සක්වළ හා සඳහිරු -අග්ගඤ්ඤ සුත්ත විද්‍යාත්මක සාධක හා මිණුම්

අග්ගඤ්ඤ සුත්ත වණ්ණනාවෙන් බුත්සරණ කර්තෘ ගෙන හැර දක්වන කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත.
’තවද, ’සක්වළගල’ දෙයාසුදහසක් (82000) යොදුන් දියෙහි ගැලී සිටියෙයැ,දෙයාසුදහසක් යොදුන්  නැඟී  සිටියෙ  යැ,  සඳමඩල  අයමින්  විතරින්  උසින්  එකුන්පනස්  (51)  යොදුනැ,වටින් එක්සියසත්සාලිස් (147 x 16 = සැතපුම් 2352) යොදු නැ, හිරුමඬල අයමින් විතරින් උසින් (දිගින්, පළලින්, උසින්) පනස් (50) යොදුනැ (50 x 16 = සැතපුම් 800). වටින් එක්සියපනස් (150) යොදුනැ (150 x 16 = සැතපුම් 2400). සඳමඬල යන තැනට හිරුමඬල යොදනකට (සැතපුම් 16) උස් වැ යන්නෙ යැ, සඳමඬල ඇතුළෙන් මාණික්‍යමය යැ, පිටතින් රිදීමය යැ, එයින් ඇතුළෙන් පිටතින් සිහිලැ, හිරු විමන ඇතුළෙන් ස්වර්ණමය යැ, පිටතින් දැවාණමය යැ, එයින් ඇතුළෙනුත් පිටතිනුත් උෂ්ණ යැ, මෙ චන්ද්‍ර සූය්‍ය_ දෙදෙන එකපැහැර තුන් ද්වීපයෙක්හි ආලෝක කරන්නාහු එකි එකි දිගින් නව ලක්ෂයක් නව ලක්ෂයක් යොදුන් අන්ධකාර නසන්නාහ.’ (බුත්සරණ පිටු 51)
ඉහත සඳහන් කරුණු සමග නූතන විද්‍යාත්මක සාධක හා මිණුම් සැසඳීමට අවශ්‍ය යැයි සිතා කරුණු එක් රැස් කළත් බුද්ධිමත් ඔබට එවැන්නක් අවශ්‍ය නොවන බව සිතා එම අදහස අත්හලෙමි. මෙවන් අවිද්‍යාත්මක කරුණු අඩංගු දහමක් කෙසේනම් මනුෂ්‍ය බුද්ධියෙන් නිවැරදි යැයි විනිශ්චය කොට පිලිගැන්මට හැකි වන්නේද? පාරම්පරික විශ්වාසය ගොඩ නැගී ඇත්තේ සහමුලින්ම අවිද්‍යාව හා නොදැනුවත්කම මත බව ඔබටත් මටත් අනිවාර්යයෙන්ම පිිලිගැනීමට සිදුවෙනවා. මිනිසාට දහමක් අවශ්‍ය වන්නේ මෙලොව හා මරණින් මතු ජීවිතයේ ජය සාක්ෂාත් කර ගැනීම සඳහාය. නමුත් එම දහම මිනිස් චින්තනයට, විද්‍යාවට, යථාර්තයට සහමුලින්ම පිලිගැනීමට හැකි එකක් විය යුතු බව කාගේත් තර්කයට ලක් වූ හේතුවක් විය නොහැක

The URI to TrackBack this entry is: https://sirisangabo.wordpress.com/2011/04/08/%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%85-%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%9c%e0%b7%8a%e0%b6%9c%e0%b6%a4%e0%b7%8a%e0%b6%a4-%e0%b7%83/trackback/

RSS feed for comments on this post.

6 CommentsLeave a comment

  1. http://www.quickmeme.com/Advice-God/newest/1

  2. කිතු දහමේ කියනවා මරනින් මතු ජීවිතයක් නෑ කියලා.. හෙක් හෙක් මහත්මා.. ඔබ මෙතනම පරාදයි..ඔබම පවසනවා මරනින් මතු ජීවිතය ජය ගන්න කියලා.. පවු නේ මෙයිට වඩා හොදට මේ දේ කරන්න බලන්න ඔබලා දමන දේවලින්ම ඔබලාට පිලිතුරු ලෑබී තියෙනවා.. බුදු සරණයි..~!

  3. මෙහි දක්වා ඈති කරුනු වරදි සහගතය නිවරදි දර්මය දෑන්ගනිමට දිග නිකාය සින්හල පරිවර්තනය කියවා බලන්න

  4. කිතු දහමට ආවඩන කෙනෙකු බුදු දහම විද්‍යාවෙන් මැනීමට යාම හාස්‍යයකි . බුදු දහමේ සක්වල සංකල්පය අපගේ මනුෂ්‍ය නුවනට හසු කර ගත නොහැකි තරමට සංකීර්ණ දෙයකි. නමුත් අනුමාන වශයෙන් අප නොදන්නා පමණට වඩා සක්වල ගණනක් ඇති බව සිතිය හැක . නමුත් මෙය කතෝලික ආගම සමග සසඳා බැලුවහොත් , ඔවුන්ගේ දෘෂ්ටියේ පටු බව අද විද්‍යාව විසින් ඔප්පු කල හමාරය . මෙම කරුණු හෙළි කල ආදී විද්‍යාඥයන් කතෝලික පල්ලිය විසින් ඝාතනය කර හෝ හිරගත කරන ලදී .

  5. “ඒහිපස්සිකෝ” එන්න ධරමය දකින්න…
    නමුත් අන්තවාදී දුෂ්ඨියෙන් බැලුවිට සත්‍ය නොපෙනේ….
    දෑස් හැර බලන්න…
    මේ ලොව හැමතැන ඇත්තේ දුක.. එයින් මිදීමේ ක්‍රමවේදය ඉගැන්වු අපේ ශාස්තෲන්වහන්සේට නිගා නොකරනු….
    මෙතරම් මහන්සි වෙලා පව් කරගන්නේ ඇයි මනුස්සයෝ..??
    තමුන්ට එලොව මෙලොව දෙලොවට වැඩක් වෙන දෙයක් කරගන්නවා….
    ඉන්න ටික කාලේ හොදින් ඉදලා මැරිල යනවා, ජාති භේද, ආගම් භේද අපට වැඩක් නෑ.. තමුන්ට කැමති ආගමක් අදහාගන ඉන්නවකෝ..
    අපි කැමති ආගමක් අපි අදහනව… බුදුදහම කියන්නේ තවත් ආගමක් නෙමෙයි., දර්ශනයක්…
    “කාලාම සූත්‍රය” කියවලා බලනව.. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ වුවද අන්ද විස්වාසයෙන් පිළිගන්න එපා කියලයි දේශනාකරලා තියෙන්නේ.. කාලාම සුත්‍රය ගැනත් ඔය විදියට අන්තවාදී විචාරයක් කරන්නකෝ…

  6. ගව්ව හා යොදුන පසුකාලීන මිම්මෙන් පටලවා ගන්න එපා..

    “යොදුන” යනු ශක්ති සම්පන්නයෙකු හෙවත් යෝදයෙකු විසින් දුන්නකින් විදිනා දුරය. එනම් එම දුර දල වශයෙන් සැතපුමක් පමණ විය හැකිය. යොදුනක් කියන්නේ මෙපමණයි කියා නිශ්චිත දුරක් නොවේ. පසුකාලීනයන් මේ මිණුම පටලවාගත්තා. සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන යනු සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින්ය. ගව් 4ක් යොදුන් 1යි කියන කතාව සාවද්‍ය එකකි.
    එදා ගව්වක් යනු සාමාන්‍යයෙන් අද අඩි 4ක පමණ ප්‍රමාණයකි. අමාවතුර-ගැටපද විවරණයට අනුවද “තත්තිබන්ධ නඨානං ගගාවුතං” (තත් බඳනා ඇණ සවි කළ තැන ගව්වක) යි අටුවාවෙහි කියන ලද බව මනාව පෙන්වාදී ඇත. අද අපේ සමහර අය මෙය සැතපුමක් ලෙස වැරදියට අර්ථ දක්වයි.
    “අහස් ගව්වක දුර” , “ගව්වක දුර එතුන භවය” , “මේ ඇතුගේ කුම්භයක්(කුම්භස්ථලය) ගව්වක් පමණ ද වන්නේය” යනුවෙන් මේ තැන්වල කියනේ සැතපුමක්ද?
    “ගව්වෙන් ගව්ව දිව මාලිග පෑදේවා” යනු හැතැප්මෙන් හැතැප්ම මාළිගා නොවේ. හැතැප්ම ගානේ දිව්‍ය මාළිගා කියා අර්ථ දක්වන්නේ මේ මෑත කාලීනවය. (සිදුහත් කුමරා බවුන් වඩන්නට ගියා මිසක් රටපුරා සංචාරය කරන්නට ගියේ නැත). මේවා තමයි අවුල් කරගත් දේවල් කියන්නේ. සිදුහත් කුමරාට පියවරක් පියවරක් පාසා මෙන්ම දිව විමන් පහල වේවා කියන අදහසයි ඉන් ගම්‍ය වන්නේ.
    එසේම “ගව් ගනන් ගොසින් මහතුන් දකින කල – මව් මරා උපන් කුමරා කෙහෙල් මල” කියන තැනද අදහස් කරනුයේ කෙහෙල් මල වර්ධනය වී පසුව ගව්වක් පමණ දිග කැනක් වන බවම මිසක් වෙන මොන කෙහෙල් මල් කතාවක්ද?
    සුද්දගෙ මිනුම් වලට ඔය පෙර මිනුම් හරි නොගිය තැන එයාල ඉන්දියාවෙ සැතපුම් වලින් තැන් නිර්නය කළා. ඒත් ඔවුන්ටවත් අපේ සමහර පණ්ඩිතයින්ටවත් තේරුනේ නෑ බුදු හාමුදුරුවො කොහොමද ඔය කියන පරිදි ඉන්දියාවේ ඉසිපතනය වැනි සමහර ස්ථාන වලට දින හත අටකින් කි.මී. 400ක් පමණ පා ගමනින් වැඩියේ කියල.
    පූජාවලියට අනුව අපේ හෙළදිව දඹදිව පිහිටි සිද්ධස්ථාන වලට නම් එම දුර ප්‍රමාණ ගනනයන් ඉතා නිවැරදි බව දරුවෙකුට වුවත් අවබෝධ වනු ඇත.
    එසේනම් වගකිව යුත්තන් මේවාට තරහා නොගෙන නුවණින් විමසා බලා වැරදි ඇත්නම් නිවැරදි කරගෙන සදහම් මග සොයා ගනිත්වා.. යොදුන් ගනන් දිව නොයා ලඟම ඇති සත්‍ය දකිත්වා..
    https://budunupanhelabima.blogspot.com/p/blog-page_9.html


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: