නූතන පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව සිද්ධාර්ත උප්පත්තිය සිදුවූ ස්ථානය පිළිබඳවද මතභේද මතුවී ඇත’
සිද්ධාර්ත උප්පත්තිය සිදුවී ඇත්තේ ඔරිස්සා ප්‍රාන්තයේ කපිලේස්වර් නමැති ස්ථානයේය’ කපිලෙස්වර් ප්‍රදේශයේ හින්දු අනුගාමිකයින් හා ඇතිවූ ආගමික නොසන්සුන් තාවයෙන් පසුව එම ප්‍රදේශයේ සිටි බෞද්ධයින් නේපාලයේ ටරායි යන ප්‍රදේශයට පලා ගිය අතර සිද්ධාර්ත උප්පත්තිය සනිටුහන් කරමින් අශෝක මහරජු විසින් පිහිටුවනු ලැබූ ස්ථම්භයේ අනුරුවක් මෙම පලාගිය බෞද්ධ අනුගාමිකයින් විසින් එහිදී අළුතින් සාදා පිහිටුවා ගන්නා ලදී’
මෙම ස්ථම්භය පළමුවරට සොයාගනු ලැබුවේ ආචාර්ය පුහ්රර් විසින් 1896 දීය’ එයට අවුරුදු 32කට පසුව ඔරිස්සාහි කපිලේස්වර් ප්‍රදේශයෙහිදී අශෝක මහරජු විසින් පිහිටුවනු ලැබූ මුල් ස්ථම්භය සොයාගනු ලැබීය’
අනිකුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුවද සනාථවන්නේ සිද්ධාර්ත උප්පත්තිය සිදුවී ඇත්තේ ඔරිස්සාහී කපිලේස්වර් ප්‍රදේශයේ බව තවත් ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ චක්රදාර් මහාපත්ර මහතා පෙන්වා දෙයි
Leave a Reply