ජාතක කථා-පසුකාලීනව එකතු කරන ලද කරුණු මිස බුදුන් වහන්සේගේ දේශනයන් හි සඳහන් කරුණු නොවේ

ගෞතම බෝධිසත්වයන් පූර්ව ආත්ම භාවයක ජෝතිපාල මාණවකව උපත ලබා සිටිය බව ඝටිකාර සූත්‍රයෙහි (මජ්ජිම නිකාය) දක්වා තිබේ’ එහෙත් එහිදී ජෝතිපාල මාණවකයා බෝධිසත්ව නමින් හෝ දක්වා නැත’ ත්‍රිපිටක සංග්‍රහ මුල් යුගවල බෝධිසත්ව සංකල්පය එතරම් ජනකාන්ත බවත් නොඉවසිලූ
බව මින් පෙනේ’ එතුමා බෝධි සත්වයෙකු ලෙස දක්වනුයේ පසුකාලීන අටුවා ප්‍රකරණ සාහිත්‍යකෘති මගිනි’ (පූජාවලිය -3 වන පරිච්ඡේදය” 40 වැනි පිටුව – සද්ධර්මා ලංකාරය 3වන පරිච්ඡේදය 85 වැනි පිටුව)
අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් කාල පරාසයක් තුළ පාරමී දම් පිරීමක් ගැන හෝ ත්‍රිපිටකයේ පුරාණ තම සංග්‍රහයන් හි සඳහනක් නැත’ ස්වකීය ශාස්තෘවරයා අනුගාමිකයන් විසින් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ගත් උත්සාහයක් නිසා මෙබඳු විශ්මිත ප්‍රබන්ධ ගොඩනැඟී ඇති බව පෙනේ’ මහා සාංඝිකයන්ගේ මහා වස්තු
නම් ධර්ම සංග්‍රහයේ බෝධිසත්ව වරයෙකුට බුදුවරයෙකු විසින් විවරණ ලබාදීම ගැන සඳහන් වෙයි’ මෙබඳු නිකායාන්තර මතවාදද ථෙරවාදී බෝධිසත්ව සංකල්පයේ සංවර්ධනයට හේතු වන්නට ඇත’ බෝධිසත්ව වරයෙකු නොසිටියහොත් බුදුවරයෙකු ඇති වන්නේ කෙසේ දැයි තර්ක කරන මහායාන ආචාර්යවරු බෝධිසත්ව සංකල්පය බුද්ධ සංකල්පයටත් වඩා උසස් තත්ත්වයකට නැංවූ හ’ විවිධ බුදුගුණ පාදක කරගෙන බහු බෝධිසත්ව සංකල්පයක් ද ගොඩනඟා ඒ පිළිබඳව අති විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් ද ලියූහ’ එහි බලපෑම පසුකාලීන ථෙරවාදි ප්‍රකරණ ග්‍රන්ථවලින් මනාව පැහැදිලි වෙයි’ ඇතැම් ග්‍රන්ථ රචකයන් පොතපත ලියමින් බුදු බව ප්‍රාර්ථනා කර තියෙන්නේ මෙම බලපෑම නිසාවෙනි’ මෙබඳු නිකායාන්තර මතවාදවල ආභාෂය ලැබූ ථෙරිය නිකායිකයෝ පසුකාලීන බෞද්ධ ග්‍රන්ථ සම්පාදනයේ දී මනෝ ප්‍රණිධානවාක් ප්‍රණිධාන – නියත විවරණ සමය සඳහා අසංඛ්‍ය කල්ප තිස්සේ පෙරුම්දම් පිරීමාදී ධර්ම සංකල්ප මහත් අභිරුචියකින් ස්වකීය කෘතිවල ගැබ් කළහ’ මෙසේ බෝධි සත්ව සංකල්පය ද විවිධ අංශ ඔස්සේ වර්ධනය කෙරිණ’ බෝධිසත්වයෙකුගේ විශේෂ ගුණාංග ඔවුන් උපදනා – නොඋපදනා ස්ථාන- බෝධි සත්ව ප්‍රභේද ආදි විවිධ විස්තර විභාග ද මෙසේ ඇතුළත් විය’’’ (බුද්ධ වංශ පුරාණය – පිටු 13-15)
ඉහතින් බුද්ධවංශ පුරාණයෙන් උපුටා දැක් වූ කරුණු පිළිබඳව අළුතින් විස්තර කිරීමක් අවශ්‍ය  බව නොසිතමු’ නූතන බෞද්ධ සංක්ලප බුදුන් වහන්සේගේ දේශනා තුළින් ගොඩ නැගුනක් නොව පසුකාලීන බෞද්ධ ග්‍රන්ථ රචකයන් විසින් පදනම් විරහිතව ඉදිරිපත් කළ ඔවුන්ගේ මනඃකල්පිත සංකල්ප මත ගොඩ නැගී ඇති බව මෙයින් මතුවන පැහැදිලිම කාරණයයි’ බෝධිසත්ව සංකල්පය ද මෙසේ ගොඩනැගුනක් බව මෙයින් මනාව පැහැදිලි වේ. ’
නැවතත් පලිහක්කාර මහතාගේ ‘පන්සිය පනස් ජාතක විවරණයේ’ සඳහන් කරුණු දෙසට අවධානය යොමු කරමු’
බහුතර සිංහල බෞද්ධ ජනතාව ජාතක කථා පිළිබඳ මූලාශ්‍රය වශයෙන් සළකණු ලබන්නේ සිංහල බසින් ප්‍රකාශිත ‘පන්සිය පනස් ජාතක පොත’ මිස පාලි භාෂාවෙන් කරන ලද ඛුද්දක නිකායේ පොතක් වන ‘ජාතක කථා’ හෝ ඉන්පසු කාලයක දී ලියන ලද ‘පාලි ජාතක අට්ඨ කථා’ නොවේ’ පාලි අට්ඨ කථා සිංහල බසට නැඟීමෙන් අප මෙකල භාවිතයට ගනු ලබන ‘පන්සිය පනස් ජාතක පොත’ බිහි විණ’ මුලින් ඛුද්දක නිකායේ පල වූ ‘ජාතක කථා’ ඇසුරෙන් මේ පොත පළවුව ද” අටිඨ කථාවල දැක්වෙන වැඩි විස්තර හා අතිශයෝක්ති සමග සිංහල ‘පන්සිය පනස් ජාතකය’ සම්පූර්ණ විය’ එසේ වුව ද කථා වස්තුවල වැඩි වෙනසක් ඇති නොවූ බව පෙනේ’ සිංහල පන්සිය පනස් ජාතක පොත ලියා ඇත්තේ කතුවරයින් කීප දෙනෙකු විසින් බව පැහැදිලිව පෙනේ’ එබැවින්ම භාෂා ශෛලිය එක් එක් කොටසේ 6 වෙනස් බවක් පෙන්නුම් කරයි’ ඇතැම් කථා ලියා ඇති ශෛලිය වර්තමාන පාඨකයාට තේරුම් ගැනීමට පවා අපහසුය’ අනවශ්‍ය විශේෂණ ආදියෙන් සමන්විත වන බැවින් කියවීම පවා වෙහෙසකරය’
සිංහල පන්සිය පනස් ජාතක පොත මුලින් ලියා ඇත්තේ 12 වන සියවසේ මෙරට රජකල දෙවන පරාක්‍රමබාහු සමයේ දීය’ මුලදී මේ පොත ලියුවේ පුස්කොල පොත්වල බැවින් එය පිටපත් කළ භාණකයින් මගින් එක් එක් පිටපතේ සුළු වෙනස්කම් සිදුවූ නිසා මුළු පොතටම එය බලපාන්නට විය’ ඒ අනුව
වර්තමානයේ මුද්‍රිත පොත්වලට පිටපත් කිරීමේ දී මෙසේ සුළු වෙනස්කම් දක්නට ලැබේ’’’ (ප’ප’ජා’ විවරණය – පිටු 1)
මෙම කතුවරයා ඉතා නිහතමානීව පිළිගන්නා කරුණු කිහිපයක් ඇත’ එනම් වැඩි විස්තර අතිශයෝක්ති ආදිය අන්තර්ගතවයි නූතන පන්සිය පනස් ජාතක පොත සැකසී ඇත්තේ’ මෙම ග්‍රන්ථය කතුවරයින් කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බවත් ආරම්භයේ පුස්කොලවල ලියූ ග්‍රන්ථය පිටපත් කිරීමේදී විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇති බවත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත’ මෙවන් ග්‍රන්ථයක් ආගමික මූලාශ්‍රයක් ලෙස පිළිගත හැකි වන්නේ කෙසේ ද යන්න සැවොම විසින් විමසුමට ලක් කළ යුතු කරුණක් බවයි අපගේ මතය ’ පන්සිය පනස් ජාතක පොතේ පිටකාගත මූලාශ්‍රය වන්නේ සුත්ත පිටකයේ පස්වන නිකාය ග්‍රන්ථය
වන ඛුද්දක නිකායේ දසවන අනු කොටස වූ ජාතක ග්‍රන්ථයයි’
බුද්ධ පරිනිර්වානයෙන් සත්වන දිනයෙහි සුභද්‍ර නම් මහළු වියෙහි පැවිදි වූ භික්ෂුවකගේ නොමණා ප්‍රකාශයන් හේතු කොට ගෙන කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පරිනිර්වානයෙන් තුන් මසකට පසුව පවත්වන ලද පළමු ධර්ම සංගායනාවට ඛුද්දක නිකාය ඇතුළත් නොවින’
උස්ගමුයායේ සමිත හිමි රචිත ර්‍ණප්‍රශ්නොත්තර සහිත ත්‍රිපිටකයෙහි සංවර්ධනය සහ පාලි වංශ කථා” හි සඳහන් පරිදි ර්‍ණසූත්‍ර පිටකයේ අවසාන නිකාය ග්‍රන්ථය ලෙස සම්මත වී ඇත්තේ ඛුද්දක නිකායයි’ මෙහි ඓතිහාසික තත්ත්වය පිළිබඳව විවිධ වූ මතභේද පවතී’
මුල් නිකාය සතර තරම් මූලික ග්‍රන්ථ සංඛ්‍යාවෙහිලා සැලකීමේදී ඛුද්දක නිකායට තැනක් හිමිවූ බවක් නොපෙනේ’’’’’ ථෙරවාදී පාලි සම්ප්‍රදාය හැරණු විට වෙනත් කිසිම බෞද්ධ සම්ප්‍රදායක සූත්‍ර පිටකයේ ඛුද්දක නිකාය නම්වූ මූලික ග්‍රන්ථයක් ගැන පිළිගැන්මක් නැත” (45 පිටුව)බොහෝ පරස්පර විරෝධි මත භේදයට ලක් වූ නිකායක් ලෙස ඛුද්දක නිකාය සැලකිය හැකිය’” (48 පිටුව)
පළමු ධර්ම සංගායනාවේ දී සූත්‍ර පිටකයේ කොටස් හි වගකීම භාරකරනු ලැබූ ආකාරය නාරද ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ර්‍ණධර්ම සංග්‍රහය” නම් ග්‍රන්ථයේ 193 වන පිටුවේ සඳහන් කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි”
සූත්‍ර පිටකයෙහි ප්‍රථම කොට දීඝ නිකාය සංගායනා කොට ඒ නම් තබා ආනන්ද සථවිරයන්  වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීමට උන්වහන්සේට පවරන ලදී’ දෙවනුව සංගායනා කොට නම් කළ මජක‍ඨම නිකාය සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට පවරන ලදී’ තෙවනුව සංගායනා කොට නම්
කළ සංයුක්ත නිකාය මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීමට පවරන ලදී’ සිව්වනුව දෙසූ අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හැදෑරීම පවරන ලදී’”
මෙම ප්‍රකාශනයේ ඛුද්දක නිකාය පිළිබඳව කිසිම සඳහනක් නැත’ මෙම කරුණු අනුව පෙනී යන්නේ ප’ප’ජා පොත සම්බන්ධව පිටකාගතව ඇති නූතන සාක්ෂි පසුකාලීනව එකතු කරන ලද කරුණු මිස බුදුන් වහන්සේගේ දේශනයන් හි සඳහන් කරුණු මත පදනම් නොවූ එකක් බවය’