැන බුදුන් දෙසුවා යැයි පිළිගත නොහැකිය’
5’ ඇතැම් ජාතක කථා බුදුන් වදාළ බව කිසිසේත් පිළිගත නොහැක’ නලිනි ජාතකය (518)අසභ්‍ය කථාවක්’ එය බුදු කෙනෙකුත් තබා ලජජා භය ඇති කිසිවකු පවසන්නේ නැත’ තළපාන ජාතකය
8(20)” මුලූක ජාතකය (17) සහ ආරාම දුෂක ජාතකය (46) බුදුන් වහන්සේ වැනි කෙනෙකු දේශනා කළාදැයි සිතිය හැකි ද? තළපාන ජාතකයේ උන්වහන්සේ වදාරා ඇත්තේ ඇතැම් බටලීවල පුරුක් නැත්තේඅතීත ජාතියක සිදුවූ සත්‍ය ක්‍රියාවක් නිසාය අනිත් කථා දෙකම එවැනිය’
6’ ස්ත්‍රීන් පරිභවයට ලක් කරන කථා 11කි’ බුදුන් ස්ත්‍රීන්ට මෙසේ සැලකූ බව
7’ බොහෝ ජාතක කථා අවසන් වන්නේ ඒ ඒ ආත්මවල බොසතාණන් සමග සිටි සියලූ දෙනා මේ ආත්මයේ දී ද බුදුන් සමඟ සිටින අනඳ මහා තෙරුන් වහන්සේ” සැරියුන් මුගලන් මහතෙරුන්”උප්පලවන්නා තෙරණිය ආදීන් ය’ මේ කණ්ඩායම එකට ආත්මයක් ආත්මයක් පාසා පැමිණ බව පිළිගැනීමට අපහසුය’
8’ මේ අතර යටගිය දවස සිදුවූ අද්භූත දේ ගැන මෙහි සඳහනක් පවා කිරීමෙන් අප වළකින්නේ ඒ කථා බුදුන් නොදෙසූ බවට කිසිවක් කීම අනවශ්‍ය බැවිනි’ එහෙත් අතීතයේ විසූ අහිංසක ජනයාට අද්භූත කථා පිළිගැනීමට රුචියක් තිබිණ’ මෙය ලොව පුරා මධ්‍යතන යුගයේ දී පැවති ලක්ෂණයක් විය’
විද්‍යා දැනුමක් හෝ චින්තන ශක්තියක් නොතිබුණ ඔවූහු තම ශාස්තෘවරයා ගැන පවසන අද්භූත කථා නිරායාසයෙන් පිළිපැද්දාහ’ එවැනි කථා ධර්මය හා පුනරුත්පත්තිය ගැන විශ්වාසය ඇති කිරීමට මාධ්‍යයක් කර ගත්තෝහ’
මේ පරිවාර කථා ඉන්දියාවේ පැවති ජන කථා බව විද්වත්හු සිතති’ එකල ඉන්දියාවේ හින්දු භක්තිකයෝ ලියූ ර්‍ණපංච තන්ත්‍රය” හිද මෙවැනි ජනකථා යොදා තිබුණ බැව් පෙනේ’ ජාතක කථා හා ජනකථා ජාතක පොතෙහි කතුවරයා ඉන්දියාවේ එකල පැවති රසවත් ජනකථා දහම පැතිරවීමට යොදා ගැනීම ගැන විවේචනයන් කිරීම උචිත නැත’
මේ කථා ඇසීමට අද ළමයින් කැමති වන්නාක් මෙන් අතීතයේ විසූ අහිංසක නූගත් ජනයා ද ඊට ප්‍රිය කළහ’ ගැඹුරු ධර්මය ඇසීම හා ඊට සිත යොමුකරමින් වැඩිකලක් ගත කිරීමට අපහසු බැවින් ඊට පිළියමක් වශයෙන් මෙම මනෝ විද්‍යාත්මක ක්‍රමය යොදාගෙන තිබේ යැයි සිතිය හැක’ ඒ හැර බුදුන් මේ අද්භූත කථා දේශනා කළා යයි සිතිය නොහැකි ය’ ඉන්දියාවේ එකල පැවැති ජනකථා අතරට මනඃකල්පිත කථා ද එකතු කර තිඛෙන බව පෙනේ’ ඇතැම් විට ඈත ඈත අතීතයේ ඉන්දීය ජනයා අතර කටින් කට පැවැති සුළු සත්‍ය කථාවක් වුවද මනඃකල්පිත කථාවක් බවට පසුව පෙරළී ඇති බවද පෙනේ’ පියාසර කරන ඇතුන් ගැන හෝ රජවරුන්ට මිනිස් බසින් බණ කියන මුවන් හා හංසයින් ද මේ කථවලට ඇතුළත් වෙති’ මේ අතර සුළු ඓතිහාසික සත්‍යයන් තිබියි හැකි කථා ද ජනවහරේදී මනඃක්ලිපිත කථා බවට පත් වී ඇති බවද පෙනේ’ භූරිඋත්ත ජාතකයේ චිත්‍රසූල නම් ඉදිබුවා ගංගා නම් ගඟට දැමූ විට ඔහු ගඟ පහළට ගසා ගොස් නාග ලොවට පතිත විය’
මේ කථාව කියවන්නාට හෝ අසන්නාට පුදුම හැඟීමක් ඇති වෙයි’ එනම් ගඟ පතුලේ තිඛෙන සිදුරකින් පොළොව යට තිඛෙන නාග විමානයට ඉදිබුවා වැටී ඇති බවය’ එහි දී නා රජුගේ පුත් කුමරාට බරණැස බ්‍රහ්මදත්ත රජුගේ දියණිය විවාහකර දී කථාව ගෙන යයි’ මෙහි දී අප සිතට නැගෙන අදහස නම් අදත් ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් සිටිති’ ඔවුන් අද වසන්නේ නැගෙනහිර ඉන්දියාවේ නාගලන්තය නම් පෙදෙසෙහිය’ අනාර්යයන්වූ මොවුන් ආර්යයන් විසින් තම මව්බිම්වලින් පලවා හැරී බව ඓතිහාසික සත්‍යයකි’
එකල නාග ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්තිය අදට වඩා පුළුල් වූ බැවින් ආර්යාවර්තයේ නැගෙනහිර කොටසවූ වර්තමාන ඛෙංගල ප්‍රදේශයේ ද ඔවුන් විසීය’ එය ගංගානම් ගඟ පහළය’ මෙකී නාග ගෝත්‍රිකයන් විසූ පෙදෙසට ඉබ්බා ගසාගෙන ගොස් ඔහු යෙදූ උපායෙන් විවාහය සිදු වූ බව කථාවේ දැක්වේ’ ආර්යයන් හා එවකට විසූ ගෝත්‍රිකයින් අතර අවාහ විවාහ සිදුවූ බවද ඉතිහාසයේ දැක්වේ’ මේ ජනවහරේ පැවැති කථාව පසු කාලයක විසූ බෞද්ධයින් අතට පැමිණි විට නාග කී පමණින් පෙන ගොබ තිඛෙන නයින් බවට පත්විය’ ගඟ පහළ සිට මේ නාගයින් පොළොව යට බෞද්ධයන් මැවූ නග භවනයේ විසූ බව කියවේ’ නා ලොව ඉපදීමට බෞද්ධ අප පින් කළ යුතු බවද පෙන්වයි
මෙවැනි කථාවකි බුදුන් වහන්සේ බුදුවී 6 වන සතියේදී වැස්සෙන් ආවරණය සැපයූ චුචලින් ද නම් නා රජ ද තම පෙන ගොබයෙන් බුදුන් ආරක්ෂා කළ බවට ඇති බෞද්ධ විශ්වාසය’ චුචලින්ද නා රජ සිටියේ ගයාව (බුද්ධ ගයාව) අසලය’ එය බිහාර් ප්‍රාන්තයේය’ ඊට ආසන්න ප්‍රාන්තය ඛෙංගාලය’ මේ කථා දෙකේ සමානතාවක් පෙනෙනු ඇත’
Advertisements