දේවදූත සුත්ත වණ්නණා-දඹදිවෙහි දිග පළල

දේවදූත සුත්ත වණ්නණාවෙන් උපුටා ගෙන බුත්සරණ කර්තෘ දඹදිව සම්බන්ධව ඉදිරිපත් කරන කරුණුද ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමි.
’දඹදිව දිගින් පළලින් දසදහසක් යොදුන් (10000 x 16 = සැතපුම් 160000) පමණ ඇත්තෙ යැ, එහි සාරදහසක් යොදුන් (4000 x 16 = සැතපුම් 64000) පමණ තැන් මුහුදු වියැ. තුන්දහසක් යොදුන් (3000 x 16 = සැතපුම් 48000) පමණ තැන් මිනිසුනට නිවාස වියැ, නැවත තුන්දහසක් යොදුන් පමණ තැන් හිමාලය පව_තයට අවකාශ වී යැ’යි දත්තා වූ ’බුදුන් සරණ යෙමි’ බුත්සරණ යායුතු.’ (බුත්සරණ පිටු 55)

මුළු පෘථීවි තලය සමග බෞද්ධ දඹදිවෙහි දිග පළල සසඳා බලන ලෙස ඉල්ලීමට තරම් අමනෝඥ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අකැමැත්තෙමි. එය ඔබගේ බුද්ධිය කෙරෙහි කරන්නා වූ සරදමක් ලෙස හැෙඟන්නට ඉඩ ඇති නිසා එම අදහස අතහැර මා මවිතයට පත්වන්නේ කෙසේ නම් මෙවැනි කරුණු අඩංගු දහමක් තමන්ගේ විමුක්තිය උදෙසා කෙනෙක් තෝරා ගන්නේද යන්න ගැනයි.අවසාන වශයෙන් සුත්ත පිටකයේ මජ්ජිම නිකායේ (2) තේවිජ්ජවචිඡගොත්ත සූත්‍රයෙහි අඩංගු කරුණු ගැන විමසා බලමු.
“අප භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක විශාල මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන කල්හි දිනක් උදය කාලයෙහි විශාලා මහනුවර පිඩු සිඟා වැඩීම පිණිස නික්මුණු සේක. එ නුවර එක පුණ්ඩරික නම් පරිබ්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකයෙක් වාසය කරයි. භාග්‍යවතුන් වහන්සේ පිඩු සිඟීමට තවම කල් වැඩි හෙයින් එකී වච්ඡගොත්ත පරිබ්‍රාජකයා වාසය කළ ආරාමයට වැඩි සේක. එකල වච්ඡගොත්ත පිරිවැජියා උන්වහන්සේ සුහදව පිළිගෙන ආසනයක වඩා හිඳුවා තමන් මිටි අසුනක වාඩිවී මෙසේ ඇසීය.
’ස්වාමීනී ඔබ වහන්සේ සියල්ල දනිතියිද සියල්ල දකිතියිද යන එන නිදන නොනිදන හැමවිටම පවතින සර්වඥතා ඥානයන් ඇතැයිද මා විසින් අසන ලදී. මෙය ඇත්තක්ද නැතහොත් ඔබ වහන්සේට නින්දා කරනු පිණිස වෙනත් අය විසින් ගෙතූ බොරුවක්ද යන්න දැනගනු කැමැත්තෙමි” යනුයි.
’වච්ඡය,  ශ්‍රමණ  ගෞතම  තෙම සර්වඥය, සියල්ල  දනිති, සියල්ල  දකිති යන  එන  නිදන නොනිදන හැමවිටම පවත්නා සර්වඥතා ඥානයන් ඇත යනුවෙන් මා ගැන යමෙක් ප්‍රකාශ කෙරේ නම් එය මා විසින් කියන ලද්දක් නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙසේ කියති.’

ඕනෑම බෞද්ධ හෝ බෞද්ධ නොවන අයෙකුට කිසිම අයුරකින් ප්‍රශ්න කළ නොහැකි අයුරින් ඉතා පැහැදිලිව, සරලව හා ඍජුව ප්‍රකාශ කොට ඇති ඉහත අදහස්වලින් මතුවන්නේ කුමන ආකාරයක තත්වයක්ද යන්න විමසා බැලීම ඉතා වැදගත් වන්නේය. මෙයට ඉහත බෞද්ධ විද්වතුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ බුද්ධත්වය යනු සර්වඥතා ඥාණය ලැබීම යනුවෙනුයි. බුදුන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් වදාරා ඇති ඉහත කරුණු හේතු කොට ගෙන අද පවත්නා බුදු දහම හා බුද්ධත්වය පිළිබඳ සංකල්පයන් නිශ්චිත වශයෙන්ම වැරදි අවබෝධය හා විශ්වාසය මත පදනම් වූවක් බව පිළිගැනීමට ඕනෑම තරාතිරමක කෙනෙකුට සිදුවන බව අප අමුතුවෙන් කිව යුතු වන්නේ නැතැයි විශ්වාස කරන්නෙමු. මනඃකල්පිත අදහස්, ඓතිහාසිකව කිසිම පදනමක් නැති කතන්දර, අනේක අප්‍රමාණ පරස්පරයන්ගෙන් හා අවිද්‍යාත්මක භෞතික කරුණුවලින් ගහන නූතන බුදු දහම තමන්ගේ විමුක්තිය ළඟා කරගැනීමේ මාවත ලෙස තෝරා ගැනීමට පෙර නැවත නැවතත් සිතා බලන්නට අවශ්‍ය වන බව ඉහත සඳහන් සියළු කරුණු කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇතැයි අපි විශ්වාස
කරන්නෙමු. පාරම්පරිකත්වයෙන් මිදී දෙමව්පියන්ගෙන් උරුම වූ දහම හේතුකොටගෙන එ ගැන කරුණු නොවිමසා  අන්ධ  භක්තියෙන්  හා  අන්ධ  විශ්වාසයෙන්  යුක්තව  කටයුතු  කරන්නේ  නම්  අප අනිවාර්යයෙන්ම ඇද වැටෙන්නේ පතුල නොපෙනෙන අන්ධකාරය පිරී මහා අගාධයකටය. එසේ නොවී බුද්ධිමත්ව යථාර්තයෙන් හා විද්‍යානුකූලව සිතා බලා සත්‍යය හා අසත්‍යය කුමක්ද යන්න ඉතා පැහැදිලිව විමසා  බලා  නිගමනයකට  එළඹීමයි  අප  විසින්  අනිවාර්යයෙන්ම  කලයුතු  වන්නෙ.

The URI to TrackBack this entry is: https://sirisangabo.wordpress.com/2011/04/08/%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b6%af%e0%b7%96%e0%b6%ad-%e0%b7%83%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b7%80%e0%b6%ab%e0%b7%8a%e0%b6%b1%e0%b6%ab%e0%b7%8f-%e0%b6%af%e0%b6%b9%e0%b6%af%e0%b7%92/trackback/

RSS feed for comments on this post.

7 CommentsLeave a comment

  1. කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් ‍මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
    තව අවැසිනම්.
    තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
    අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
    අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
    මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
    මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
    ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.

  2. 550 ජාතකය ලියැවුනේ කුරැණෑගල යුගයේ. ඒකෙන් බුදුන් දෙසූ දහම විස්තර වෙන්නේ නෑ. එතකොට බයිබලය කොතරම් විද්‍යාත්මකද? නිකං හිතන්න ජේසුගේ ජාතකය පවා අවජාතකයිනේ. දේවදාසියෙක් පල්ලියේ එකෙක්ගෙන් අතවරයට ලක්වෙලා ගැබ්ගන්නවා. එයාට ගල්ගහලා මරයි කියන බයට මේක කලේ දෙයියෝ තමයි බඩකලේ කියනවා. (දෙයින්ගේ දෙයන්න අයින්කරලා වෙන අකුරක් දැම්මනම් ගැබ්කල නියම කෙනා අහුවෙනවා) නමුත් එතන හිටිය ශ්‍රෙශ්ඨ (වෘත්තියෙන් වඩුවෙක්)පෙම්වතා තම පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්වෙනවා. ඒ වෙනුවෙන් එයා සියළු දේ අත්අරිනවා.මේකට හොද උදාහරණයක් තමයි පව්කාරියට ගල් ගැසීම මරියා -මරියා මද්දලේනා දෙන්නවම තම පෙම්වතන් බේරාගන්නවා. එකෙක් වඩුවෙක් අනිකා බොරැකාරයෙක්.එහෙම නැත්නම් ජේසු එහෙම කලේ තම මෑණියන් සිහිවෙලා. ඒකනේ වේග ගෑණි මරියවත් දේවත්වයෙන් අහදන්නේ මේ බ්ලොග් එක දකිද්දි අපිටත් ජේසුගේ අම්මව තමයි මතක්වෙන්නේ. බුදු දහම විකෘත්ති කරලා තියන හැටි දැක්කම.
    එතකොට දෙයියෝ මවපු ලෝකයේ ඇයි කිතුනුවන් විතරක් මැවුවේ නැත්තේ. මිනිස්සු ආගමේ නාමයෙන් ඇණකොටා ගන්නවා බලන්නද(එහෙමනම් උඹලා අදහන්නේ සාතන්).
    අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
    අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.

  3. අම්මට හුකාපන් හුත්තිගෙ පුතෝ….

  4. සියල්ල දනිති, සියල්ල දකිති යන එන නිදන නොනිදන හැමවිටම පවත්නා සර්වඥතා ඥානයන් ඇත ………….

    Mewannak athi ayek me lowa siti nam ohu tharam unmaththkayek thawat nathuwa thi ! eya Dialog TV siyalu channel penwana roopawahini pirunu kamarayaka sitinnak meni … e nisaaya Budu Radun thaman wahanseta ewani wikara Gnanayak nathai wadaara aththe 🙂

    Budun wahansege සර්වඥතා ඥානය unwahanseta awashya wu wita awashya deya mula mada aga prisiduwa danaganima udesa u Knayayai …….

    karuna kara karunu soya bala, wiwurtha manasakin Budu dahama wicharanu manawi…… nathinam lajjawata wihiluwata path wenne oba ugath pasal haa mau piyanui !

    Ehi Passiko – enna balanna : meya Pragyawe dahamai – Patu anthgaami “DITTI” athahara Deneth wiwara kara balanna!

  5. mea lipiya liyapu ponnaya karala thiyanne budusarana antharjala kalapaye thiyana lipiyak wikurthikarala daala.
    http://www.lakehouse.lk/budusarana/2011/03/19/tmp.asp?ID=fea01

    බුදුන් වහන්සේ විසින් ඉතා සාර්ථක ලෙස පිළිතුරු දෙන ලද ප්‍රශ්න කවරේ දැයි විමසා බලන්නට පෙර උන්වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රශ්න විමසා බලමු. එනම්
    1. ලෝකය ශාශ්වත (සදාකාලික) ද? නැතහොත්
    2. එය අශාශ්වත ද?
    3. ලෝකය අන්තවත් ද? නැතහොත්
    4. අනන්තවත් ද?
    5. ජීවයත් ශරීරයත් එකක් ද, නැතහොත්
    6. ජීවය අනිකක් ද?, ශරීරය අනිකක් ද?
    7. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේ වේ ද? නැතහොත්
    8. මරණයෙන් පසු නොපවත්නේ වේ ද?
    9. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත් නොපවත්නේත් වේ ද? නැතහොත්
    10. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත්, නොපවත්නේත් නොවේ ද?

    ඉහත සඳහන් ප්‍රශ්න අසන ලද්දේ මාලුංක්‍යපුත්ත තෙරුන් විසිනි. ඒවා සම්බන්ධයෙන් අප දැනගත යුත්තේ කුමක් ද? බුදුන්වහන්සේ සඳහන් කරන්නේ ඒවා නිරර්ථක ප්‍රශ්න වන බව යි. ඒ ආකල්පය අප සෑහීමකට පත් නොකරන්නේ නම් ද, අප අත්දකින ආසන්නතම වගකීම නොතකා හරින්නට තරම් අපි අඥාන වෙමු නම් ද, එවන් ප්‍රශ්න කෙරෙහි අපේ උදාසීන කුතුහලය යොමු වනු නියත ය. එවිට එවන් ප්‍රශ්න වලට පිළිතුරු සපයති යි අසන්නට ලැබෙන ගුරුවරුන් වෙත යන්නට සිදුවනු හැකි යි. එකල්හි ඔවුන්ගේ පිළිතුරු වැඩකට ඇති ඒවා දැයි අපට ම අත්දකිනු හැකි ය. බුදුන් වහන්සේ අදාළ ප්‍රශ්න කෙරෙහි යම් සේ සාවධාන වූ සේක් ද, අප ද අපේ ආරක්ෂාව පිණිස සැලකිලිමත් වීම මැනවි. එසේ වූ කල්හි අපි බුදුන් වහන්සේ විසින් පිළිතුරු නොදෙනු ලැබූ ප්‍රශ්න ඇසීම වැඩි නොකර ගන්නමෝ වෙමු. එවිට දෙවියෝ සිටිත් ද? හෝ නොසිටිත් ද? ආත්මයක් තිබේ ද හෝ නොතිබේ ද? ආදී ප්‍රශ්න පටලවා ගන්නට වුවමනා වන්නේ නැත. ඇයි ද යත්, බුදුන්වහන්සේ එවන් ප්‍රශ්න නොඇසිය යුතු, නිරර්ථක ඒවා ලෙස හඳුන්වන ලද්දේ කවර හේතුවක් නිසා දැයි අප තුළ ගුප්ත, සියුම් අවබෝධයක් ඇති වන හෙයිනි.

    අව්‍යාකෘත හෙවත් පිළිතුරු නොදී අත්හරින ලද ප්‍රශ්න වලට එසේ උත්තර නොදීම නිසා, එහිලා බුදුන් වහන්සේ තුළ ම කිසියම් නිගමනයක් හෝ මතයක් වී දැ යි නියත වශයෙන් නොකිය හැකි ය. එහෙත් දෙවියන් සහ ආත්මන් පිළිබඳ ප්‍රශ්න අතර නම් නියත වශයෙන් ම පිළිතුරු නොදෙන ලද ප්‍රශ්න නැත.

    බුදුන් වහන්සේ ඇතැම් ප්‍රශ්න නිරර්ථක ඒවා ලෙස ප්‍රකාශ කළේ කුමක් නිසා ද? එහිලා උන්වහන්සේ බෙහෙවින් පැහැදිලි මතයක් ඉදිරිපත් කරති. උන්වහන්සේ මාලුංක්‍ය පුත්‍ර හිමියන් ඇසූ එවන් ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු දෙති.

    ‘’මාලුංක්‍යපුත්ත, එක්තරා පුරුෂයෙක් විෂ පොවන ලද ඊතලයකින් විදින ලද්දේ යැයි සිතමු. ඔහුගේ් මිතුරෝත්, නෑදෑයෝත් ඔහු ශල්‍ය වෛද්‍යයකු වෙත ගෙන යන්නාහ. එවිට තුවාල ලත් පුරුෂයා මෙසේ කියයි. මට විද්ද පුද්ගලයා ක්ෂත්‍රියයෙක් ද, බ්‍රාහ්මණයෙක්ද, උස ද, මිටි ද, මේ විස්තර දැන ගන්නා තුරු මේ ඊතලය අදින්නට නොදෙමි. මේ ඊතලය විදින ලද්දේ කෙබඳු දුන්නකින් ද, එහි දුනුදිය කවර වර්ගයකට අයත් ද? ආදී ප්‍රශ්න අසමින් සිටින පුද්ගලයා කිසිවක් නොදැන ම කලුරිය කරන්නේ ය. එසේම භාග්‍යවතුන් වහන්සේ මට මේ ප්‍රශ්න කියා නොදෙතොත් මම ඔබ වහන්සේ ළඟ බඹසර නොවසන්නෙමි’ යි යම් කිසිවෙක් කියන්නේ නම් ඔහු ඒ ප්‍රශ්න වලට පිළිතුරු නොලබා ම කලුරිය කරන්නේ ය.’’

    එසේ නම් බුදුන් වහන්සේ ඇසූ ප්‍රශ්න සහ පිළිතුරුත් කවරේ ද? වරක් උන්වහන්සේ වදාළ පරිදි ම අසමු. ‘ආයුෂ්මතුනි, මා ඔබට මෙතෙක් කීවේත්, දැන් කියන්නේත් එක ම දෙයකි. එනම්, දුක සහ දුකින් මිදීම ගැන පමණි’.

    බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ප්‍රශ්න සමස්ත මානව සංහතියට පමණක් සීමා වූ ඒවා නොවේ. ඒවා සමස්ත ජීව සංහතියට ම පොදු වන හෙයින් අදාළ ද වෙයි. එසේ ම මුළු මහත් ලෝකයටම පමණක් නොව, ඒ සීමා ඉක්මවා සමස්ත විශ්වයටත් සාධාරණ වන්නේ ය. කාලය අනුව ගත් කල අතීතයට සහ වර්තමානයට අදාළ වන්නාක් සේ ම අනාගතයටත් එක සේ වලංගු ය. එකහෙළා වැදගත් ප්‍රශ්නය වන්නේ, ‘’අපි දුක් විඳිමින් සිටිමු ද?’’ යනුයි. එයට පැහැදිලි පිළිතුරක් වන්නේ ‘ඔව්’ යනු යි. ඉක්බිති ප්‍රශ්නය වන්නේ් ‘එසේ නම් දුකින් මිදීමට මඟක් නැද්ද?’ යන්නයි. එහිලා මඟක් ඇතැ යි බුදුන්වහන්සේ අපට සහතික කරති.

    වර්තමානයේ පමණක් නොව මානවයාගේ ආරම්භයේ සිට ම ජීවිතයේ පරම අභිමතාර්ථය වන්නේ උපරිතම සන්තුෂ්ටිය වෙති යි යන විශ්වාසයේ එල්බ ගත් මිනිසුන් සිටි බව පෙනේ. කැමැති කෙනෙක් එසේ විශ්වාස කරත්වා. එහෙත් එහි එක ම අවාසිය වන්නේ, උපරිතම සන්තුෂ්ටියේ පරමාන්තය විය හැකි දුකෙහි ද පරමාන්තය වීම යි. අමෘතය වුවත් දෙවන බඳුනින් පළමුවැන්නෙන් ලද තෘප්තිය ලැබෙන්නේ නැත. තුන්වැන්නෙන් ලද හැකි තෘප්තිය දෙවැන්නටත් ඌන ය. සන්තුෂ්ටියැ යි කියනු ලබන ආස්වාදය කෙරෙහි නුරුස්නාවේ ප්‍රතිවර්තනය කිසිවකුට සතුට ගෙන එන්නේ නැත. එකල්හි සිදුවන්නේ ආස්වාදය කෙමෙන් සෘණාත්මකව වියැකි යෑම යි. තදනුරූපව ක්‍රියාවලිය තුළ පුද්ගලයාට අංශුමාත්‍රව හෝ ආස්වාදයක් ලද නොහැකි පියවරක් එළඹෙයි. එපමණක් නොව එයට ප්‍රතිවිරුද්ධ ලෙස තෘප්ති හීනතාවෙන් පුද්ගලයාගේ දුක් වර්ධනය වෙයි. ඉන්ද්‍රිය පිනවීමෙන් ගිජු වූ තැනැත්තා එය ලබනු හෝ විඳීනු නොහැකි වූ විට වඩාත් දුකට පත්වෙයි. දුකෙහි පරමාන්තයට ආසන්න වත් ම කවර ජීවියකුට හෝ එළඹෙන්නට සිදුවන්නේ එවන් විරාමයක් වෙත යි.

    ඇතැම් විට මේ ලෝකය මිථ්‍යාවක් ද, නොපවතින්නක් ද නළියන රැහැනක් නාගයකු ලෙස තේරුම් ගත්තක් ද සේ සලකනු ලැබේ. සිහිනයක් ද මායාවක් ද වන මේ ලෝකය තුළ අන්තගාමී රසාස්වාදය පසුපස හඹා යෑමට විරාමයක් දෙන්නට බලතොත් මැනවි. පරමාත්මන් හෙවත් කේවලාත්මය ලෙස සලකා ඇත්තේ එය යි. එය ස්පර්ශ කරන්නට යත්න දරමු. ‘සක් චිත්’ හෙවත් සත්භාවයත්, අවබෝධයත් සහ ආනන්දය හෙවත් බ්‍රහ්මන් යනුත් එය ම නොවන්නේ ද?

    ඇතැම් විට අපේ ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ආයතන හයෙන් අත්දකින අරමුණු නිසැකයෙන් ම මිථ්‍යාවකි යි සැලකිය හැකි වන්නේ කෙසේ ද? හොඳයි, එය මිථ්‍යාවකි යි මොහොතකට සිතුවොත් අපේ ඇස්, කන්, නාසාදි ෂඩ් ඉන්ද්‍රිය මඟින් අත් නොදකින ලද වෙනත් ඕනෑ ම පැවැත්මක් සත්‍ය ලෙස පිළිගත හැකි වන්නේ කවර පදනමක් යටතේ ද? එසේ නම් ඒවා පිළිගත යුත්තේ කිසියම් ලේඛනගත අධිකාරි බලයකට යටත්ව ද? අනෙක් අතට අපේ එවන් ලියකියවිලි නියතයෙන් නිවැරැදි වෙතියි පිළිගත යුත්තේ කවර අණ පැනවීමක් මත ද?

    අපි ආස්වාදය ජීවිතයේ අවසන් අභිමතාර්ථය ලෙස සලකන්නවුන් භෞතිකවාදීන් හැටියට නිගමනය කරමු නම්, බ්‍රහ්මත්වය ජීවිතයේ උපරිතම අරමුණ ලෙස සලකා, බ්‍රහ්මන් පිළිබඳ යථාවබෝධය බලාපොරොත්තු වන්නවුන් ශාශ්වතවාදීන් ලෙස සැලකිය හැකි ය. එහෙත් බුදුන් වහන්සේ අපට ඉදිරිපත් කරන පරමාදර්ශය කුමක්ද?

    ප්‍රායෝගිකත්වය සහ සත්භාවය ද පරිපූර්ණ මිනිසා සහ මහමගට වැටුණු මිනිසා ද පිළිබඳ අවබෝධයෙන් ත්‍රිපිටකයේ සඳහන් විශ්ව නියමයේ ස්වභාවය අපට තේරුම් ගත හැකිය. මේ දක්වා ලෝක ස්වභාවය පොදු මිනිසා සඳහා ඔහු අපේක්ෂා කරන සන්තෘප්තියත්, ඇතැම් විට ඒ පසුපස එන අසන්තෘප්තියත් පිණිස කටයුතු සලසා සූදානම් කර තබා ඇත. රහත් බවට පත් වූවකුට ඒ සියල්ල සන්තෘප්තියෙන් හෝ අසන්තෘප්තියෙන් තොර මැදහත් ක්ෂේම භූ®මියක් වෙයි. කුෂ්ඨ රෝගයෙන් දුක් විඳින පුද්ගලයෙක්, වේදනාත්මක කුෂ්ඨය පිළිබඳ හැඟීම සහ ආස්වාදයක් දනවන කැසීම පිළිබඳ හැඟීම අතර වෙනසක් අත්විඳී. ඔහු කිසිසේත් කුෂ්ඨ වේදනාවට නොකැමති ය. එහෙත් එය නැසීමෙන් ලබන්නේ සතුටකි. ඒත් එයින් පසුව එළඹෙන්නේ දුකකි. පරිපූර්ණ නිරෝගී පුද්ගලයෙකුට ඒ එකකින්වත් ආස්වාදයක් ලබන්නට අවස්ථාවක් නොසැලසෙන හෙයින්, කුෂ්ඨයක වේදනාවෙන් හෝ එය කැසීමෙන් පසු ලැබෙන වේදනාවෙන් හෝ දුකක් විඳින්නට සිදුවන්නේ නැත.

    ආස්වාදය නමින් හැඳින්වෙන හැඟීම් පිළිබඳ එවන් සංවේදතා මානසික සමතුලිතතාව සාක්ෂාත් කර ගත්තකුට හුදෙක් බාධාවක් ම වන්නේය. ඉපදීම, වියපත්වීම, ව්‍යාධිය, මරණය, අපි‍්‍රයයන් සමඟ එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, දොම්නස, වැලපීම, දැඩි වෙහෙස ආදී මේ සියල්ල දුක ය. කෙටියෙන් කියතොත් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් පංච උපාදානස්ඛන්ධය ම දුක ය. ත්‍රිපිටකය සාකල්‍යයෙන් ම මේ පංච උපාදානස්ඛන්ධය පිළිබඳ පරිපූර්ණ මානසික සෞඛ්‍යයෙන් යුක්ත පුද්ගලයා අරහත් නම් වන්නේ්ය යන මතය දරයි.

    එසේ නම් බුදුදහම සර්ව අශුභවාදය යන්නට තවත් හැඳින්වීමක් ද? නැත. නැත. සර්ව අශුභවාදය දුකක් ඇති බව කියයි. එහෙත් දුකින් මිදීම ගැන ඉන් ඔබ්බට කිසිවක් නො කියයි. බුදුදහම ඒ සීමාව ඉක්මවයි. එය දක්ෂ වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කර රෝග ලක්ෂණ අනුව ලෙඩක් ඇතොත් එය ඇති සැටියෙන් තේරුම් ගන්නාක් මෙන් පළමුවෙන් දුකක් ඇතැයි පිළිගන්නා අතර, ඉක්බිති ඉන් මිදීමට මඟක් ඇති බව ද සහතික කරයි. බුදුදහමට වඩා සර්ව ශුභවාදී ආගමක් වෙතියි සුදුසුකම් කියාපෑමට හැකි වන්නේ මිහිපිට අන් කවර අගමකටද? කවර ජීවන ක්‍රමයකටද? එය කවර හැටියකින් වත්, කිසි ම විටක කිසිවකුගෙන්, මහේශ්වර දෙවියකු හෝ නිර්මාතෘවරයකු කෙරෙහි අන්ධ විශ්වාසයෙන් ගනුදෙනු කරන ලෙස ඉල්ලා සිටින්නේ නැත. ඇතැම් ආගමික ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙනස් නොවෙති යි කියනු ලබන අස්තිත්වයත් ගැන බුදුදහම උගන්වන්නේ නැත. එය අපට කියා දෙන්නේ අප සංසාර බන්ධනයෙන් මුදා දුකින් මුදන මාර්ගයකි.

    මේ ලෝකය තුළ ‘සත්’ හෙවත් ඇතිවීමකට හෝ පැවැත්මකට හේතුව කුමක් ද? එනම් දෙවියෝ ද? එහිලා බුදුන් වහන්සේ මෙසේ වදාරති. ‘ඉදින් දෙවියෙක් සිටි නම් ඔහු කෙසේවත් සාධාරණ කෙනෙක් හෝ කොහෙත් ම බලසම්පන්න කෙනෙක් නම් නොවන්නේ ය’ දුකට නියත හේතුව නම්, නිරවුල් පුනර්භවයක් ඇති කරවන තෘෂ්ණාව යි. එය වනාහි පඤ්ච කාමය පිළිබඳ තෘෂ්ණාව නම් වූ කාම තණ්හාව, නැවත නැවත ඉපදීමත්, පැවැත්මත් පිළිබඳ තෘෂ්ණාව හෙවත් ශාශ්වත දෘෂ්ටිගත තෘෂ්ණාව නම් වූ භව තණ්හාව සහ නො ඉපදීමත්, නො පැවැත්මත් පිළිබඳ උච්ඡේද දෘෂ්ටිගත තෘෂ්ණාව නම් වූ විභව තණ්හාව වන අතර දුකට හේතුව වන්නේ මෙකී ත්‍රිවිධ තණ්හාව යි.

    බුදුන් වහන්සේ එක අවස්ථාවක මෙසේ වදාරති. ‘’භික්ෂුණි පෙර පරිදි ම දැනුත් ම විසින් අවබෝධ කර ගන්නා ලද එක ම සත්‍යය නම් දුක සහ දුකින් මිදීම යි’’. මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ දුක් විඳින්නා කවරෙක් ද යනුයි. ආත්මන් හෙවත් ආත්මයක පැවැත්ම කෙරෙහි විශ්වාසය තබන්නා සේ පෙනෙන දර්ශන වලට ‘ජීව ආත්ම’ යැ යි පහසුවෙන් එයට පිළිතුරු දිය හැකි ය. එහෙත් ඒ ප්‍රශ්නය බුදුන් වහන්සේට ඉදිරිපත් කළ විට උන්වහන්සේ මෙසේ වදාරති. “ඔබගේ ඒ ප්‍රශ්නයම නොමඟ යවන සුලුය. (න තල්ලෝ අයං පඤ්හෝ = මේ ප්‍රශ්නය කල්‍යාණ නොවේ) ඒ ප්‍රශ්නය ඇසිය යුතුව තිබුණේ මෙසේ ය. ‘දුකෙන් පැවැත්මක් ඇති වන්නේ කුමකින් ද?’ යනුයි. එවිට පිළිතුර මෙසේ ය. ‘තණ්හාවේ පැවැත්ම ඇති වූ කල්හි දුක ද පැන නඟින්නේ ය’ යනුයි. එහි ප්‍රතිපක්ෂය ‘තණ්හාවේ පැවැත්ම නැති කල්හි දුක ද පැන නො නඟින්නේයැ’ යි දැක්විය හැකිය. පටිච්ච සමුප්පාද න්‍යායෙන් විවරණය වන්නේ එයයි. එය අවිද්‍යා හේතුවෙන් සංස්කාරත්, සංස්කාර හේතුවෙන් විඤ්ඤාණත්, විඤ්ඤාණ හේතුවෙන් නාමරූපත්, නාමරූප හේතුවෙන් සලායතනත් ආදී විසින් උපදින දොළොස් පියවර ඉදිරිපත් කර, අනෙක් අතට අවිද්‍යා නැතිවීමෙන් සංස්කාරත්, සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණත් ආදී වශයෙන් නැති වන දොළොස් පියවර ඉදිරිපත් කර ඇත.

    සත්තකින් ම ‘ක්‍රියාව‘ ලෙස හැඳින්විය හැකි කිසිවක් නැත. ඇත්තේ ක්‍රියාකාරීත්වයක් පමණි. එසේ ම දුක් විඳින්නෙක් ද නැත. ඇත්තේ (දුක්) විඳවීමක් පමණි. එවිට කෙනෙකු මෙසේ අසන්නට පුළුවන. එසේ නම් විමුක්තිය සඳහා දැරිය යුතු උත්සාහය කුමක්ද එය නිෂ්ඵල නොවන්නේ ද? ඒ ගැන මෙසේ සිතන්නට පුළුවන. සත්තකින් ම අප අපේ පෞරුෂය තුළ අහං හෙවත් ආත්මයක් නැතැ යි ද, ඇත්තේ හුදෙක් අපේ ආත්මාභිමානයේ ඡායා මාත්‍රයක් පමණකැ යි ද හඳුනා ගන්නා මොහොතේ අහංභභාවය (මමත්වය) පිළිබඳ විශ්වාසය මුළුමනින් ම නැතිකර දැමිය හැකි ය. එවිට අප සපුරා විමුක්තිය ලබා ඇති හෙයින් තවදුරටත් එහිලා අමුතුවෙන් උත්සාහ දරන්නට වුවමනා වන්නේ නැත. අප ඒ පියවරට පැමිණි කල දුකක් නැත. දුක් විඳින්නෙක් ද නැත. සියලු ප්‍රශ්න කිරීම් වලින් ද තොර ය. නිර්වාණයැ යි කිය හැකි දුක පිළිබඳ මේ සාකල්‍ය නිරෝධය කෙනෙකු ජීවත්ව සිටියදී ම සාක්ෂාත් කළ හැක්කක් ද? නියතයෙන් ම එසේ ය. එය මේ පැවැත්ම තුළ ම, එනම් මේ ලබා උපන් ජීවිතය තුළ ම සාධනීය වෙයි.

    බුදුන් වහන්සේ මෙසේ වදාරන සේක. ‘ඇවැත්නි, ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයාට නිර්වාණය මේ අත්බැව්හි ම අත්දකිනු හැකි සිත නිවන, ආකර්ෂණීය, සුගම ක්ෂේමයකි. සිත සාමයෙහි පිහිටුවා විමුක්ති සුවය ලද ශ්‍රාවකයාට තමා විසින් කරන ලද කිසිවක තවදුරටත් එල්ලී සිටීමත් නැති අතර කරන්නට කිසිවක් ඉතිරිව ද නැත. ඇතුළත හිස් බැවින් තොරව, එකට තදව, සුළඟින් නොසැලී සිටින ගල් පර්වතයක් මෙන් ස්ථාවර වූ විමුක්ති සුවයෙන් වසන්නහුට දකින, අසන, ආඝ්‍රාණය කරන කනබොන, ස්පර්ශ කරන ඕනෑ ම අරමුණක් කෙරෙහි මැදහත් බවක් මිස, කවර ආකාරයක වත් රතියක් හෝ විරතියක් විෂයයෙහි විමතියක් නැත. ඔහුගේ සිත ස්ථාවර ය. ඔහුගේ ජීවන ප්‍රතිලාභය විමුක්තිය යි’.

    එවන් අර්හත්වයට පත්ව විමුක්තිය ලැබුවකු පිරිනිවන් පාන කල්හි ඔහුගේ පැවැත්ම පිළිබඳ පංචස්කන්ධයට සිදුවන්නේ කුමක් ද? ඔහුගේ පුනර්භවයට සාධක විය හැකිව තිබුණු ශක්ති ප්‍රවාහය අක්‍රියත්වයට පත්කල්හි තවදුරටත් ඔහුට පුනර්භවයක් ඇති වන්නේ නැත. යම් සේ විද්‍යුත් පරිපථයක ස්විචය අක්‍රිය කළ විට ප්‍රතිඵලය වන්නේ විද්‍යුත් ප්‍රවාහය ඛණ්ඩනය වන අතර ආලෝකය ඇන හිටීම යි. එසේ ම ජීවිතාශාව නමැති විද්‍යුත් ප්‍රවාහය අක්‍රිය වූ කල්හි පුනර්භවය නමැති විදුලි බුබුලින් ආලෝකය නො විහිදෙන්නාක් මෙන් උපත හො එයට අනුගාමි මරණය ඇති වන්නේ නැත. විද්‍යුත් ආලෝකය පිළිබඳ ප්‍රශ්නයේදී අපි කෙසේවත් නිවී ගිය ආලෝකයට කුමක් වූයේ දැයි නො අසමු. ඇයි ද යත් නිවී ගිය ආලෝකය විද්‍යුත් ප්‍රවාහයේ ප්‍රතිලාභයක් වන බව අප දන්නා හෙයිනි. විද්‍යුත් ප්‍රවාහය අක්‍රිය වී ඇති නිසා, ආලෝකය ද අහෝසි වී ඇත. එසේ ම අවිද්‍යා ප්‍රවාහය සහ ජීවිතාශාව අහෝසි වී ඇති කල්හි කොහේ සිට කෙසේ ඉපදීම සහ මරණය නමැති විදුලි බුබුළ කවර ලෙසකින් දැල්වෙන්න ද?

    බෞද්ධයෝ පුනර්භවය විශ්වාස කරත් ද? නියත වශයෙන් ම එසේ ය. එහෙත් යථාර්ථවත් දෘෂ්ටියෙන් නම් නොවේ. බුදුන් වහන්සේ මෙසේ වදාරති. ‘ඇවැත්නි, දෙනගෙන් කිරි ද, කිරෙන් යොදය ද, යොදයෙන් ගිතෙල්ද, ගිතෙලින් කේජු ද නිපදවා ගත් කල්හි කිරි වනාහි යොදය හෝ ගිතෙල් හෝ කේජු නමින් හඳුන්වනු නොලැබේ. කිරි ගිතෙල් වූ කල්හි එය ගිතෙල් නමින් හඳුන්වනු මිස වෙනත් නමකින් හඳුන්වනු නො ලැබේ. ඇවැත්නි, එසේ ම තුන් ආකාර පැවැත්මෙහි (අතීත, වර්තමාන, අනාගත) එකක් නියෝජනය වූ කල්හි, අනෙක් දෙකින් එකකවත් නමින් හඳුන්වනු නො ලැබේ. ඇවැත්නි, මේවා වනාහි හුදෙක් නාමමාත්‍ර, භාෂණ සම්ප්‍රදාය සහ පොදු සංවාද ව්‍යාවහාරයෙන් හැඳින්වීම පමණි. එහෙත් තථාගතයන් මේ ව්‍යවහාරයන් භාවිත කරන්නේ සත්තකින් ම කෙසේවත් අර්ථයෙන් නොමග යා හැකි ලෙස නොවේ’’.

    ‘’කෙසේ වෙතත් ආත්මයක් නැති කල්හි (අනාත්මන්) කවර ආකාරයේ හෝ පුනර්භවයක් විය හැක්කේ කෙසේද?’’ මේ ප්‍රශ්නයට එක්තරා පමණකින් කලින් පිළිතුරු දී ඇත. සිත ක්ෂණ හංගුර වුවත්, අපේ ක්‍රියාවන්ගේ කුසල පාක්ෂික සහ අකුසල පාක්ෂික ප්‍රතිඵල ප්‍රවාහන කාරියේලා විශ්වාසය තැබිය හැකි ය. ඒවා නියතයෙන් ම අපේ ඊළඟ පුනර්භවයට බලපානු ලැබේ. එසේ බලපාතියි යන්නෙන් අදහස් කැරෙන්නේ වෙනස් වන බවයි. බෞද්ධ දර්ශනය චිත්ත විඤ්ඤාණය ආත්මන් ලෙස සලකයි. එහෙත් ආත්මන් වෙනස් නොවන ස්වභාවයෙන් යුක්ත වන බව වෙනත් දර්ශන කියයි. එසේනම් ආත්මයන් වෙනස් වන්නේත්, වෙනස් නොවන්නේත් කෙසේ ද? ආත්මන් වෙනස් වන්නේත්, වෙනස් නොවන්නේත් නම් එයත්, මනස වෙනස් වන්නේත්, වෙනස් නොවන්නේත් වෙයි යන්නත් අතර ඇති පරතරය කුමක් ද?

    කෙසේ වෙතත් මනසේ ක්‍රියාකාරීත්වයේ යථාර්ථය තේරුම් ගන්නට ධම්මපදයේ පළමු ගාථා ධර්මය විමසා බලමු.

    “මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨෙන
    භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති
    චක්කං ච වහතෝ පදං’’

    “සිතිවිලි සිත පෙරටු කොට සිටී. සිත උතුම් කොට සිටී. සිතින් ම උපදී. ඉදින් කිළිටි සිතින් යමක් කියයි ද යමක් කරයි ද, යමක් සිතයි ද ඒ හේතු කොට ගැල අදින ගොනාගේ පය අනුව ගමන් කරන රිය සක මෙන් අකුසලෙහි විපාකය කළ තැනැත්තා පසුපස ඇදෙයි’’

    එසේනම් හැකි තරම් සරලව කියතොත්, දුකෙහි කෙළවරක් දකින්නට ඕනෑ ම කෙනෙකු සිය ජීවිතයේ හැම මොහොතක් පාසා ප්‍රගුණ කළ යුතු වන්නේ කුමක් ද? අනුගමනය කළයුතු මඟ කවරේ ද? ප්‍රඥාවන්ත වනු මැනවි. ගෞරවාන්විතව ක්‍රියා කරනු මැනවි. සමාධි සිත වඩනු මැනවි. අපි නැවතත් ධම්ම පදයෙන් කියවමු.

    “සබ්බපාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියෝදපනං
    ඒතං බුද්ධාන සාසනං ‘’ – 183

    ‘’සියලු පව් නොකිරීමද, ලොව්තුරා කුසල් වැඩීම ද, සිත නීවරණයන්ගෙන් පිරිසිදු කර ගැනීම ද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනා යි’’.

    භික්ෂුවක් සිය පැවිද්ද ලබා ගැනීමේදී මෙසේ ඉල්ලා සිටී. ‘ස්වාමිනි, මා කෙරෙහි අනුකම්පාවෙන්, මේ කාෂාය වස්ත්‍ර පිළිගෙන මා පැවිදි කරනු මැනවි. මම සියලු දුක් නිවාරණය පිණිස මගේ උපරිම උත්සාහය දරන්නෙමි’’.

    දුකින් මිදීම හෙවත් නිර්වාණය සාක්ෂාත්කරණය වනාහී කිසියම් අරමුණක් පසුපස හඹා යෑමක් හෝ පුද්ගලයාගෙන් වියුක්තව බාහිර ලෙස පවතින්නක් නොවේ.

    යම් සේ ද කෙනෙකු මැනවින් සෞඛ්‍ය සම්පන්න වන්නාක් මෙනි. කෙනෙකුගේ සෞඛ්‍ය සම්පන්නත්වය බාහිර වශයෙන් කයට එන්නත් කළ හැකි යමක් නොවේ. එසේ ම කෙනෙකු නිර්වාණය සාක්ෂාත් කරන්නේ ස්වායත්තව තමා ම විසිනි.

    නිර්වාණය ඇතැම් විට උපමාත්මකව විස්තර කරන පරිදි පුද්ගලයා තුළට බැහැරින් ඇතුළු වන්නක් නොවේ.

    නිර්වාණය වනාහි දුක සමඟ නිරෝධය යි. එය භික්ෂූන් විසින් පමණක් සාක්ෂාත්කරණය සඳහා නොවේ. ලෝභ, දෝස සහ මෝහ නම් වූ ක්ලේශ මූල මුලිනුපුටා දැමූ තරුණ හෝ මහලු ගිහි හෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ ආදී භේදයකින් තොරව ඕනෑ ම කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කළ හැකිය.

    සියලු බුදුවරුන්ගේ ඉගැන්වීමේ සමස්ත සාරාර්ථය දුක සහ දුකින් මිදීමේ මාර්ගය යි.

  6. මෙහි දඹදිව යනු ඉන්දියාව යැයි කීවේ කව්ද. එහෙනම් කෝ 500 කොදෙව්. දඹදිව යනු මේ මුළු මහත් පෘථිවියයි. එය අතීතයේදි එකම භූමිස්කන්ධයක් ලෙස පැවතුනි. ( පැන්ජියාව ). තවත් හූමිස්කන්ද 3 ක් ඇත. ඒවා මපෘථුවි වාසි මනුෂ්‍යයන්ට යා හැකි තැන් නොවේ. සෘධිමතුන්ට පමණක් ඒවාට යා හැකිය. ඒ භූමි වල වාසය කරන්නේ වෙනස් වූ මනුෂ්‍ය විශේෂය.

  7. Stupid Catholic bastards must investigate the Buddhism with an open mind first. Read Pancha maha waadha and the way how you were defeated by monks.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: