දශ අකුශල කර්මයන්ගෙන් මුසාවාදය ඉතා භයානක පුද්ගල චරිත කිලිටි කරවන ක‍්‍රියාවක් ලෙස බුදු දහම සඳහන් කරයි. සම්මා වාචා, ආර්ය අෂ්ටාංගික මගෙහි ඉතා වැදගත් සංකල්පයකි. බුදුරදුන් කපිල නම් ඍෂිවරයෙක් (බෝසත්ව විසූ සමයෙහි චෙතිය නම් රජකුට බොරු කීමේ ආදීනව දක්වා ප‍්‍රකාශ කළ ගාථාවේ සංක්ෂිප්ත සිංහල අර්ථය පහතින් දී ඇත්තෙමු,
1. ආරක්ෂක දේවතාවෝ බොරු කියන්නන් හැරයති. මුවින් දුගඳක් විහිදේ. ස්වීය ස්ථානයෙන්ද හේ පිරිහෙයි.
2. සුදුසු කලට නො වස්නේය, අකාලයෙහි වස්නේය.
3. ඔහුට සර්පයන්ට මෙන් දෙදිවක් වන්නේය.
4. ඔහුට මත්ස්‍යයෙකුට මෙන් දිවක් නොවන්නේය.
5. ඔහුගේ පවුලෙහි ස්ත‍්‍රීහු උපදනාහ. පුරුෂයන් නූපදනාහ.
6. ඔහුට පුත‍්‍රයෝ නොවන්නාහ. උපන්නාහුද ඔවුහු මාපියන් හැර එ් එ් තැන යන්නාහ. ඔහුට දරුවන්ගෙන් ප‍්‍රයෝජනයක් නොවන්නේය.
ඉහත දැක්වූයේ බුදුදහම අනුව මුසාවාදයේ ආදීනවයි. නමුත් මුසාවාදයම පදනම් කරගෙන බුදු දහම ගොඩ නඟත් නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව යැයි පවසා නිහක්‍ෂ වන්නට සිදුවෙනවා.
අද බුදු දහම වශයෙන් පවතින්නේ බුදුන්ගේ නමින් සකස් වූ වෙනත් යමක් බව පැහැදිලි කිරීමට මෙයට වඩා කරුණු අවශ්‍ය නොවන බව බුද්ධිමත් ඔබට අනිවාර්යයෙන්ම පිලිගැනීමට සිදුවෙනවා නොවේද?
මෙවන් විකෘත ඉගැන්වීමක් තුළින් ඔබගේ ජීවිතයේ ජය ලඟාකර ගැනීමට හැකිවේ යැයි පිලිගැනීමට හැකියාවක් තිබේද?