බුදුන් වහන්සේට අනේක ප්‍රකාර වූ පෙර විසුම් සිහිකරගත හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය ඇති බව සූත්ත පිටකයේ විවිධ තැන්හි සඳහන් ය’
මෙම ඥාණය උපයෝගි කරගෙන බුද්ධත්වයට පෙර විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සීය පනස් ජාතක පුස්තකයේය’ සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිය හා සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි බලපා ඇති සාධක අතුරින් ජාතක කථා ප්‍රමුඛස්ථානයක් ගනී’ පාලි ජාතිකට්ඨ කථාවේ ඇතුලත් මේ කතාවස්තු මිහිඳු මාහිමියන් විසින් ලංකාවට ගෙන එනු ලැබූ අතර” ඒවා අරිට්ඨාදී සිංහල භික්ෂු පරපුර මගින් හෙළ බසට නගනු ලැබ පවත්වාගෙන එනු ලැබීය’ ක්‍රි’ව 5 වැනි සියවසේ දී පමණ ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් ඒවා යළිඳු පාලියට නගා ඇත’
එකී ජාතික කථා කුරුණෑගල යුගයේ දී පරිවර්තන මණ්ඩලයක අධීක්ෂණය යටතේ නැවත සිංහල බසට නගන ලදී’ සිංහල ජාතක පොත” නැතහොත් පන්සීය පනස් ජාතක පොත් වහන්සේ බිහිවී ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි’
අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා න්ථයේ ඉතා වැදගත් කරුණු රාශියක් අපට දැනගන්නට ලැබිණ’ ගෞතම බුදුන්ගේ බෝධිසත්ව ජීවිතය්‍රග ආරම්භ වන්නේ සාරා සංඛ්‍ය කල්ප ලකෂයකට පෙර දීපංකර බුදුන් කාලයේ සුමේධ නමින්ය’ පළමුව මෙම කාල පරාසය පිළිබඳ විමසුමක් කරන්නට කැමැත්තෙමු’
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පරිවර්තනය කොට “අසිරිමත් ඉන්දියාව” නමින් මුද්‍රණය කොට ඇති ආචාර්ය ඒ’ඇල්’ බෂාම්ගේ ““THE WONDER THAT WAS INDIA”යන කෘතියේ මෙලෙස සඳහන් වේ’
ර්‍ණමූලික ලෝක චක්‍රය කල්පයකිත හෙවත් බ්‍රහ්මයාගේ දවසක්’ එය මෙලොව කාලය අනුව නම්
අවුරුදු 432 කෝටියකිග” තවත් අයුරකින් පවසන්නේ නම් අවුරුදු බිලියන 4’32 කි’
ලක්ෂ 10 = මිලියන 1
ලක්ෂ 100 = මිලියන 10 = කෝටි 1
කෝටි 432 = මිලියන 10 ං 432 = මිලියන 4320
මිලියන 1000 = බිලියන 1
මිලියන 4320 = බිලියන 4320 = බිලියන 4’32
1000
කල්ප 1 අවුරුදු බිලියන 4’32
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු අසංඛ්‍ය හතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි’ කල්පය තවත් තැනක විස්තර කර ඇත්තේ පහත සඳහන් අයුරිනි’
කල්පය යනු යොදුනක් (සැතපුම් 16ක්) දිග” පළල” උස මහා කොටුවක් (ටැංකියක්) තනා එහි කොතගසා අබ ඇට පුරවා අවුරුදු 100කට වරක් එක් අබ ඇටය බැගින් ඉවත් කළොත් අබ ඇට ඉවර වෙයි’ කල්පය ඉවර නොවේ’ අති විශාල කාලාන්තරයකි’” අසංඛ්‍ය ගැන සඳහන් කර ඇත්තේ සංඛ්‍යාව මෙපමණැයි කිව නොහැකි අති දීර්ඝ කාලයක් වශයෙනි’ නමුත් බෞද්ධ ග්‍රන්ථ විමසා බැලීමේදී අපට පහත සඳහන් විස්තර දැනගන්නට ලැබිණ’ අසංඛ්‍යයක මහත් බව දැක්වීමට විශ්වයේ පවත්නා විශාලතම වස්තු ද” නොගැණිය හැකි වස්තු ද උපමාවට ගෙන ඒවා මොන අයුරකින්වත් එයට සැසඳිය නොහැකි බව පෙන්වා දී ඇත’ එබඳු අනන්ත අප්‍රමාණ අසංඛ්‍යයක් ගෙවී ගියත් එයට වඩා අධික කාල පරිච්ඡේදයක් බුදුබව පතා පෙරුම් දම් පිරීමෙන් 2 බුදුවරුන් ලොව පහලවන බව ප්‍රකාශ කිරීමෙන් බුදු පදවියේ උත්තරීත්වයත්” දුෂ්කරභාවයත්” දුර්ලභතාවත්” ආශ්චර්යභාවයත් හැඟවීම බෞද්ධ ග්‍රන්ථ රචකයන්ගේ පරමාර්ථය වී ඇති බව පෙනේ’
අසංඛ්‍ය වර්ෂ ප්‍රමාණය දක්වා ඇති ආකාරය – සද්ධර්මාලංකාරය ඇසුරෙන්’
එක ඉදිරියේ බින්දු ප්‍රමාණය
දස දසයෙක් නම් සියයෙක 2
දස සියයෙක් නම් දහසෙක 3
සියක් දහසෙක් නම් ලක්ෂයෙක 5
ලක්ෂ සියයෙක් නම් කෝටියෙක 7
කෝටි සියයෙක් නම් ප්‍රකෝටියෙක 9
ප්‍රකෝටි සියයෙක් නම් කෝටි ප්‍රකෝටියෙක 11
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් නහුතයෙක 13
නහුත සියයෙක් නම් නින්නහුතයෙක 15
නින්නහුත සියයෙක් නම් හුතනහුතයෙක 17
හුතනහුත සියයෙක් නම් ඛම්භයෙක 19
ඛම්භ සියයෙක් නම් විෂ්ඛම්භයෙක 21
විෂ්ඛම්භ සියයෙක් නම් අෙකෂෟභිණියෙක 23
අෙකෂෟභිණි සියයෙක් නම් බින්දුවෙක 25
බින්දු සියයෙක් නම් අද්බුදයෙක 27
අද්බුද සියයෙක් නම් නිරබ්බුදයෙක 29
නිරබ්බුද සියයෙක් නම් අබබයෙක 31
අබබ සියයෙක් නම් අටටයෙක 33
අටට සියයෙක් නම් අහහයෙක 35
අහහ සියයෙක් නම් කුමුදයෙක 37
කුමුද සියයෙක් නම් සෞගන්ධියෙක 39
සෞගන්ධි සියයෙක් නම් උත්පලයෙක 41
උත්පල සියයෙක් නම් පුණ්ඩරීකයෙක 43
පුණ්ඩරීක සියයෙක් නම් පදුමයෙක 45
පදුම සියයෙක් නම් කථානයෙක 47
කථාන සියයෙක් නම් මහා කථානයෙක 49
මහා කථාන සියයෙක් නම් අසංඛ්‍යයෙක 51
ඉහත විස්තර අනුව අසංඛ්‍ය යනු අංක එක ඉදිරියේ බින්දු 51කින් යුත් සංඛ්‍යාවකි’ ධර්ම ප්‍රදීපකාවේ ද” පූජාවලියේ ද මෙම කාලචක්‍රය දක්නට ලැබේ’ එහි ප්‍රකෝටියේ පටන් ඉදිරියට වෙනස්කම් ඇත’ මෙය නූතන භාවිතයට පරිවර්තන කරන්නට උත්සාහා කරමු’
එක ඉදිරියේ බිංදු ප්‍රමාණය
බිලියන 1 = 9
ටි්‍රලියන 1 = 12
කොඩිරිලියන 1 = 15
කුයින් මිලියන 1 = 18
සෙක්ස් මිලියන 1 = 21
සෙප් මිලියන 1 = 24
ඩක් මිලියන 1 = 27
නො නිලියන් 1 = 30 3
ඩෙසිලියන් 1 = 33
අන් ඩෙසිලියන් 1 = 36
ඩුඩ් ඩෙසිලියන් 1 = 39
ටේර ඩෙසිලියන් 1 = 42
ක්වට්ටෝ ඩෙසිලියන් 1 = 45
කුයින් ඩෙසිලියන් 1 = 48
සෙක්ස් ෙඩිසිලියන් 1 = 51
මෙවන් අතිවිශාල කාල පරාසයක් තුළ කෙනෙක් ඉපදී ඇත්තේ 550 වාරයක් නම් එක් උපතක දී ගෙවා ඇති අවුරුදු ගණන ඕනෑම අයෙකුව මවිතයෙනුත් මවිතයට පත්කරවන කරුණකි’ 550 ජාතක පොතෙහි සැබැවින්ම ජාතක කථා 550ක් නොමැත’
ඒ ගැන සවිස්තරාත්මකව පසුව කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු’ නූතන විද්‍යාත්මක මතය වන්නේ මුළු මහත් විශ්වයේම වයස අවුරුදු බිලියන 20කට වඩා නොමැති බවයි’ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය කෙසේ නම් නූතන විද්‍යාත්මක මතය සමග එකඟතාවයකට ගෙන ඒමට හැකි ද යන්න ඔබම සිතා බලන්න’ බුදුවරයෙකුගේ පමණක් නොව ඕනෑම මිනිිසෙකුගේ ආයුෂ අඩු වැඩිවන ආකාරය පිළිබඳ බුදු දහම දරණ මතය ද ඉතා ව්‍යාකූල හා ඉතා අවිද්‍යාත්මක එකකි’ මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී ගොස් අවුරුදු දහය පරමායුෂය වන කාලයක් පැමිණෙන බව අභිධර්ම පොතපතෙහි සඳහන් ය’ ඒ කාලයේ දී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් සිදුවන බවත් සඳහන් ය’ ඉතිරි වන ටික දෙනා පමණක් සුචරිතයෙහි හැසිරීම නිසා නැවතත් ආයුෂය වර්ධනය වන්නට පටන් ගනී’ ඒ ආයුෂ වැඩීම වර්ෂ අසංඛ්‍ය දක්වා වන බව පැවසේ’ එනමුදු දුසිරිතට හැරීම නිසා නැවතත් මිනිස්සු පිරිහීමට පටන් ගනිති’ ක්‍රමයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට පැමණේ’ ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ’
මෙලෙස මිනිස් ආයුෂ අවුරුදු 10ක් පටන් ගෙන අසංඛ්‍යය දක්වා වැඩී නැවත අවුරුදු 10 පරමායුෂය වන තෙක් පිරිහීමට ‘වන කාලය ‘අන්තඃකල්පය’ යැයි කියනු ලැබේ. මිනිසාට කොහෙත්ම සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ අතිශයෝක්තීන් අන්තර්ගත වී තිබිය
දී” විචාර බුද්ධියක් ඇති අයෙක් කෙසේ නම් බුදු දහම නිවැරදි මඟ ලෙස පිළිගන්නට ද? කේ’ ඇස් පලිහක්කාර මහතා විසින් රචිත ‘පන්සීය පනස් ජාතක විවරණය’ යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු’
‘ජාතික කථා ඛුද්දක නිකායට ඇතුළත් කිරීමේ දී එහි කතුවරයාගේ අරමුණු කවරේ දැයි දැන ැනීමෙන් එය තේරුම් ගැනීමට පහසුවන බැවන් මෙහි දැක්වීමට පෙළඹුනෙමි’ එහි පැහැදිලි අරමුණු 3ක්.දක්නට තිබේ’ අප බොහෝ දෙනා සිතා සිටින්නේ බුදුරජානන් වහන්සේ බෝධිසත්ව සුමේධ තාපසයන් වශයෙන් දීපංකර බුදුන් පාද මුලේ මතු බුදු බව පතමින් පාරමී දම් පිරීමට අධිෂ්ඨාන කළ බැවින් ජාතක පොත පුරා දස පාරමිතා දක්වන ජාතක කථා තිඛෙන බවය’
සත්‍යය එය නොවේ’ පන්සීය පනස් ජාතක (ප’ප’ජා) පොතෙහි දක්නට ඇත්තේ පාරමිතා දක්වන කථා 58ක් පමණය’ ‘’’’’’’’ පාරමිතා කථා 58 ට
අමතරව බණ උපදෙස් ගුණදම් ආදි දක්වන කථාද ප’ප’ජා පොතේ තිබේ’ ඊටත් බාහිරව කිසිදු ධර්මයක් දක්වන්නේ නැති කථා 180ක් පමණ එහි තිබේ’’’’ මෙ සියළු කථාවල නොවරදවා පොදුවේ දැක්වෙන කරුණු දෙකක් දක්නට තිබේ’
*1’ මේ කථා දේශනා කළේ සර්වඥයන් වහන්සේ බව හා
*’ සියළු කථාවල නොවරදවා දක්වන්නේ උන්වහන්සේ පිළිබඳ අතීත ජාතිවල සිදු වූ කථා බවය’
එනම් උන්වහන්සේගේ පුනරුත්පත්ති කථාය’
මෙම කරුණු දෙක ගත්කළ බුදුරජානන් වහන්සේ පුනරුත්පත්තිය දේශනා කළ බව පෙන්වීම ප්‍රධාන අරමුණ බවට පත්වී ඇත’ චතුරාර්ය සත්‍යයේ පුනරුත්පත්තිය ගැන සඳහන් නොකරන බුදුන් වහන්සේ තම මුළු ශාසන කාලය තුළ දී ඊට විරුද්ධ දේශනා පවත්වමින් සිටියා දැයි යන ප්‍රශ්නය මතුවේ
01.බුදුන් වහන්සේ ඉපදුන හැම අත්මයක්ම නෙමයි දේශනා කලේ අවස්ථානු කුල තෝරාගත් ආත්ම කිහිපයක් පමණි එය 550ජාතක පොතෙහි දක්වා ඇත
02.ලෝකය විනාශවෙමින් නැවත ඇතිවෙමින් තමා මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය.
http://www.waharaka.com/faq/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA/
03.පුනුරුප්පත්ති දේශනාකළේ කර්මය හා කර්ම පලය පෙන්වීමටයි උන්වහන්සේගේ අවසාන දේශනය උනෙත් අනිච්චා වත සංකාර කියන එකයි.
බුද්ධ දේශනයට අනුව විශ්වය විශාලත්ව වශයෙන්ද කාලාර්ථ වශයෙන්ද අනන්තවේ. විශාලත්ව වශයෙන් අනන්තයි යනු විශ්වයේ දිග, පලල හෝ විශ්වයේ ඇති සූර්යක් ග්රහ මණ්ඩල (ලෝකධාතු) ගනණ හෝ මෙපමණයි කියාදැක්වියනොහැකි බවයි. සූර්යක්ග්රහමණ්ඩල බිලියනයකින් (1000 000 000) සැදුම්ලත් කොටස බුදුදහමේ සහශ්රීcලෝකධාතුව නැතහොත් මහා සහශ්රී ලෝකධාතුව ලෙස හඳුන්වයි. විශ්වයේ අනන්ත බව බණපොත්හි මෙසේ උපමාවකින්ද ක්වා තිබේ. සූර්යක්ග්රහමණ්ඩල බිලියනයක ප්රමාණයක් (මහා සහශ්රීලෝක ධාතුවක්) තරම් ප්රමාණයක අබ ඇට ගෙන හමුවන එක සූර්යක් ග්රහ මණ්ඩලයකට එක අබ ඇටය බැගින් හෙලමින් එක් දිශාවක් බලා ගමන් කල හොත් අබ අවසන්වනවා මිස ඒ දිශාවේ සූර්යක් ග්රහමණ්ඩල අවසන් නොවේ. විශ්වය මෙපමණ අනන්තවුවත් සම්මා සම්බුදුවරයෙකු ගේ ඤාණයට හසු නොවන්නක් මේ විශ්වයේ නොමැත. කොපමණ ඈතක තැබුවත් කුමණ දෙයකින් වටකලත් සම්මාසම්බුදුවරයෙකුගේ ඤාණයට සැගවිය නොහැකිය. සර්වඤතාඤානයට සියලු ධර්ම විශයෙහි කිසිම පැකලීමක් ආවරණයක් නොමැතිව ගමන්කල හැකි බැවින් එයට අනාවරනඤාන ලෙස දක්වා තිබේ.
විශ්වය කාලාර්ත වශයෙන් අනන්තයි යනු එහි ආරම්භක දිනයක් හෝ අවසානවන දිනයක්හෝ නොමැති බවයි. අප අවට ඇති සියල්ලම යම් කිසි දිනයක ඇතිවී යම් කිසි දිනයක නැතිවීයයි. විශ්වය යනු එසේ ඇතිවීමක්හෝ නැතිවීමක් නොමැති දෙයකි. එනමුදු ක්ෂනයක් පාසා වෙනස්වන බැවින් නිර්වණය හැර ස්ථිරකිසිවක් මේ විශ්වයේ නැති බව බුද්ධ දේශනයයි.
සූර්යක් ග්රහ මණ්ඩල 1000කින් සැදුම්ලත් කොටස සහශ්රී ලෝක ධාතුවයි.සූර්යක් ග්රහ මණ්ඩල 1000,000 කින් සැදුම්ලත් කොටස ද්විසහශ්රී ලෝක ධාතුවයි. භාවනා කිරීමෙන් ද්යාන උපදවාගත් ඍදිමත් තෙරවරුන්ට මුළුසහශ්රී ලෝකධාතුවේම සිටිනා සත්වයන්ට ඇසෙනසේ කතා කල හැකි බව සඳහන් වේ.
බුදු රජානන්වහන්සේ විවිධ අවස්ථාවල්දී දසදහසක් සූර්යක් ග්රහමණ්ඩල වලදෙවියන්ට සහ බ්රහ්මයන්ට ධර්මය දේශනා කර ඇත. සම්බුද්ධ පරිනිර්වානය සිදුවන අවස්ථාවට දසදහසක් සූර්යක්ග්රහමණ්ඩල (ලෝකධාතු) වලින් දෙවියන් සහ බ්රහ්මයන් පැමිණියේය.
ද්වි සහශ්රී ලෝක ධාතුව බුදුවරයෙකුගේ ජාතික්ෂේත්රය වශයෙන් හැදින්වෙන අතර බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම, මවු කුසින් බිහිවීම, අභිනිශ්ක්රමණය, බුදුවීම, ප්රතමදර්මදේශනය, ආයුශඅත්හැරීම, පරිණිර්වානය යන අවස්ථාවලදි ද්වි සහශ්රී ලෝක ධාතුවටම ආලෝකය පැතිරීම ආදිය සිදුවන බව බනපොත් හි දක්වා තිබේ. ත්රිසහශ්රී ලෝක ධාතුව බුදුවරයෙකුගේ ආඤාක්ෂේත්රයයි නැත හොත්බලප්රදේශයයි. අටානාටියපිරිත, ධජග්ගපිරිත, රතනසූත්රය ආදියෙ හි බලය ත්රිසහශ්රී ලෝකධාතුව තුල පවතියි.
අනන්ත අප්රමාණවූ විශ්වය සියල්ල බුදුරජානන් වහන්සේ ගේ විෂයක්ෂේත්රයයි. බුදුවරයෙකුට විශ්වයේ ඕනෑම තැනක සිටින සත්වයෙකුට ඇසෙනසේ කථා කිරීමටත් ආලෝකය පැතිරවීමටත් හැකිවේ. ත්රිසහශ්රීලෝකධාතුව තුල සමකාලීනව බුදුවරු දෙදෙනෙක් සිටිය නොහැකි අතර ත්රිසහශ්රී ලෝක ධාතුවෙන් පිටතතවත් බුදුවරු සිටිය හැක.
සූර්යක්ග්රහමණ්ඩලය සෑදී විනාශවී නැවත සෑදීමතෙක් ගතවනකාලය මහා කල්පයක් යනුවෙන් හැදින්වේ. මහා කල්පයක් සෞරක්ග්රහමණ්ඩලය සැකසෙමින් පවතින කාලය, හටගෙන පවතින කාලය, විනාශවෙමින් පවතින කාලය, විනාශවී පවතින කාලය යනුවෙන් සමානකොටස් හතරකට බෙදා වෙන් කරනු ලැබේ. මේ එක කොටසක කාලය අසංක්ය කල්පයක් යනුවෙන් හඳුන්වයි. ඒ අනුව මහා කල්පයට අසංක්ය කල්ප හතරකි. අසංක්ය කල්පයකින් 64න් එකකකොටසක කාලය අන්තක්කල්පයක් යනුවෙන් හැඳින්වේ .බුදුරජානන්වහන්සේගේ දේශනයට අනුව මිනිසුන්ගේ ආයුශ ස්ථිරට පවතින්නක් නොවේ.
මිනිසුන් ගුණධර්ම අතින් පිරිහීපරම ආයුශ අවුරුදු 10ක් වන කාලයක් උදාවේ.නැවතත් මිනිසුන් ගුණ ධර්ම වඩන්නට පටන්ගෙන මිනිසුන්ගේ පරමආයුශ අවුරුදු 10 සිට අවුරුදු අසංක්යයක් නම් වූ කාලයක් දක්වා වැඩිවන බව සඳහන්වේ .අසංක්යයක් එකයි බින්දු 140 කින් දැක්වෙන අතිවිශාල සංක්යාවකි. මෙසේ ආයුෂ අවුරුදු 10 සිට ආසංක්යයට වැඩිවී නැවත ආසංක්යයයේ සිට 10 දක්වා අඩුවීමට ගතවනකාලය අන්තක්කල්පයට සමානබව දක්වා තිබේ. අන්ත්ක් කල්පය සෞරක්ග්රහමණ්ඩලය සෑදීමේදී මහ පොහොව යොදුන් තුන් ගවුවක් වැඩීමට ගතවන කාලයට සමානයැයිද කියනු ලැබේ.
එක් මහා කල්පයක් තුල උපරිමවශයෙන් බුදුවරු පස්නමක් පහලවිය හැකිය. බුදුවරු පහල නොවන කල්පයන් ශුන්ය කල්පයක් වශයෙන් හැදින්වේ. බුදුපියාණන්වහන්සේලා එක නමක්, දෙනමක්, තුන්නමක්, හරතනමක්, පස් පමණක් පහලවෙන කල්පයන් පිලිවෙළින් සාරකල්පය, මණ්ඩකල්පය, වරකල්පය, සාරමණ්ඩකල්පය, භද්රකල්පය වශයෙන් හැදින්වේ.අප මේ සිටින්නේ බුදුරජානන්වහන්සේලා පස්නමක් පහලවන කල්පයකය. කකුසඳ, කෝනාගම, කාශ්යප, ගෞතම යන බුදුවරුන් මේ කල්පයේ දැනට පහලවී අවසන්ය. වර්තමානයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 60ක් 70ක්පමණවේ. ක්රමයෙන් මිනිසුන්ගේ ආයුශ පිරිහී ගොස් අවුරුදු 10 ක් පරම ආයුෂ පරම ආයෂ ලබනකාලයට පත්වී නැවතත් අවුරුදු ආසංක්යයක් තෙක් වඩිවේ. නැවතත් මිනිසුන්ගේ ආයුෂ ක්රරමයෙන් අඩුවී පරම ආයුෂ අවුරුදු 80,000ක් වන කාලයෙහි මෛත්රී බුදුන් බුදවන්නේ යැයි දක්වාතිබේ. මෙසේ පහලවන්නාවූ සියලු බුදුවරුන් අනන්ත ප්රක්ඤා, සෘදි, කරුණා ගුණයන්ගෙන් යුක්තව එක සමානවන්නේය. නමුත් පාරමිතා පිරූකාලය අනුව ජීවත්ව සිටිනා කාලය වෙනස්වන්නේය.