බුත්සරණ පැරණි, අවිද්‍යාත්මක විශ්වාසයන්

විද්‍යාත්මක දියුණුවත් සමඟ සොයාගත් කරුණු නොදැන පැරණි, අවිද්‍යාත්මක විශ්වාසයන් පදනම් කරගෙන  කල  ප‍්‍රකාශනයක්  බවට  සැකයක්  ඇතිවීමට  කොහෙත්ම  ඉඩක්  නොමැත්තේය.  විශුද්ධි මග්ගයෙන් බුත්සරණ කර්තෘ උපුටා දක්වන කරුණු කිහිපයක් ඔබගේ කියවීමේ රසය සඳහා ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු.

මහ මෙර’තවද මෙසෙ සිටි මෙලොවැ මහමෙර (මහාමේරු පර්වතය* සුවාසූ දහසක් (84,000* පමණ යොදුන් සාගරයෙහි ගැලී සිටියේයැ, සුවාසූදහසක් පමණ යොදුන් නැගී සිටියෙ යැ, අයමින් (දිගින්* සුවාසූදහසක් යොදුන් පමණ යැ, විතරින් (පළලින්* සුවාසූදහසක් යොදුන් පමණ යැ, එ මහමෙර පූර්වදිග් භාගය රිදීමය යැ, එසෙ හෙයින් එ මුහුණෙහි පෑ පතළ එ දිගැ මුහුදු දිය විරිවාපි රිදී සෙ සුදු යැ, එ මැ මේරුව (මහමේරුව* දකුණු මුහුණ ඉන්ද්‍රනීලමාණික්‍යමය යැ, එහෙයින් එ දිගැ මුහුදු දිය නිල්පැහැ වෙයි, එ මැ මහමෙර පශ්වීම දිශාව පබළුමය යැ, එහෙයින් එ දිගැ මුහුදැ දිය පබළුයෙහි පැහැ සෙ රතැ, එ මැ මෙර ගල උතුරු දිගැ මුහුණ රන්මය යැ එහෙයින් එ දිගැ මුහුදැ දිය රන්වන් පැහැ යැvයි කියා මෙසෙ අනුන් ගෙ උපදෙශයක් නැති වැ තමන් ගෙ බුද්ධීන් මැ පිරිසිඳැ දත්ීබුදුන් සරණ යෙමි”
බුත්සරණ යායුතු – බුත්සරණ – පිටු 43.

සීදන්ත සාගර

’තවද සුමෙරු (මහමෙර* යැ යුගන්ධරයැ යනාදී වූ පව_තනයන් අතුරෙහි මුහුද සීදන්ත සාගර නම් වි යැ. එහි පැන් මොනර පිලක් පවා ලාලූව ගැලී යන පමණ සියුම් බව ඇත්තෙ යැ, එහි සුමෙරු පව_තයෙහි සිටැ යුගන්ධර පව_තය අතුරෙහි සීදන්ත සාගරය සුවාසූදහසක් (84000 )යොදුන් පමණ පළල ඇත්තෙ යැ, යුගන්ධර පව_තයෙහි සිටැ ඊශධර පව_තය අතුරෙහි මුහුද දෙසාළීස්දහසක් (42000 )යොදුන්  පමණ  පළල  ඇත්තෙ  යැ,  ඊශධර  පව_තයෙහි  සිටැ  කරවීක  පව_තය  අතුරෙහි  මුහුද එක්විසිදහසක් (21000) යොදුන් පමණ පළල ඇත්තෙ යැ, කරවීක පව_තයෙහි සිටැ සුදශ_න පව_තය අතුරෙහි මුහුද දසදහස් පන්සීයක් යොදුන් පමණ පළල ඇත්තෙ යැ, සුදශ_න පව_තයෙහි සිට නෙමින්ධර පව_තය අතුරෙහි මුහුද පන්දහස්දෙසියපනස් යොදුන් පමණ පළල ඇත්්තෙ යැ, නෙමින්ධර පව_තයෙහි සිටැ විනතක පව_තය අතුරෙහි මුහුද දෙදහස්සසිය පස්විසි යොදුන් පමණ පළල ඇත්්තෙ යැ, විනතක පව_තයෙහි සිටැ අශ්වකර්ණ පව_තය අතුරෙහි මුහුද එක්දහස්තුන්සිය දොළොස් යොදුන් දෙ ගවු පමණ පළල ඇත්තෙ යැ, මෙහි සුමේරුව පිරිවරා සුගන්ධර පව_තය සිටියෙ යැ, සුගන්ධර පව_තය  පිරිවරා ඊශධර පව_තය සිටියෙ යැ, ඊශධර පව_තය පිරිවරා කරවීක පව_තය සිටියෙ යැ, කරවීක පව_තය පිරිවරා සුදශ_න පව_තය සිටියෙ යැ, සුදශ_න පව_තය පිරිවරා නෙමින්ධර පව_තය සිටියෙ යැ, නෙමින්ධර පව_තය පිරිවරා විනතක පව_තය සිටියෙ යැ, විනතක පව_තය පිරිවරා අශ්වකණ_ පව_තය සිටියෙ යැvයි ගුරු කෙනකුන් අතින් අසා නො දැනැ, ශාස්ත‍්‍රයක් බලා නො දැනැ, තමන්ගේ ස්වයම්භූඥානයෙන් දත්තා වූ ’බුදුන් සරණ යෙමිv බුත්සරණ යායුතු – (බුත්සරණ පිටු 44)

විශ්වයට ආරම්භයක් හා හේතුවක් නොමැති බව උගන්වන බුදු දහම අවිද්‍යාත්මක මෙන්ම යථාර්තයට ද සම්පූර්ණයෙන්ම පටහැනිය

විශ්වයට ආරම්භයක් ඇති නිසා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය උපයෝගි කර ගනිමින් එක්තරා ආකාරයක විනාශයක් කරා එය ගමන් කරමින් පවතින බව නූතන විද්‍යාත්මක සොයා ගැනීමයි’ විශ්වයට ආරම්භයක් නැතැයි පවසන බුදුන් වහන්සේගේ ප්‍රකාශණය සෘජුවම නූතන විද්‍යාත්මක සිද්ධාන්තයක් සමග ගැටෙන්නකි’
එලෙසම විශ්වයට ස්වයං නිර්මාණයක යෙදිය නොහැක’ විශ්වයට පමණක් නොව කිසිම දෙයකට ස්වයං නිර්මාණයක නිරත විය නෙහැක’ එනිසා අපට පහත දැක්වෙන තර්කානු කූල නිගමනයන්ට එළඹෙන්නට සිදුවෙනවා’
1’ විශ්වයට (කාලයක් ඇතුළුව) නිශ්චිත ආරම්භයක් ඇති බව විද්‍යානුකූලව පිළිගන්නට සිදුවේ’
2’ ආරම්භයක් ඇති සියල්ලට හේතුවක් තිබිය යුතුය’
3’ එහෙයින් විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය’

විශ්වයට ආරම්භයක් හා හේතුවක් නොමැති බව උගන්වන බුදු දහම අවිද්‍යාත්මක මෙන්ම යථාර්තයට ද සම්පූර්ණයෙන්ම පටහැනිය’
මුල් හේතුව පිළිබඳ ගැටළුව විසඳන්නට උත්සාහ දරණ නූතන බෞද්ධ විද්වතුන්ගේ මතද ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ පහතින් දක්වා ඇති කරුණු මෙම ප්‍රශ්ණය විසඳන්නට දැරූ ප්‍රයත්නයක් වූවත් සැබැවින්ම සිදු වී ඇත්තේ ප්‍රශ්ණය වඩාත් බුදු දහමේ කෝණයෙන් අසීරු තත්ත්වයකට පත් කිරීම පමණක් බව ඔබට වැටහෙනු ඇත’
“මේ විස්තරය අනුව දුක හටගැනීමේ එකම හේතුව අවිද්‍යාව යයි කෙනෙකුට සිතෙනු ඇත’ එසේම අවිද්‍යාව පළමු හේතුව බවද සිතෙනු ඇත’ එහෙත් එය එසේ නොවෙයි’ භවයෙහි ගමන් කරන පුද්ගලයාගේ දුකට එකම හේතුව හෝ පළමු හේතුව හෝ අවිද්‍යාව නොවෙයි’ පටිච්ච සමුප්පාද ධර්මය ලෝකයේ හා සත්වයාගේ පැවැත්මට එකම හේතුවක් හෝ පළමු හේතුවක් නොදක්වයි’ මැවුම්කරුවෙකු පිළිගන්නා ආගම්වල නම් පළමු හේතුවක් හා එකම හේතුවක් පෙන්වා දෙයි’ ඒ දෙවියන් වහන්සේය’ දේව නිර්මාණය ප්‍රතික්ෂේප කරන බුදු දහම එකම හේතුවක් සෙවීම හෝ පළමු හේතුවක් සෙවීම නිරර්ථක ව්‍යායාමයක් බව ප්‍රකාශ කරයි’
දුකට හේතුව සහ දුක නැති කිරීම මේ අංග දොළසින් අවිද්‍යාවෙන් පටන්ගෙන ඉදිරියට විස්තර කර ඇතත් එය මේ අංග දොළස අතරින් ඕනෑම තැනකින් පටන් ගෙන ඉදිරියට විස්තර කළ හැකි වෙයි’
මෙය අවිද්‍යාවෙන් පටන් ගන්නා සරල රේඛාවක් නොවෙයි’ ඕනෑම තැනකින් ඇරඹිය හැකි චක්‍රාකාර වූවකි’
භව චක්‍රය යනුවෙන් ව්‍යවහාර කෙරෙන්නේ ඒ නිසාය’ ධර්ම චක්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ ද එහෙයිනි’”
(බුදු දහමේ මූලික ඉගැන්වීම් – පිටු 68-69)
ඉහත විස්තරය අනුව කරුණු දොළොස චක්‍රාකාරයෙන් ගත යුතු අතර එය ඕනෑම තැනකින් ආරම්භ කල හැකි ද වන්නේය’ නැවත වරක් මතක් කර දිය යුත්තේ එසේ ගත් කල අවිද්‍යාවට පෙර ඇත්තේ ජරා මරණයයි’ ජරා මරණය” අවිද්‍යාවට හේතුව ලෙස ගැනීම තරම් අවිද්‍යාත්මක තත්ත්වයක් තවත් ඇති දැයි අසන්නට කැමැත්තෙමු’ තවත් එවැනිම අදහසක් පහතින් ඉදිරිපත් කරන්නෙමු’
‘මේ පටිචිච සමුප්පදාය අවිද්‍යාව මුල් කොට දේශනා කර තිඛෙනුයේ ප්‍රකෘතිවාදීන් කියන ප්‍රකෘතිය මෙන් ද දේවවාදීන් කියන මැවුම්කාර දෙවියා මෙන් ද අවිද්‍යාව යම්කිසි හේතුවක් නැතිව ඉබේම හටගත් ධර්මයක් නිසා නොවේ’ චක්‍රයක්සේ සෑදී තිඛෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතැනකින් වුවද පටන් ගෙන කිය හැකිය’ පටිච්ච සමුප්පදාය ද චක්‍රයක් වී තිඛෙන ධර්ම පරම්පරායකි’ එබැවින් එය කොතැනකින් වුවද පටන් ගෙන නොකිය හැකි නොවේ’” (පටිච්ච සමුප්පාද විවරණය – මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි – පිටු 32)
3’ පටිච්ච සමුප්පාද දම්වැල හෝ චක්‍රය සම්පූර්ණ වන්නේ භව තුනකදීය’ 1 සහ 2 පුරුක් පෙර භාවයේ  දීද 3-9 දක්වා වූ පුරුක් මෙම භවයේදී ද 10-11 ලබන භවයේ දී ද සම්පූර්ණ වේ’ මෙම සටහන පටිච්ච සමුප්පාද විවරණය යන ග්‍රන්ථයේ 96 වැනි පිටුවේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ඉදිරිපත් කරන්නේ පහත සඳහන් අයුරිනි’
අතීත භවය: අවජජා පච්චයා – සංඛාරා
සංඛාර පච්චයා
වර්තමාන භවය: – විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා – නාමරූප
නාමරූප පච්චයා – සලායතනං
සලායතනං පච්චයා – එස්සෝ
එස්ස පච්චයා – වේදනා
වේදනා පච්චයා – තණ්හා
තණ්හා පච්චයා – උපාදානං
උපාදාන පච්චයා – භවො
භව පච්චයා
අනාගත භවය: – ජාති
ජාති පච්චයා – ජරා මරණං සෝක
පරිදේව දුක්ඛ දොම්නස්සු
පායාසා
සම්භවත්ති’
උප්පතිත් තුනක දී සිදුවන මෙම ක්‍රියා දාමය ප්‍රායෝගිකව ක්‍රියා කරණය වන්නේ කෙසේ ද? යන්න ප්‍රහේලිකාවකි’ තවත් මතයක් නම් ත්‍රිපිටකය තුළ පෙර හා මතු භවයන් ගැන සඳහන් වුවද බුද්ධ භාෂිත දේශණයේ එවැන්නක් නොමැති බවයි බෞද්ධ උගතුන් බහුතරයකගේ මතය වන්නේ’ සංයුක්ත නිකායේ ඇති අනුරාධ සූත්‍රයෙන් බුදුන් වහන්සේගේ දේශනාවේ හරය බුදු දහමේ මූලික ඉගැන්වීම් යන ග්‍රන්ථයේ දෙවන පිටුවේ විග්‍රහ කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි’
‘තමන් වහන්සේ දේශනා කර ඇත්තේ දුක ද දුක නැති කිරීමද ගැන පමණක් බව බුදු හාමුදුරුවෝ වදාළහ’”
පුනර්භවයක් සම්බන්ධ බෞද්ධ මතයන් තවත් ලිපියකින්
4’ මිනිසෙකු නොමැතිව අවිද්‍යාව හටගන්නේ කෙසේ ද? කොතැන ද? යන ප්‍රශ්ණයන්ට මෙහි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කොට නොමැත’ ලොව ඇතිවූ දා සිට අවිද්‍යාව එහි පැවතුණ බව පවසමින් ඉන්ගැලවීමට උත්සාහ ගන්නෝ සිටිති’ එහෙත් කවදා අවිද්‍යාව ඇතිවුණ ද එය ඇතිවූයේ මිනිස් සිතක මිස වෙන තැනක විය නොහැකිය’ තවද පටිච්ච සමුප්පදායේ තුන්වන පුරුක වන විඤ්ඤාණය ද මිනිසෙකු නැතිව ඇති විය නොහැකි බව පැහැදිලිය’
5’ ව්ඤ්ඤාණ පච්චයා නාමරූප යන්න එවිට 5 වන වරද වේ’ නාමරූප නිසා විඤ්ඤාණය හටගන්නා බව බුදුන් වහන්සේ පැහැදිලිව පෙන්වා දී තිබේ’ විද්‍යාවට ද එය පිලිගැනීමට අපහසුතාවයක් නොමැත’ සාමාන්‍ය බුද්ධියට ද එය වැටහේ සිතක් ඇතිවන්නේ කයක් මතය’ මෙය නාම රූප නිසා විඥාණය හට ගනී යනුවෙන් නිවැරදි විය යුතුය’ නමුත් මෙහි දක්වා ඇත්තේ විඥාණය නිසා නාමරූප හටගන්නා බවයි’ දීඝ නිකායේ මහා නිදාන සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේය’
ආනන්ද ඔබගෙන් යමෙකු විඥාණයට හේතු වන්නේ කුමක් දැයි විමසුවහොත් ඔබ පිළිතුරු දිය යුත්තේ ඊට හේතු වන්නේ ද මුල් වන්නේ ද උපත වශයෙන් සැලකෙන්නේ ද නාමරූප බවයි’ මහා සුදස්සන හා මහ ප්‍රන්නව සූත්‍රයෙහි ද මෙසේම පැවසේ’ මේ සම්බන්ධව තවත් බෞද්ධ විශාරදයෙකු වූ අභිධර්ම
විශාරද” පණ්ඩිත” ති්‍රපිඨකාචාර්ය ලසන්ත රත්නාගොඩ මහතා රචිත සියල සංස්කාර ධර්ම නැසෙන සුළුය යන ග්‍රන්ථයේ 78 පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු’
“නාමරූප කරණ කොට ගෙන විඤ්ඤාණය හට ගැනෙන බව බුදු සමයේ සඳහන් වේ’” පටිච්ච සමුප්පාදය අනුව කයක් නැතිව සිතට පැවතිය හැකි බව පෙන්වීමට ගත් පියරවක් ලෙස මෙසේ ඉදිරිපත් කර තිබේ යැයි සිතිය හැකිය’ එවිට ගන්ධබ්බ මතය සනාථ කිරීමට හැකිවේ’ පුනර්භවය ස්ථාවර කිරීමට මෙවැනි තර්ක අවශ්‍යය’ මරණින් පසු විඤ්ඤාණයට චුති සිත වශයෙන් සිරුරක් නැතිව පැවතිය හැකි බව මේ අනුව පිළිගැනීමට සිදුවේ’
6’ ජාති නැතහොත් උපත සිදුවන්නේ අවිජජාව ඇති වී බොහෝ කලකට පසුය’ තුන්වන භවයේ දීය’ පුරුක් දහයක් ගත වීමෙන් පසුය’ මෙය තේරුම් ගැනීමට සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට මහත් ප්‍රශ්ණයක් වී තිබේ’ එබැවින් දෝ අප දේශකවරුන් පවසන්නේ පටිච්ච සමුප්පාදය ගැඹුරුය තේරුම් ගැනීමට අපහසු බවය’ මේ සම්බන්ධව පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථයේ උගත් මහාචාර්ය රේරුකානේ චන්ධවිමල මහනාහිමියන් 113 පිටුවේ දක්වා ඇති අදහස් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු’ ර්‍ණමේ පටිච්ච සමුප්පාදය අර්ථ වශයෙන් ද ධර්ම වශයෙන් ද දේශනා වශයෙන් ද ප්‍රතිවේධ වශයෙන් ද ඉතා ගැඹුරුය’ පත්ල නො සෙවිය හැකි පමණට ගැඹුරුය’”
මෙැවනි මත බෞද්ධ විද්වතුන්ගෙන් ඉදිරිපත් වන විට සාමාන්‍ය ජනයා මෙහි හරය අවබෝධ කර ගන්නට උත්සාහ නොකර අන්ධ විශ්වාසයෙන් යුක්තව මෙහි ඇති සියල්ල සත්‍යය බව පිළිගන්නට ඉදිරිපත් වීම පුදුමයක් නොවේ’
7’ බුද්ධ ඝෝෂ හිමියන්ගේ විශද්ධි මාර්ගය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ඥාණමෝලි හිමි එම පොතෙහි ප්‍රවේශයෙහි පටිච්ච සමුප්පාදය ගැන මෙසේ ලියයි’ “THE PATICCA SAMUPPADA IS NOT අ LOGICAL PROPOSITION NOR A TEMPORAL CAUSE AND EFFECT CHAIN” ^” (පටිච්ච සමුප්පාදය තර්කානකූල ඉදිරිපත් කිරීමක් හෝ කාලික හේතුඵල දම්වැලක් හෝ නොවේ’)
බුදු දහමේ පදනම ලෙස සැලකෙන පටිච්ච සමුප්පාදය තර්කානුකූල හෝ කාලික එකක් නොවන බවට උගත් බුද්ධ පුත්‍රයෙක්ම පැවසීමෙන් මතුවන ව්‍යාකූලත්වය හා බුදු දහමේ ඇතිවන ඉරි තැලීම් ගැන අප සිතා බැලිය යුතුව තිඛෙනවා’ අද අප අතර වසන පටිච්ච සමුප්පාදය ගැන දේශනා කරන සංඝයා වහන්සේ ද මීට වගකිව යුත්තන් යැයි අපි නොසිතන්නෙමු’ උන්වහන්සේලා ගතානුගතිකව පරම්පරා ගණනාවක් තුළ ඉගෙන ගත් දෙයයි දේශනා කරන්නේ’ ත්‍රිපිටකයේ සඳන් වන සියලූ දේ බුද්ධ භාෂිත දේශන යැයි උන්වහන්සේලා තර්කයෙන් තොරව පිළිගෙන ඇති බැවින් මෙසේ සිදුවන්නට ඇත’ සුළු වශයෙන් හෝ ත්‍රිපිටකය දෙස විචාරාත්මකව බලන ගිහි පැවිදි දෙපක්ෂයට අයත් බොහෝ අය සිටිති’ නමුත් සංඝ මතයට බියෙන් තම අවංක අදහස් ප්‍රකාශ කරන්නට බිය වෙති’ ඥාණමෝලි හිමියන් මෙන් නොබියව තම අදහස් පවසන සංහල භික්ෂූන්ද නැත්තේ නොවේ’
Published in: Uncategorized on March 24, 2011 at 7:01 am  Comments (1)  
Tags: ,