
පූර්වා නිවාසානුස්මෘති ඥානය හා ත්‍රි විද්‍යා සංකල්පයද හිස් කතන්දරයක්


බෝධි සත්ව සංකල්පය තැන පුදුම හිතෙන ආකාරයේ කාල පරිච්ඡේදයන්

විශුද්ධි මග්ගයෙහි ජාත්‍රස්සති නිද්දේසයෙනට අනුව පොලොව පැතලිය
තවදුරටත් කරුණු සොයා බැලීමේදී බුද්ධ ඝෝෂ හිමි විසින් කරවන ලද විශුද්ධි මග්ගයෙහිද ඉහත මහ පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් පස් පොළොව, දිය පොළොව හා වා පොළොව ගැන සඳහන් කර ඇති කරුණු විමසා බැලීමද වැදගත් යැයි සිතන්නෙමු.
පලමුව බුද්ධ ඝෝෂ හිමි හා උන් වහන්සේ විසින් කරවන ලද විශුද්ධි මග්ගය පිලිබඳව සංක්ෂිප්තව බෞද්ධ ශබ්ද කෝෂයේ සඳහන් කරුණු සොයා බලමු.
’බුද්ධ ඝෝෂ : ලක්දිවට පැමිණ බෞද්ධ ග්‍රන්ථ පාළියට නගා දඹදිව වෙත ගෙනගිය බ්‍රාහ්මණ වංශික ස්ථවිරයන් වහන්සේ, පස්වන සියවසේදී ලංකාවේ රජ කළ මහානාම රාජ සමයේදී දඹදිව බුද්ධගයාවල සිට ලක්දිවට පැමිණි උන්වහන්සේ හෙළ අටුවා ග්‍රන්ථ ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් පාළියට නගා දඹදිවට ගෙනයන ලදී. විසුද්ධි මග්ගය උන්වහන්සේගේ එක් කෘතියකි’ – බෞද්ධ ශබ්ද කෝෂය – පිටු 1112.
’විශුද්ධි මාර්ගය – නිර්වාණ මාර්ගය – ක්ලේශයන් ප්‍රහීණ කොට සිත අතිශයින් පිරිසිදු කිරීමේ මාර්ගය : ත්‍රිපිටකය ගොනුකොට සකස් කර ඇති අර්ථ කථා ග්‍රන්ථය, බුද්ධ ඝෝෂ හිමියන් කල මෙම කෘතියේ බුද්ධ ධර්මයේ සාරාංශය ලෙස ගන්නා ශීල, සමාධි, භාවනා ස්කන්ධ, ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍යය, තීන්‍ය සමුත්පාද ධර්මයන් අඩංගු කොට ඇත.’ – බෞද්ධ ශබ්ද කෝෂය – පිටු 1382.
ඉහතින් ගෙන හැර දැක්වූයේ බුද්ධ ඝෝෂ හිමි ගැනත් උන් වහන්සේ විසින් කරවන ලද විශුද්ධි මග්ග කෘතිය ගැනත් බෞද්ධ ශබ්ද කෝෂය විසින් දී ඇති විස්තරය. මේ අනුව බුදු දහම පිලිබඳව, හදාරන අයෙකුට මුළු මහත් ත්‍රිපිටකයේ සාරාංශය විශුද්ධි මග්ග තුලින් ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වන්නේය.
දැන් විශුද්ධි මග්ගයෙහි මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් තුන් පොළොව ගැන දක්වා ඇති කරුණු ගැන විමසීමක් කර බලමු.
“තවද, එක් සක්වළෙක මහා පස්පොළොව දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් පමණ බොල ඇත්තෙයැ, එ පස් පොළොව රැඳැවූ දිය පොළොව සාරලක්ෂ අසූදහසක් යොදුන් පමණ බොල ඇත්තෙයැ, එදිය පොළොව ධැරූ වා පොළොව නව ලක්ෂ සැටදහසක් යොදුන් පමණ බොල ඇත්තෙ යැ”යි තමන් ගෙ නුවණින් යටුවම් (සනිටුහන්) කොටැ පිරිසිඳැ දත් ’බුදුන් සරණ යෙමි”
බුත්සරණ යායුතු’ – බුත්සරණ – පිටු 42.
විද්‍යා චක්‍රවර්ති විසින් සකස් කල ’බුත්සරණෙ’හි එතුමන් විසින් විශුද්ධි මග්ගයෙහි ජාත්‍රස්සති නිද්දේසයෙන් උපුටා දක්වන ලද කොටසයි ඉහතින් ගෙනහැර දැක්වූයේ.
දිග මැනීමට යොදා ඇති පැරණි මිනුම් සැතපුම් බවට පරිවර්තනය කර ගැනීමට පහත සඳහන් විස්තර සපයා ඇත්තෙමු.’ගවුව – ගව්ව – දුර මැනීමේ පැරණි මිම්මක්, යොදුනෙත් හතරෙන් පංගුව – සැතපුම් හතරක ප්‍රමාණය”- නිරුත්ති සහිත සිංහල ශබ්ද කෝෂය – ගොඩගේ ප්‍රකාශකයෝ – පිටු 396.
මේ අනුව යොදුන් 1 } ගව් 4 } සැතපුම් 4×4 } සැතපුම් 16
මේ අනුවවිශුද්ධි මග්ගයේ තුන් පොළොවේ දිග ප්‍රමාණයන් නූතන මිනුම්වලට පරිවර්තනය
කොට විමසා බලමු.
පස් පොළොව } යොදුන් 240,000 } සැතපුම් 240,000 x 16 } සැතපුම් 3,840,000
දිය පොළොව } යොදුන් 480,000 } සැතපුම් 480,000 x 16 } සැතපුම් 7,680,000
වා පොළොව } යොදුන් 960,000 } සැතපුම් 960,000 x 16 } සැතපුම් 15,360,000
එම ඉහත තොරතුරු විමසා බලන්නේ ධර්ම ග්‍රන්ථයකින්ද නැත්නම් සුරංගනා කථා අඩංගු ග්‍රන්ථයකින්ද යන විචිකිච්චාව ඇතිවීම වැලැක්විය හැකි කරුණක් නොවේ. ඉහත සංඛ්‍යා ලේඛන හා කරුණු දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මේ සියළු විස්තර දක්වා ඇත්තේ පැතලි පොළොවක් පිළිබඳව යන්නයි.

බුද්ධ චරිතයෙහි අභව්‍ය වර්ණනා

පටිච්ච සමුප්පාදය තර්කානුකූල හෝ කාලින එකක් නොවේ
