පසළොස්වක හා තෙමඟුල -බක් මාසය හා ඉංග‍්‍රීසි අපේ‍්‍රල් මාසය වැරදීම

නූතන යුගයේ මෙන් දින දර්ශන භාවිතයක් නොතිබුණු ඈත අතීතයේ දින වකවානු ගණනයට මිනිසා උපයෝගි කර ගත්තේ අහසේ නැෙඟන පුන්සඳේ වර්ධනය හා ගෙවීයාමයි’ එකල ලෝ වැසියාගේ පොදු දින දර්ශනය සකස්වූනේ සඳුගේ මෙම ගමන් මඟ පදනම් කර ගෙනයි’
බිම්බිසාර රජුගේ ඉල්ලීම පරිදි බුදු රජාණන් වහන්සේ ආගමික වතාවත් ඉටු කිරීම සඳහා පන්සල් යායුතු විශේෂ දින හතරක් නම් කළ සේක’ අමාවක” පුර අටවක” පසළොස්වක සහ අව අටවක ඒ දින හතරයි’ නූතන බෞද්ධ සමාජය පොහොය තුනක්ම අමතක කොට පසළොස්වක පෝය පමණක් තෝරා ගෙන ඇති බව පෙනේ’
හින්දු භක්තිකයින් දෙවියන්ට යාග හෝම පුද පූජා පවත්වමින් ගත කළ පසළොස්වක දිනය පමණක් බෞද්ධයින් තෝරා ගෙන ඇත්තේ හින්දු දහමේ ආභාෂය නූතන බුදු දහම තුළ දැඩිව ඇති බවට පෙන්වන සාධකයක් ලෙසය’
වර්තමාන දින දර්ශනයට අනුව වසරකට පසළොස්වක දින දොලහක් ඇත’
සිංහල මාස නාමය        ඉංග‍්‍රීසි මාස නාමය
බක්                                      අපේ‍්‍රල්
වෙසක්                                මැයි
පොසොන්                           ජූනි
ඇසල                                   ජූලි
නිකිණි                                අගෝස්තු
බිනර                                 සැප්තැම්බර්
වප්                                     ඔක්තෝම්බර්
ඉල්                                    නොවැම්බර්
උඳුවප්                               දෙසැම්බර්
දුරුතු                                  ජනවාරි
නවම්                                  පෙබරවාරි
මැදින්                                මාර්තු
මෙතැනදී අපට අවබෝධ කර ගැනීමට අපහසු කරුණු කිහිපයක් ඇත.’  සිංහල දින දර්ශනය සකස්වී ඇත්තේ චන්ද්‍රයාගේ ගමන් මඟ පදනම් කරගෙනයි’ ඉංග‍්‍රීසි දින දර්ශනය පෘථිවිය හා සූර්යයාගේ භ‍්‍රමණය හා ගමන් මඟ අනුව සකස්වී ඇත්තේය’ මෙම දින දර්ශන දෙක ගණනය කිරීමට ගන්නා මූලික භෞතික සාධක දෙක අතරේ විශාල වෙනස් කමක් ඇත’
චන්‍ද්‍ර දින දර්ශනය – සඳ පෘථිවිය වටා භ‍්‍රමණය වීමට ගන්නා කාලය මත සකස් වී ඇත’ මෙය දින 29’53059 ලෙස සැලකේ’ මේ අනුව චන්‍ද්‍ර වර්ෂය 29’53059 ං 12 ු 354ග36708 කි’ දින දර්ශනය සැකසීමේදී චන්‍ද්‍ර මාසය දින 29ක් හෝ 30කින් යුක්ත වන්නක් ලෙස ගණනය කරනු ලැබේ’
සූර්ය දින දර්ශනය – පෘථිවිය හිරු වටා භ‍්‍රමණය වන්නට ගන්නා කාලය මත ගණනය කරනු ලබන්නකි’ මෙහි එක් වර්ෂයකට දින 365 ක් හා වර්ෂ හතරකට වරක් පෙබරවාරි මාසය දින 29ක් ලෙස සලකා මෙය අධි වර්ෂයක් ලෙස නම්කොට දින 366 කින් යුක්ත වන්නකි’
ඉහත විස්තර අනුව එක් චන්‍ද්‍ර වර්ෂයකටත් සූර්ය වර්ෂයකටත් අතරේ සාමාන්‍ය වශයෙන් දින 11 ක වෙනස් කමක් පවතී’ මේ අනුව කෙසේ නම් චන්‍ද්‍ර බක් මාසය ඉංග‍්‍රීසි අපේ‍්‍රල් මාසය හා බැඳී සෑම වර්ෂයකම ඇතිවිය හැකි ද?
තවත් ආකාරයකට පවසන්නේ නම් සෑම වර්ෂයකම බක් පසළොස්වක පෝය කෙසේ නම් අපේ‍්‍රල් මාසයේදී ලැබිය හැක්කේ ?’
වෙසක් පසළොස්වක පෝය සෑම වර්ෂයකම ලබන්නේ මැයි මාසයේදී ය’ මෙය කෙසේ නම් සිදුවිය හැකි ද? වෙසක් පෝය බෞද්ධයින්ට වැදගත් වන්නේ සිදුහත් උපත” බුදුවීම හා පිරිනිවන් පෑම යන මෙම වැදගත් ඓතිහාසික සිද්ධීන් සිදුවූ දිනය වශයෙනි’ මෙම තෙමඟුල සැමරීම වස් ලෝවැසි බෞද්ධයින් ආගමිකවතාවන් වල යෙදෙමින් උත්සව පවත්වති’ වෙසක් පෝය දිනය සමස්ත ලෝකයේම නිවාඩු දිනයකි’ එය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කර ගැනීමට බොහෝ වෙහෙස වූයේ ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයෙකුව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාය’
ගෞතම බුදුන්ගේ ජීවිතය හා බැඳුණු මේ උපත” බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල හැර වෙසක් පෝ දිනයේ සිදුවූවායැයි විශ්වාස කරන ආගමික හා ඓතිහාසික සිදුවීම් රැුසක් ඇත’ පොත පතෙහි සඳහන් වන පරිදි ඒවා නම්:-
1’ බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුන් වහන්සේ තමා උපන් ප‍්‍රදේශය වූ කිඹුල්වත් පුරයට වැඩියේ වෙසක් පුන් පෝ දිනකය’ ඒ ගමනේ දී නෑයින්ගේ මානය බිඳීම සඳහා යමක මහා ප‍්‍රාතිහාර්ය පෑ බව ද සඳහන් වේ’
2’ බුදුන්ගේ තෙවැනි ලංකා ගමන සිදුවූයේ ද වෙසක් පුන් පෝ දිනක බව  සඳහන් වේ’ ඒගමනේදී සමනළ කඳු මුදුනෙහි සිරිපා සලකුණ තැබූ බව ද දැක්වේ’
3’ මහා වංශයේ සඳහන් පරිදි විජයාව ගමනය සිදුවූයේ ද වෙසක් පෝ දිනයකය’
4’ ඉන්දියාවේ ආශෝක රජතුමා තමාගේ නොදුටු මිත‍්‍ර දේවානම් පියතිස්ස රජතුමා (පණ්ඩුකාභය රජතුමාගේ මුණුබුරා* දෙවන වරට අභිෂේක ගන්වනු ලැබුවේ ද වෙසක් පෝ දිනක බව සඳහන් වේ’
5’ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය තැනීම සඳහා වැඩ ආරම්භ කළේ වෙසක් පෝ දිනක බව සඳහන් වේ’
චන්‍ද්‍ර මාසය අනුව සැකසුණු පසලොස්වක දිනය ඉංග‍්‍රීසි දින දර්ශනය සමග බැඳ තැබීමේ අපූර්ව සිද්ධිය පිළිබඳ ඓතිහාසික කරුණු විමසා බැලීම වැදගත් යැයි සිතන්නෙමු’ පවතින වාර්තා අනුව ඉතිහාසයේ පැරණිතම දින දර්ශනය මිසර දින දර්ශනයයි’ එය ක‍්‍රිස්තු වර්ෂයට අවුරුදු  4236 කට පෙර සකස් කරන
ලද්දක් වන අතර එම දින දර්ශනය භාවිතාවේ තිබී ඇත්තේ අවුරුදු 2000ක පමණ කාල සීමාවකට පමණක් බවත් සඳහන් වේ’ මෙය සූර්ය මාසය පදනම් කරගත් දින දර්ශනයකි’
මීලඟ දින දර්ශනය චීන දිනදර්ශනයයි’ එය ක‍්‍රි:පූ 2637 සිට පැවත එන්නක්  ලෙසයි සැලකෙන්නේ’ මෙම දින දර්ශනය සකස් කර ඇත්තේ චන්ද්‍ර මාසය පදනම් කරගෙනයි’ මීලග වාර්තාගත පැරණිකම දින දර්ශනය රෝම දින දර්ශනයයි’ මෙය ක‍්‍රි:පූ අටවන සියවසේ සකස් කරන ලද්දක් ලෙස වාර්තා ගත වී ඇත’
මෙය ද චන්ද්‍ර මාසය පදනම් කරගත් දින දර්ශනයකි’ මීළග පැරණිකම දින දර්ශනය මායාන් දින දර්ශනයයි’
එය සූර්ය ගමන පදනම් කරගත් එකක් වූවත් එහි දින විස්සේ මාස 18ක් හා අමතර දින 5කින් යුත් දින දර්ශනයක් විය’ මීළඟ පැරණිතම දින දර්ශනය ජුලියන් දින දර්ශනයයි’ මෙය ක‍්‍රි: පූ 45 දී තාරකා ශාස්ත‍්‍රඥයකු විසින් සකස් කරනු ලැබූ පසුව ජූලියස් සීසර් විසින් ඉදිරිපත් කරන ලද්දකි‘ මෙය සූර්ය මාසය පදනම් කරගෙන සකස් කරන ලද්දකි’
ක‍්‍රිිස්තු වර්ෂ 158 දී ජූලියන් දින දර්ශනය වෙනුවට ග‍්‍රිගෝරියන් දින දර්ශනය හඳුන්වා දෙනු ලැබින’ මෙය දැනට භාවිතාවේ ඇති ඉංග‍්‍රීසි දින දර්ශනයයි’ 13 වන ග්‍රෙගරි පාප් වහන්සේගේ නමින් ඉදිරිපත් කරනු ලැබූ මෙම දින දර්ශනය සූර්ය මාසය මත පදනම්වී ඇති අතර සාමාන්‍ය වර්ෂයකට දින 365ක් හා සෑම වර්ෂ
හතරකට වරක් එක අධි වර්ෂයකදී පෙබරවාරි මාසයට එක් දිනක් එකතු කිරීමෙන් අධිවර්ෂය දින 366කින් යුක්ත වන දින දර්ශනයයි’
දින දර්ශන පිළිබඳ ඓතිහාසික විස්තර ඉදිරිපත් කළේ චන්ද්‍ර  මාසය මත පදනම් වී ඇති පොහොය දිනයන් හා මාසයන් ඉංග‍්‍රීසි මාසයට ඈඳීම පසු කාලයකදී සිදුවී ඇති කරුණක් බව පහසුවෙන් අවබෝධ කර  ගැනීමට උපකාරීවීම පිණිසය’ බුදුන් දවස හා බුද්ධ පරිනිර්වානය ආශ‍්‍රිත යුගයේ පැවත ඇත්තේ චන්ද්‍ර මාසයග
පදනම් කරගත් දින දර්ශනයකි’ එසේ නම් වෙසක් පොහොය හෝ අන් කිසිම පෙහොයක් ඉංග‍්‍රීසි දින දර්ශනයේ මාසයේ එන නිශ්චිත පෙහොය දිනයකට ඈඳීම අර්ථ විරහිත ක‍්‍රියාවකි’ තවත් අතකින් බෞද්ධ ආගමික දිනයන් ග්‍රෙගරි පාප් වහන්සේගේ දින දර්ශනයට ඈඳීම බෞද්ධ සංස්කෘතිය” කිතුනු සංස්කෘතියෙන් විකෘත කර ඇත ’
චන්ද්‍ර හා සූර්ය දින දර්ශනයන් අතර සාමාන්‍ය වශයෙන් දින 11ක වෙනසක් තිබියදී වෙසක් පෝ දින හෝ අන් පොහෝ දිනයන් ඉංග‍්‍රීසි දින දර්ශනයේ නිශ්චිත මසක එන පොහෝ දිනයකට ඈඳීම කොහෙත්ම පිලිගත නොහැකි කරුණක් බව යථාර්තවාදීව සිතන අයෙකුට පිළිගැනීමට සිදුවෙනවා’
Advertisements

The URI to TrackBack this entry is: https://sirisangabo.wordpress.com/2011/03/27/%e0%b6%b4%e0%b7%83%e0%b7%85%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b7%99%e0%b6%b8%e0%b6%9f%e0%b7%94%e0%b6%bd-%e0%b6%b6%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f/trackback/

RSS feed for comments on this post.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: