සූකර මද්දව යනු උරු මස්ද? බිම් මල් ද? උන ගසේ දළු වර්ගයක් ද ?

විනය පිටකයේ 14 වන සංඝාදිෂේෂයේත් ඇතුලත් කොට ඇති හා ඉහත සඳහන් මජ්ජිම නිකායේ දක්වා ඇති  බුදුන් වහන්සේගේ දේශනාව අනුව මාංශ අනුභවය තහනම් වන්නේ පහත සඳහන් කරුණු තුන සම්පූර්ණ වුවහොත් පමණනි .
1තමන් වෙනුවෙන්, සත්වයා ඝාතනය කිරීම දැකීම.
2 සත්වයා ඝාතනය කිරීම අසන්නට ලැබී
3 සත්වයා ඝාතනය කල බව සැක ඇතිවීම
වෙනත් ආකාරයෙන් කිවහොත් ඉහත සඳහන් කරුණුවලට බාහිරව මස් අනුභවයෙන් අකුසලක් සිදු නොවන බවයි, තමන් ඕනෑම මස් හෝ මාළු වෙළඳ සැලකින් මිලයට ගෙන අනුභව කිරීම ඉහත ඉගැන්වීමට පටහැනි නොවන්නක් වන අතර එය අකුසල කර්මයක් නොවන බවත්ය පැහැදිලි වන්නේ,මජ්ජිම නිකායේ කරුණුවලට පහතින් නයනාතිලෝක මහා තෙරුන් විසින් සකස් කරන ලද ’බෞද්ධ විශ්ව කෝෂය’ යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වා ඇති කරුණුවලින් පැහැදිලි වන සාදක පහතින් දක්වා ඇත්තෙමු,
1   ත්‍රිපිටකයේ සඳහන් කරුණු අනුව බුදුන් වහන්සේ විසින් මාංශ අනුභව කොට ඇති බව.
2 සංඝයා වහන්සේලාට මාංශ අනුභවය තහනම් කරන ලෙස දෙව්දත් තෙරුන් විසින් ගෙනා යෝජනාව බුදුන් වහන්සේ විසින් තරයේම ප්‍රතික්ෂේප කල බව විනය පිටකයේ සඳහන් බව හා
3 සාමාන්‍යයෙන් සංඝයා වහන්සේලාට විනය නීතියක් හැටියට සතුන් දස වර්ගයක මාංශ අනුභවය පමණක් තහනම් කිරීමෙන් (උදා : කොටින්ගේ මාංශල  සර්පයින්ගේ මාංශල  අලින්ගේ මාංශ වැනි) අනිකුත් සත්වයින්ගේ මාංශ අනුභවය අනුමත බව තර්කානුකූලව නිගමනය කිරීමට සිදුවන බව.
පංච සීලයේ පලමුවන සීලය කැඩීමෙන් කර්ම විපාක හැටියට වැඩි ආයුෂ නැතිවීම, බොහෝ ලෙඩ දුක් ඇති වීම, හා බියපත්ව විසීමට සිදුවීම යන කරුණු මෙලෝ වශයෙනුත් මරණින් මතු ඇති භයානක නිරයේ ඉපදීමට සිදුවන බවත් උගන්වන බුදු දහම ව්‍යවභාරයේදීී මාංශ අනුභවය පිළිබඳව ඉතා ලිහිල්ව හා මාංශ අනුභවයට දිරිදීමේ ක්‍රියා හා අදහස් ඉදිරිපත් කර තිබීමෙන්  බුද්ධ දේශනයේ හා බුද්ධ වත් පිලිවෙත් රැකීම අතර සමථයකට පත් කළ නොහැකි  නිශ්චිත පරස්පරයක් ඇති බව මධ්‍යස්ථව සිතන ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි  සිතන්නෙමුග  සැබැවින්ම ව්‍යවහාරයේ මාංශ අනුභවයට තහනමක් බුදු දහමේ නොමැති බව ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේයග  දීඝ නිකායේ මහා පරිතිබ්බාන සූත්‍රයේ (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පරිවර්තනය කරන ලද – පිටු 165) බුදුන් වහන්සේට චන්ද විසින් පිළියෙළ කරන ලද දානයේ විස්තර පහත සඳහන් අයුරින් දක්වා ඇත.
’චුන්දල ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් වළඳවන්න.
පිළියෙළ කළ අනිත් කෑම්බීම්වලින් භික්ෂු සංඝයා වළඳවන්නග ’එහෙමයි ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාණ පුත්‍ර ඒ අන්දමින් වැළඳවිය.භාග්‍යවදන් වහන්සේ : ’චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න’
චුන්ද දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙත කිසිවෙකුත් නොදකිමි” එය පිළිගත්  චුන්ද ඉතිරි සුකර මද්දව වල දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය.
භාග්‍යවදන් වහන්සේ ධර්ම කථාවෙන්  චුන්ද පහදවා නැගී වැඩිසේකග  චුන්දගේ දානය වැළඳූ භාග්‍යවදන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවියග  ආචාර්ය එච්ග  එස්ග  එස්ග  නිශ්ශංක විසින් රචිත ’ගෞතම බුද්ධ’නමැති ග්‍රන්ථයේ පෙරවදනෙහි  බුදුන් වහන්සේට ඇති වූ රෝගය පිළිබඳව සඳහන් කර ඇත්තේ ’කුසිනාාරාවට සැතපුම් හයක් පමණ දුරින්  පිහිටි පාවා නම් ගමේ චුන්ද නම් වූ කාර්මිකයාගේ නිවෙසින් අන්තිම දානය වැළඳූ බුදුහු රක්ත අතීසාරයට ගොදුරු වූහ” යනුවෙනි.
බුදුන් වහන්සේගේ දානයට ඇතුලත් කර තිබූ ’සූකර මද්දව’පිළිබඳව විවිධ අංශවලින් පරස්පර අදහස් මතු වී තිබේ, එය විස බිම්මල් වර්ගයක් ලෙසත් උන ගසේ දළු වර්ගයක් ලෙසත් අර්ථ දැක්වීමක් කර ඇත, නමුත් ඉතා ප්‍රවේශමෙන් මහා පරිතිබ්බාන සූත්‍රයේ සඳහන් කරුණු විමසා බැලූවහොත් සත්‍යය අවබෝධ කර ගැනීම අපහසු නොවේ., බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයක් වූ තමන් වහන්සේට පූජා කළ කිසිවක් ප්‍රතික්ෂේප නොකර සිටීම මත පිහිටා උන්වහන්සේ  සුකර මද්දව අනුභව කළත් එය නිශ්චිත වශයෙන්ම දිරවීමට අපහසු යමක් බව උන්වහන්සේ කල් ඇතිවම දැන සිටි බව ඉතා පැහැදිලිය, සූකර මද්දව යන පාලි වචනයේ පදගන සිංහල අර්ථය ඌරු මස් යන්නද ඉතා පැහැදිලිය.
ඌරු මස් දිරවීමට අපහසු ආහාරයක් වන අතර එයින් රක්ත අතීසාරය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා බොහෝ බව අප සැම ඉතා හොඳින් දන්නා කරුණකි.තම නිවසට අති ශ්‍රේෂ්ඨ උතුමෙකුට ආරාධනා කොට හොඳින් දන්නා විෂ වර්ගයක් යමෙක් ආහාර වට්ටොරුවට ඇතුලත් කරයි යන්න සිතීම මෝඩකමකි.

 

 

The URI to TrackBack this entry is: https://sirisangabo.wordpress.com/2011/04/10/%e0%b7%83%e0%b7%96%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b8%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%80-%e0%b6%8b%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%b6%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8/trackback/

RSS feed for comments on this post.

10 CommentsLeave a comment

  1. Ane huththige putho. gon katha kiyanna epa. budu hamuduruwo gena umbala monawa kiuwath umbalage ponna agamata minissu harawaganan be. Umbalage moosala agame heththa thama sunamiyata gahagena giye, gon kariyo

  2. නමෝ වේසියේ…
    වේස මරියණි…..

  3. නමෝ වේසියේ… (සාතන්ගේ මව මරියා වේසි)
    වේස මරියණි…..
    තොපි වගේ වේප පරම්පරාවකින් පැවත එන අවජාතකයින්ට බුද්ධිමත් උත්තරවලින් වැඩක් නොවන බව අපි දනිමු. උඹල බලපං ඩාවින්චි කෝර්ඩ්. එතකොට මරියා මද්දලේනා සහ උඹලගේ අවජාතක පල්ලිය ගැන තවත් තේරරෙයි. මහ වීර ජේසු අවසන් මොහොතෙත් මාව බේරගන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුව. ඔය වගේ අවජාතකයින්ට දෙවියන් සිහිවෙනවා තමන් කියපු බොරැ මතක් වුණාම. ඇත්තට පල්ලිය මිනිස්සු කීයක් මරලා ඇද්ද? බිලියන වලින් කීයක් විතරද? දැන් උඹස ලිවලා තියනවානේ //ඌරු මස් දිරවීමට අපහසු ආහාරයක් වන අතර එයින් රක්ත අතීසාරය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා බොහෝ බව අප සැම ඉතා හොඳින් දන්නා කරුණකි.තම නිවසට අති ශ්‍රේෂ්ඨ උතුමෙකුට ආරාධනා කොට හොඳින් දන්නා විෂ වර්ගයක් යමෙක් ආහාර වට්ටොරුවට ඇතුලත් කරයි යන්න සිතීම මෝඩකමකි…// දැන් බලපං ඒ ගැන තවම අනුමාණ කරනවා විතරයි… උඹලා ඒවායේ ඉදන් මඩ ගහන්නේ කිසිම පදනමක් නෑ.. ඇත්තටම දේවදාසියක් බඩවෙන්නේ ඒ වනවිටත් පැවති පල්ලියේ දාසකම් කරන්න ගිය ගෑණු පල්ලිවේ ෆාදර් එක්ක වේසකම් කලාම තමයි. අන්න උඹලගේ ජාතකය එහෙමයි. උඹලට ඒකයි උඹලගේ ජේසු කිව්වේ අනුන්ගේ ඇසේ රොඩ්ඩ දෙස නොබලන්න කියා.. ඇයි උගේ ඇසේ ඇති පරලය ගැන උ හොදසින් දන්නා නිසයි. අපි බයිබලය විසංයෝජනය කරන්න ගත්තා අනාගතයේදී එම විසංයෝජනය උඹලා හමුවේ පැහැලිඵිව තබන්නම්. ටිකක් වයින් බී ඌරැ මස් ටිකක් කාපං..බලගෙන ජේසුගේ හදවතයි ලේයි පෙවෙයි. බලපං සාතන්නේ මස් සහ ලේ බොන්නේ ඒකනේ උඹලා පූප කියලා ජේසුගේ හදවතයි වයින් = ජේසුගේ ලේ බොන්නේ? උඹලා සාතන් අදහන්නේ සාතන් ඒ නිසා උඹලට හිංසනය දේශනා නොකරන දහමයන්ට විරැද්ධයි..

    සූකර මද්දව – අජ මද්දව – ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න – ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්‍රව්‍ය සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.

    අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්‍යචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම දවල් දානය ගැන ඒ රටවල වැඩිහිටියන්ගෙනුත්, උගතුන්ගෙනුත්,වයෝවෘ_ මහතෙර වරුන්ගෙනුත් විමසා බැලීමට අපටද අවස්ථාව ලැබී ඇත.කුසිනාරා නුවර දී බ්‍රාහ්මණ ජාතික අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය.

    පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.

    ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.

    දැන් අපි අනෙක් අංශයෙන් ද මේ කාරණය ගැන සලකා බැලිය යුතු ය. බුද්ධ කාලයේ මාංශ අනුභවය ඉන්දීය සමාජය පිළිකුල් කළ දෙයකි. හින්දු ආගම හා ජෛන ආගම එදා බුදු දහම ආරම්භ වීමට කලින් දඹදිව පැවති ආගම් දෙකයි. ඒ ආගම් දෙකෙන් ම අහිංසාව ඉතා ඉහළම මට්ටමින් උගන්වති. සිසිල් දිය පවා “ඒක ප්‍රාණීය” යන විශ්වාසයෙන් පූජ්‍ය පක්ෂය උණුදිය පමණක් පරිහරණය කරති.

    Read more: http://sinhalabuddhist.com/2012/03/sukara-maddava/#ixzz1nvQ0mva3
    Under Creative Commons License: Attribution

  4. http://www.quickmeme.com/Advice-God/newest/1

  5. Sukara maddhava yanu bimmal walin hadana hoddak ho kada ekaki … Eyata sukara wachanaya enne ema bimmala sukarayage gandhaya pita karana nisa ….. Danne naththam Dana ganna ….

    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.

    -Albert Einstein

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism.

    -Albert Einstein

  6. kරතයේ ජේසු ge awasan bhagaye pahadili kirima athishayinma agaya karanawa, [mul kotasa gana mama comment nokarami 🙂 ] – mokada mewani asath purushayange katha wadiyamak noth aya boho se nomaga yawiya haki nisaa. mehi rachakayaa yamak kamak kiyawa dana ugath ayek unath Pragyawa nathi nisaa patu chinthayen bala wikurthi nigaman walata elabenawaa …..

    thawadutath pahadili kaloth ;
    භාග්‍යවදන් වහන්සේ : ’චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න’
    චුන්ද දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙත කිසිවෙකුත් නොදකිමි”

    me athi wishesha daanaya piliyela karaddi dewiyan diwyamaya aushada adiya meeta ek kala nisa Budun wahanse hara wena kisiwakuta eya waladeema sudusu nowena bawa kiyawenawa …..

    anit karanaya wanne Lohitha Phakkandikawa, budun wahanse kalata pera sita yatapath karagena siti rogayak wina Sukara maddawaya nisa athi uwak nowe !

    E nisa karunu mula mada aga danagena katha karana men me liyum karugen api meth sithin illa sitinawaaa .

  7. ප්‍රථමයෙන් වටහා ගන්න සුකර යනු සූකර නොවේ. ඔබ වචන පටලවාගෙන ඇත. පළමුව භාෂා ඉගෙනගන්න. සරල උදාහරණයක් කියන්නම්. Maori ජනතාවගේ භාෂාව අනුව puka යනු form අර්ථය ගෙන දේ. නමුත් සිංහලෙන් පුක කිවුවොත් එන්නේ වෙන අරුත කි. මෙහි තවත් අරුත්. maoridictionary.co.nz/word/6083

    අනිත් කරුණ ලෝහිත පක්ඛන්දිඛා රෝගය කලින් සැදී තිබුණකි. එය යටපත් කරගෙන සිටියත් මෙම ආහාරයෙන් පසු එය උත්සන්න වුවා විය හැකි ය. මෙම රෝගය සැදුනේ මන්ද?

    පෙර එක් ජන්මයෙක අප මුනිඳු දක්ෂ වෛද්‍යවරයෙක් විය. හෙතෙම උදරාබාධයකින් පීඩා විඳි සිටුවරයකුට ප්‍රතිකාර කිරීමෙන් සුවය ලැබිණි. එහෙත් පොරොන්දු වූ පරිදි රන් කහවණු නොදුන් නිසා කෝපයට පත් ව රෝගියාට වෙනත් බෙහෙතක් දී වමන-විරේචන කළේ ය. ඔහු වමනය හා ලේ පාචනය නිසා මිය ගියේ ය. එම අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් බුදු වීත් ලෝහිත පක්ඛන්ධික ආබාධය (ලේ අතීසාරය) ඇති විය.

    අනෙත් කරුණ ත්‍රිකෝටි පාරිශුද්ධය අදාල වන්නේ තෘෂ්ණාව සහ මැරීමට අනුබල දීම යන කරුණු දෙක නැති තැන ය. ඔබ සංඝයාවහන්සේ නමක් නම් නිරන්තරයෙන් මස් කඩයකට ගොස් මාංශ මිලට ගනී නම් ඔවුන්ට ඔබ වෙනුවෙන් සතෙක් මරන්නට සිදු වේවි. ඔබත් එයට ඇබ්බැහි වේවි. එතන අවතක් වන්නේ ම ය. ඔබ ගිහියෙකු නම් කඩයට ගොස් නිරතුරුවම මාංශ මිලදී ගෙන අනුභව කරන නිසා එය නිසැකව ම සතෙකු මැරීමට අනුබල දීම කි. සමහරු දානයකට කියා හොඳ මසුන් අල්ලාගෙන ඒමට ධීවරයන් ට පවසයි. එය වරද කි. මන්ද යත් ඔවුන් ඒ සඳහා ම සතෙකු මරණ බැවිනි.

    ඔබ සූත්‍ර ඇසුරු කරන්නේ නම් එය තම තුලට යොමු කරන්න. එයින් ඔබට වැඩක් වේවි. ඒවා බුදුදහම ට එරෙහිව යොදා ගන්න ද්වේශයෙන් පරිශීලනය කරන්න එපා. එයින් ඔබටත් අනෙත් අයටත් ද්වේශය ම නිසා වෙන වැඩක් වන්නේ නැත.

  8. කමෙන්ට් දාපු අයට ස්තුතියි.ඒ නිසා සමහර කරුණු තවත් පැහැදිලි වුනා.බුදු හාමුදුරුවො ගැන තිබුණ ගෞරවය තවත් වැඩිවුනා.

  9. සුකර මද්දවය කියන්නෙ මස් වර්ගයක්…..බුදුන් වහන්සේට සැදැහැති සිතින් පිලි ගන්වන දානයක් නිසා බුදුන් වහන්සේ එය වැලදුවා..නමුත් අනෙකුත් රහතන් වහන්සේලාට වලදන්න බුදුන් ඉඩ දුන් නෑ….බුදු කෙනෙක් පිරිනිවන් පාන්න පෙර මස් වර්ගයක් වැලදිය යුතුයි…එය කර්මයෙන්ම බුදු කෙනේක්ට පිලි ගැන්වෙනවා….එය බුදුන්ට විස වීමෙන් තමයි පරිනිර්වානය සිද්ද වෙන්නේ…

  10. ඔබේ අරමුණ කුමක්ද යන්න බෞද්ධයෙක් වශයෙන් මට අදාළ නැහැ. නමුත් මෙහි සූකර මද්දවය පිලිබද කර ඇති සටහන්වල හරයක් මම අසා ඇති දේ අනුව නොදකිමි. අඩුම තරමින් සූකර මද්දවය යනු විරේකයක් යැයි වත් නොදන්නා අයකුගේ සටහන් පමණක් මෙහි දක්නට ඇත. එවිට ධාතු මනසිකාරය වැනි කරුණු පිලිබද තර්ක කිරීමත් අනුවණ කමක් ලෙස හැගෙයි. කෙටියෙන් කියනවනම් බුදු දහම අවබෝධ කිරීමට පවතින්නක් මිසක් වාද කරන්නට පවතින්නක් නොවේ…මෙවැනි දුර්වල ප්‍රයත්නයන්වවලින් බුදු දහම මැනීමට උත්සහකර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැනි උත්තමයන් කෙරෙහි වැරදි හැගීමක් ජනතාව තුල ඇති නොකරන්නෙ නම් වඩාත් යහපත් යැයි හැගෙයි. ජේසුස් වහන්සේගේ දර්ශනයවත් නිවැරදිව පලමුව අවබෝධ කර ගන්න….අනෙක් කරුණ නම් මෙවැනි ලාමක උත්සහයවන් සලකා යේසුස් වහන්සේ වැනි උතුමන්ට නිග්‍රහ කිරීමෙන් වළකින්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: