සූකර මද්දව යනු උරු මස්ද? බිම් මල් ද? උන ගසේ දළු වර්ගයක් ද ?

විනය පිටකයේ 14 වන සංඝාදිෂේෂයේත් ඇතුලත් කොට ඇති හා ඉහත සඳහන් මජ්ජිම නිකායේ දක්වා ඇති  බුදුන් වහන්සේගේ දේශනාව අනුව මාංශ අනුභවය තහනම් වන්නේ පහත සඳහන් කරුණු තුන සම්පූර්ණ වුවහොත් පමණනි .
1තමන් වෙනුවෙන්, සත්වයා ඝාතනය කිරීම දැකීම.
2 සත්වයා ඝාතනය කිරීම අසන්නට ලැබී
3 සත්වයා ඝාතනය කල බව සැක ඇතිවීම
වෙනත් ආකාරයෙන් කිවහොත් ඉහත සඳහන් කරුණුවලට බාහිරව මස් අනුභවයෙන් අකුසලක් සිදු නොවන බවයි, තමන් ඕනෑම මස් හෝ මාළු වෙළඳ සැලකින් මිලයට ගෙන අනුභව කිරීම ඉහත ඉගැන්වීමට පටහැනි නොවන්නක් වන අතර එය අකුසල කර්මයක් නොවන බවත්ය පැහැදිලි වන්නේ,මජ්ජිම නිකායේ කරුණුවලට පහතින් නයනාතිලෝක මහා තෙරුන් විසින් සකස් කරන ලද ’බෞද්ධ විශ්ව කෝෂය’ යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වා ඇති කරුණුවලින් පැහැදිලි වන සාදක පහතින් දක්වා ඇත්තෙමු,
1   ත්‍රිපිටකයේ සඳහන් කරුණු අනුව බුදුන් වහන්සේ විසින් මාංශ අනුභව කොට ඇති බව.
2 සංඝයා වහන්සේලාට මාංශ අනුභවය තහනම් කරන ලෙස දෙව්දත් තෙරුන් විසින් ගෙනා යෝජනාව බුදුන් වහන්සේ විසින් තරයේම ප්‍රතික්ෂේප කල බව විනය පිටකයේ සඳහන් බව හා
3 සාමාන්‍යයෙන් සංඝයා වහන්සේලාට විනය නීතියක් හැටියට සතුන් දස වර්ගයක මාංශ අනුභවය පමණක් තහනම් කිරීමෙන් (උදා : කොටින්ගේ මාංශල  සර්පයින්ගේ මාංශල  අලින්ගේ මාංශ වැනි) අනිකුත් සත්වයින්ගේ මාංශ අනුභවය අනුමත බව තර්කානුකූලව නිගමනය කිරීමට සිදුවන බව.
පංච සීලයේ පලමුවන සීලය කැඩීමෙන් කර්ම විපාක හැටියට වැඩි ආයුෂ නැතිවීම, බොහෝ ලෙඩ දුක් ඇති වීම, හා බියපත්ව විසීමට සිදුවීම යන කරුණු මෙලෝ වශයෙනුත් මරණින් මතු ඇති භයානක නිරයේ ඉපදීමට සිදුවන බවත් උගන්වන බුදු දහම ව්‍යවභාරයේදීී මාංශ අනුභවය පිළිබඳව ඉතා ලිහිල්ව හා මාංශ අනුභවයට දිරිදීමේ ක්‍රියා හා අදහස් ඉදිරිපත් කර තිබීමෙන්  බුද්ධ දේශනයේ හා බුද්ධ වත් පිලිවෙත් රැකීම අතර සමථයකට පත් කළ නොහැකි  නිශ්චිත පරස්පරයක් ඇති බව මධ්‍යස්ථව සිතන ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි  සිතන්නෙමුග  සැබැවින්ම ව්‍යවහාරයේ මාංශ අනුභවයට තහනමක් බුදු දහමේ නොමැති බව ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේයග  දීඝ නිකායේ මහා පරිතිබ්බාන සූත්‍රයේ (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පරිවර්තනය කරන ලද – පිටු 165) බුදුන් වහන්සේට චන්ද විසින් පිළියෙළ කරන ලද දානයේ විස්තර පහත සඳහන් අයුරින් දක්වා ඇත.
’චුන්දල ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් වළඳවන්න.
පිළියෙළ කළ අනිත් කෑම්බීම්වලින් භික්ෂු සංඝයා වළඳවන්නග ’එහෙමයි ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාණ පුත්‍ර ඒ අන්දමින් වැළඳවිය.භාග්‍යවදන් වහන්සේ : ’චුන්ද ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න’
චුන්ද දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙත කිසිවෙකුත් නොදකිමි” එය පිළිගත්  චුන්ද ඉතිරි සුකර මද්දව වල දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය.
භාග්‍යවදන් වහන්සේ ධර්ම කථාවෙන්  චුන්ද පහදවා නැගී වැඩිසේකග  චුන්දගේ දානය වැළඳූ භාග්‍යවදන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවියග  ආචාර්ය එච්ග  එස්ග  එස්ග  නිශ්ශංක විසින් රචිත ’ගෞතම බුද්ධ’නමැති ග්‍රන්ථයේ පෙරවදනෙහි  බුදුන් වහන්සේට ඇති වූ රෝගය පිළිබඳව සඳහන් කර ඇත්තේ ’කුසිනාාරාවට සැතපුම් හයක් පමණ දුරින්  පිහිටි පාවා නම් ගමේ චුන්ද නම් වූ කාර්මිකයාගේ නිවෙසින් අන්තිම දානය වැළඳූ බුදුහු රක්ත අතීසාරයට ගොදුරු වූහ” යනුවෙනි.
බුදුන් වහන්සේගේ දානයට ඇතුලත් කර තිබූ ’සූකර මද්දව’පිළිබඳව විවිධ අංශවලින් පරස්පර අදහස් මතු වී තිබේ, එය විස බිම්මල් වර්ගයක් ලෙසත් උන ගසේ දළු වර්ගයක් ලෙසත් අර්ථ දැක්වීමක් කර ඇත, නමුත් ඉතා ප්‍රවේශමෙන් මහා පරිතිබ්බාන සූත්‍රයේ සඳහන් කරුණු විමසා බැලූවහොත් සත්‍යය අවබෝධ කර ගැනීම අපහසු නොවේ., බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයක් වූ තමන් වහන්සේට පූජා කළ කිසිවක් ප්‍රතික්ෂේප නොකර සිටීම මත පිහිටා උන්වහන්සේ  සුකර මද්දව අනුභව කළත් එය නිශ්චිත වශයෙන්ම දිරවීමට අපහසු යමක් බව උන්වහන්සේ කල් ඇතිවම දැන සිටි බව ඉතා පැහැදිලිය, සූකර මද්දව යන පාලි වචනයේ පදගන සිංහල අර්ථය ඌරු මස් යන්නද ඉතා පැහැදිලිය.
ඌරු මස් දිරවීමට අපහසු ආහාරයක් වන අතර එයින් රක්ත අතීසාරය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා බොහෝ බව අප සැම ඉතා හොඳින් දන්නා කරුණකි.තම නිවසට අති ශ්‍රේෂ්ඨ උතුමෙකුට ආරාධනා කොට හොඳින් දන්නා විෂ වර්ගයක් යමෙක් ආහාර වට්ටොරුවට ඇතුලත් කරයි යන්න සිතීම මෝඩකමකි.

 

 

Advertisement

The URI to TrackBack this entry is: http://sirisangabo.wordpress.com/2011/04/10/%e0%b7%83%e0%b7%96%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b8%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%80-%e0%b6%8b%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%b6%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8/trackback/

RSS feed for comments on this post.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.