සූකර මද්දව යනු උරු මස්ද? බිම් මල් ද? උන ගසේ දළු වර්ගයක් ද ?

විනය පිටකයේ 14 වන සංඝාදිෂේෂයේත් ඇතුලත් කොට ඇති හා ඉහත සඳහන් මජ්ජිම නිකායේ දක්වා ඇති  බුදුන් වහන්සේගේ දේශනාව අනුව මාංශ අනුභවය තහනම් වන්නේ පහත සඳහන් කරුණු තුන සම්පූර්ණ වුවහොත් පමණනි .
1තමන් වෙනුවෙන්, සත්වයා ඝාතනය කිරීම දැකීම.
2 සත්වයා ඝාතනය කිරීම අසන්නට ලැබී
3 සත්වයා ඝාතනය කල බව සැක ඇතිවීම
වෙනත් ආකාරයෙන් කිවහොත් ඉහත සඳහන් කරුණුවලට බාහිරව මස් අනුභවයෙන් අකුසලක් සිදු නොවන බවයි, තමන් ඕනෑම මස් හෝ මාළු වෙළඳ සැලකින් මිලයට ගෙන අනුභව කිරීම ඉහත ඉගැන්වීමට පටහැනි නොවන්නක් වන අතර එය අකුසල කර්මයක් නොවන බවත්ය පැහැදිලි වන්නේ,මජ්ජිම නිකායේ කරුණුවලට පහතින් නයනාතිලෝක මහා තෙරුන් විසින් සකස් කරන ලද ’බෞද්ධ විශ්ව කෝෂය’ යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වා ඇති කරුණුවලින් පැහැදිලි වන සාදක පහතින් දක්වා ඇත්තෙමු,
1   ත්‍රිපිටකයේ සඳහන් කරුණු අනුව බුදුන් වහන්සේ විසින් මාංශ අනුභව කොට ඇති බව.
2 සංඝයා වහන්සේලාට මාංශ අනුභවය තහනම් කරන ලෙස දෙව්දත් තෙරුන් විසින් ගෙනා යෝජනාව බුදුන් වහන්සේ විසින් තරයේම ප්‍රතික්ෂේප කල බව විනය පිටකයේ සඳහන් බව හා
3 සාමාන්‍යයෙන් සංඝයා වහන්සේලාට විනය නීතියක් හැටියට සතුන් දස වර්ගයක මාංශ අනුභවය පමණක් තහනම් කිරීමෙන් (උදා : කොටින්ගේ මාංශල  සර්පයින්ගේ මාංශල  අලින්ගේ මාංශ වැනි) අනිකුත් සත්වයින්ගේ මාංශ අනුභවය අනුමත බව තර්කානුකූලව නිගමනය කිරීමට සිදුවන බව.
පංච සීලයේ පලමුවන සීලය කැඩීමෙන් කර්ම විපාක හැටියට වැඩි ආයුෂ නැතිවීම, බොහෝ ලෙඩ දුක් ඇති වීම, හා බියපත්ව විසීමට සිදුවීම යන කරුණු මෙලෝ වශයෙනුත් මරණින් මතු ඇති භයානක නිරයේ ඉපදීමට සිදුවන බවත් උගන්වන බුදු දහම ව්‍යවභාරයේදීී මාංශ අනුභවය පිළිබඳව ඉතා ලිහිල්ව හා මාංශ අනුභවයට දිරිදීමේ ක්‍රියා හා අදහස් ඉදිරිපත් කර තිබීමෙන්  බුද්ධ දේශනයේ හා බුද්ධ වත් පිලිවෙත් රැකීම අතර සමථයකට පත් කළ නොහැකි  නිශ්චිත පරස්පරයක් ඇති බව මධ්‍යස්ථව සිතන ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි  සිතන්නෙමුග  සැබැවින්ම ව්‍යවහාරයේ මාංශ අනුභවයට තහනමක් බුදු දහමේ නොමැති බව ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේයග  දීඝ නිකායේ මහා පරිතිබ්බාන සූත්‍රයේ (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පරිවර්තනය කරන ලද – පිටු 165) බුදුන් වහන්සේට චන්ද විසින් පිළියෙළ කරන ලද දානයේ විස්තර පහත සඳහන් අයුරින් දක්වා ඇත.
’චුන්දල ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් වළඳවන්න.
පිළියෙළ කළ අනිත් කෑම්බීම්වලින් භික්ෂු සංඝයා වළඳවන්නග ’එහෙමයි ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාණ පුත්‍ර ඒ අන්දමින් වැළඳවිය.භාග්‍යවදන් වහන්සේ : ’චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න’
චුන්ද දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙත කිසිවෙකුත් නොදකිමි” එය පිළිගත්  චුන්ද ඉතිරි සුකර මද්දව වල දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය.
භාග්‍යවදන් වහන්සේ ධර්ම කථාවෙන්  චුන්ද පහදවා නැගී වැඩිසේකග  චුන්දගේ දානය වැළඳූ භාග්‍යවදන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවියග  ආචාර්ය එච්ග  එස්ග  එස්ග  නිශ්ශංක විසින් රචිත ’ගෞතම බුද්ධ’නමැති ග්‍රන්ථයේ පෙරවදනෙහි  බුදුන් වහන්සේට ඇති වූ රෝගය පිළිබඳව සඳහන් කර ඇත්තේ ’කුසිනාාරාවට සැතපුම් හයක් පමණ දුරින්  පිහිටි පාවා නම් ගමේ චුන්ද නම් වූ කාර්මිකයාගේ නිවෙසින් අන්තිම දානය වැළඳූ බුදුහු රක්ත අතීසාරයට ගොදුරු වූහ” යනුවෙනි.
බුදුන් වහන්සේගේ දානයට ඇතුලත් කර තිබූ ’සූකර මද්දව’පිළිබඳව විවිධ අංශවලින් පරස්පර අදහස් මතු වී තිබේ, එය විස බිම්මල් වර්ගයක් ලෙසත් උන ගසේ දළු වර්ගයක් ලෙසත් අර්ථ දැක්වීමක් කර ඇත, නමුත් ඉතා ප්‍රවේශමෙන් මහා පරිතිබ්බාන සූත්‍රයේ සඳහන් කරුණු විමසා බැලූවහොත් සත්‍යය අවබෝධ කර ගැනීම අපහසු නොවේ., බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයක් වූ තමන් වහන්සේට පූජා කළ කිසිවක් ප්‍රතික්ෂේප නොකර සිටීම මත පිහිටා උන්වහන්සේ  සුකර මද්දව අනුභව කළත් එය නිශ්චිත වශයෙන්ම දිරවීමට අපහසු යමක් බව උන්වහන්සේ කල් ඇතිවම දැන සිටි බව ඉතා පැහැදිලිය, සූකර මද්දව යන පාලි වචනයේ පදගන සිංහල අර්ථය ඌරු මස් යන්නද ඉතා පැහැදිලිය.
ඌරු මස් දිරවීමට අපහසු ආහාරයක් වන අතර එයින් රක්ත අතීසාරය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා බොහෝ බව අප සැම ඉතා හොඳින් දන්නා කරුණකි.තම නිවසට අති ශ්‍රේෂ්ඨ උතුමෙකුට ආරාධනා කොට හොඳින් දන්නා විෂ වර්ගයක් යමෙක් ආහාර වට්ටොරුවට ඇතුලත් කරයි යන්න සිතීම මෝඩකමකි.

 

 

බුදුදහම අනුව මුසාවාදයේ ආදීනව

දශ අකුශල කර්මයන්ගෙන් මුසාවාදය ඉතා භයානක පුද්ගල චරිත කිලිටි කරවන ක‍්‍රියාවක් ලෙස බුදු දහම සඳහන් කරයි. සම්මා වාචා, ආර්ය අෂ්ටාංගික මගෙහි ඉතා වැදගත් සංකල්පයකි. බුදුරදුන් කපිල නම් ඍෂිවරයෙක් (බෝසත්ව විසූ සමයෙහි චෙතිය නම් රජකුට බොරු කීමේ ආදීනව දක්වා ප‍්‍රකාශ කළ ගාථාවේ සංක්ෂිප්ත සිංහල අර්ථය පහතින් දී ඇත්තෙමු,
1. ආරක්ෂක දේවතාවෝ බොරු කියන්නන් හැරයති. මුවින් දුගඳක් විහිදේ. ස්වීය ස්ථානයෙන්ද හේ පිරිහෙයි.
2. සුදුසු කලට නො වස්නේය, අකාලයෙහි වස්නේය.
3. ඔහුට සර්පයන්ට මෙන් දෙදිවක් වන්නේය.
4. ඔහුට මත්ස්‍යයෙකුට මෙන් දිවක් නොවන්නේය.
5. ඔහුගේ පවුලෙහි ස්ත‍්‍රීහු උපදනාහ. පුරුෂයන් නූපදනාහ.
6. ඔහුට  පුත‍්‍රයෝ  නොවන්නාහ.  උපන්නාහුද  ඔවුහු  මාපියන්  හැර  එ්  එ්  තැන  යන්නාහ.  ඔහුට දරුවන්ගෙන් ප‍්‍රයෝජනයක් නොවන්නේය.
ඉහත දැක්වූයේ බුදුදහම අනුව මුසාවාදයේ ආදීනවයි. නමුත් මුසාවාදයම පදනම් කරගෙන බුදු දහම ගොඩ නඟත් නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව යැයි පවසා නිහක්‍ෂ වන්නට සිදුවෙනවා.
අද බුදු දහම වශයෙන් පවතින්නේ බුදුන්ගේ නමින් සකස් වූ වෙනත් යමක් බව පැහැදිලි කිරීමට මෙයට වඩා කරුණු අවශ්‍ය නොවන  බව  බුද්ධිමත්  ඔබට  අනිවාර්යයෙන්ම  පිලිගැනීමට  සිදුවෙනවා  නොවේද?
මෙවන්  විකෘත ඉගැන්වීමක් තුළින් ඔබගේ ජීවිතයේ ජය ලඟාකර ගැනීමට හැකිවේ යැයි පිලිගැනීමට හැකියාවක් තිබේද?

බුද්ධ වංසය නොහොත් පෙර බුදුවරු

ගෞතම බුදුන් පලමු හෝ අවසන් බුදුවරයා නොවන බව බෞද්ධ මූලාශ‍්‍රයන් පරිශීලනය කිරීමේදී අපට අවබෝධ කරගත හැකි කරුණකි.
සිංහල බුද්දක නිකාය – 3 කාණ්ඩය (මහා නිර්දේශය පිටු 338* අනුව බුදුවරු ත‍්‍රිවිධාකාර වෙති. උන්වහන්සේලා හඳුන්වනු ලබනුයේ,
1 – සම්මා සම්බුද්ධ,
2 – ප‍්‍රත්‍යෙක බුද්ධ සහ
3 – අරහත්ත බුද්ධ වශයෙනි.
සම්මා සම්බුදුවරයෙකු එම තත්වය සපුරා ගැනීමට අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් – අටක් හෝ දහසයක් දස පෙරුම් දම් පිරිය යුතු බවද පසේ බුදු බව සඳහා අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක්ද ශ‍්‍රාවක බුදු බව සඳහා අඩු තරමින් කල්ප ලක්ෂයක් හෝ පෙරුම් දම් පිරිය යුතු බවද මෙහි සඳහන් වේ.සුත්ත පිටකයේ කොටසක් වූ සිංහල බුද්දක නිකායේ (පටි සම්පදා මග්ග පිටු 517* සඳහන් පරිදි නිවන් මඟ සෙසු සත්ත්වයින්ටද අවබෝධ කර දීමේ ශක්තිය පවත්නා බුදුවරු සම්මා සම්බුද්ධ නම් වෙති. ප‍්‍රත්‍යෙක බුදුවරු (පයේ බුදු* බුදුබව පසක් කරගත් නමුත් සෙසු සත්ත්වයින්ට එය අවබෝධ කරදීමේ ශක්තිය නොමැති අය වෙති. අරහත්ත හෙවත් ශ‍්‍රාවක බුදුවරු බුදුවරයෙකුගේම අවවාද – අනුශාසනා ලැබීමෙන් බුද්ධොත්පාද කාලයකදීම මාග_ඵල පසක් කරගන්නාවූත් සෙසු අයටද ඒ මග පහදා දිය හැකි ශක්තිය ඇත්තෝ වෙති.
පෙර බුදුවරු ගැන විමසීමක් කිරීමේදී මේ පිළිබඳ මූලික දැනුමක් ලබාගැන්ම පිණිස පහත සඳහන් කොටස බුද්ධ වංශ පුරාණයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
’බුද්ධ චරිතය විවිධ ගුණාංගවලින් උපලක්ෂිත වෙමින් වර්ධනයවත්ම බුද්ධ සංඛ්‍යාවද ඊට අනුරූපව වර්ධනය  වී  ඇති  අයුරු  ත‍්‍රිපිටකය  ඇතුළු  අටුවා  ප‍්‍රකරණ  කෘති  තුළින්ම  පෙනී  යයි.  පිටකාගන අංගුත්තර නිකායේ යෝධාජීව වර්ගයේද, ජාතක පොතේද, අනාගත වංශයේද, දැක්වෙන පරිදි බුදු මුවින්ම දේශිත යැයි සඳහන් පාඨවලින් අතීතයෙහි බුද්ධවංශයට අයත් බුදුවරුන් පිළිබඳ ඉඟියක් ලැබෙයි. එසේම දීඝ නිකායේ මහාපදාන සූත‍්‍රයේ විපස්සී, සිඛී, වෙස්සභූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන් නමින්ම සඳහන් වෙයි. එය බුද්ධ වංශයේ ආරම්භය පිළිබඳ මූලික සටහන වශයෙන් සැලකිය හැකිය. දීඝ නිකායේ ආටානාටිය සූත‍්‍රයේද සත් බුදුවරුන්ගේ නාමලේඛන ඉදිරිපත් වෙයි.
මෙම ප‍්‍රකාශන සලකා බැලීමෙන් පෙනී යන්නේ ගෞතම බුදුරදුන් ත‍්‍රිපිටකයේ සඳහන් එකම බුදුවරයා නොවන බවයි. දීඝ නිකායේ චක්කවත්ති සීහ නාද සූත‍්‍රයේද, බුද්ධවංශ – අනාගතවංශ, කෘතිවලද මේ භද්‍ර  කල්පය  තුළම අනාගතයේදී  මෛත‍්‍රීය  (මෙත්තෙය්‍ය*  නමින් බුදුවරයෙකු  ලොව පහළවන බව බුදුරදුන්ගේම අනාවැකියක් ලෙසට සඳහන් වීමෙන් පෙනී යන්නේ බුද්ධ වංශයේ අවසානයක් නොමැති බවයි. ත‍්‍රිපිටකයේද සඳහන් වන මෙම සත් බුදුවරුන් පිළිබඳ සංකල්පය බුද්ධ වංශ ව්‍යාප්තිය පිළිබඳ පැරණිතම මතය බව පිළිගත හැකිවෙයි. එ් සඳහා අපට පුරා විද්‍යා සාධකද හමුවෙයි. ක‍්‍රිස්ත‍්‍ර පූව_ දෙවැනි ශත වර්ෂයට අයත් යැයි සලකනු ලබන භාරතයේ භාරුත් ස්ථූපයේ නෙළන ලද මූර්ති අතර යට කී සත්බුදුවරුන් උන්වහන්සේලාගේ බෝධි වෘක්ෂයන්ද සහිතව දක්නට ලැබේ. බුද්ධ නාමයන් දක්වා ඇත්තේ බ‍්‍රාහ්මී අක්ෂරවලිනි.
සාංචි ස්ථූපයේ නැගෙනහිර වාහල්කඩෙහි මූර්ති අතරද සත්බුදුවරුන්ගේ බෝධි වෘක්ෂ දැක්වෙයි. එබැවින් එම යුගය වනවිට සත්බුදුවරුන් පිළිබඳ මතය බෞද්ධ ජනතාව අතර පිළිගත් මතයක්ව පැවති බව පෙනේ. එ් අනුව ත‍්‍රිපිටකයේ සඳහන් ආදිතම බුදුවරයා වන්නේ විපස්සි බුදුරජාණන් වෙති.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් ජෛන – බ‍්‍රාහ්මණ – මහායාන ආදී සමයාන්තරවල බලපෑම මත ක‍්‍රමයෙන් බුද්ධවංශය දීපංකර බුදුරදුන් දක්වා අතීතයටත් මෛත්‍රේය බුදුරදුන් දක්වා අනාගතයටත් ව්‍යාප්ත වී  ඇත. මෙය එක් අතකින් සෙසු ආගම් මගින් බුදු සමය යටවී යාම වළක්වා ගැනීමටත්,නවීකරණය  මගින්  ජනප‍්‍රියත්වය  වැඩිකර  ගැනීමටත්  එවක  සිටි  ආගමික  නායකයන්  යෙදු  උපාය මාර්ගයක් වේ. එපමණකින් නොසැනසුනු බෞද්ධ භක්තිකයෝ දීපංකර බුදුරදුන්ගේ සීමාව ඉක්මවාද තණ්හංකර – මේධංකර – සරණංකර යැයි තවත් බුදුවරුන් තුන් නමක් ලොව පහළ වූ බව ප‍්‍රකාශ කළහ.
බුද්ධ වංශය (සිංහල බුද්දක නිකාය – 143 පිටුව*, පූජාවලිය (2වන පරිච්ඡේදය 17 පිට* ආදී ප‍්‍රකරණ ග‍්‍රන්ථවල මෙම බුද්ධාවලිය ඉදිරිපත් කර ඇත.
සුවියි බුදුවරුන්ගේ නාමලේඛණය සංස්කරණය සඳහා ජෛන සමයේ සුවියි තීර්ථංකරවරුන් පිළිබඳ මතවාද බලපා ඇත . එම ජෛන ශාස්තෘවරයන් අතර බුදුරදුන් හා සමකාලීන වූ ජෛන මහාවීර (නිගණ්ඨ නාථ පුත‍්‍ර – වර්ධමාන මහාවීර* විසි හතරවෙනි තීර්ථංකරයා වෙයි. බෞද්ධ අනුගාමිකයෝ ජෛන මතයද පරදවන  සේ  බුද්ධ  වංශය  විසි  අටනමක්  දක්වා  වර්ධනය  කර  ඇත.  බුද්ධ  වංශයේ,  සද්ධම_ රත්නාකරාදියේ එම විස්තර දක්නට ලැබෙයිv (බුද්ධ වංශ පුරාණය – ගොඩගේ ප‍්‍රකාශකයෝ 6-8 පිටු*.
බුද්ධ වංශ පුරාණයෙන් උපුටා දැක්වූ ඉහත සඳහන් කොටස කියවීමේදී මම අති භයානක ආත්ම පරාජයකට ලක් වේ. දහමක ප‍්‍රධාන අරමුණ සෑම මිනිසෙක් කෙසේ වෙතත් අඩු වශයෙන් තම අනුගාමිකයින්වවත් සත්‍යවාදී සත්පුරුෂයින් බවට පත්කිරීමයි විය යුත්තේ. නමුත් දහමේ සංකල්ප අසත්‍යය මත ගොඩ නගා ඇත්නම් කෙසේනම් එම දහම තුළින් මෙම ශ්‍රේෂ්ඨ අපේක්ෂාවන් මුදුන් පත් කරවා ගන්නේ. කලින් කලට අනිකුත් දහම් සමග තරඟ කිරීම උදෙසා
තම බුදුවරයින්ගේ සංඛ්‍යාව අසත්‍ය ලෙස වැඩි කර ගන්නට කටයුතු කොට මෙම මුසාවාදය තම මූලාශ‍්‍ර ග්‍රන්ථ වල කොටසක් බවට පත්කොට කටයුතු කිරීමෙන් මුළු බුදු දහම කෙරෙහිම තිබූ සුළු හෝ විශ්වාසය  සහමුලින්ම බිඳවැටෙන්නට හේතු සාධක වී තිබේ.